theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට බටර් දීම සුදුසුද? බටර් සහ මාජරීන් වල වෙනස කුමක්ද?

5 අවම කියවීම
බබාට බටර් දීම සුදුසුද? බටර් සහ මාජරීන් වල වෙනස කුමක්ද?බබාට බටර් දීම සුදුසුද? බටර් සහ මාජරීන් වල වෙනස කුමක්ද?

බබාට සුදුසු බටර්ද? මාගරීන්ද?

මව්කිරි වලින් පෝෂණය වුන පැටියාට ඝන ආහාර හදුන්වා දීමත් සමගම දරුවාගේ පෝෂණය ගැන අම්මලා කොයි කවුරුත් උනන්දුයි.  ඒ අතර බබාට බටර් දීම සුදුසුද? ඒ කවදා සිටද යන්න අම්මලාට දැන ගන්න අවශ්‍ය වෙනවා.

පුංචිම බබාගේ ඉදන් ලොකුම බබා දක්වා කන්න ප්‍රිය මේ බටර් ලබා දීම ගැන අපි අද සොයා බලමු.

බබාට බටර් දීම

බබාට බටර් දීම සුදුසුද? බටර් සහ මාජරීන් වල වෙනස කුමක්ද?

බබාට බත් , එළවළු , මස් හා මාළු මෙන්ම පලා වර්ග හදුන්වා දීම අපි කරනු ලබනවා. අනෙක් සියලුම පෝෂක මෙන්ම බබාගේ වර්ධනයට මේදයත් අත්‍යාවශ්‍ය වෙනවා.

ඒ නිසා අපි ඒ සම්බන්ධව ඔබේ හිතට නැගෙන පහත කාරණා පිළිබදව සොයා බලමු.

  • බබාගේ  ආහාර වලට මේදය / තෙල් හෝ බටර් එකතු කරන්නේ ඇයි සහ කෙසේද?
  • බබාට මේදය අවශ්‍ය ඇයි?
  • සුදුසු  මේදය මොනවාද?
  • බබාගේ ආහාරයට කොපමණ බටර් හෝ තෙල් එකතු කළ යුතුද?
  • මහත බබාලට බටර් දීම සුදුසුද? 
  • කෙට්ටු බබාලාට බටර් දීය යුත්තේ කෙසේද?

1. බබාගේ වර්ධනය සදහා මේදයේ දායකත්වය

බබාට බටර් දීම සුදුසුද? බටර් සහ මාජරීන් වල වෙනස කුමක්ද?

ඔබේ දරුවාගේ ශාරීරික සංවර්ධනය සඳහා මේදය ඉතා වැදගත් වෙනවා. 

මේදය මොළයේ හා සුසුම්නාවේ  ස්නායු වටා මයිලින් කොපුවක් සෑදීමට උපකාරී වෙනවා.

දරුවාගේ වර්ධනයට සහ මොළයේ වර්ධනයට මේදය වැඩි ආහාර වේලක් ලබා දීම සුදුසු වෙනවා. 

මව්කිරි වල අධික මේද ලෙස මේදය අඩංගු වෙනවා. එයින්  4% ක් පමණ වන අතර DHA සහ AA වැනි ඔමේගා 3 මේද වලින් සමන්විතයි.

මව්කිරි වල ජලය නොලසකා හැර ඉතිරිය ගත් විට එයින් 50% ක් මේදයයි.

ඔබ බබාගේ ආහාර වේලට මේදය එකතු නොකරයි නම් දරුවාගේ වර්ධනයට ප්‍රමාණවත් මේද දරුවාට ලැබෙන්නේ නැහැ.

බබාට ඝන ආහාර හදුන්වා දී මද කලකින්ම ඔබට බබාට පොල්තෙල් හෝ බටර් හදුන්වා දීම සදහා මිඩ්වයිෆ් මිස් උපදෙස් දෙන්නේ අන්න ඒ නිසයි.

මේ පිළිබද උපදෙස් දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන් පොතේද අඩංගුයි.

අවුරුද්දට අඩු දරුවන්ට ලුණු රහිත බටර් වෙළද පොළෙන් ලබා ගන්න පුළුවන්.

අඩු මේද සහිත ආහාර ඔබේ දරුවා සාමාන්‍ය බරකින් පවත්වා ගැනීමට ප්‍රමාණවත් නැහැ.

2. බබාට මේද ලබා දිය හැකි ආකාර

බබාට බටර් දීම සුදුසුද? බටර් සහ මාජරීන් වල වෙනස කුමක්ද?

  • පොල් තෙල්

පොල්තෙල්වල මධ්‍යම දාම මේද අම්ල විශාල ප්‍රමාණයක් ඇත. එහි ලෝරික් අම්ල වලින් බහුලව ඇති අතර එය ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව වැඩි කරයි.

  • ඔලිව් තෙල්

ඔලිව් තෙල් වල අධික මොනොසැටරේටඩ් මේද මෙන්ම මව්කිරි වල අඩංගු මේද අම්ල අඩංගු වෙනවා.

 එය ඔබේ දරුවාගේ වර්ධනය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වෙනවා. ඒ, බී, සී, ඩී, ඊ සහ කේ වැනි වැදගත් විටමින් වර්ග කිහිපයක් ද එහි අඩංගුයි.

  • බටර්

බටර් ඉතා පෝෂ්‍යදායී වන අතර අවශ්‍ය මේදය හා කොලෙස්ටරෝල් මෙන්ම විටමින් ඒ, සීඑල්ඒ සහ අත්‍යවශ්‍ය මේද අම්ල සපයයි.

* බබාට මාගරින් ලබා දීමෙන් වළකින්න

මාගරින් සකස් කරනුයේ  රසායනික ක්‍රියාවලියක් හරහා වන අතර එහි  ට්‍රාන්ස් මේද අම්ල, කල් තබා ගන්නා ද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය බහුලව අඩංගු  වෙනවා.

3. වැඩිහිටියන්ට මාගරින් භාවිතය ගැන අදහසක්

  • බටර් 100% සත්ව මේදය වන අතර එහි සංතෘප්ත මේදය හා කොලෙස්ටරෝල් අධිකයි.  මේ දෙකම විශාල වශයෙන් ආහාරයට ගන්නා විට වැඩිහිටියන් තුල හෘද රෝග හා ආඝාතය ඇතිවීමට අවදානම් සහිතයි.
  • මේ හේතුව නිසා වැඩිහිටියන් මාගරින් භාවිතය සෞඛ්‍යසම්පන්න බව කල්පනා කරනවා.
  • ඝන මාගරින් තීරු වල  සංතෘප්ත හා ට්‍රාන්ස් මේද වලින් පිරී පවතිනවා.
  • මේ අතරින් ට්‍රාන්ස් මේදය හෘදය ලෙඩ කරනවා පමණක් නොව ඔබ තුල ස්ථුලතාවයද ඇති කරයි.
  • පෝෂ්‍ය පදාර්ථ එකතු කරන ලද, සෝඩියම් අඩු මෘදු මාගරින් කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වන අතර එය හදවත වඩාත් සෞඛ්‍ය සම්පන්න කරයි.
  • බටර් හෝ මාගරින් (දිනකට 2-3 හැදි) ආහාරයට ගැනීම සුදුසු වෙනවා

4. කොපමණ ප්‍රමාණයක් බබාට බටර් දීම හෝ එකතු කිරීම කළ යුතුද?

බබාගේ කෑම අවුන්ස 2 කට ග්‍රෑම් නම් 60 කට පමණ තෙල් හෝ බටර් තේ හැදි ½ හෝ තේ හැදි 1 ක් එකතු කරන්න පුළුවන්

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

තෙල් දමා බදින ලද ආහාර බබාට නිර්දේශ නොකරන බැවින්, බබාගේ ආහාර ආහාර තම්බා එයට තෙල් හෝ බටර් එකතු කරන්න පුළුවන්.

එවිට මේද වල අඩංගු පෝෂණය විනාශ නොකර බබාට දෙන්න පුළුවන්.

බබාට  ඝන ආහාර ලබා දීම ආරම්භයත් සමගම ඔවුන්ගේ ළදරු මේදය ඉවත් වෙනවා. ඒ වගේම ඔවුන් දුව පනින්න ගැනීමත් සමගම මේදය දහනය වෙනවා.

5. බබා තරුබාරු වීම හෝ කෙට්ටු වීම

නමුත් ටිකක් ලොකු බබෙක් එකවරම බර වැඩි කරගත්හොත් එතැන කුමක් හෝ ගැටළුවක් තියෙන්න පුළුවන්.

ඒ නිසා ඒ වගේ වේලාවට බබාගේ වෛද්‍යවරයා හමු වී උපදෙස් ලබා ගන්න.

බබා බරින් වැඩි වුවත් ඔබ ඇත්තටම අඩු කළ යුත්තේ බබාගේ වර්ධනයට අවශ්‍ය මේදය නොව  සීනි මෙන්ම සුදු පිටි, ක්ෂණික ආහාර සහ පළතුරු යුෂ වැනි සරල කාබෝහයිඩ්‍රේටයි.

මේවා තරබාරු කහට හේතුවෙන බව පරීක්ෂණ වලින් සනාථ වී තියෙනවා.

මේ හිස් කැලරි ආහාර නිසා දත් කුහර ඇතිවීම මෙන්ම මන්දපෝෂණය ඇතිවීම පවා සිදුවෙන්න පුළුවන්.

  • ඔබේ දරුවාට ඉහත විස්තර කර ඇති  සෞඛ්‍ය සම්පන්න ලබා දෙන්න.
  • දරුවා සමග දුව පනිමින් සෙල්ලම් කරන්න.
  • ඔබේ දරුවාට ප්‍රමාණවත් නින්දක් ලබා දෙන්න.

ඔබගේ දරුවා කෘශ යැයි තැවෙන්න එපා.

ඔබේ දරුවා නිරෝගි නම් බර සටහන් පොතේ වයස අනුව බර ගැටළුවක් නොමැති නම් බබා චබී වෙන්නම අවශ්‍ය නැහැ.

ඒ වගේම බබාට ලබා දෙන ඕනෑම ආහාරයකට තෙල් හෝ බටර් එකතු කරන්න.

නමුත් ඔබේ දරුවා පමණට වඩා කෙට්ටු යැයි සැකයක් ඇති නම් දරුවාගේ වෛද්‍යවරයා ලබා ඔබේ දරුවා පරීක්ෂා කරගන්න.

6. සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු වෙනත් ආහාර 

  • අලිගැට පේර 
  • පූර්ණ මේද සහිත චීස් 
  • යෝගට්

වෛද්‍යවරයා ඔබේ දරුවාගේ බර හෝ වර්ධනයේ ගැටළුවක් නොමැති බව කියන්නේ නම් දරුවාගේ බර වැඩිකිරීමට උත්සහ කරන්න එපා.

බබාගේ ආහාර වේලට තෙල් මේද එකතු කිරීම ගැන වයස , තරුණ පිරිස් අතර විවිධ අදහස් තියෙන්න පුළුවන්.

නමුත් ඔබ ඒ අදහස් සියල්ල පිළිගෙන කටයුතු කරන්න නොගොස් ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න.

බබාගේ ආහාර සඳහා තෙල් හෝ බටර් එකතු කිරීමේදී වැරදි සිදුවීම අවම කර ගැනීමට මෙම ලිපිය වැදගත් වේවි යැයි සිතනවා. 

මුලාශ්‍ර - investinginchildren.on.ca

www.easybabylife.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • බබාට බටර් දීම සුදුසුද? බටර් සහ මාජරීන් වල වෙනස කුමක්ද?
බෙදාගන්න :
  • රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

    රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

  • රසම රස බටර් චිකන් රෙසිපියක්

    රසම රස බටර් චිකන් රෙසිපියක්

  • රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

    රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

  • රසම රස බටර් චිකන් රෙසිපියක්

    රසම රස බටර් චිකන් රෙසිපියක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it