theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

5 අවම කියවීම
නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපානියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

මේවා ඇත්තටම වැදගත් සෞඛ්‍ය පණිවුඩ නොසලකා ඉන්න එපා

හුඟ දෙනෙක් හිතන්නේ නියපොතු ශරීරයෙන් ඉතා සුළු අංගයක් කියලයි.  ඒත් නිය ලෙඩ වුනොත් නියපොතු බෙහෙත් හොයන්න වෙන්නත් පුළුවන්.

නිය වලින් කියාපාන දේවල් වල වැදගත් පණිවිඩ තිබෙනවා.

ඒ නිසා නියපොතු වලින් සෞඛ්‍ය ගැන කියාපාන මේ පණිවිඩ කිසිවිට නොසලකා හරින්න එපා.

අපි අද ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරමු.

නියපොතු බෙහෙත්:  නියපොතු වලින් ඉගි කරන රෝග

නියපොතු කියන්නේ කාන්තා අපි නම් ලස්සනට තියාගන්න කැමති දෙයක්.

ආහාර පිසිම හෝ රෙදි සේදීම් නිසා සමහරවිට අපේ නියපොතු අවපැහැ වුනත් අපි කලබල වෙනවා.

නියපොතු නිතර වැඩෙන නිසා එම ලක්ෂණ යටපත්ව යාමෙන් අපිට එය ඇත්තටම අමතක වෙනවා.

නමුත් අපි අද මේ කතා කරන රෝග ලක්ෂණ දැක්කොත් ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න.

මෙහිදි නියපොතු වල ඝනකම වෙනස් වීම, අවර්ණ වීම් මෙන් එහි ඇති සලකුණු ගැනද සැලකිලිමත් වීම අවශ්‍යයි.

ඒ නිසා ඔබේ නියපොතු වල අසාමාන්‍ය ලක්ෂණයක් ඔබ දුටුවහොත් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම සුදුසු වෙනවා.

1. දුඹුරු පැහැති සිරස් අතට ඇති ඉරි

මෙය මෙලනොමා (melanoma) නමැති පිළිකා තත්වය වෙන්න පුළුවන්.

මෙය සමේ පිළිකා දුඹුරු පැහැති ලප ආකාරයෙන් පමණක් නොව නියපොතු වලිනුත් ආරම්භ වෙන්න පුළුවන්.

20% අප්‍රිකානු හා ඇමරිකානු රටවල මෙලනොමා ආරම්භ වන්නේ මෙහෙමයි.

ඒ නිසා මෙවන් රෝග ලක්ෂණ ගැන ඔබ ඉතා සැලකිලිමත් වෙන්න.

ඔබ නිතර නිය ආලේපන භාවිතා කරන්නෙක් නම් ඔබට මෙවන් රෝග ලක්ෂණ හදුනා ගැනීම මග හැරෙන්නත් පුළුවන්.

නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

2. සුදු පැහැති ලප

ඔබ ගන්නා ආහාර හා පෝෂණය මත මෙම තත්වය ඇතිවන්න පුළුවන්.

ඒ වගේම විවිධ රසයනිකයන්ට දෑත් නිරාවරණය වීම නිසා මේ තත්වය ඇති වෙන්න පුළුවන්.

ඔබේ ශරීරයේ පෝෂණ ඌනතා ඇත්නම් නිය වල වර්ධනයට එය ප්‍රමාණවත් නැහැ.

හුඟ දෙනෙක් නියපොතු වල වර්ධනයට කැල්සියම් අවශ්‍ය යැයි සිතුවත්, ඒවා හැදෙන්නේ කැරොටින් වර්ගයකින්.

එය ප්‍රෝටීන් වර්ගයක්. ඒ නිසයි හොඳ ශක්තිමත් නියපොතු සඳහා ප්‍රෝටීන් අවශ්‍ය වන්නේ.

නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

3. එක තැන එක්වීම

ඇඟිලි තුඩු දෙසට නියපොතු තල්ලු වී තිබීම රුධිරයේ ඔක්සිජන් සැපයීම අඩු බව කියාපානවා.

විටෙක එය පෙනහළු වල රෝගී තත්වයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ නිසා මෙවන් රෝග ලක්ෂණ ගැනත් සැලකිලිමත් වෙන්න.

4. හැඩිදැඩි නියපොතු (koilonychia)

නිය, හැන්දක ආකාරයට වකුටුව තිබීම මේ රෝගී තත්වයේ ලක්ෂණයක්.

මෙය යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතවයේ ලක්ෂණයක්.

සමහර විටෙක ඔබ ගන්නා ආහාර වල ඇති යකඩ වැඩිපුර ප්‍රමාණයක් උරාගැනීමේ රෝගී තත්වයද විය

නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා

 

5. තිරස් අතට ඇති ඉරි (Beau’s lines)

මේ තත්වය නියපොත්ත යට ඇති කියුටිකල් එක තුවාල වීම මීට හේතු විය හැකියි.

අනෙක් අතට දරුණු උණ, සරම්ප, කම්මුල්ගාය වැනි රෝග තත්වයන් නිසාත් ඇතිවිය හැකියි.

මේ ලක්ෂණත් නොසලකා ඉන්න එපා.

6. නියපොතු වල විවිධ වෙනස්කම් ඇති කරන එහි සමේ රෝග

පහත වෙනස්කම් ඔබේ නියපොතු වල ඇති නම් එය සමේ රෝගයක් වෙන්න පුලුවන්.

  • නියපොතු කොළ, කහ හෝ දුඹුරු පැහැයට හැරීම හා ඒවාට යටින් කුඩා රතු හෝ සුදු ලප ද තිබීම
  • නියපොතු වල මතුපිට කඳු වැටි හෝ වලවල් හෝ කුඩා සිදුරු තිබීම
  • හුණු සහිත සුදු පැහැති ද්‍රව්‍ය ඔබේ නියපොතු යටට එකතු වීම
  • නිය ඝනවීම

නියපොතු වල සමේ රෝග වැළැක්වීම හා නියපොතු බෙහෙත් ලබා ගැනීම

නියපොතු සමේ රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා හොඳම ක්‍රමය නියපොතු වලට හොද රැකවරණයක් ලබා දීමයි. ඒ සදහා මෙන්න උපදෙස්

  • ඔබේ නියපොතු කෙටිව තබාගන්න.
  • නියපොතු දාර සුමට කරන්න.
  • ඔබේ දෑතින් පිරිසිදු කිරීම් හෝ වෙනත් වැඩ කරන විට අත්වැසුම් පළඳින්න.
  • සෑම දිනකම හා ඔබේ දෑත් තෙත් වුන සෑම විටකම ඔබේ නියපොතු වල මොයිස්චර්රයිසර් ආලේප කරන්න.
  • ඔබේ ඇඟිලි සඳහා ප්‍රමාණවත් ඉඩක් ඇති සුව පහසු සපත්තු පළඳින්න.
  • ඒ වගේම ඔබ නියපොතු වර්ණ ගැන්වීම් කරද්දි හෝ ඉවත් කරද්දි ඒවා ඔබේ නියපොතු වලට හානිකරද නැතිද යන්න වෛද්‍යවරයා ගෙන් විමසන්න.

ඔබට මෙවන් නිය ආශ්‍රිත චර්ම රෝගයක් ඇති නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

නිය නිතර අපිරිසිදු තබා ගැනීමෙන් දිලීර රෝග පවා ඇතිවෙන්න පුළුවන්.

වෛද්‍යවරයා නිර්දේශ කරන නියපොතු බෙහෙත්

  • පාරජම්බුල කිරණ මගින් සමේ ප්‍රතිකාර කිරීම 
  • ඖෂධ නිර්දේශ කිරීම
  • ඖෂධ එන්නත් කිරීම හෝ සමට යටින් තැම්පත් කිරීම
  • ඔබ නියපොතු වලට කෙලින්ම යොදන බෙහෙත් ලබා දීම

ඔබේ අත් පා වල  නිය නිරෝගීව තබා ගැනීමට කල හැකි දේවල්

  • පෝෂණය ලබා ගන්න

කෙරටීන් ලබා ගත හැකි විටමින් ඊ, මාළු හා ඇටවර්ග ඔබේ ආහාර වේලට නිතර එක්කර ගන්න.

  • දෑත් පිරිසිදුව තබාගන්න

ඔබ නිතර අත් සබන් දා සෝදන්න. රසායනික ද්‍රව්‍ය අත ගැටුනොත් ඉක්මනින්ම අත් සෝදන්න.

ඔබ රසායනික ද්‍රව්‍ය ස්පර්ශ කරන සෑම විටකම අත්වැසුම් පළදින්න.

නියපොතු වැව්වාහම ලස්සනයි තමයි. නමුත් එය අනතුරුදායකයි වගේම විෂබිජ වලට පහසුවෙන් ඔබේ නියපොතු අතර රැදි සිටින්න ඉඩ ලබා දෙනවා.

නියපොතු කපා කෙටිව තබා ගන්න. එය මොට කරන්න.

ඒ වගේම නියපොතු සත්කාර සදහා ඔබ යොදාගන්නා නිය කටර් ඇතුලු සියලුම උපකරණ පිරිසිදුව තබාගන්න.

මෙනිකියු හා පෙඩිනියු කට්ටල පිරිසිදු තබා ගැනීම අනිවාර්‍යයි.

  • නියපොතු වලට සත්කාර ලබා දෙන්න

ඔබ ඔබේ අත් පා වලට ලබා දෙන මෙනික්‍යිු හා පෙඩික්‍යිු සත්කාර වලදි නිය සදහාද විශේෂ සත්කාර කරනු ලබනවා.

  • ආරක්ෂිත ආලේපන පමණක් ආලේප කරන්න

ඔබේ නිය වර්ණ ගන්වන්න හෝ නිය වලට මෝස්තර කරන්න ඔබ නොදන්නා කිසිම ආලේපනයක් යොදන්න යන්න එපා.

ඒ පිළිබද ප්‍රවීනයෙක් ගෙන් උපදෙස් ලබා ඔබේ නියපොතු වලට හානි නොකරන ආලෙපන අවශ්‍ය විටදි පමණක් ආලේප කරන්න.

ඒ වගේම එම ආලේපන ඉවත් කිරීමටත් ආරක්ෂිත ක්‍රම වේදයක් භාවිතා කරන්න.

නියපොතු ඔබගේ සිරුර ලස්සන කරන්න තියෙන උපාංගයක් නොවේ. එය මනුෂ්‍ය සිරුරට අවශ්‍ය කාර්යයන් වෙනුවෙන් සනස් වු කොටසක්.

ඒ නිසා එය අලංකාරව තබා ගන්න ඔබ ගන්නා වෙහෙසම එය නිරෝගිව තබාගන්නත් ගන්න.

නිය ගැන හා නියපොතු බෙහෙත් ගැන ඔබේ අදහස් මොනවාද? ඒවා අප හා බෙදා ගන්න.

අපේ ශරීරයේ ඇතිවන බොහෝ වෙනස් කම් ගැන අපි සැලකිලිමත් වීම වැදගත්. Asianparent Sri Lanka ඔබ හොඳම මිතුරිය ඔබව දැනුවත් කරන්න ගත උත්සාහය ඒ වෙනුවෙනුයි.

තොරතුරු ලබාගැනීම: mayoclinic.org, today.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • නියපොතු වලින් කියන මේ රෝග ලක්ෂණ නොසලකා ඉන්න එපා
බෙදාගන්න :
  • හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

    හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

  • හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

    හැම කාන්තාවක්ම මේ රෝග ලක්ෂණ 4 නොසලකා ඉන්න එපා

  • ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

    ඔබේ දරුවා නිරෝගීව තැබිය හැකි ක්‍රම රාශියක් තිබේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it