theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

5 අවම කියවීම
බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්නබබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න

දරුවාට උණ නම් ඔහුට වෙනදාටත් වඩා වැඩියෙන් පෝෂණය අවශ්‍ය වෙනවා. මේ ආහර උත්සහා කරලා බලන්න.

බබාට  උණ නම් මේ   පෝෂ්‍ය පදාර්ථ වලින් පිරුනු  ආහාර දීලා බලන්න. ඔබේ  දරුවාට ඉක්මනින්ම  සුවය ලැබේවි.

තමන්ගේ  පුංචි  පැටියාට  අසනීප නම්  උණ වැඩි වෙනවා  නම් ඒක දෙමාපියන්ට ලොකු  පීඩනයක් වෙනවා .

දුර්වලව, පිච්චෙන තරම් උණුසුම් සමත්  එක්ක  උණ සහිත මැලවෙච්ච ඇස් ඔබට වේදනාවක් දෙනවා නේද?

රෝගී දරුවා  ආහාර ගැනීම ප්‍රතික්ෂේප කලහොත් ඒ පීඩාව දෙගුණ වෙනවා.

මේ වේලාවට උණ රෝගයෙන් පෙළෙන දරුවෙකුට දෙන්න  හොදම ආහාර මොනවාද කියලා දෙමාපියන් කල්පනා කරනවා.

ඒ නිසා, උණ රෝගයෙන් පෙළෙන දරුවෙකුට ලබා දිය යුතු ආහාර වගේම නොදිය යුතු ආහාර මොනවාදැයි අපි සොයා බලමු.

child has a cold

බබාට උණ: උණ කියන්නේ මොකද්ද ?

ඇත්තටම  උණ කියන්නේ  රෝගයක් නොවේ.  එය යම් රෝගයක රෝග ලක්‍ෂණයක් වෙනවා.

ඒ වගේම  ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය  උපරිම  මට්ටමේ ඇති බව එය පෙන්වා දෙනවා.

පුද්ගලයෙකුගේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සිය අංශක 37 (ෆැරන්හයිඩ් නම් 98.6 ) පමණ වෙනවා . ශරීර උෂ්ණත්වය මේ අගය  ඉක්මවා යයි නම් එය උණ ලෙස හදුනාගන්නවා.

සාමාන්‍යයෙන් ආසාදන ඇති වීමට   බැක්ටීරියා සහ වෛරස් හේතු වෙනවා. ඔබේ ශරීරය සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින විට මේවායින් බොහොමයක් වර්ධනය වෙනවා.

බබාට  උණ ඇති වීම මගින්  රෝගාබාධ ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් විනාශ  කිරීමට ඔහුගේ ශරීරය උත්සාහ කරනවා.  මෙම ක්‍රියාවලියේදී ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියද සක්‍රීය වෙනවා.

උණ කියන්නේ රෝගයක් නොවේ . ඒ වගේම උණ ඇති දරුවෙකුට අපහසුතාවයක් දැනෙනවා. විශේෂයෙන් උගුරේ අමාරුව සහ නාසයෙන් දියර ගැලීම  වැනි වෙනත් රෝග ලක්ෂණ ඇත්නම්  අපහසුතාවයක් දැනෙනවා .  එය තේරුම් ගන්න.

එසේම, උණ අධික වීමට  ඉඩ දෙන්න එපා. ඒ නිසා සමහර දරුවන්ට උණ වලිප්පුව ඇතිවෙන්න පුළුවන්.

ඒ වගේම දරුවාගේ  ආහාර රුචිය අඩුවෙනවා. මෙය සාමාන්‍ය දෙයක් වුවද, බොහෝ දෙමව්පියන් බබාට උණ හැදුනාහම  දෙන්න ඕනී ආහාර ගැන වදවෙනවා.

ඔබේ උණ ඇති දරුවාට  නිතිපතා ගන්නා ආහාර ගැනීම සුදුසු  බව මතක තබා ගන්න.  ඔබේ කුඩා දරුවා ආහාර ප්‍රතික්ෂේප කරනවාද?  . එහෙනම්  මෙන්න මේ  ආහාර උත්සහා කරලා බලන්න. ඒ මගින් දරුවාට  පෝෂණය හා  ඉක්මනින් සුවය ලබා ගන්න  පුළුවන් වේවි.

බබාට උණ

බබාට උණ නම් මේ ආහාර 06 දීලා බලමුද?

1. මව්කිරි

ඔබ දරුවාට  තවමත් මව්කිරි ලබා දෙනවා නම් රෝගී  වු ඔහුට නිතර නිතර මව්කිරි ලබා දෙන්න. ඔබේ දරුවා ආසාදනයකට එරෙහිව සටන් කරන විට ළදරුවාගේ කෙළ වලින් එය ඔබේ පියයුරු වලට දැනෙනවා. එවිට ඔබේ මව්කිරි වල සංයුතිය වෙනස් වී එහි ප්‍රතිදේහ ඇතුළත් වෙනවා. එම ප්‍රතිදේහ  ආසාදනයට එරෙහිව සටන් කර  උණ අඩු කරනවා.

මව්කිරි  ලබාදෙන විට ඔබේ කුඩා දරුවා සැනසීමට පත්වෙනවා.  ඒ වගේම  රෝගීව සිටියදී ඔහුට වඩාත් පහසුවක් දැනේවී.

2. කුකුල් මස් සුප්

ඔබේ දරුවාට ඝන ආහාර  ආරම්භ කලාද? එළවළු එකතු කල කුකුල් මස්  සුප් උණෙන් පෙලෙන ඔබේ දරුවාට ලබාදිය හැකි  කදිම ආහාරයකි.

රෝගීව සිටියදී ඔබේ දරුවාගේ ශරීරයට විශාල වශයෙන්  විටමින්, ඛනිජ සහ ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. ඒවා එළවළු එකතු කල කුකුල් මස්  සුප් වල යහමින් අඩංගුය.

එසේම, ඔබේ කුඩා දරුවාට  අවශ්‍ය තරල හා ඉලෙක්ට්‍රෝටයිට් කුකුල් මස් සුප් වලින් ලැබෙනවා. ඒවා  ඔබේ දරුවාට  ආසාදන සමග සටන් කර උණ  අඩු කිරීමට උපකාර කරනවා.

ඒ වගේම ඔබේ දරුවාට උණ සෑදි ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව නිසා නම් කුකුල් මස් සුප් වල වාෂ්ප බර වු නාසය ලිහිල් කරනු ඇත.

කුකුළු මස් වල සිස්ටීන් නම් ඇමයිනෝ අම්ලය අඩංගු වෙනවා. මෙහි ප්‍රති වෛරස් හා

ප්‍රතිඔක්සිකාරක ගුණ තියෙනවා. ඒ නිසා එය උණ පාලනය කිරීමටද උපකාරී වෙනවා.

3. ශීත කළ පළතුරු හෝ මව්කිරි පොප්

බබාට උණ නම් ලබා දෙන්නේ මොනවාද කියලා ඔබ කල්පනා කරනවාද? එහෙනම් මේ කුඩා ශීත කළ ආහාර වේල  අත්හදා බලන්න.

නැවුම් පලතුරු යුෂ හෝ මව්කිරි පොප්සිකල් අච්චු වලට වත් කර ශීත  කරන්න. මෙම ආහාර වර්ග  දෙකම ප්‍රතිඔක්සිකාරක සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් පිරී තියෙනවා. ඒ නිසා එමඟින් ඔබේ දරුවාට ආසාදනයට එරෙහිව  වඩා හොඳින් සටන් කිරීමට උපකාරී වෙනවා.

මේවායේ සිසිල් බව ඔබේ කුඩා දරුවාගේ සිරුරද සිසිල් කිරීමට උපකාරී වෙනවා . ඒ වගේම ඒවා හරිම රසවත්.

පොල් වතුර වල ගුණ

4. පොල් වතුර

පොල් වතුර වල සාම්ප්‍රදායිකවම සිසිලන ගුණ ඇති බව ආසියානුවන් සලකනවා.

ඔබේ දරුවාට උණ ඇති විට, ඔහුගේ ශරීර උෂ්ණත්වය අඩු කිරීමට කල හැකි සියල්ල කිරීමට ඔබට අවශ්‍ය වෙනවා.

දරුවාට උණ හට ගත්තේ උදරාබාධයක්  නිසාද? එසේ නම්  පොල් වතුර වල අඩංගු  ඉලෙක්ට්‍රෝටයිට් වල විශිෂ්ට ස්වාභාවික ප්‍රභවයක් වෙනවා.

එසේම, එහි ඇති මෘදු පැණි රසයට ආහාර ලබා දෙන්න අසීරූ දරුවන් පවා කැමති වේවි. (රෝගී වු විට වඩාත් ආහාර ප්‍රතික්ෂේප කරන්නන්).

5. මී පැණි

පිරිසිදු කාබනික මී පැණ වල ප්‍රතිදේහජනක සංයෝගවලින් අඩංගු වෙනවා.  මී පැණි වලට ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කළ හැකි බවට විද්‍යාත්මක සාක්ෂි තියෙනවා.

දරුවන්ගේ කැස්ස අඩු කිරීමට  කැස්ස සදහා වු  ඖෂධ වලට  මී පැණි ඵලදායී බව පර්යේෂණවලින් පෙන්වා  දෙනවා.

උගුරේ ආසාදනයක් නිසා ඔබේ දරුවාට උණ ඇති වුවහොත් මී පැණි ලබා දීම විශේෂයෙන් සුදුසු වෙනවා.

අවවාදයයි : බොටියුලිසම් අවදානම ඇති නිසා  වයස අවුරුදු 1 ට අඩු දරුවන්ට මී පැණි ලබා දෙන්න එපා.

6. ඕට්මීල්

තැම්බූ, ක්‍රීම් සහිත ඕට්මීල් බඳුනකින්   සැනසිලිදායක බවක් ලැබෙනවා. මීට අමතරව ඔට්මීල්  විටමින් E වල ස්වාභාවික ප්‍රභවයක් වෙනවා.   ඒ මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය  වැඩි කරනවා.

මීට අමතරව, එහි පොලිෆෙනෝල් ප්‍රතිඔක්සිකාරක සහ බීටා ග්ලූකන් තන්තු අඩංගු වන අතර එවා ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහය වෙනවා.

සකස් කල ක්ෂණික ඕට්ස් මේ සදහා  භාවිතා කරන්න එපා. හොද ප්‍රතිඵල  සදහා සම්පූර්ණ ඕට්ස් තෝරන්න.

දරුවාට උණ නම් නොදිය යුතු ආහාර

ඔබේ දරුවා රෝගී නම්  පහත සඳහන් ආහාර ලබා දෙන්න එපා.

කැෆේන් සහිත පාන වර්ග:

ඔබේ දරුවා තේ හෝ කෝපි පානය කරන්නේ නැතිද? එහෙත් ඔහු පානය කරන රසවත් බීම සහ සෝඩා වල කැෆේන් අඩංගු වෙනවා.

මේවායින් ඔබේ කුඩා දරුවා විජලනය වෙන්න පුළුවන්.  ඒ වගේම  ඒවායේ අධික ලෙස සීනි අඩංගු වෙනවා.

ඝන  ආහාර  හෝ හකුරු සහිත ආහාර :

ඔබේ දරුවාට උණ  ඇති වුයේ උගුර ආසාදනයක්  නිසා නම් හැපෙන සුළු කැකර්ස්, චිප්ස් සහ වෙනත් රළු ආහාර ලබා දීමෙන් වැළකී සිටින්න.

මේවා මගින් ඔහුගේ උගුර වේදනාවට පත් වෙන්න  පුළුවන්.

සකස් කළ ආහාර :

පෝෂ්‍ය පදාර්ථ අඩු සංතෘප්ත මේද හා සීනි අධික, පෝෂණය හීන ආහාර ඔබේ දරුවාගේ   උණ ඇති කරන ආසාදනයට එරෙහිව සටන් කිරීමට   ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහයක් නොදක්වයි.

ඒවා සම්පූර්ණයෙන්ම දෙන්න එපා.

* ඝන ආහාර ලබා දිය යුත්තේ  මාස 6 ක් වැඩි දරුවන්ට බව ( මෙහි සදහන් මී පැණි  අවුරුද්දකට වැඩි නම් පමණක් ලබා දෙන්න) මතක තබාගන්න.

මාස හයකට  පෙර ඔබේ දරුවාට උණ රෝගය  වැළදි ඇත්නම්, දිගටම මව්කිරි දීම හෝ පිරිසිදු මව්කිරි පොප් ලබා දෙන්න.

සෑම විටම ඔබ වෛද්‍ය උපදෙස් සඳහා ළමා රෝග විශේෂඥ  වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය : නදීශා ලක්මිණි

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • බබාට උණ හැදුන වේලාවට මේ ආහාර දීලා බලන්න
බෙදාගන්න :
  • දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

    දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

  • හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

    හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

  • දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

    දරුවන්ට උණ වැළඳුන විට කළයුතු හා නොකළයුතු දේවල්

  • හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

    හිතුවක්කාර පුංචි ගවේශකයා ලෙඩ වෙලා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it