theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මාස තුන දක්වා වයස කිරි කැටියා එක්ක සෙල්ලම් කරන්න ක්‍රීඩාවන් 6ක්

3 අවම කියවීම
මාස තුන දක්වා වයස කිරි කැටියා එක්ක සෙල්ලම් කරන්න ක්‍රීඩාවන් 6ක්මාස තුන දක්වා වයස කිරි කැටියා එක්ක සෙල්ලම් කරන්න ක්‍රීඩාවන් 6ක්

චූටි අලුත් අමුත්තා සමග ඔයාලත් මේවා සෙල්ලම් කරලා බලන්නකෝ.

ඔබත් ඔබේ පැටියාත් අතර ඇති බැඳීම වැඩි කර ගන්න මේ බබාට සෙල්ලම් අත්හදා බලන්න ඔබට පුළුවන්.

අලුත උපන් පුංචි පැටියාව බලාගන්න එක ලොකු වගකීමක්. පළමු මාස තුළ පුංචි පැටියා හරිම සංවේදීයි. මේ තමයි එයාව හරිම පරිස්සමින් බලාගන්න ඕනේ කාලය. ඒ වගේම ඔබට පළමු වරට ලැබුන පැටියා නම් ඔබට එතරම් අත්දැකීම් නැති බව පුදුමයට කාරණයක් නෙවෙයි. පැටියට කිරි දීම, නිදි කරවීමට අමතරව එයත් එක්ක සෙල්ලම් කිරීමත් හරිම වැදගත්.

මේ සුරතල්  බබාට සෙල්ලම් ක්‍රම ඔබේ පැටියාවත් සතුටින් තබන්න උදවු වෙයි.

1. මුහුණට මුහුණ බලන්න

සමීක්ෂණ වලට අනුව අලුත උපන් පුංචි පැටව් මුහුණ දිහා බලන්න හරිම ආසයිලු. සෙල්ලම් බඩු  හා අනෙක් හැම දේටම වඩා ඔවුන් ඊට කැමතියි කියලයි කියන්නේ.

මෙහෙම මුවට මුව බලාගෙන ඉන්නකොට පැටියට හරි සතුටක් දැනෙනවා. එයින් ඔබත් පැටියාත් අතර බැඳීම ශක්තිමත්ව ගොඩනැගෙනවා.

පුංචි පැටව්,

  • සිනාසෙන
  • ඇස් විවෘත වූ
  • ඍජුව ඔවුන් දෙස බලන
  • ඔවුන් දෙසම නෙත් අයාගෙන සිටීම
  • ඔවුන්ගේ හැසිරීම් වලට ප්‍රතිචාර දක්වන විට සතුටු වෙනවා.

2. පැටියගේම කතා

ගීතවත් ලෙස ඔබේ දරුවට ශබ්ද නගා කතා කරන්න. එයාව නාවනකොට, ඇඳුම් අන්දනකොට, එයත් එක්ක ඇවිදිනකොට රසබර කතාවක යෙදෙන්න. මේ එක එක ආකාරයේ බොහෝ දේවල් ඔබට කතා කරන්න පුළුවන්.

මොනදේ කතා කළත් ඔහු සමග කතා කිරීම හරිම වැදගත්. පර්යේෂණ වලට අනුව දවසෙන් පැය තුනක් පමණ පැටියා සමග කතා කිරීමෙන් ශබ්ද නිපදවීම හා සම්බන්ධ මොලයේ කොටසක වර්ධනය සිදුවෙන බව කියනවා.

බබාට සෙල්ලම්

බබාට සෙල්ලම්

 3. ඕ…ඕ…ඕ…ඕ…

ඔබේ පැටියාගේ කතාව ඔබත් අනුකරණය කරමින් ඔවුන් නගන ශබ්ද එලෙසම නැවත නැවත කරනකොට පැටියට ඒක හරිම විනෝදයක් වගේම උත්තේජනයක් ගෙන දෙනවා.

එයාව අම්මා අඳුරගත් බව සහ එයා කරන ශබ්ද වලට ප්‍රතිචාර දක්වනකොට එයාගේ ශබ්ද අම්මටත් වැදගත් බව පැටියා හිතනවා.

4. පැටියාත් එක්කම නටන්න

පැටියව තාලයකට පද්දමින් ගී ගයමින් එයත් එක්කම තාලයකට පාද තබමින් නටන්න ඔබට පුළුවන් නේද? පැටියා ඇඳක හරි කොට් එකක හරි ඉන්නකොට එයාගේ අත් දෙක විතරක් අල්ලාගෙනත් මේක කරන්න පුළුවන්. මේ නිසා එයාගේ කාර්මික ඥානය වැඩෙනවා කියල සොයාගෙන තියෙනවා.

5. බබාට සෙල්ලම්: පාට පාට දේවල් දකින්න දෙන්න

විවිධ පාට දිහා බලමින් ඒවාට කතා කරමින් ඉන්න දරුවා හරි ආසයි. සතුන්ගේ පින්තූර පාට පාට බෝල දරුවාගේ ඇස් මානයේ තියන්න. මද සුළඟට ඒවා සෙලවෙන හැටි බලලා පැටියා ලොකු සතුටක් ලබනවා.

6. බබාට සෙල්ලම්: පැටියව බිමට ගන්න

බිම ඉඳගෙන ඔහුට පෙනෙන විදිහට ඔහු සමගම හිඳ ගන්නත් අත පය ඒ මේ අත ගසමින් ඒ දේවල් ගැන කියන්නත් ක්‍රියාකාරකම් වල යෙදෙන්නත් අම්මලාට පුළුවන්. දරුවා බිම නිදහසේ තියන්න කියලා එදා ඉඳන් අපේ වැඩිහිටියෝ කියන්නේ ඉන් ඔවුන්ට නිදහස හුඟක් ලැබෙන නිසයි. මේ නිසා දරුවාගේ හැකියාවන් වර්ධනයට ලොකු ශක්තියක් ලැබෙනවා.

පැටියා කරන හැම දෙයක්ම අපිට අලුත් දෙයක් වගේම පැටියටත් අපි කරන හැම දේම නැවුම් අලුත් දෙයක්. ඉතින් නිතරම එය එක්ක ගැවසෙමින් අපි කරන කියන දේ එයට හරිම වැදගත්.

පුංචි පැටව් වෙනුවෙන් මහන්සි වෙන අම්මලාගේ වෙහෙස වගේම ආදරය අපි හොඳින් දන්නවා. Asianparent  ඔබේ හොඳම මිතුරිය මේ අදහස් ගෙනාවේ ඒ නිසයි.

 theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • මාස තුන දක්වා වයස කිරි කැටියා එක්ක සෙල්ලම් කරන්න ක්‍රීඩාවන් 6ක්
බෙදාගන්න :
  • කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?

    කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?

    කිරිකැටියාගේ ගුඩුස් යවන්නේ කොහොමද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it