theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

5 අවම කියවීම
ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

ගැබිනි සමයේ ඇතිවෙන පිරුන ‌කෙස් කළඹ ගැන ඔබත් විශ්මයෙන්ද?

ගැබිනි සමයේ වෙන වෙනස් කම් අතර ගැබිනි සමයේ හිසකෙස් වල වෙනස් වීම පැහැදිලිව දකින්න ඔබට පුළුවන්. අන්න ඒ නිසා අපි ඒ ගැන ටිකක් වැඩිපුර කතා කරන්න හිතුවා.

සාමාන්‍යයෙන් හිසකෙස් හැලීම අඩාල වෙන නිසා ඔබට මදක් පිරුන කෙස් කළඹක් ලැබුනත් එය පවතින්නේ මාස 9 ක් දක්වා පමණයි. ඉන්පසු නැවතත් ඔබගේ හිසකෙස් චක්‍රය සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වෙන අතර ඔබගේ සුපුරුදු හිසකෙස් ඔබට ලැබේවි.

ගැබිනි සමයේ ඔබට පිරුනු කෙස් කළඹක් ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඔබේ කොණ්ඩය විවිධ ලෙස වෙනස් වෙන්නත් පුළුවන්. ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා.

ඇත්තටම ගැබිනි වු විට කොණ්ඩයට මොකද වෙන්නේ?

1

ගැබිනි සමය තුල ඔබට පිරිපුන් සහ දිදුලන කෙස් කළඹක් ලැබීමට හේතුව කොණ්ඩය වැඩීම කියලා ඔබ හිතනවාද? එහෙනම් ඔබ වැරදියි.

ඇත්තටම එයට හේතුව වෙන්නේ ඔබේ හිසකෙස් වර්ධන චක්‍රයට බලපාන ඔබේ එස්ටජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ඉහළ යාමයි.

ඒ මගින් ඔබගේ දෛනිකව සිදුවෙන හිසකෙස් යෑම නවතිනවා.

ඔබ ගර්භණි නොවු සාමාන්‍ය කාන්තාවක් නම් හිසකෙස් මාස 3 ක් වු ස්භාවික චක්‍රයක වැඩෙමින් පසුව හැලී යයි. සාමාන්‍යයෙන් සෑමවිටම ඔබගේ හිසකෙස් වලින් 85% ත් 95% ත් අතර ප්‍රමාණයක් වැඩෙමින් තියෙනවා. 

ඉතිරි 5% ත් 15%ත් අතර ප්‍රමාණය විවේක ගනිමින් සිටින අතර ක්‍රමයෙන් හැලී යයි. බොහෝවිට එය සිදුවන්නේ ඔබ හිස පීරන විට සහ හිස සේදීමේදියි.

නමුත් ගර්භණි අවධියේදී හෝමෝන වෙනස් වීම නිසා ඔබේ හිස කෙස් වල චක්‍රය අඩාල වෙනවා. ඒ හේතුවෙන් ඔබගේ හිසකෙස් වල විවේක කාලය දිගු වී හිස කෙස් හැලී යාම නවතියි. ඔබට ගර්භණි අවදියේදී පිරුනු කෙස් කළඹක් ලැබෙන්නේ අන්න ඒ නිසයි.

මෙය වැඩිපුරම දැකිය හැක්කේ ඔබේ දෙවන ත්‍රෛමාසිකය තුලයි.

ගර්භණි සමයේ හිසකෙස් වල ස්වභාවය

ගර්භණි සමයේ ඔබගේ හිසකෙස් විවිධ ස්වරූප ගන්න පුළුවන්. මේ එවැනි හිසකෙස් වර්ග කිහිපයක් හා ඒ සම්බන්ධ වැදගත් තොරතුරුයි.

1.ගැබිනි සමයේ හිසකෙස් ඝන හිසකෙස්

ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

මෙම අවදියේ ඇතිවෙන ඝන කෙස් කළඹ හරිම සුන්දරයි. ඔබට ඒ සදහා සත්කාර කර එය මනාව පවත්වාගන්න පුළුවන්.

ගර්භණී කාලයේ හිසකෙස් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම මේ ඝන ලස්සන කෙස් කළඹට ලස්සන මෝස්තර කිහිපයක් යොදා විනෝද වෙන්න.

2. ගැබිනි සමයේ හිසකෙස් ඇ‌ලෙන සුළු හිසකෙස්

සමහර අම්මලාගේ හිසකෙස්වල තෙතමනය වේගයෙන් වෙනස් වෙනවා. ඒ නිසා එය තෙල් සහිත, ලිස්සන සුළු ගතියෙන් යුක්ත අතර පාලනය කිරීම අසීරු වෙනවා.

ඔබේ ලිංගික හෝමෝන ඉහල පහල යෑම නිසා ඔබේ සමට යටින් ඇති සෙබස් නම් කුඩා ග්‍රන්ථි විශාල වෙනවා.  එමඟින් තෙල් සහිත ද්‍රව්‍යයක් වන සෙබම් වහනය වෙනවා.

සේදීමෙන් සෙබම් වහනය වැඩි වෙන නිසා නිතර සේදීමෙන් මේ හිසකෙස් වල තෙල් ගතිය වැඩිවෙන්න පුළුවන්.

ඔබ කල යුතු හොදම දෙය වන්නේ මේ සදහා සුදුසු ෂැම්පු හා කන්ඩිෂනර් එකක් තෝරාගෙන භාවිතා කිරිමයි.

ඊට අමතරව ඔබේ කොණ්ඩය විනාකිරි වලින් සෝදන්න (ජලය මිලි ලීටර් 236 කට විනාකිරි තේ හැදි 1ක් යොදා තනුක කර) 

ස්නානය කිරීමට පෙර  නැවුම්ව කපන ලද ලෙමන් ගෙඩියකින් අඩකින් ඔබේ කෙස්  මුල් පිරි මැද මිනිත්තු 5 ක් තබන්න.

3.ගැබිනි සමයේ හිසකෙස් වියළී හිසකෙස්

ගර්භණී සමයේදී ඔබේ හිසකෙස් වියළි ස්වභාවයක් ගන්නේ නම් එය  සාමාන්‍ය දෙයක් නොවේ. එනම් ඔබගේ වෙනස්වන ශරීරය ඔබේ සමේ සෙබස් ග්‍රන්ථි උත්තේජනය නොකිරීම නිසා ප්‍රමාණවත්  සේබම් පුමාණයක් නිෂ්පාදන වෙන්නේ නැහැ.

එහෙම නැතිනම් ඔබේ ගර්භණී හිසකෙස් වෙනස් කිරීම සඳහා ඔබ තවදුරටත් හිසකෙස් නිෂ්පාදන භාවිතා නොකරන නිසා වෙන්නත් පුළුවන්.

වියළි කෙස් කැඩී යාමේ අවදානමක් ඇති අතර තෙතමනය ලබා දීම අපහසු වෙන්න පුළුවන්.

ඔබේ හිසකෙස් වලට තෙතමනය නිසි ලෙස අවශෝෂණය කර ගැනීමට සහය ලබාදෙන  කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කිරීම සුදුසුයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

හිසකෙස් වල තෙල් ඉවත් කරන නිසා ඔබේ හිසෙහි ෂැම්පු ගැලවීමෙන් වළකින්න.

හිස කෙස් කැඩී යා හැකි බැවින් හිසකෙස් ස්ට්‍රෙට් කිරීම, කර්ල් කිරීම වැනි හිසකෙස් රත්කරන සත්කාර වලින් වැළකී සිටින්න.

ස්වාභාවික අමුද්‍රව්‍ය සහිත උණුසුම් තෙල් සත්කාර වලින් හිසකෙස් වියලීම වළක්වාගන්න පුළුවන්. 

4.ගැබිනි සමයේ හිසකෙස් ඍජු හෝ රුළි සහිත 

ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?

ටිකක් අමුතු හිසකෙස් වෙනසක නේද? ඔබේ ගර්භනී ශරීරයේ හෝමෝන මට්ටම ඉහළ යාම  නිසා ඔබේ හිසකෙස් වල ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

මේ නිසා ඔබේ රුළි හිසකෙස් ඍජු වෙන්න හෝ ඍජු හිසකෙස් රුළි වෙන්න පුළුවන්.

ඔබට මෙම හිසකෙස් වලට මෝසතර කර විනෝද වෙන්න පුළුවන්.

5. ගැබිනි සමයේ හිසකෙස් රළු හිසකෙස්

ගර්භණී සමයේදී ඔබේ අභ්‍යන්තර උෂ්ණත්වය යම් මට්ටමකට ඉහළ යන යන බැවින් ඔබේ කෙස් වල සිදුරු නැතිනම් කේශ මුල විවෘතව පවතින්න පුළුවන්. ඒ නිසා හිසකෙස් රළු වීම  සහ තෙතමනයේ අසමතුලිත වීම වෙනවා.

නොහැලී ඉතිරි වුන හිසකෙස් හා නව හිසකෙස් වල විවිධ ස්වභාවයන්  විවිධ වයනය දෙක එකිනෙක ගැටීම නිසාත් හිසකෙස් රළු වෙන්න පුළුවන්.

හිසකෙස්  වල රළුබව නැති කරන ආලේපනයක් උත්සහ කර බලන්න.

ඔබේ කොණ්ඩය කෙටි කරන්න එපා. අමතර දිගු කොණ්ඩයේ  බර නිසා රළු බව ඉවතට ඇදෙනවා.

6. ගැබිනි සමයේ හිසකෙස් පාට වෙනස් වු හිසකෙස්

වයනය, පරිමාව සහ දිග මෙන්ම සමහර ගර්භනී කාන්තාවන්ගේ  හිසකෙස් වල වර්ණය වෙනස් වෙන්න පුළුවන්.

ගර්භණී සමයේදී ඔබේ හිසකෙස් ඩයි කළ හැකිද?

ගර්භණී සමයේදී ඔබේ කොණ්ඩය වර්ණ ගැන්වීම හෝ විරංජනය කිරීම ආරක්ෂිත බව බොහෝ ප්‍රවීණයන් පවසනවා. ඔබ නිසිි උපදෙස් පිළිපදින්න.

ඔබ ඩයි කිරීම  ආරම්භ කිරීමට පෙර යෝග්‍යතාවය බලන පරීක්ෂණයක් කරන්න. ඔබට අසාත්මිකතා ඇතිවෙන්න හැකි බැවින් ‌මේ පිළිබද දැඩි ‌ලෙස සැලකිලිමත් ‌වෙන්න.

ඔබගේ හිසකෙස් අත්‍යවශ්‍යම අවස්ථාවක හැර ‌කොණ්ඩයට අමතර රසායනික ද්‍රව්‍ය ආලේප කිරීමෙන් වැළකීම සුදුසු ‌වෙනවා.

ඔබගේ හිසකෙස් ගැබිනි සමය තුල කොයි කොහොම වෙනස් වුවත් හොදින් ස්නානය කර පිරිසිදුව තබා ගැනීම ඔබගේ සනීපාරක්ෂාවට සුදුසු වෙනවා.

ඉහත තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙිවියැයි අප සිතනවා. ඔබත් මේ ගැබිනි සමයේ කොණ්ඩය ගැන දන්නවාද? එහෙනම් ඔබගේ අදහස් අප හා බෙදාගන්න.

මුලාශ්‍ර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගැබිනි සමයේ ඔබේ කොණ්ඩය වෙනස් වෙන හැටි ඔබ දන්නවාද?
බෙදාගන්න :
  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

  • ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

    ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

  • හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

    හිසකෙස් හරියට යනවා නේද? මෙන්න ‌හේතු 7ක්

  • ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

    ගර්භණි සමයේ සුරාතාන්තය ලබා ගැනීම සුදුසුද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it