theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාගේ වර්ධනයට අඩාල කරන ආහාර වර්ග 6ක්

5 අවම කියවීම
ඔබේ දරුවාගේ වර්ධනයට අඩාල කරන ආහාර වර්ග 6ක්ඔබේ දරුවාගේ වර්ධනයට අඩාල කරන ආහාර වර්ග 6ක්

බබාගේ වර්ධනය අඩාල කරන ‌මේ ආහාර 6 ගැන දැනුවත් ‌වෙන්න.

අපි බබාගේ පෝෂණය ගැන හැමදාම හිතුවත් ‌මේ හානිදායක කෑම ගැන දැනුවත්ද? ඇත්තටම නැහැ.

සමහරක් ආහාර නම ඇසු පමණනින් ඒවා සුදුසු නැති බව අපි දන්නවා. නමුත් අපි නොසිතන සමහර ආහාර දරුවාගේ වර්ධනය අඩාල කරන බව ඇහුවොත් ඔබ පුදුම වේවි?

අපි අද ඉදිරිපත් කරන මේ ආහාර දිහා සැලිකිලිමත්ව බලන්න. සමහර ආහාර දුටු විට ඔබ පුදුමයට පත් වුනා නේද?

ඔබ මෙතරම් දවසක් පෝෂණිය බව හිතා සිටි ආහාර එකවරම අපි දරුවාගේ වර්ධනය අඩාල කරන බව කියු පමණන් ඔබ විශ්වාස කරන්න එපා.

අවධානයෙන් මේ ලිපිය කියවන්න.

ඒ වගේම පෝෂනයට අවශ්‍ය නමුත් වැඩිපුර ගරනීම අහිතකර මේ ලැයිස්තුවේ ඇති සමහර ආහාර දරුවාට ලබා දීම වළක්වන්න එපා. ඒ වෙනුවට එය ලබා දීම සීමා කරන්න. 

ඒ වගේම දරුවාගේ පෝෂණයට වැදගත් නැති ආහාර හැකි තරම් දරුවාට සීමා කරන්න.

මෙම ආහාර ඔබේ දරුවාගේ ඔහුගේ සම්පූර්ණ උස කරා යාම අඩාල කර දමන්න පුළුවන්.

මතකද ඔබ පුංචි කාලේ කිව්වා කෝපි කියන්නේ ඔබේ වර්ධනය අඩාල කරන ආහාරයක් බව? ඒ දවස් වල අපි ඔය කතා පිළිගත්තේ නැහැ තමයි .

නමුත් සමහර ආහාර විශාල ලෙස ගැනීමෙන්  ඔබේ දරුවාගේ වර්ධනය මන්දගාමී කරන්න පුළුවන්. ඔබේ දරුවාගේ උස නියමිත පාඨාංක වලින් වැඩි නොවේ නම් ඔබ දරුවාට ආහාරයට දෙන මේ ආහාර ගැන සැලකිලිමත් වෙන්න.

  1. හානිදායක කෑම: පෝෂණය හීන කඩචෝරු

1

ඔබේ දරුවන්ගේ ආහාර වේලෙන් පෝෂණය හීන කඩචෝරු  ඉවත් කිරීමට බොහෝ හේතු තියෙනවා. මෙන්න එහෙනම් තවත් හේතුවක්.

පෝෂණය හීන කඩචෝරු ඔබේ දරුවන්ගේ බඩ පුරවා ගැනීම හැර වෙන කිසිවක් කරන්නේ නැහැ.

ඒ වගේම මේවා ඔබේ දරුවා තුල දියවැඩියාව හා ස්ථුලතාවයේ අවදානම වැඩි කරනවා. 

ඔබේ දරුවා ආහාරයට ගන්නා පෝෂණය හීන කඩචෝරු ප්‍රමාණය සීමා කිරීමට අමතක නොකරන්න.

ඒ ‌වෙනුවට හැකි තරම් ‌පෝෂ්‍ය ගුණයෙන් ඉහළ නැවුම් එළවළු පළතුරු දරුවාට ලබා ‌දෙන්න.

  1. හානිදායක කෑම: සෝඩා

හානිදායක කෑම

කාබනීකෘත බීම වල පොස්පරස් අඩංගු වෙනවා.  එය දරුවාගේ සංවර්ධනය සඳහා ප්‍රයෝජනවත් ඛනිජයක් බව අවිවාදයෙන්ම පිළිගන්නවා.

නමුත් මේවා විශාල වශයෙන් ආහාරයට ගන්නා විට එය ඔබේ දරුවාගේ කැල්සියම් මට්ටමට බලපානවා. වැඩිපුර පොස්පරස් ආහාරයට ගන්නා  දරුවන්ට අස්ථි ඝනත්වය අඩු බව අධ්‍යයනවලින් හෙළි වී තියෙනවා.

මෙලෙස සෝඩා සහ පෝෂණය හීන කඩචෝරු වැනි සෞඛ්‍ය සම්පන්න නොවන වැඩි වැඩියෙන් ආහාර එක්කර ගන්නා ළමයින්ට සෞඛ්‍ය සම්පන්න සංවර්ධනය සඳහා අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ උරා ගැනීම අඩුය.

ඔබේ දරුවාගේ ස්වාභාවික වර්ධනයට බලපෑමක් වීම ඔබට අවශ්‍ය නැතිනම් ඔබේ දරුවාගේ සෝඩා පානය කිරීම සීමා කරන්න.

ඒ ‌වෙනුවට ජලය, ස්වභාවික පළතුරු යුෂ පානය කිරීමට දරුවාට පුරුදු කරන්න.

  1. සහල්

ඔබේ දරුවාගේ වර්ධනයට අඩාල කරන ආහාර වර්ග 6ක්

සහල් නැතිනම් පිසු පසු බත්  ඔබේ දරුවාට නරක විය හැකිද? විශ්වාස කරන්න බැහැ නේද?

නමුත්, අධික කාබෝහයිඩ්‍රේට් සහ අඩු ප්‍රෝටීන් සහිත ආහාර වේලක් ඔහුගේ / ඇයගේ වර්ධනය මන්දගාමී කරනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඔබේ දරුවාගේ පිගානේ ප්‍රෝටීන වලට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් තිබේ නම්, එය ඔහුගේ / ඇයගේ වර්ධනය අඩාල කිරීමට සාධකයක් වෙන බව මතක තබා ගන්න.

සමබර ආහාර වේලක් දීම මෙයට විසදුමයි. ප්‍රමාණවත් කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් ප්‍රමාණයක් සහිත වඩාත් සමබර ආහාර වේලක් ගන්නා දරුවන්ට ඔවුන්ගේ සම්පූර්ණ උස කරා ලගා වීමට වැඩි ඉඩක් ලැබෙනවා.

බත් ආහාරයට ‌දෙන්න එපා කියන එක ‌නෙමෙයි ‌මෙහිදි අපි කියන්නේ අනෙක් ආහාර සමග සමබරව බත් ලබා ‌දෙන්න.

  1. සෝයා

හානිදායක කෑම

සෝයා දරුවාගේ වර්ධනය අඩාල කරන බව විද්‍යාත්මකව ඔප්පු කර නැහැ.

නමුත් සෝයා කිරි, යෝගට් සහ ටෝෆු වැනි මුහුන් නොදැමු සෝයා වල ෆයිටික් අම්ලය අඩංගු වන අතර එය කැල්සියම් අවශෝෂණය අඩු කරනවා.

අස්ථි වර්ධනය සඳහා කැල්සියම් ඉතා වැදගත් වෙනවා. එබැවින් මුහුන් නොදැමු  අධික ලෙස පානය නොකිරීම ඔබේ දරුවාගේ වර්ධනයට හිතකර වෙනවා.  ‌

  1. හානිදායක කෑම: ඇල්කොහොල්

ඔබේ දරුවාගේ වර්ධනයට අඩාල කරන ආහාර වර්ග 6ක්

ඔබ ඔබේ දරුවන්ට ඇල්කොහොල් නොදෙන බව අපි දන්නවා. නමුත් මෙය දැනුවත් වෙන්න. ඇල්කොහොල් පානයෙන් වර්ධනය අඩාල වෙන අතර  අවාසනාවකට මෙන්, තවමත් වැඩෙන දරුවන් ඕනෑ තරම් මත්පැන් පානය කරන බව අධ්‍යයනවලින් අනාවරණය වුනා.

ඇල්කොහොල් නිසා ඇති විය හැකි අනතුරු ගැන ඔබේ දරුවන් දැනුවත් කරන්න.  ඒ වගේම හොද පානය කිරීමේ පුරුදු ආදර්ශනය කරන්න.

ඇල්කොහොල් කියු පමණින් මත්පැන්ම සිහිතබා ගන්න එපා . ඇල්කොහොල් අඩංගු කේක්, චොකලට් වගේ දේවල්ද ඇති බව මතක තබාගන්න.

ඒ ‌දේවල් ඔබේ දරුවාගේ ආහාර ‌වේලෙන් ඈත් කරන්න.

  1. හානිදායක කෑම: සීනි

ඔබේ දරුවාගේ වර්ධනයට අඩාල කරන ආහාර වර්ග 6ක්

සීනි විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරන ළමයින් සාමාන්‍යයෙන් අඩු සීනි සහිත ආහාර ගන්නා දරුවන්ට වඩා මිටි වෙනවා.

කාබෝහයිඩ්රේට් වගේම  සීනි ඔබේ ශරීරයේ ඉන්සියුලින් මට්ටම ඉහළ නංවන අතර ශරීරය නිසි ලෙස වර්ධනය වීම වළක්වනවා.

ඔබේ දරුවාට සීනි අඩංගු ආහාර තහනම් නොකළ යුතු වුවද, ඒවා අනිසි ලෙස ආහාරයට ගන්නත් ඉඩ දෙන්න එපා.

ඒ නිසා අධික සීනී අඩංගු ‌චොකලට්, ‌‌කේක්, සිනී අධික අතුරු පස ආදියෙන් ඔබේ දරුවා ඈත් කරන්න. එය ඔහුගේ දන්ත ‌සෞඛ්‍ය සදහාද සුදුසු ‌වෙනවා.

මෙම ආහාර වලින් සමහරක් ඔබේ දරුවාගේ දියුණුවට අත්‍යවශ්‍ය බැවින් අපි මෙම ආහාර ද්‍රව්‍යවලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට උපදෙස් දෙන්නේ නැහැ.

නිරෝගී වර්ධනයක් සඳහා මැදිහත්ව කටයුතු කිරීම සැමවිටම වැදගත් බව මතක තබා ගන්න.

ඒ වගේම දරුවාට පෝෂණයෙන් ඉහල ආහාර පාන නිතර ලබා දෙන්න.

එමෙන්ම එම ආහාර වේල සමබර වීම ඉතා වැදගත්. කොතරම් පෝෂ්‍ය ගුණයෙන් යුත් ආහාර වුනත් ආහාර වේල සමබර නැතිනම් එය ඔබේ දරුවාගේ වර්ධනයට බලපාන්න පුළුවන්.

ඒ නිසා ‌දෙමව්පියන් විදියට ඔබේ දරුවාගේ ආහාර ‌වේල් ගැන සැලකිලිමත් වීම වැදගත් ‌වෙනවා.

ඔබේ දරුවාට සමබර ආහාර ‌වේලක් ලබා දීමට මතක තබාගන්න.

මේ ගැන ඔබටත් යමක් කියන්න තියෙනවාද? නැතිනම් ඔබට අලුතින් යමක් එකතු කරන්න අවැසියිද?

එසේනම් ඔබේ අදහස් පහලින් සටහන් කර අප හා බෙදාගන්න අමතක කරන්න එපා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ඔබේ දරුවාගේ වර්ධනයට අඩාල කරන ආහාර වර්ග 6ක්
බෙදාගන්න :
  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  •  බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

     බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  •  බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

     බබාගේ බර වැඩි කරන දේශීය ආහාර 19 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it