theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

3 අවම කියවීම
උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

ඔබේ ජීවිතයට විනෝදය ගෙන දෙන සියලු දෑ ඔබට අහිතකර බව කියන පැරණි කියමන සැබෑ කරමින්, අපි උදෑසනම බීමට ප්‍රිය කරන සමහර බීම වර්ග අපේ සෞඛ්‍ය පිරිහීමට ලක් කරනවා කියා එලි වී තිබෙනවා. 

ඔබේ ජීවිතයට විනෝදය ගෙන දෙන සියලු දෑ ඔබට අහිතකර බව කියන පැරණි කියමන සැබෑ කරමින්, අපි උදෑසනම බීමට ප්‍රිය කරන සමහර බීම වර්ග අපේ සෞඛ්‍ය පිරිහීමට ලක් කරනවා කියා එලි වී තිබෙනවා. මේ හොඳ නැති බීම මොනවාද?

එවැනි හොඳ නැති බීම වර්ග 6ක් හඳුනාගනිමු.

1. කෝපී

කෝපී කෝප්පයක් පානය කිරීමෙන් තොරව තම දවස පටන් ගත නොහැකියැයි බොහෝ වැඩිහිටියන් සිතනවා. ඔබත් ඔවුන් ගෙන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ පුවත ඔබව  සසල කරාවි. උදෑසනම කෝපී පානය කිරීම ඔබ නැවැත්විය යුතු පළමු දෙය වේ.

කුස තුල ස්ථර තුනී වීම නිසා ඇති වෙන කුසේ වේදනාවට කැෆේන්  මගින් නිපදවෙන අම්ල හේතු වේ. උදෑසනම කෝපී බීමෙන් ශරීරය ලබා ගන්නා කැෆේන් ප්‍රමාණය ඉහල යන නිසා සෑම කෝපි කෝප්පයකම එලදායීතාවය අඩු වේ.

උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

2. පලතුරු යුෂ

ගබඩා කර තබා ගන්නා පලතුරු යුෂ සෞඛ්‍යයට හිතකර නොවන බව සාධාරණ නිගමනයකට එලඹිය හැක.

බොහෝ මෙවැනි නිෂ්පාදන වල සිනී ප්‍රමාණය වැඩි අතර ඒවා දවසේ ඕනෑම වේලාවක පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකරය.

එමෙන් එම නිෂ්පාදන උදෑසන පළමු පානය ලෙස ගැනිමෙන් ක්ෂනිකව රුධිරයේ සිනී මට්ටම පහල බැසීමට තරමක ඉඩක් ඇත.

ඒවගේම නැවුම් මිරිකා ගත් පලතුරු යුෂද උදෑසන පළමු පානය ලෙස ගැනීම සුදුසු නැත. ඔබ පලතුරු යුෂ බවට පත්කර ගැනීමේදී ඒවායේ ප්‍රෝටීන් විනාශ වන අතර ඔබේ සිරුරට විශාල විටමින් ප්‍රමාණයක් ලැබේ. පෝෂණයෙන් පිරි යමක් ආහාරයට ගත් විටෙකට වඩා මෙවැනි අවස්ථා වල ඔබට ඉක්මනින් කුසගිනි දැනෙන්න පුලුවන් .

3. කෝලා

අනිවාර්යයෙන්ම දවසේ ඕනෑම වේලාවක සිනී සහිත සෝඩා පානය ඔබට හිතකර නොවේ. නමුත් උදෑසනම කෝලා පානය ඔබට විශේෂයෙන්ම හිතකර නොවේ.

ඒ වගේම කෝපී වලට සාපේක්ෂව කෝලා වල වැඩිපුර කැෆේන් ප්‍රමාණයක් අඩංගු බැවින් කැෆේන් උරා ගැනීම තවත් උග්‍ර වෙනවා. ඒ වගේම එහි සිනී අන්තර්ගතය ඉහලය. කැෆේන්  මගින් තාවකාලිකව රුධිර පීඩනය වැඩි කරන අතර එය අධික රුධිර පීඩනයට හේතු වේ.

උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

4. කිරි

 කිරි, ශරීරයේ යහපැවැත්ම සදහා දායක වෙන කැල්සියම්  වල ප්‍රභවයක් වුවත් එහි අඩංගු වන්නේ කැල්සියම් පමණක් නොවේ. එහි අඩංගු  වන විශාල මේද ප්‍රමාණය නිසා එය වැඩිහිටියන්ට හොඳ නැති බීම අතරින් එකකි.

5. තේ

ලෝකයේ සුපිරි උදෑසන පානයක් බවට කෝපී හා තේ පත්ව ඇත. නමුත් ඒ වර්ග දෙකම උදෑසන ඔබේ ප්‍රථම පානය ලෙස ගැනීම සුදුසු නැත. කැෆේන් හා අම්ල වැනි සංයෝග අඩංගු බැවින් තේ පානයෙන් Gastroesophageal Reflux (GERD) නැමති රෝගයට ගොදුරු විය හැක.

එහි ප්‍රතිඵලයක් ලෙස දවස තුල අම්ල ප්‍රතිවාහ තත්වයක් ඇති විය හැක.

උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්

6. හොඳ නැති බීම: ශක්ති ජනක පාන (energy drinks)

2000 වර්ෂයේ මුල් භාගයේ ජනප්‍රියත්වයට පත් වු ශක්තිජනක පානයන් විශ්මිත පානයක් ලෙස පෙනෙන්නට වුනා.

පසුගිය දශක කිහිපය පුරා කරන ලද අධ්‍යනයන් මගින් මෙම ශක්තිජනක පානයන් තුල අහිතකර  කැෆේන් හා සිනී ප්‍රමාණ ඉහල බව සොයාගෙන තියෙනවා. මේ මගින් හදවත් ස්පන්දනය ඉහල ගොස් ආතති මට්ටම හා රුධිර පීඩනය ඉහල යනවා.

උදෑසන පළමු පානය වශයෙන් ඔබ පානය කිරීමට අදහස් කරන්නේ මොනවාද ?මේ ලිපිය කියවීමෙන් එය වෙනස් වුනාද?

මේ තොරතුරු ආදරයෙන් ඔබට මතක් කලේ ඔබගේ සෞඛ්‍ය ගැන හැමදාම හිතන theAsianparent Sri Lanka විසිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • උදෑසනම පානයෙන් වැලකිය යුතු බීම වර්ග 6ක්
බෙදාගන්න :
  • ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

    ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

  • දරුවන්ට අහිතකර බීම අතුරින්  මෙම බීම වර්ග 7 නම් කොහොමටවත්ම දෙන්න එපා!

    දරුවන්ට අහිතකර බීම අතුරින් මෙම බීම වර්ග 7 නම් කොහොමටවත්ම දෙන්න එපා!

  • ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

    ගුණ නැණ වඩන ශ්‍රී ලාංකික පානය : කොළ කැඳ වර්ග 7 ක්

  • දරුවන්ට අහිතකර බීම අතුරින්  මෙම බීම වර්ග 7 නම් කොහොමටවත්ම දෙන්න එපා!

    දරුවන්ට අහිතකර බීම අතුරින් මෙම බීම වර්ග 7 නම් කොහොමටවත්ම දෙන්න එපා!

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it