theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

5 අවම කියවීම
අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

අලුත් අම්මාගේ හිත පොඩ්ඩක් සනසලා "මම ඔබව අගයනවා, ඔබට ආදරෙයි" කියා පෙන්වා දීම සඳහා මේ "තෑගී" 6 ගැන පොඩ්ඩක් හිතන්න.

අම්මෙක් දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න මාස 9 ක් පුරා කරන කැප කිරීම් අමුතුවෙන් කිවයුතු නැහැ. පුංචි කැස්සක් වුනත් කුසට නොදැනෙන්න කහින්න අම්මා කුසට අත තියනවා. පුංචි තිගැස්මටත් දරුවා බයවෙයි කියලා අලුත් අම්මා බය වෙනවා.

ආසම කෑමක් වුනත් කන්න දහපාරක් හිතනවා. මේ වගේ වෙලාවක අලුත් අම්මාට තෑගි දෙන්න හොඳ මොනවාද කියා ගොඩ දෙනෙක් කල්පනා කරනවා.

ඇඳේ හැරුණත් පෙරළුනත් පැටියට රිදෙයි කියලා හිරිවැටෙනකන් එක පැත්තටම ඇල වෙලා නිදියනවා. අම්මා කෙනෙක් තමන්ගේ ජිවිතයේ කැපකිරීම් ආරම්භ කරන්නේ එහෙමයි. ඒක අම්මෙක් මැරෙන තුරු ඉවරවෙන දෙයක් නෙමෙයි. ඒ බැඳීම එහෙමමයි.

ඉතින් පෙරුම් පුරලා ආපු පුංචි පැටියා බලන්න නෑදෑයන් පිරෙනවා. අම්මා කරපු කැපවීම සාමාන්‍යකරණය වෙලා දරුවා මෙහෙම නාවන්න, මෙහෙම හරවන්න, මෙහෙම තියන්න, අරහෙට පෙරලන්න, අරක හොඳයි, මේක නරකයි, අර පාට ඇහැට හොඳයි, මේ කෑම හොඳයි, මේක කරන්න, අරක කරන්න අලුත් අම්මට යෝජනා චෝදනා ගොඩයි.

ඒ අතරේ දරුවා ඇඬුවොත්  වැඩිහිටියෝ විශේෂයෙන් අපේ නැන්දලා, ලොකු අම්මලා, දරුවාගේ අත්තම්මලා වටවෙනවා. දරුවට කිරි මදි වෙලා වගෙයි...ඔයාට කිරි එනවද? සීසර් කරලා හින්දා කිරි මදිද දන්නෑ. ඇඟ ගැන නොහිතා තුන් හතර සැරයක් කන්න. කිරි එන්නැතුව ඇති. කිරි මදි ඇති.

පළපුරුදු අම්මලා මොහොතක් හිතන්න. ඔබ ඔබේ දරුවට කිරි දෙන්න මැලි වුනේ නෑ නේද? ඉතින් මේ අලුත් අම්මාත් ඒ වගේම තමයි.

දරුවෝ අඬන හැම වාරයක්ම අම්මගේ කිරි මදි වෙලා අඬනවා නෙමෙයි. ඉතින් අලුත් අම්මගේ ඇඟේ අමාරුවට වඩා හිතේ අමාරුව වැඩි වෙනවා. අම්මට එරෙන කිරි ටිකත් නැති වෙනවා. වටේ ඉන්න අය අලුත් පැටියා බලන්න ඇවිල්ලා අලුත් ප්‍රශ්න ගොඩක් අලුත් අම්මට දීලා යනවා.

ඉතින් අලුත් අම්මාට තෑගි දෙන්න හොඳම හිත පොඩ්ඩක් සනසලා "මම ඔබව අගයනවා, ඔබට ආදරෙයි" කියා පෙන්වා දීමයි.

අලුත් අම්මා ට තෑගි දෙන්න කදිම මේ තෑගි හය ගැන පොඩ්ඩක් හිතන්න.

අලුත් අම්මා

1. ඔබේ අදහස් හිත නොතැලෙන සේ කියන්න

සිසේරියන් සැත්කමකින් නම් ඇගේ ශාරීරික වේදනාවන් තාමත් ඉවර නෑ. ඇයට තුවාල වලින් සුව වෙන්න විද්‍යාත්මකව නම් වසරක් වත් ගත වෙනවා. ස්වභාවික දරු උපතක් වුවත් ඉන් විඳින වේදනාව අම්මලා වුන කාන්තාවන්ට අමුතුවෙන් කියන්න උවමනා නැහැ.

හැබැයි මේ හැමදේම විඳපු අයම ඇවිත් අලුත් අම්මට දෙන හිරිහැරය නම් සුළුපටු නැහැ. උනහපුලු අම්මාටත් උගේ පැටියා ලොකුයි නම් කොයි අම්මත් තමන්ගේ පැටියා රජෙක් වගේ බලාගන්න තමයි හදන්නේ.

එකම දෙය වන්නේ අනිත් අය ආදරෙන් නිවී සැනසිල්ලේ අදහසක් ඉදිරිපත් කළාට වරදක් නෙමෙයි. ඒත් ඇයගේ මනසේ ඇයට ඇති ව්‍යාකූල තත්වයන් ගැන අමුත්තන් සිතිය යුතුමයි.

2. අලුත් තාත්තාත් ඇයට උදවු වෙන්න

ඔබේ පාර්ශ්වයේ නෑදෑයන් හිතවතුන් දරුවා බලන්න එනකොට ඇයට පීඩනයක් ඇති නොවෙන විදිහට සීමාව ඉක්මවා නොයන්න කටයුතු කරන්න ඔබ සිහිනුවණින් කටයුතු කිරීම වටිනවා.

මොකද ඔබේ බිරිඳගේ මනසේ නිරවුල් බව දරුවට දෙන කිරි ටිකේ සිට ඔවුන්ගේ බැඳීමට බලපානවා. ඇය සතුටින් නිරෝගීව තැබීම ඔබේත් අමුත්තන්ගේත් වගකීම බව මතක තබා ගන්න. ඊට ඔබ ඉදිරිපත් වෙන්න.

අලුත් අම්මා

 3. කිරි එනවද? කිරි මදි ද? අහන්න එපා

කරුණාකර වැඩිහිටියන් මේ ප්‍රශ්නය ඔබෙන් අහනවා නම් ඔබ ඔවුන් නැවත ඒ ප්‍රශ්නය වෙන කාගෙන්වත් නොඅසන්න ඉතා නුවණක්කාර ලෙස උත්තර දෙන්න සිත තද කරගන්න.

අලුත් අම්මා කෙනෙකුට මේ තරම් හිත රිදෙන තවත් දෙයක් නැති තරම් කියලයි මට නම් හිටෙනේ. උවමනාවට වඩා නෑදයන්ටවත් ඔවුන්ගේ සීමාවන් පනින්න දෙන්න එපා. ඊට අප වටා ඉන්න අයගේ උදව් මිස ප්‍රශ්න කිරීම් අවශ්‍ය වන්නේ නැහැ.

4. අලුත් අම්මා ව ආතතියට පත් කරන්න එපා

ඇයව සතුටින් තබන්න. වර්තමනයේ මේක ඉතාම නරක අතට හැරුණු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බොහෝ විට දරු ප්‍රසුතියෙන් පසු ඇතිවන මානසික ආතතිය සාමාන්‍ය තත්වයක් බව අන් අය තේරුම් ගැනීම හරිම වටිනවා.

මන්ද ඇය පුදුම වෙහෙසක් දරලයි දරුවෙකු මෙලොව බිහි කරන්නේ. එතැන් පටන් ඇගේ හිස මත ඇති වගකීම් කෙළවරක් නෑ. ඒ නිසාම සමහර මව්වරුන් තමන්ගේ ජිවිත නැතිකර ගත් අවස්ථා අපේ රටේ  වාර්තා වුණා. යහපත් නිරෝගී දරුවෙකු හදාගන්න නම් දරුවාගේ අම්මව සතුටින් තැබීම සමාජයේම වගකීමක්.

5. ඇගේ වෙහෙස මහන්සිය අගයන්න

හරි වැරදි හොයනවට වඩා පුංචි උදවුවක් හරි ඇය වෙනුවෙන් කරන්න. සැමියා ලෙස ඔබට නම් බොහෝ යුතුකම් කොටසක් තිබෙන බව අමතක කරන්න එපා.

ඒ කියන්නේ මේක දරුවාගේ නැපි ටික හෝදලා, වේලලා, අයන් කරනවා වගේ දේවල් විතරක් නෙවෙයි ඇයට අවශ්‍ය ආදරය, කරුණාව උපරිමයෙන් දෙන්න. ඇය ඉතා උතුම්ම කාර්යයක් ඉටුකළ ශ්‍රේෂ්ඨ ගැහැනියක බව ඇයට ඒත්තු ගන්වන්න.

අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්

6. අලුත් අම්මා ට පුංචි තෑග්ගක් හරි දෙන්න

සැමියා ලෙස ඔබට ඇය වෙනුවෙන් පුංචි තෑග්ගක් සුදානම් කරන්න පුළුවන්. ඇය මෙය බලාපොරොත්තු නොවුනත් ඇය ඉන් හුඟක් සතුටු වෙයි. ඒ සතුට ඔබේ දරුවාට දැනෙනවා. ඉන් පුංචි පැටියා ආදරෙන් හැදෙනවා. අමුත්තන්ටත් ඒ දෙයම කරන්න පුළුවන්.

“ඔබ කොයිතරම් වගකීමක්ද දරන්න යන්නේ ඒ වෙනුවෙන් අලුත් අම්මාටත් අපි තෑග්ගක් ගෙනාවා”. ඇයට එහෙම ඇහුනොත් ඇයට ඇය ගැන ආඩම්බරයක් සතුටක් වගේම ඇය තනිවී නැති බව හැඟේවි. නොනිදා පහන් කරන රැය ගණන් ඇයට විඩාවක් නොදැනේවී. එක තරුණ මවක් තම කුළුඳුල් දරු ප්‍රසුතිය ගැන මාත් එක්ක මෙහෙම කිව්වා.

“මම මුලින්ම අම්මා කෙනෙක් වුනහම ආපු හැමෝම අතරේ මටත් එකම එක යාළුවෙක්  තෑග්ගක් ගේනවා. ඇය මගෙත් එක්ක මගේ ගර්භණි කාලය පුරාම රැඳුන ඉන්දියානු මිතුරියක්. දරුවා ලැබෙන්න කලින් දවසක නිකමට මම කිව්වා මම හුඟක් වෙලාවට දකින්නේ අලුත් පැටියට තෑගි ලැබෙන එක මිසක් අලුත් අම්මාට කවුරුත් තෑගි නොදෙන එක කියලා. ඇය මාත් එක්ක ඒකට එකඟ වුණා. ඇගේ රටෙත් ඇය ඒ පුරුද්ද නොදකින බවත් එය ඉතා හොඳ දෙයක් බවත් කිව්වා”.

“මම අම්මා කෙනෙක් වුනහම ඇය මගෙන් ඒ පුරුද්ද පටන් අරගෙන තිබුණා. ඇය ඒක හුඟක් අගේ කළා වගේම මාව අගය කිරීම ගැන මට ලොකු සතුටක් දැනුණා. හැබැයි එහෙම කළේ ඇය විතරයි. මම දන්නවා මට විතරක් නෙමෙයි බහුතරයක් අම්මලාට සමහර වෙලාවට වචනයක උදවුවක්වත් ලැබෙන්නේ නෑ” ඇය කිව්වා.

මේ සඳහන් කළ හැම දේම අලුත් අම්මා ට තෑග්ගක් ලෙස ඔබට දෙන්න පුළුවන්. ද්‍රව්‍යමය දෙයක් නැතත් ඇයව අගයන්න, උදවු කරන්න ඔබට පුළුවන් ඕනෑ තරම් ක්‍රම තියෙනවා. විශේෂයෙන් දරුවාගේ තාත්තා නැතිනම් සැමියා හුඟක් මේ ගැන හිතුවොත් ඔබේ පැටියව හුඟක් ආදරෙන් බලාගන්න ඔබේ අලුත් අම්මට හුඟක් ශක්තිය ලැබේවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ පණිවිඩය ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka ගෙන ආවේ අපි නොසිතන දේ නොපතන ලෙස අවසන් නොවන්නට වගබලා ගැනීම වගකීමක් නිසාමයි.

 

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • මව්පදවිය
  • /
  • අලුත් අම්මාට තෑගි දෙන්න සුවිශේෂී අදහස් 6ක්
බෙදාගන්න :
  • අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

    අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

  • අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

    අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන් අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

  • අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

    අලුත් අම්මලාට ලස්සන වෙන්න ස්වභාවික සිංහල බෙහෙත් වට්ටෝරු

  • අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන්  අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

    අලුත් අම්මෙකුගේ ජීවිතයට දෙදරු මවකගෙන් අත්දැකීම් පිරි උපදෙස් ටිකක්.

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it