theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර වර්ග

3 අවම කියවීම
දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර  වර්ගදරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර  වර්ග

සත්‍ය කතාව නම් සෑම දරුවෙකුටම විටමින් අතිරේක සැපයීම කොහෙත්ම අත්‍යාවශ්‍ය නැහැ. දරුවාට සමබල අහාර වේලක් සකසා දෙන්නේ නම් සිරුරට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය විටමින් වර්ග ඉන් සැපයෙනවා.

දෙමාපියන් ලෙස දරුවන්ට අවශ්‍ය විවිධ විටමින් වර්ග ගැන කියවෙන විවිධාකාර අතිරේක බීම වර්ග හා අහාර පැකට්ටු වර්ග ගැන රුපවාහිනී දැන්වීම්, පුවත්පත් දැන්වීම් ආදිය නිරන්තයෙන්ම ඔබේ නෙත ගැටෙනවා ඇති.

මෙවන් අතිරේක විටමින් වර්ග අඩංගු විවිධ දෑ දරුවන්ට ඇත්තෙන්ම දිය යුතුද? දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග මොනවාද?

දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර  වර්ග

 

සියලුම දරුවන්ට විටමින් අතිරේක අවශ්‍යද?

සත්‍ය කතාව නම් සෑම දරුවෙකුටම විටමින් අතිරේක සැපයීම කොහෙත්ම අත්‍යාවශ්‍ය නැහැ. දරුවාට සමබල අහාර වේලක් සකසා දෙන්නේ නම් සිරුරට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය විටමින් වර්ග ඉන් සැපයෙනවා.

කෙසේ නමුත් සැම දරුවකුටම මෙවන් සමබල අහාර වේලක් ලැබීමේ අවකාශය හිමි වන්නේ නැහැ. ඇතැම් දරුවන් බහුල ලෙස තෝරා බේරා අහාර ගන්නා බැවින් ආහාර වල සමබරතාව දරුවාට ඇත විඳින්නට න්හකි වනවා. මෙවන් අවස්ථා වලදී දරුවාගේ සිරුරට අවශ්‍ය සියලුම විටමින් වර්ග දරුවාට නොලැබෙන්නට පුළුවන්.

විටමින් අතිරේක අවශ්‍ය විය හැකි දරුවන් කවුද?

* ප්‍රමාණවත් ලෙස එළවලු සහ පළතුරු අඩංගු සමබල අහාර වේලක් නොලබන දරුවන්

* තෝරා බේරා අහාර ගන්නා දරුවන් (එළවලු පළතුරු ආදිය ප්‍රතික්ෂේප කරන දරුවන්)

* අසාත්මිකතා ඇති දරුවන් සහ ඇදුම වැනි දිගු-කාලින අසනීප සඳහා ඖෂධ ලබා ගන්නා දරුවන්

* බහුල ලෙස ක්ෂණික ආහාර සහ සකස් කල අහාර අහාරයට ගන්නා දරුවන්

* නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන දරුවන් (මොවුන් සමහරුන්ට යකඩ හෝ කැල්සියම් අතිරේක අවශ්ය වේ).

* අධික ලෙස සෝඩා අඩංගු බීම පානය කරන දරුවන්

ප්‍රතිපත්තියක් ලෙස දරුවාට අතිරේක විටමින් වර්ග මිළදී ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත්ම සුදුය.

දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර  වර්ග

දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග

දරුවාගේ සෞඛ්යයට සියළු විටමින් වර්ගයක්ම උපකාර වන බව සත්යයක් වුවත්, දරුවන්ට අත්‍යවශ්‍ය ලෙස සැලකෙන විටමින් වර්ග 6 ක් තිබේ:

  1. විටමින් A

විටමින් A මගින් නිරෝගී ඇස් සහ සමක් පවත්වාගෙන යාමට දායක වන අතර එමගින් ප්‍රතිශක්තීකරණ ප්‍රතිචාරය වර්ධනය කෙරෙනවා.

වට්ටක්කා, දොඩම්, කහ හෝ තැඹිලි පැහැති එළවළු වර්ග, කිරි, චීස් සහ බිත්තර ආදී අහාර වල විටමින් A බහුල ලෙස අඩංගු වනවා.

2. විටමින් B වර්ග

විටමින් B නම් B2, B3, B6, සහ B12 වැනි ප්‍රභේද කිහිපයකින් යුක්ත වනවා. B විටමින් මගින් පරිවෘත්තීය ශක්තිය, සිරුරට අවශ්‍ය ශක්තිය නිෂ්පාදනය වීම, සෞඛ්ය සම්පන්න සංසරණ පද්ධතියක් සහ ස්නායු පද්ධතියක් ඇති කිරීමට ආදිය උපකාර වනවා. මාළු, කුකුල් මස්, නට් වර්ග (ගෙඩි), බිත්තර, කිරි, චීස්, බෝංචි සහ සෝයා බෝංචි වැනි අහාර වල B විටමින් අඩංගු වනවා.

3. විටමින් C

දරුවාගේ මාංශ පේශි ශක්තිමත් කරන්නට විටමින් C උපකාර වන අතර ආසාදනවලින් වැළකී සිටීමටත් සෞඛ්ය සම්පන්න සමක් පවත්වාගෙන යාමටත් මෙම විටමිනය උපකාර වනවා. දොඩම් කුලයේ පළතුරු, කිවි, තක්කාලි සහ කොළ පැහැති එළවළු වල විටමින් C අඩංගු වනවා.

4. විටමින් D

විටමින් D මගින් දරුවාගේ දත් හා ඇටකටු ශක්තිමත් කරනු ලබන අතර එමගින් ශරීරයේ කැල්සියම් අවශෝෂණයටද උපකාර කරනවා. කිරි, මාළු, සැමන් සහ මැකරල් වැනි මේද සහිත මාළු වල විටමින් D අඩංගු වන අතර මෙම විටමිනය සැපයීමේ මූලික ප්‍රභවයක් වන්නේ උදෑසන හිරු එළියයි. මේ නිසා දරුවාට ප්‍රමාණවත් ලෙස හිරු එළියට නිරාවරණය කිරීම ඉතාම වැදගත් වනවා.

runny nose milk and cookie disease

5. කැල්සියම්

කැල්සියම් යනු දරුවාගේ ඇටකටු ශක්තිමත් කරගැනීමට උපකාර වන විටමිනයකි. විටමින් ඩී මෙන්ම, කිරි, චීස්, යෝගට්, ටෝෆු වැනි කිරි නිෂ්පාදන වල බහුල ලෙස කැල්සියම් අන්තර්ගත වනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

6. යකඩ

යකඩ මගින් දරුවාගේ රතු රුධිරාණු සෛල සෞඛ්ය සම්පන්නව තබාගන්නට මූලික ලෙස දායක වන විටමින් වර්ගයකි. දරුවන් තුළ යකඩ ඌනතාවයන් ඇතිවීම අවදානම් සහිත වන අතර විශේෂයෙන්ම ගැහැනු දරුවන්ගේ ඔසප් වීම ආරම්භ වීමටත් යකඩ වැදගත් වනවා.

මේ නිසා යකඩ යනු දරුවන්ට ඉතා වැදගත් විටමිනයක් නොහොත් පෝෂකයක් වනවා. රතු මස්, අක්මාව, ඌරු මස්, ටර්කි, නිවිති, බෝංචි සහ පෘන් වැනි අහාර යකඩවලින්පෝෂිත අහාර වේ.

TheAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලුෆ පෙරේරා

img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ ඒවා සපයන ආහාර වර්ග
බෙදාගන්න :
  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

    දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

    මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  • දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

    දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it