theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සංගීත චිකිත්සාව තුලින් ගැබිනි මවට අත්වෙන ප්‍රතිලාභ 6 ක්

6 අවම කියවීම
සංගීත චිකිත්සාව තුලින් ගැබිනි මවට අත්වෙන ප්‍රතිලාභ 6 ක්සංගීත චිකිත්සාව තුලින් ගැබිනි මවට අත්වෙන ප්‍රතිලාභ 6 ක්

ගැබිනි මවට සංගීත චිකිත්සාව ගැබිනි මවට ලබා දෙන හිතකකර ප්‍රතිඵල මොනවාද? අපි අද ඒ ගැන වෛද්‍යතුමන්ගේ ලිපිය කියවා දැනුවත් වෙමු.

ගැබිනි මවට සංගීත චිකිත්සාව කිරීම ගැන ඔබ අසා ඇති . ඇත්තටම  සංගීත චිකිත්සාව කියන්නේ මොකද්ද?

ගැබිනි සමයේ හිසකෙස්

මේ සම්බන්ධව තොරතුරු සහිත  ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන මහතා විසින් මුහුණු පොතට ලියන ලිපි පෙළක තවත් වැදගත් ලිපියක් අපි අද ඔබ වෙත ගෙන එනු ලබනවා.

මානසික ආබාධ මෙන්ම කායික රෝගාබාධ රැසක් සුවපත්කිරීම සඳහා වර්තමානයේදී සංගීත චිකිත්සාව ලෝකයේ බොහෝ රටවල පුළුල් ලෙස භාවිතවේ.

සංගීතය යන්න හඳුන්වා ඇත්තේ ලලිත කලාව හෝ සෞන්දර්ය කලාව සමඟ සම්බන්ධ රිද්මයානුකූල සීමාවන් සහ ශබ්දය මාධ්‍යකරගත් සංස්කෘතිය හා සම්බන්ධ විෂයක් වශයෙනි.

එසේම යම් පිළිවෙලකට සකස් කරන ලද ශබ්දවල එකතුවක් ලෙසද සංගීතය හඳුන්වා ඇත.

බ්‍රිටැනිකා විශ්වකෝෂයට අනුව සංගීතය යන්න හඳුන්වා ඇත්තේ
"චිත්ත වේගයන්හි භාවමය ප්‍රකාශය සඳහා ඇතිකරගනු ලබන, එමෙන්ම කටහඬින් සහ තූර්ය භාණ්ඩවල ශබ්ද ධ්වනියෙන් බිහිවෙන රමණීය ශබ්ද මාධූර්යයයි." ලෙස ය.

තමන් කැමති සංගීතය තුළින් ලබන වින්දනය සිතට සහනයක් ගෙන දෙනවා මෙන්ම එමගින් සිත සුවපත්වීමක් සිදුවෙන බව කවුරුත් පිළිගන්නා දෙයකි.

මේ නිසාම එය රෝග නිවාරණය කිරීමේ චිකිත්සීය ක්‍රමයක් ලෙසද ප්‍රචලිත වෙමින් පවතී.

සංගීතයේදී රිද්මයට ප්‍රධාන තැනක් හිමිවේ. යම් තාලයකට අනුව නැවත නැවතත් නොකඩවා ඇතිවෙන ශබ්ද රටාව රිද්මය යනුවෙන් හැඳින්වේ.

කෙසේ වෙතත් මියුරු මන පිනවන සංගීතයක් උපදින්නේ ස්වයං පරිශ්‍රමයකට වඩා සාමූහික පරිශ්‍රමයක් තුළිනි. සංගීතයේදී රාගයටද, ප්‍රධාන තැනක් හිමිවේ.

ඡ්‍යොතිෂයට අනුව සංගීතය යනු ශබ්දය නම්වූ භූමිකාව මත පදනම්වූ රිද්ම සහ තාල පදනමකින් යුත් විශ්වය සමඟ සම්බන්ධ අපූර්ව විෂයකි.

මේ නිසාම රෝග සුවපත් කිරීමේ ක්‍රමයක් ලෙස සංගීතය යොදාගත හැකි බව පෙන්වාදෙයි.

සංගීතයට යම් අයෙකුගේ මනසට මෙන්ම හදවතට ඍජු ලෙස ආමන්ත්‍රණය කරමින් පවතින මනෝ භාවයන් අභිපේ‍්‍රරනය කිරීමටත්, නව ධනාත්මක සහ වින්දනාත්මක මනෝභාවයන් ජනනය කිරීමටත් විශේෂ හැකියාවක් ඇති බැවින් එය මානසික ආබාධ සුව කිරීමේ පදනම ලෙස යොදාගෙන ඇත.

සංගීතයට සවන්දෙන බොහෝ අයගේ සිතෙහි ඇතිකරන මනෝ භාවයන්වලට ඒ හා සම්බන්ධ ආවේගයන්හි ගැඹුරටම ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් ඇත.

ගීත වලට සවන් දෙනවිට අප තුළ විවිධ ආකාරයේ චිත්ත වේගයන් ඇතිවේ. ආදරයේ සුන්දරත්වය ප්‍රකාශ වන ගීත තුළින් අප නොදැනුවත්වම චමත්කාරජනක ලෝකයකට ගෙන ගොස් අමන්දානන්දයට පත්කරන අතර බිදීගිය ආදරයක වේදනාව කියන ගීත තුළින් අප තුළ අනුකම්පා භරිත දුක්ඛ වේදනාවක් ඇතිවේ.

එසේම රට ජාතිය ගැන ගැයෙන ගීතවලින් දේශාභිමානයක් ඇතිවේ.

ආගමට සම්බන්ධ ගීත තුළින් අප තුළ ඇතිවන්නේ මහත්වූ ශ්‍රද්ධාවක් සහ භක්තියකි.

මවක් ගයන නැලවිලි ගීයෙකින් ළදරුවන් මනසින් මෙන්ම කායිකවද සුවපත් වේ.

මෙලෙසින් සංගීතය හමුවේ අප තුළ ඇතිවන තියුණු හැඟීම සහ පරිකල්පන පදනම කර ගනිමින් වෛද්‍ය විද්‍යාත්මක පදනමක් සහිත සංගීත චිකිත්සක ක්‍රම සකසා ඇත.

ගැබිනි මවට සංගීත චිකිත්සාව 

සංගීත චිකිත්සාව තුලින් ගැබිනි මවට අත්වෙන ප්‍රතිලාභ 6 ක්

මොකද්ද මේ සංගීත චිකිත්සාව කියන්නේ?

1991 වසරෙදි බෘෘෂියා විසින් එය හඳුන්වා දී ඇත්තේ “චිකිත්සකයා සංගීතය හා එහි සියලු අංගයන් භාවිත කරමින් රෝගීන්ට ඔවුන්ගේ සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට , ප්‍රතිෂ්ඨාපනය කිරීමට හෝ නඩත්තු කිරීමට උපකාරී වන අන්තර් පුද්ගල ක්‍රියාවලියක්” ලෙසිනි.

මානව සංගීතය ආකාර දෙකක් ඔස්සේ ප්‍රභේදනය වේ.

*භාව සංයමදාරී සංගීතය (Sentimental tranquilizing music)

මිනිසාගේ මානසික හා කායික සෞඛ්‍යය හා පැවැත්ම කෙරෙහි විපුල මෙහෙයක් ඉටු කරනු ලබයි.

මේ සංගීතය ශ්‍රවණ⁣යේ දී කිසියම් වින්දනීය ආශ්වාදයක් තුළින් මානසික සංයමයක් සමතුලිතභාවයක් හා ප්‍රබෝධයක් ගෙනදෙයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

*භාව ප්‍රකෝපකාරී සංගීතය (Sentimental provocative music )

මිනිසාගේ සෞඛ්‍යය කෙරෙහි පැවැත්මට විශාල හානියක් සිදුකරනු ලබයි.

මේ සංගීත ක්‍රමය අන්තර්ගතව ඇත්තේ අධික ඝෝෂාකාරී රිද්මගත හා නාද සංකලනයයි.

සංගීත චිකිත්සාවේදී සිදුවන්නේ හෘදය ස්පන්දනය හා ස්වසනය පාලනය කරන ස්වං සිද්ධ ස්නායු පද්ධතිය වෙත බලපෑම් ඇති කිරීමයි.

ස්වං සිද්ධ ස්නායු පද්ධතිය කොටස් දෙකකින් සමන්විතයි.

මෙය අනුවේගී (sympathetic) හා පාරානුවේගී (parasympathetic) වශයෙන් කොටස් 2කට අයිතිය. සංගීත බලපෑම ලැබෙනුයේ අනුවේගී කොටසටයි.

1 ගැබිණි මවට සුවපහසු නින්දක් ලැබිමට සංගීතය

සියලුම රෝගාබාධ මෙන්ම මානසික කායික සුවය ලබා ගැනීමට ඇති එකම මිල කළ නොහැකි ලාභයකි සුවබර නින්ද සුවපහසු නින්දක් නොලැබීමට ඉතාමත් කාර්යබහුල ජීවන රටාව බලපායිත එහෙත් අද වන විට ඒ කාර්යබහුල ජීවන රටාව නැත.

මානසික කායික අවපීඩන තත්ත්ව වගේම නොසන්සුන් බව නිසාත් නින්ද තරමක් දුරස් වී ඇත.

එයද සුවපත් නිරෝගී දිවිය පිරිහීමට හේතුවකි. සුවපත් නින්දට හොඳම ඖෂධයක් ලෙස භාව සංයමදාරී සංගීතය (sentimental tranquilizing music )බොහෝ පිටුවහලක් වනු ඇත .

ගැබිණි මවට හොඳ නින්දක් ලැබිම නිරෝගී දරුවෙක් ලැබිමට හේතු වෙයි.

2. ගැබිනි මවට සංගීත චිකිත්සාව: ගැබ තුල වර්ධනය වන කලලයේ නීරෝගීතාවයට සංගීතය

සංගීත චිකිත්සාව තුලින් ගැබිනි මවට අත්වෙන ප්‍රතිලාභ 6 ක්

මව්කුස තුළ සිටින ඔබේ පුංචි පැටියාට සංගීතය ඇසීමට සැලැස්වීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන බව.

නූපන් දරුවන් වෙනුවෙන් සංගීතයේ බලපෑම පිළිබඳ අධ්‍යනයේදී බ්‍රිතාන්‍යයේ නොටිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ සහ ඉංජිනේරු ජොනතන් ෆුල්ෆර්ට්‌ විසින් MRI උපාංගයේ බෝල්ඩ් ඉෆෙක්‌ට්‌ වර්ගීකරණය සම්බන්ධ කරගත්තා.

එයින් ගැබේ සිටින දරුවාගේ මොළයේ ඔක්‌සිජන් දර්ශනය දැක බලා ගැනීමට පුළුවන්.

මෙහිදී කුස සිටින දරුවාට සංගීතය ඇසෙන්නට සලසා මව් කුසට සම්බන්ධ උපාංග මගින් දරුවාගේ මොළයේ රුධිර සංසරණය අධ්‍යයනය කළා.

සංගීතය ඇසෙන විට රුධිර සංසරණය මනාව සිදු වෙන අන්දම මෙහිදී පෙනී ගියා.

නමුත් මේ අවස්‌ථාව වෙනුවෙන් යොදා ගත යුත්තේ කඨෝර නොවන ළයාන්විත සංගීතය බවත් අමතක නොකළ යුතු බවත් ජොනතන් සඳහන් කරනවා.

ඒ අනුව ඔබ ගර්භණී මවක් නම් මෙම ව්‍යසන අවස්ථාවෙ සංගීතය ඔබවත් දරු පැටියාවත් නිරෝගීව තබාවි.

නැතිනම් ඔබට ඔබේ දරු ගැබට ඇසෙන්න කුස අතගාමින් සියුම් නාදයකින් නැළවිලි ගී කියන්න පුළුවනි. එයත් ඉතා ඵලදායීය.

තවද ගැබෙහි දරු පැටියාට ඇසෙන ලෙස භාවනා ක්‍රම, ගාථා ශ්‍රවණය, ගීතිකා ගායනය

(ඔබ අදහන ආගමට අනුව) වැනි දෑ කිරීම මේ කාලය තුළ පමණක් නොව දරු පැටියා මෙලොවට බිහි වනතුරුම කළ හැකිය.

3 .ගීත ගායනය තුලින් ගැබිණි මවගේ මානසික ආතතිය ලිහිල් කිරීම

ගායනය කිරීමේ කිරීමේදී ඇතිවන ශාරීරික ක්‍රියාකාරකම් නිසා ශරීරය තුළ "Endorphins "නැමැති හෝමෝන මුදාහැරේ.

මනස තුළ සතුට ඇති කිරීමට උපකාරී වන හෝමෝනය එයයි.
ගායනය කෙරෙන අවස්ථාවේදී අපට ගැඹුරු ලෙස ස්වසනය කිරිමට සිදුවන අතර එමගින් සිරුර පුරා රුධිර සංසරණ වේගය වැඩි වේ .

Endorphins හෝමෝනය වැඩි වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.
අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ මිනිත්තු 40ක කාලයක් සමූහ ගායනයක නිරත වීමෙන් කෝටිසෝල් නැමති මානසික ආතතිය (Stres ) ඇතිකෙරෙන හෝමෝනය ශීඝ්‍රයෙන් අඩුවන බවයි.

4. ගැබිණි මවගේ සිරුරේ ප්‍රතිශක්තියට සංගීතය

මිහිරි සංගීත ඛණ්ඩ සවස් කාලයේ හා රාත්‍රී කාලය තුළ ඇසීම තුළ පර්යන්ත ස්නායු පද්ධතිය මගින් නිපදවන නයිට්‍රජන් ඔක්සයිඩ් (NO) ප්‍රමාණය වැඩිවීම නිසා විශේෂයෙන්ම විවිධ බැක්ටීරියා හා වයිරස් ආසාදන වලට සිරුරට මුහුණදීමේ හැකියාව වැඩිවන බවත් , එනම් සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවෙන බවත් සොයාගෙන ඇත.

5. ගැබිණි මවාගෙ සිරුරේ හෝමෝන අසමතුලිතතා පාලනයට සංගීතය භාවිතා කරන පුළුවන්.

යෝග ක්‍රම භාවිතාය

මේ සඳහා යෝග ක්‍රම භාවිතා කල හැකිය .

  • "ඕම් " ප්‍රක්ෂේපණය කිරීම.
  • ගයත්‍රී මන්ත්‍රය.
  • මෘතූංජය මන්ත්‍රය.
  • සහස්‍ර නාම ශ්‍රවණය.වැනි විවිධ මන්ත්‍ර මෙන්ම විශේෂයෙන්ම භක්ති යෝග තුළින් දක්වන දෙවියන් වෙනුවෙන් භක්තිය වඩවන භජන්, කීර්තන් ගායනා ද උපයෝගි කර ගත හැකිය.

එමගින් සිරුරේ උෂ්ණත්වය සමනය හා ආවේගකාරී සිතුවිලි එනම් ආයුර්වේදයෙහි සඳහන් රජස් හා පිත් කෝපකාරී ගති ලක්ෂණ පාලනයට විශේෂයෙන් ශාන්ත, කරුණා රසයන් මතු කරන පූර්වී රාගය, මර්මා හා භෛරවී රාගයන් උපයෝගී කරගැනීම ඵලදායි වන බව සොයාගෙන ඇත.

6. ගැබිණි මවගේ රුධිර පීඩනය සමතුලිතව පවත්වා ගැනීමට සංගීතය

විශේෂයෙන් මෘදු නාද සංයෝග හා ඝෝෂාකාරී නොවන රිද්ම රටා මඟින් මිනිස් ආතතීන් මගහැරී යයි.

ආතතීන් අවම වීමෙන් සිත නිදහස් වේ. රුධිර පීඩනය සමතුලිත වේ.

මිට අමතරව තව බොහෝ රෝග සදහා සංගීත චිකිත්සාව උපයෝගී කර ගත හැක .
මෙහිදී ගැබිණි මවගේ නීරෝගීතාවයට ඝෝෂාකාරී සංගීතය සුදුසු නොවේ.

විශ්වයේ ශාන්ත වූ මනස්කාන්ත නාද රටා ශ්‍රවණය කාටත් ශාන්තිය ළඟාකර දෙන්නේ ය.
එම ශාන්තිය මුළු විශ්වයටම දැන් ඒව. හැඟීම්.

ගැබිනි මවට සංගීත චිකිත්සාව ගැන මෙම වටිනා අප හා බෙදා ගැනීමට කැමැත්ත ලබා දීම සම්බන්ධයෙන් වෛද්‍යතුමන්ට අපගේ ස්තුතිය

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

සංගීත චිකිත්සාව තුලින් ගැබිනි මවට අත්වෙන ප්‍රතිලාභ 6 ක්

ආයුර්වේද වෛද්‍ය සජිත් චතුරංග අක්මීමන .
BAMS ( University of Kelaniya )
Dip in Yoga and Relaxation (kelaniya)

ගම්පහ සිද්ධායුර්වේද බෙහෙත් ශාලාව

අංක 67/68,

5 වන මාවත පොදු වෙළඳ සංකීර්ණය

අම්පාර

දු. ක. අංකය - 0719853514

කවරයේ ඡායාරූපය: arkartech.net

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • සංගීත චිකිත්සාව තුලින් ගැබිනි මවට අත්වෙන ප්‍රතිලාභ 6 ක්
බෙදාගන්න :
  • ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?

    ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?

  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

  • ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?

    ගැබිණි මවට ඇතිවන දොලදුක ගැන ඔබත් අහලා තියෙනවාද?

  • මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

    මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ කරන්නට උදව් වන මොකද්ද මේ IVF ප්‍රතිකාරය?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it