theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්

5 අවම කියවීම
ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්

ඇත්තෙන්ම මා ගැබ්ගෙනද? ගර්භණීභාවය හඳුනා ගන්නේ කෙසේද? මූලික ගර්භනී ලක්ෂණ ඇතුළු වටිනා කරුනු රැසක්.

මම ගැබ්ගෙනද? ගැබ් ගැනීම දැනගන්නේ කෙසේද කියා හදුනාගන්න. ඔබගේ මාස් ශුද්ධිය නැවතිලාද? හිසේ කරකැවිල්ල හා ඔක්කාරය තිබේද? කෑම අරුචිය අඩුකමක් දැනේද? ගැබ්ගෙන ඇති බවට පෙන්නුම්කරන ලක්ශණ මේවාය...

මේ හැමදෙයක්ම හෝ මින් කිහිපයක් ඔබට දැනේනම්, ඔබ ගර්භනියක් බව තහවරු වේ. මේ සතියේදී ගර්භනී බව පෙන්නුම්කරන ලක්ෂණ ගැන හොඳින් අධ්‍යනය කොට ඔබට  දරු සම්පතක් හිමියි අපි කියන්නෙමු.

ගැබ් ගැනීම දැනගන්නේ කෙසේද? : #1 අක්‍රමවත් ඔසප් චක්‍රය

signs of pregnancy

අක්‍රමවත් මාස් ශුද්ධිය ගැබ්ගැනීමේ ආරම්භය සේ සැලකිය හැකිය.බොහෝ ස්ත්‍රීන් හට ඔවුන්ගේ පළමු ගැබ් මාසයේදී රුධිරය වහනය වීම අල්ප වශයෙන් සිදුවේ. ඔබේ මාස් ශුද්ධිය අක්‍රමවත්ව සිදුවේනම් හෝ කොහෙත්වම සිදු නොවේ නම් ඔබ ළඟ ඇති ගැබ් කට්ටල (pregnancy test kits) පසෙකින් තබා පරීක්ෂණයක් කරන්න!

ගැබ් ගැනීම දැනගන්නේ කෙසේද? : #2 අධික වෙහෙස(අප්‍රාණික බව) සහ ඔක්කාරය.

ඔබ පැය 8 ක නින්දක් හෝ ඊට අමතරව තවත් සුළු කාලයක නින්දකින් පසුව උවද තවදුරටත් සහනයක් අවශ්‍ය බවක් ද නෙන් නේද? එසේනම් අධික විඩාව සහ අප්‍රාණිකත්වයට ඔබ භාජනය වී ඇත.

ආරම්භක (මුල්) ගැබ්බර අවස්ථාවේ ප්රෝජෙස්ටරෝන්  හෝමෝන මට්ටම වැඩිවේ. එහි මට්ටම සැහෙන වැඩිවීමේදී හෝමෝනය විසින් ඔබව නිදිගන්වනවා ඇත.

ඒ සමගම රුධිරයෙහි සීනි මට්ටම, රුධිර පීඩනය හා රුධිර නිෂ්පාදනය යන ක්‍රියාකාරිත්වයන් එකට එක්ව ඔබේ ශක්තිය හීන කරවීම සිදුකරයි

#3 මනස ව්‍යාකූල වීම් සහ චිත්තාවේගයන් ගේ වෙනස් කම්

හැම දෙයකටම කලබල වීම, කෝප වීම, කනස්සල්ල වැනි හැගීම් ඇතිවීම.විටෙක හමුවෙන සෑම දෙනෙකුම ආදරයෙන් වැලද ගැනීමට සිතන එහෙත් පසුව ඒ සියල්ල බැහැර කිරීමට සිතා කටයුතු කිරීම වැනි සිතිවිලි ඇතිවීම. ආචාරශීලී ගති සිරිත් වල වෙනස් කම්!!

මුල් ගර්භනී අවධියේදී ඔබේ ශරීරයේ ඇතිවෙන ඉක්මන් හෝර්මෝන ගලා ඒම මගින් මෙම ආවේගශීලී තාව, සහ දොම්නස් භාවයන් ඇතිකරයි.

පලමු ත්‍රයිමාසය තුලදී මෙවන් පොදු ප්‍රකාශයක් බොහෝවිට ඇසීමට සිදුවේ. ජසෙල් ක්වොන්ග් නැමති දෙදරු මව ඇගේ මතකයන් මෙසේ අවධි කරයි.

"මම නින්දෙන් අවධිවී කිසිම හේතුවක් නොමැතිව මගේ ස්වාමියාට කෑගැසුවා.. ඉන්පසු නැවතත් යටිගිරියෙන් කෑගසානැවත යහනේ වැතිරුනා... මේ අවස්ථාවේදී මම දෙමසක ගැබිනියකව සිටියද මා ඒ බව දැන සිටියේ නෑ.."

#4 පියයුරු වල ලිහිල් ගතිය

signs of pregnancy

මාස් ශුද්ධියට පෙර පියයුරු වල ඇතිවන ස්වභාවය ගැන දන්නවාද? ස්පර්ශකිරීමේදී ඇතිවන මොළොක් ස්වභාවය ගැන දන්නවාද? එවස් ස්වභාවයක් ඔබට දැනෙන්නේනම් ඔබ පිළිසිදගෙනඇති බවට තවත් සාධකයකි.

හෝර්මෝන වෙනස් කම් වලට අනුකූලව ඔබේ ශරීරයද වෙනස් වන විට ඔබේ වේදනාවන් කෙමෙන් මග හැරී යනු ඇත..

පිළිසිදගැනීමෙන් සති දෙකකට පසුව ඔබේ පියයුරු වල මොළොක් ස්වභාවයක් ද, ඒවායෙහි පිරිණු බවක් හා බරින් වැඩිවීමක් දදල නිරීක්ශනයක් මගින් පෙන්වා දී ඇත. කෙසේවුව්ද කතෲ තෙරේසා පිට්මන් ගේ සටහනකට අනුව "

සෑම කාන්තාවක් විසින් ම ඉහතකී වෙනස්වීම් අත්විදින්නේ නැති අතර, විදේශයෙන් උපත් පාලන පෙති පාවිච්චියට ගන්නා අයට වෙනස්කම් වල අත්දැකීම් අඩුයි...."

ගැබ් ගැනීම දැනගන්නේ කෙසේද? : # 5 අධික ආහාර රුචිය

ඔබ වඩාත් ප්‍රියකරන යම් අහරක් මුවට ගත් විට නොඉවසිල්ලක් දැනේද? එය කොතරම් රසවත් දැයි සිතේද? එසේත් නැත්තම් හොදින් පසුණු කොළපාටින් යුතු අඹ ගෙඩියක් ඔබට ඇත්නම් යැයි සිතේද? මෙසේ යම් ආහාර කෙරෙහි ඇතිවන අධික ආශාව (කෑදර කමක්) පළමුවැනි සහ දෙවැනි ත්‍රයිමාසවලට පමණක් සීමා නොවේ.

පළමුවන ත්‍රයිමාසිකය තුල අධිරුචියක් මෙසේ පෙන්නුම් කලද එම ලක්ශණ තුලින්ම පමනක් ඔබ ගැබ්ගෙන ඇතැයි ස්ථීර නිගමනයකට එළඹිය නොහැක.

ගැබ් ගැනීම දැනගන්නේ කෙසේද? #6 අල්ප රුධිර වහනය/පැල්ලම් සහිත රුධිර වහනය

ගැබිණි අවස්ථාවේ මුල් භාගයේ දී සමහර අයට පැල්ලම් වශයෙන් හෝ මද වශයෙන් රුධිර වහනයක් ඇතිවීම අත්විද ඇත.

මෙය පිළිසිදගැනීමේ රුධිර වහනය (ඉම්ප්ලාන්ටේශන් බ්ලීඩින්ග්) යනුවෙන් හදුන්වන අතර මෙය බීජය මුලින්ම ගර්භාශ පටලයේ රෝපණය වීම නිසා සිදුවේ.

මෙසේ වහනය වන රුධිරය ඔසප් වීමකදී පිටවන රුධිරයට වඩා ලා පැහැයක් ගන්නා අතර වහනය වන්නේ කෙටි වේලාවකට පමණි.

ගර්භාශය කෙමෙන් විශාල වීම ආරම්භ වීම නිසා බොහෝ ස්ත්‍රීන් මුල් ගර්භනී අවස්ථාවන් හිදී වේදනා කාරී මස් පිඩු ඝනවීමකට නැතහොත් හැකිලීමකට භාජනය වේ.

මේ මස්පිඩු හැකිලීම ඔසප්වීමේදී ඇතිවන මෙවන්ම සිදුවීම් වලට සමාන වේ.

ගර්භණී පරීක්ෂාව

signs of pregnancy

ගැබ් ගැනීම දැනගන්නේ කෙසේද?

ඉහත සදහන් කල ලක්ශණයන්ගෙන් එකක් හෝ දෙකක් ඔබෙන් පෙන්නුම් කරන්නේ නම්, ඔබ තුල දරුවකු පිළිසිද ගෙන ඇතැයි ලෙහෙසියෙන්ම කිව හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

එහෙත් පරීක්ෂණ කට්ටලයක් උපයෝගී කොට ගෙන ලබාදෙන ප්‍රතිඵලය වඩාත් නිවැරදි වේ!!

පාවිච්චි කරන ලද කට්ටලයක් අපරීක්ශාකාරී ලෙස කුණු කූඩයට විසිකර දමා තිබීමෙන් එය දකින්නන් තුල වවුරු ගැබ් ගෙන ඇතිදැයි කුතුහලයක් ඇතිවන බව මතක තබා ගන්න.

ඉතින් පරීක්ෂණ කට්ටල සමහරක් ජීවිත වෙනස් කල බවට තිරයේ පමනක් නොව සැබෑ ජීවිතයේදී ද සිදුව තිබේ.

මෙම කට්ටල මගින් සිදුකරමු ලබන පරීක්ෂණ සියයට 99ක් ම නිවැරදි ප්‍රතිඵල ලබා දෙනවා පමණක් නොව ඒවා නොයෙක් රටවල් වල භාවිතා කරනු ලැබේ.

ඔබ මේවා ගැන අසා ඇතත් ඒ මගින් කුමක් පරීක්ෂා කරන්නේදැයි නොදන්නවා ඇත. මුත්‍රා පරීක්ශණයක් යැයි ඔබ දැන සිටියද කුමක් ගණනය කරන්නේද දන්නවාද? ගර්භනී කාලය තුල ඔබේ ශරීරය human chronic Gonadotropin (HCG) නම් හෝමෝනය නිපදවා රුධිරය තුලට යවන නිසා ඒවා මුත්‍රා වලද අඩන්ගු බවට දැනගත හැක.

ඔබ ඉහත පරීක්ෂණය කිරීමේදී පරීක්ෂණ කට්ටලය HCG තිබේදැයි හදුනා ගනියි.

කෙසේ වෙතත් සැලකිලිමත් වන්න... එනම් මුල් ගර්භනී අවස්තාවේදී ඔබ විසින් නිසි කලට පෙර පරීක්ෂණය කලේ නම් ලබා ද්‍දෙන ප්‍රතිඵලය වැරදි විය හැකිය. එම නිසා දින කිහිපයකින් පසුව නැවතත් දෙවැනි පරීක්ශාවක් කර තහවුරු කරගන්න.

මෙයට අමතරව HCG සදහා කරන ලේ පරීක්ශාව ඉතා සාර්ථක බැවින් මුත්‍රා පරීක්ෂණයෙන් ඔබ සෑහීමකට පත් වුවද, විකල්ප රුධිර පරීක්ෂණයක් මගින් එය සනාථ කර ගැනීමේ අවස්ථාවක් ද ඔබට ඇත.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - බෝසඳුන් ගුණසේකර

මුල් රචනය: Roshni Mahtani

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
 
 
img
Written by

bosandun

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • ඔබට මුලින්ම දැනිය හැකි මුල් ගර්භනී ලක්ෂණ 6ක්
බෙදාගන්න :
  • ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

    ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

  • ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

    ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

  • ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

    ඔබ ගැබ් ගෙන ඇතැයි කියා පාන ගර්භනී ලක්ෂණ 12ක්

  • ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

    ගැබ් ගැනීමේ ලක්ෂණ 11 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it