theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

4 අවම කියවීම
අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?

අඹු සැමියන්ගේ අපේක්ෂාව නිරෝගී දරුවන් ලැබීමයි. තාක්ෂණය ඉතාම දියුණු ලෝකයක් තුළ අද ඔබගේ ගැටළු වලට පිළිතුරු තියෙනවා. ඒ වෙනුවෙන් මේ දැනුවත් කිරීම ඔබට කරන්නට සිතුවා.

සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුගේ මාසික ඔසප් චක්‍රය (menstrual cycle/ periods) දින 28 ලෙසත් යෞවන වියේ දියණියකගේ දින 21-45 දක්වා විය හැකි ලෙස සඳහන් වෙනවා. නමුත් හැම කාන්තාවකටම ක්‍රමවත් ඔසප් චක්‍රයක් නැහැ. අක්‍රමවත් ඔසප් චක්‍රය (irregular periods) එතරම් ගැටළුකාරී තත්වයක් නොවුනත් එය පිළිසිඳ ගැනීමකදී ගැටළුකාරී තත්වයක් බවට පත්වීමට පුළුවන්.

එවැනි තත්වයක් ඇති කාන්තාවකට මවක් වීමට නොහැකි වන්නේ නැහැ. නමුත් ඊට මනා සැලසුමක් තිබීම අවශ්‍ය වෙනවා.

ඔසප් වීම, යන ක්‍රියාවලිය යනුවෙන් සිදුවන්නේ, වැඩිවිය පැමිණි ස්ත්‍රියකගේ ගර්භාෂයේ ඇති එන්ඩොමේට්‍රියම් ශ්ලේෂ්ම පටක ගැලවී රුධිරය සමඟ යෝනිය හරහා පිටවීම යි. මෙය ආර්තවය, මාස් ශුද්ධිය, මේ ආදී විවිධ නම්වලින් හඳුන්වනවා.

නිසි දිනට ආර්තවය සිදු නොවීම සහ එහි ඇති අපිළිවෙළ, අක්‍රමවත් ඔසප් චක්‍රය ක් නමින් හැදින්වෙනවා. මෙවන් අවස්තාවන් ගර්භනී වීමට බලාපොරොත්තුවී සිටින කාන්තාවක් කලබලයට පත් කරන්න පුලුවන්.

මෙම තත්වය පිළිබඳ සිංගප්පුරුවේ සාපල්‍යතා මධ්‍යස්ථානයේ වෛද්‍ය චෙයින්ග් විසින් අදහස් දක්වා තිබුණා. ඔහුට නිතර මෙවැනි ගැටළු සහිත අඹු සැමියන් මුණ ගැහෙනවා. ඔහු නාරිවේදය, පිළිසිඳ ගැනීමේදී ඇතිවන සංකූලතා, නිසරු බව වැනි අවස්ථාවන් පිළිබඳ ප්‍රවීනත්වයක් උසුලනවා.

අක්‍රමවත් ඔසප්

අක්‍රමවත් ඔසප් චක්‍රය

ප්‍රශ්නය : අක්‍රමවත් ඔසප් චක්‍රය ක් කියන්නේ කුමක්ද?

පිළිතුර : එවන් ආර්තව චක්‍රයක් හඳුනා ගැනීම ඉතා වැදගත්.

  • ඔසප් චක්‍ර දෙකක් අතර ඇති දින ගණන වෙනස් වීමට පටන් ගැනීම.
  • සාමන්‍යයෙන් වහනය වන රුධිර ප්‍රමාණයෙහි වෙනසක් දැකිය හැකි වීම.
  • ඔසප් වීම පවතින දින ගණන එක චක්‍රයකින් තව චක්‍රයකට හුඟක් වෙනස් වීම.

ප්‍රශ්නය : අක්‍රමවත් ඔසප් චක්‍රයක ට හේතු මොනවද?

පිළිතුර : අක්‍රමවත් ආර්තව චක්‍රයක් ඇත්නම් ඒ පිළිබඳ නිසි පර්යේෂණයන් කිරීම වැදගත්.

බොහෝ විට පහත තියෙන හේතූන් නිසා ආර්තවයක් අක්‍රමවත් වෙයි.

  • පොලිප්ස් හා ෆයිබ්‍රොයිඩ් තත්වය ගර්භාෂය ආශ්‍රිත පද්ධතිය තුළ ඇතිවීම.
  • සමහර හෝර්මෝන වල, එනම් ඊස්ට්‍ජන් (Estregen) සහ ප්‍රොජ්ස්ටරෝන් (Progesterone) හෝර්මෝන වල සමබරතාවය නැතිවීම. (බොහෝ විට අලුතින් මල්වර වූ දියණියන් ගේ හා ආර්තවහරණයට ලඟා වන වඩිහිටි ස්ත්‍ර්‍රීන්ගේ මෙම තත්ත්වය දක්නට ලැබේ.)
  • පොලිසිස්ටික් ඕවරියන් සින්ඩ්‍රොම් (PCOS) තත්වය.
  • මවු කිරි දෙන නිසා
  • ව්‍යායාම අනවශ්‍ය ලෙස වැඩිපුර කිරීමෙන්
  • IUD එසේත් නැත්නම් ලූපයක් පැළඳීමෙන්
  • උපත් පාලන පෙති පාවිච්චිය හෝ සමහර ඖෂධ වර්ග නිසා
  • මානසික ආතතිය (stress) නිසා
  • අධි ක්‍රියාකාරී හෝ අව ක්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්තීන් නිසා
  • දියවැඩියාව හෝ වෙනත් රෝගාබාධ වැනි හේතුන්ද මිට මූලික ගැටළු ලෙස ඇතිවන්න පුළුවන්.

නිතරම අක්‍රමවත් ආර්තවහරණය, ඩිම්බනීහරණය අක්‍රමවත් වීම නිසා සිදුවෙනවා. ඩිම්බනීහරණය ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්වයෙන් මිදෙන්න පුළුවන්.

ප්‍රශ්නය : එවන් ඔසප් චක්‍රයක් ඇතිවිට එය ගැබ් ගැනීමකට බලපානේ කෙසේද?

පිළිතුර : එමගින් ඩිම්බනීහරණයේ ඇති ගැටළු කියාපානවා. ඩිම්බ නිෂ්පාදනය වීම ගැබ් ගැනීමක මූලික ක්‍රියාවලියක් නිසා, නිසි කළ මෙම ක්‍රියාවලිය සිදුනොවිමෙන් ගැබ් ගැනීමක් සිදුවෙන්නේ නැහැ.

අක්‍රමවත් ඔසප් චක්‍රය

අක්‍රමවත් ඔසප් චක්‍රය

ප්‍රශ්නය : ගැබ් ගැනීමක් අපේක්ෂා කිරීමට පෙර ඔසප් චක්‍රය අක්‍රමවත් නම් කාන්තාවන් කළ යුත්තේ මොනවද?

පිළිතුර : සාපල්‍යතා විශේෂඥයෙකු හමුවීම පළමුව සිදුවිය යුතු අතර අක්‍රමවත් ආර්තවහරණයට හේතු දැනගැනීම වැදගත්. නිසි ගැටලුව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර සිදුකළ හැකි වෙනවා.

ප්‍රශ්නය : කාන්තාවකට අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇත්නම් ප්‍රතිකාර වලට අමතරව කළහැකි දේවල් මොනවද?

පිළිතුර : සාපල්‍යතාවය මීට ප්‍රධාන හේතුවක් වන්නට පුළුවන්. ඔබේ BMI දර්ශකය ගැන දැනුවත් වීම, ආහාර පාලනය වැනි දේවල් ඊට උදව් වන්නට පුළුවන්.

පර්යේෂණ වලින් බොහෝ ගැටළු නැතත් සාපල්‍යතාවය පමණක් දකින්නට ඇත්නම් එය පාලනය කිරීම මගින් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

සමහර ආහාර වර්ග අක්‍රමවත් ඔසප් චක්‍රයට යම් තරමක් දුරට සහනයක් ගෙන දෙන්නට පුලුවන් බව පිළිගැනෙනවා.

  • ඉඟුරු
  • නොඉදුනු ගස්ලබු
  • කුරුඳු
  • කෝමාරිකා
  • කහ
  • අන්නාසි
  • පාස්ලි
  • ආමන්ඩ්ස්
  • තෙල් සහිත මාළු වර්ග මින් සමහරක්.

මෙයට අමතරව ආහාර පාලනයට උපකාරී වන ආහාර වර්ග ගැනීමට පෙලඹීම සහ සිරුරේ බර වැඩි වන ආහාර වලින් හැකිතාක් වැළකී සිටීම මේ තත්ත්වය යම් තාක් දුරට පාලනය කල හැකි වෙයි.

ප්‍රශ්නය : වර්තමානයේ හුඟක් කාන්තාවන් අක්‍රමවත් ඩිම්බානුහරණය (PCOS) යන ගැටලුවෙන් පීඩා විඳිනවා. මේ තත්වය ඇත්නම් ප්‍රතිකාර වෙනස් කළ යුතුද?

පිළිතුර : මේ තත්වය ඇතිවිට අධික කුරුලෑ, මුහුණේ අනවශ්‍ය රෝම, අනවශ්‍ය ලෙස බර වැඩිවීම වැනි තත්වයන් දක්වන්න පුළුවන්. ඉක්මනින් දරුවෙක් බලාපොරොත්තු වන්නේ නම් ශරීර බර අඩුකර ගැනීම මගින් PCOS මගින් දීර්ඝකාලීනව ඇතිවිය හැකි බොහෝ ගැටළු අඩුකර ගැනීමට පුළුවන්. ඉන් ඇතිවෙන රෝග දියවැඩියාව, ගර්භ ක්ෂේත්‍ර පිළිකා වැනි රෝග වලින් වැළකීමට පුළුවන්.

ප්‍රශ්නය : අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති අයෙකුට ගැබ් ගැනීමක් අවශ්‍ය කරයි නම් ඔබ දෙන උපදෙස් මොනවද?

අක්‍රමවත් ඔසප් චක්‍රය

අක්‍රමවත් ඔසප් චක්‍රය

පිළිතුර : වැදගත්ම අවවාදය නිසි වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාගැනීම. එක් එක් අයට සුවිශේෂී ප්‍රතිකාර මගින් ඔබේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන්.

 

අඹු සැමියන්ගේ අපේක්ෂාව නිරෝගී දරුවන් ලැබීමයි. තාක්ෂණය ඉතාම දියුණු ලෝකයක් තුළ අද ඔබගේ ගැටළු වලට පිළිතුරු තියෙනවා. ඒ වෙනුවෙන් theAsianparent Sri Lanka මේ දැනුවත් කිරීම ඔබට කරන්නට සිතුවා.

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

මූලාශ්‍ර: www.WebMD.com 

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සංස්කරණය: බෝසඳුන් ගුණසේකර

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ගැබ්ගැනීම
  • /
  • අක්‍රමවත් ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන් දරු පිළිසිඳ ගැනීමකට කළ යුත්තේ මොනවද?
බෙදාගන්න :
  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

  • ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න  හේතු 4 ක්

    ඔසප් චක්‍රය අක්‍රමවත්ද? මෙන්න හේතු 4 ක්

  • ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

    ඔසප් චක්‍රය ගැන ඔබ දැන ගත යුතු දේ

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it