theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

නැපි රෑෂ් එකක් නිසා බිළිඳෙකු මරු දකී: නැපි රෑෂ් ඉක්මනින් සුවකරගන්නේ මෙහෙමයි

4 අවම කියවීම
නැපි රෑෂ් එකක් නිසා බිළිඳෙකු මරු දකී: නැපි රෑෂ් ඉක්මනින් සුවකරගන්නේ මෙහෙමයිනැපි රෑෂ් එකක් නිසා බිළිඳෙකු මරු දකී: නැපි රෑෂ් ඉක්මනින් සුවකරගන්නේ මෙහෙමයි

දරුවාගේ පැම්පස් නිතර මාරු නොකිරීම නිසා මරණය පවා ඇති වන්නට පුළුවන් බව ඔබ දන්නවාද?

ළදරුවන් තුළ විශේෂයෙන්ම අළුත උපන් කිරිකැටියන් නැපි රෑෂ් නැතහොත් ඩයපර් රෑෂ් වලක්වාගැනීම කෙතරම් වැදගත්ද කියා අපි දන්නවා.

ඩයපර් රෑෂ් නොසළකා හැරිය විට එය වඩාත් අවධානම් සෞඛ්ය තත්වයන් ඇති කරන්නට හේතු විය හැකියි.

කුඩා දරුවෙකු තුළ  ආසාදනය වීම අනතුරුදායක වන්නේ ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩී නොමැති බැවින්, ආසාදනයකට මුහුණ දීමේ හැකියාවක් නොමැති වීමයි.

ඒ නිසා කුඩා දරුවන් පුංචි ආසාදනයකින් පවා ඉතා ඉක්මනින් අසනීප වන්නට බලනවා.

අප හැමෝම වගේ පැටියාගේ නැපි රෑෂ් තත්ව අත්දැක තිබෙනවා. ඊට අවශ්‍ය පිළියම් ගෙන තිබෙනවා.

දරුවාගෙ සමේ නැපි රෑෂ් තත්ව දුටු විට ඔබත් ඉක්මනින් හා නිවැරදි ලෙස ඒ සඳහා කටයුතු කට ඇති.

එහෙත්, අවාසනාවන්ත ලෙස, මේ කියන මාස 4ක් වයසැති බිළිඳා මිය ගියේ, ඔහුගේ දෙමව්පියන්ගේ නොසැලකිලිමත්කමේ ඛේදනීය ප්‍රතිඵලයක් ලෙසයි.

කඩිනමින් මැඩ පවත්වගන්නට නොහැකි වූ ඩයපර් රෑෂ් එකට දරුවා බිලි වුණා  

prevent diaper rash

මෙම අසරණ දරුවාගේ ඩයපරය/පැම්පස් එක සතුයක් පුරා මාරු නොකර තියා තිබෙනවා. මේ නිසා දරුණු ආසාදනයකට දරුවා ලක් වී තිබෙනවා. රූප මූලාශ්‍රය: ට්විටර් තිරය

පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මාස 4 ක් වයසැති බිළිඳෙකු මියගොස් සිටියේ දරුවා වෙසෙන මහල් නිවාසයේ ඉහඳ පණුවන් පිරිවරාගනිමින්.

ළදරුවාගේ සිරුර හමුවන විටත් තිබුනේ ළදරු ඔන්චිල්ලාවක වාඩි වී සිටි ඉරියව්වෙන්. 

සහකාර නීතිපතිවරයාට අනුව, දරුවා දරුණු නැපි රෑෂ් නැතහොත් ඩයපර් කුෂ්ඨ නිසා මියගිය බව ප්‍රකාශ කෙරුනු අතර එය ඝාතනයක් ලෙස සැළකෙන බවයි. දරුවාගේ දෙමව්පියන් එහි මූලික චූදිතයන් සේ සැළකෙන බවත් චෝදනා එල්ල වී තිබෙනවා.

පුංචි දරුවාගේ දෙමව්පියන් වන 20 හැවිරිදි චෙයාන් හැරිස් සහ 28 හැවිරිදි සැකරි කොහෙන් විසින් සතියකට වැඩි කාලයක් පුරාවට දරුවාගෙ ඩයිපරය මාරු කර නොමැති බව තහවුරු වුනා.

මේ නිසා ඩයිපරයේ ඉහඳ  පණුවන් වර්ධනය් වූ අතර එය ඊ-කෝලි ආසාදනයකට තුඩු දුන්නා.

එහිදි වර්ධනය හා සංවර්ධනය වූ ඉහද පණුවන් අධ්‍යයනය කිරීමෙන් හෙළි වූයේ සතියකට වැඩි කාලයක් පුරා දරුවාගේ ඩයපර්  මාරු කිරීමක් කර නොමැති බවත්, දරුවා නහවා නොමැති බවත්, දරුවා සිටි අසුනෙන් ඔහු ඉවත් නොකර ඇති බවත්ය.  

ඩයපර් රෑෂ්

මූලාශ්‍ර: Twitter

දරුවාගේ මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වූයේ ළදරුවා “ප්‍රමාණයෙන් හා බරින් 5 වන ප්‍රතිශතකයට වඩා බෙහෙවින් අඩු” බවයි.

මුල්වරට ප්‍රතිචාර දැක්වූවන් දරුවා සොයාගත් විට, දරුවාගේ වටපිටාව විස්තර කළේ “උණුසුම්…  මුත්රා දුර්ගන්ධයක් ඇති” ස්ථානයක් ලෙසයි.

ඇත්තවශයෙන්ම, ළදරුවා සිටි තත්වයන් කොතරම් ඛේදජනකද යත්, ජීවිතාරක්ෂක පියවර ගැනීමටවත් සුදුසු පරිසරයක් එතැන නොතිබිනි. 

ඇය පැවසූ පරිදි “දරුවාගේ දෑස් විවෘතව තිබුණා. ඒත් එය හිස් බැල්මක්.” මෙහි මොකක් හෝ අමුත්තක් තිබෙනවා. මේ දරුවා මත මට CPR අභ්‍යාසය කරන්නට පුළුවන් තත්වයක් නැහැ. 

මෙම යුවළගේ දෙහැවිරිදි දරුවා ද මෙම මහල් නිවාසයේම හිඳ හමු වූ නමුත් ඔහුව හොඳින් රැකබලා ගත් බවක් පෙනෙන්නට තිබුණා.

මෙය අසාමාන්‍ය ලෙස දරුවා ගැන නොසැලකිලිමත් වීමේ සහ  අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් වන අතර නැපි රෑෂ් සහ ඩයපර් කුෂ්ඨ  සෑම දෙමව්පියෙකුම කිසි සේත් සැහැල්ලුවට නොගත යුතු බරපතල කාරණයක් බව සිහි තබාගත යුතුයි.

පහත කරුණු පිළිපැද දරුවාට නැපි රෑෂ් ඇතිවීමෙලන් වකල්වාගනිමු.  

ළදරුවන් ඉපදී මුල් මාස 15 තුළ ඩයපර් රෑෂ් ඇති වීමේ වැඩි අවදානමක් පෙන්වූවත්, ඩයපර් රෑෂ් වැඩිපුරම ඇති වන්නේ මාස 9ත් 12ත් අතර කාලයේදීයි. 

ඩයපර් රෑෂ් ඇතිවීමේ අවදානම අවම කරගැනීම සඳහා දරුවාගෙ තට්ටම් ප්‍රදේශය හා ඉකිළිද හැකි තරම් වියළිව තබාගැනීම ඉතා වැදගත් වනවා. 

නැපි රෑෂ් ඇතිවීමට තවත් හේතු කිහිපයක්:

  1. දරුවා මළපහ කළ පසු දිගු කාලයක් පැම්පස් මාරු නොකර තැබීම. විශේෂයෙන්ම දරුවාට පාචන තත්වයක් ඇතිනම් මෙය තවත් බරපතල් වනවා. 
  2. දරුවාට අළුත් හා ඝන ආහාර සඳහා හඳුන්වා දීමේදී දරුවාගේ මළපහ වල සංයුතියේ වෙනසක් ඇති වීම නිසා.
  3. ඩයපර් හෝ ඉවත දැමිය හැකි පිස්නා (wet wipes), ළදරු තෙල්, කුඩු හෝ දියර ආදිය මිළට ගැනීමේදී වෙනස් වෙළඳ නාමයක නිෂ්පාදන ගැනීමේදී ඇතිවන වෙනසක්. එමෙන්ම දරුවාගේ ඇඳුම් සේදීමට භාවිතා කරන ඩිටර්ජන්ට් හෝ සෝදන කුඩු වර්ග වෙනස් කිරීම නිසා.
  4. මව්කිරි දෙන ළදරුවන් සඳහා මවක් විසින් අනුභව කරන විශේෂිත ආහාර වලින් වන බලපෑම.
  5. දරුවාගේ සම අධික ලෙස සංවේදී සමක් වීම.
  6. ඉතා තද, ඇඟට ඇළුනු ඇඳුම් හෝ ඩයපර්ස් භාවිතය නිසා ඒවා නිතර සමේ ගැටීම හා ඇතිල්ලීම නිසා. 

ඩයපර් රෑෂ් වලට නිවසේදීම සිදු කළහැකි ප්‍රතිකාර:

ඩයපර් රෑෂ්

මූලාශ්‍ර: Pixabay

මුලින්ම, දරුවාගේ පතුල උණුසුම් ජලයෙන් මෘදු ලෙස සේදීමෙන් පටන් ගන්න. ඉන්පසු එම ප්‍රදේශය මෘදු ලෙස වියළා ගන්න (ඔබේ දරුවාගේ සමේ තෙත මාත්තු කිරීමට තුවායක් භාවිතා කරන්නට එපා.

දුහුල් රෙදි වලින් කලින් සකස් කරගත් බාත් රෙද්දෙන් දරුවාගෙ තෙත මාත්තු කරගතා හැකියි.

විශේෂයෙන් කකුල් හා ඉකිළි වල ඩයපර් කුෂ්ඨ වලට ප්‍රතිරෝධී ඩයපර් රෑෂ් ක්‍රීම් හෝ පෙට්‍රෝලියම් ජෙලි ගල්වාගන්න. මේ සඳහා ළදරු පියරු භාවිතා කිරීමෙන් වැලකී සිටින්න!

ඔබේ කුඩා දරුවාගේ ඩයපරය නිතරම මාරු කරන්නට අමතක කරන්නට එපා! දරුවාගේ ඩයපර් ප්‍රදේශය නිතරම පිරිසිදුව හා වියලිව තබාගැනීමට වග බලා ගන්න!

 

මූලාශ්‍ර: Washington Post

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • නැපි රෑෂ් එකක් නිසා බිළිඳෙකු මරු දකී: නැපි රෑෂ් ඉක්මනින් සුවකරගන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • නැපි රෑෂ් වලට පිළියම්

    නැපි රෑෂ් වලට පිළියම්

  • බබාලගේ පැම්පස් බැහැර කිරීමේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

    බබාලගේ පැම්පස් බැහැර කිරීමේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

  • නැපි රෑෂ් වලට පිළියම්

    නැපි රෑෂ් වලට පිළියම්

  • බබාලගේ පැම්පස් බැහැර කිරීමේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

    බබාලගේ පැම්පස් බැහැර කිරීමේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it