theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

3 අවම කියවීම
ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

මේ කාරණා 6 නිසා ඔබට ගබ්සාවීමක් ‌වෙන්න පුළුවන්.

ගබ්සාවීමට ‌හේතු ඔබ දැනුවත්ද? හැම අම්මා ‌කෙනෙක්ම පිළිසිද ගත්ත දවසේ ඉදලා බලාපොරොත්තු ‌වෙන්නේ නිරෝගී දරු උපතක් ‌නේද?

නමුත් ‌පෙරුම් පුරා ඔබ ලබන උතුම් පදවිය හදිස්සියේම අතර මගදි අහිමි වුනොත්? මේ ඒ සම්බන්ධව ප්‍රසව හා නාරි වෛද්‍ය සමන් හේවා මහතා‌ගේ වැදගත් ලිපියකි.

ඒ මහතාගේ අවසරය මත අපි ඔබ වෙනුවෙන් එම ලිපිය යලි පල කරනු ලබනවා. මුත්‍රා පරීක්ෂණය මගින් තහවුරු කරගත් සෑම ගැබ්ගැනීම අටකින් එකක් 1/8 ගබ්සා වෙනවා.

මීට මුහුණ දෙම බොහෝ දෙනා අහන්නේ ඇයි එහෙම වෙන්න හේතූන් කියලනේ. ගබ්සාවක් වීමට වැඩි අවදානමක් තියෙන්නේ ගැබ් ගෙන පලවෙනි මාස තුන ඇතුලතයි.

මුල් මාස තුනෙන් පසුව ගබ්සාවක් වීමේ අවදානම අඩුයි.

ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

එහෙනම් අපි බලමු ගබ්සාවීමට ‌හේතු මොනවාද කියලා

ඩිම්බයක් හා ශුක්‍රාණුවක් එක් වී හැදෙන යුක්තානුවක් ගර්භාෂයේ තැම්පත් වීමෙන් කලලයක් හැදෙනවා.

මේ සදහා බලපාන කරුණු බොහොමයක් තියෙනවා. ඉන් කිසියම් හෝ සාදක අඩුපාඩුවක් නිසා ගබ්සාවක් වීම වෙන්න පුළුවන්.

නිරෝගී දරුවෙක් බිහිවීමට අවශ්‍ය ප්‍රධාණම දේ තමයි දරුවාගේ ජාන සංයුතිය නිවැරැදිව පිහිටා තිබීම.

මිනිස් සිරුරේ සෑම සෛලයකම වර්ණදේහ 46ක් තියෙනවා. ඒවාගෙන් 23ක් මවගෙන් හා 23ක් පියාගෙන් තමයි උරුම වෙන්නේ.

මෙම වර්ණදේහ සංයුතියේ කිසියම් වෙනසක් ඇතිවුවහොත් එම කලලයට සාමාන්‍ය ලෙස නිරෝගී දරුවෙක් දක්වා වර්ධනය වෙන්න හැකියාව නැහැ.

ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

මෙවැනි අසාමාන්‍ය තත්වයන් තිබෙන බොහෝ කලලයන් මුල් මාසය තුලදීම ඔබ ගැබ්ගෙන ඇතිබව පෙන්වීමට පෙරම ගබ්සා වෙනවා.

එවැනි අවස්තාවන් වලදී තමයි බොහෝ දෙනා අනේ මට මෙන්සස් වෙන්න දින පසුවෙලා ඒත් උනේ නැහැ ස්ට්‍රිප් බැලුවත් නෙගටිව් කියල කියන්නේ.

ඉතිරි වන අසාමාන්‍ය කලලයන් තමයි මුල් මාස තුන තුල ගබ්සා වන්නේ.

ඊට අමතරව වෙනත් ශාරීරික හෝ ජානමය අසාමාන්‍ය කලලයන්ද ගබ්සා වීමට ලක් වෙනවා.

එවැනි ගබ්සා සිදුවන්නේ ස්වාභාවික අසාමාන්‍ය දරුවන් බිහිවීම වලකාලීමට ස්වභාවික වරනය ලෙසයි.

ඒ නිසා ඔබ ගබ්සාවක් එහෙම නැතිනම් miscarriage එකක් උනා කියල අඩාවැටෙන්න එපා.

වෛද්‍ය ප්‍රතිකාර හෝ වෙනත් කිසිම ක්‍රමයකින් එවන් අසාමාන්‍ය කලලයක් ගබ්සා වීම වලකාලීමට බැහැ.

දරුවාට කිසිම අසාමාන්‍ය බවක් නැතිවත් ගබ්සාවීමට ‌හේතු දන්නවාද ?

ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

  • මවට ඇතිවන ආසාදන තත්ත්වයන්

මවට වෛරස තත්ත්වයක් ඇතිවීම සමහර ගබ්සා වල්ට හේතුවක් වෙනවා.

අධික උණ දරු ගැබට වෛරස ආසාදන වීම මෙයට හේතු වෙන්න පුළුවන්.

ගැබ්ගෙල හරහා ගර්භාෂය තුලට වෛරස ඇතුල් වීමෙන් ගබ්සාවක් වෙන්න පුළුවන්.

නමුත් මෙය ඉතා කලාතුරකින් වෙන දෙයක්. එවැනි ගබ්සාවක් සිදුවන්නේ මුල් මාස තුනෙන් පසුවයි.

  • මවගේ රෝග තත්වයන්

දියවැඩියාව , තයිරොයිඩ් හා හෝමෝන අසාමාන්‍ය තත්වයන් නිසි අයුරින් පාලනය නොකිරීම නිසාද ගබ්සාවක් වීමට ඉඩ තියෙනවා.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මේ නිසා ඔබ ගර්භනී සමයේ මේ පිලිබඳව අවබෝධයෙන් කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්.

  • ගර්භනී සමයේ මවගේ සිරුරේ හෝමෝන මට්ටම නිසි අයුරින් නොපැවතිම

ගර්භාෂය ගර්භනී අයුරින් පවත්වාගෙන යාමට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය දායක වෙනවා.

ගර්භනී සමයේ මේ හෝමෝනය නිසි ලෙස නිපදවිම නොවන්නේ නම් ගබ්සාවක් වීමට ඉඩකඩ තිබෙනවා.

එය වලක්වා ගන්න තමයි බොහෝවිට වෛද්‍යවරයා ප්‍රොජෙස්ටරෝන් පෙති හා නික්ශේපන නිර්දේශ කරන්නේ.

මුල් සති කිහිපය තුල වැදෑමහෙන් නිපදවන hcg හෝමෝනය දරු ගැබ ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙනවා.

එම නිසා මේ හෝමෝනය අඩුවීම නිසාද ගබ්සාවක් වෙන්න පුළුවන්.

  • මවගේ රුධිර කැටිගැසීම වැඩිවන රෝග තත්වයන්

දරුගැබට පෝෂණය ලැබෙනේ මවගේ වැදෑමහ තුලට ගමන් ගන්නා රුධිරයෙන්.

එම රුධිර ගනකම් වැඩිනම් වැදෑමහේ සියුම් රුධිර නාල අවහිර වී එයට සපයන රුධිර ප්‍රමාණය අඩුවෙනවා.

එවිට ගබ්සාවක් වීමට ඉඩ තියෙනවා.

එවන් තත්වයන් ඇතිවිට රුධිර කැටිගැසීම වලකාලීමට ඇස්පිරින්, හෙපරින් වැනි ඖෂධ ලාබාදීමෙන් ගබ්සාවක් වීම පාලනය කරන්න පුළුවන්.

  • මවගේ ගර්භාෂයේ අසාමාන්‍යතාවයන්

ගර්භාෂයේ ඇතුලත බිතිතියට නෙරා තිබෙන හයිබ්‍රොයිඩ් ගෙඩි ගර්භාෂය මැදින් දෙකට බෙදන ලෙස බිත්තියක් ඇතිවී තිබීම වැනි හේතු නිසාද ගබ්සාවක් වෙන්න පුළුවන්.

එවැනි රෝග තත්වයන් හිස්ටරොස්කොපි ( hysteroscopy ) සැත්කම මගින් නැවත ගබ්සාවක් වීම වලකාලීමට පුළුවන්.

  • යෝනිමාර්ගය තුල ඇතිවන ආසාදන තත්වයන්

Bacterial vaginosis වැනි තත්වයන් සදහා නිසි ප්‍රතිකාර නොකිරීම මගින් ගැබ්ගෙල හරහා විශබීජ ඇතිලුවීමට අවදානමක් තියෙනවා.

මේ සියළු හේතූන් නැවත නැවත ගබ්සාවක් වීමට බලපාන්නේ නැහැ.

ඒ නිසා වරක් ගබ්සාවක් උනා කියල නැවත නැවත ඒකම වෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකර ගන්න එපා.

වෛද්‍යතුමන්ගේ මුල් ලිපියට

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • ගබ්සාව
  • /
  • ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?
බෙදාගන්න :
  • ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්

    ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්

  • ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

    ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

  • ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්

    ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්

  • ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

    ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it