theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්

2 අවම කියවීම
ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්

මෙවැනි ගැටළු ගැන දැනුවත්ව හිඳීමෙන් ඔබට ආරක්ෂාකාරී වන්නට පුළුවන්.

ගබ්සා වීම ඇත්තටම ඉතා වේදනාකාරී සිදුවීමක්. විශේෂයෙන් ගර්භනී සමයේ මුල් වකවානුවේදී මෙය සිදුවීම මගින් සිදුවන මානසික කායික පීඩනය විශාලයි. ඒ නැතිවීම දෙමාපියන්ට දරාගන්න අමාරුයි. දෙමාපියන් ලෙස ගබ්සා වීමට හේතු ගැන ඔබ දැනුවත්විය යුත්තේ ඒකයි.

ගබ්සා වීම ට හේතු 6ක්

1. වර්ණ දේහ වල අසාමාන්‍යතා

60% ක් ගබ්සා වීමට හේතු වර්ණ දේහ වල අසමතුලිතතා බලපානවා. වර්ණ දේහ යනු අපගේ ජාන වල අන්තර්ගත වන කුඩා සෛල කොටසක්. ඒවායේ ඇතිවන සංකූලතා මගින් ගබ්සා වීම් ඇතිවන්නට පුළුවන්.

වාසනාවකට වර්තමානයේ දෙමාපියන්ට වර්ණදේහ වල අසමතුලිතතා ඇත්නම් පරික්ෂා කළහැකි නිසා බොහෝ ගබ්සාවීම් වළකා ගන්න පුළුවන්. ඒ වගේම එවැනි ගැටළු සඳහා විශේෂඥ උපදෙස් ලබාගත හැකි බැවින් නැවත පිළිසිඳ ගැනීමක් වීමට අවශ්‍ය ප්‍රතිකාර සිදුකළ හැකියි.

2. ගර්භාෂයේ ගැටළු

ගර්භාෂයේ හැඩයේ ඇති ගැටළු නිසාත් ගබ්සා වීම් ඇතිවිය හැකියි. මෙවැනි අවස්ථාවන් වල දිගින් දිගටම ගබ්සා වීම් සිදුවන්නේ නම් ඒ ඉහත හේතුව නිසා බව හඳුනා ගන්න පුළුවන්. මෙවැනි සිදුවීම් වලදී ගර්භාෂය දුර්වල වන අතරම කළල වැඩීම සමගත් ගබ්සාවීම් ඇතිවිය හැකියි. මේ තත්වය සැත්කමක් මගින් සුවකළ හැකි නිසා වෛද්‍ය උපදෙස් ක්‍රමනුකූලව පිළිපැදීම වැදගත්.

3. PCOS හෙවත් පොලිසිස්ට් ඕවරි සින්ඩර්රෝම්

මේ තත්වය ගබ්සාවීම් වලට හේතුවන සුලබ තත්වයක්ව පවතිනවා. ටෙස්ටර්ටෙරෝන් ප්‍රමාණය වැඩි කාන්තාවන්ට මෙම අවධානම වැඩියි. ඒ මගින් අක්‍රමවත් ඩිම්බානුහරණය හා ඔසප් චක්‍රයක් ඇතිවෙනවා. එසේ ඩිම්බ මේරීම අක්‍රමවත් වීම නිසා ගබ්සාවීම් ඇතිවිය හැකියි. නමුත් මේ තත්වයට ප්‍රතිකාර ඇති නිසා ඒ ගැන බිය විය යුතු නැහැ. නමුත් අවධානම වැදගත්.

4. ගබ්සා වීමට හේතු: ශරීරය ප්‍රතික්ෂේප කිරීම

සමහර කාන්තාවන්ගේ ශරීරිය විසින්ම ඩිම්බ ඵල දැරීම ප්‍රතික්ෂේප කරනවා. ඊට ආගන්තුක දෙයකට මෙන් ශරීරය ප්‍රතික්‍රියා දක්වනවා. ඊට එරෙහිව ප්‍රතිශක්තිය හා ප්‍රතිදේහ ක්‍රියාකරනවා. සරු ඩිම්බයක් වුනත් ශරීරය මගින් ඊට ආගන්තුක දෙයකට ලෙස සැලකීම සිදුවෙනවා. මේ නිසා ගබ්සා වීම් ඇතිවෙනවා.

5. දුම්වැටි, මත්ද්‍රව්‍ය, මධ්‍යසාර ආදිය

මේ මගින් ගබ්සා වීම් වලට විශාල බලපෑමක් එල්ල කරනවා. ඔබ මේවාට ඇබ්බැහි වී ඇත්නම් ගබ්සා වීම් ඇතිවීම වළකා ගන්න බැහැ. ඩිම්බ බන්ධනයට මේ මගින් බාධා ඇතිවෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවීම ඊට හොඳම විසඳුමයි. අනෙක් අතට ඔබ නිරෝගීව සිටීම ගැබ් ගැනීමකට විශේෂයෙන් වැදගත්.

6. ගබ්සා වීම ට හේතු: බැක්ටීරියා ආසාදන

බැක්ටීරියා ආසාදනයන්ද ඊට හේතුවන තවත් කාරණයක්. ගර්භාෂයට ඉන් බලපෑම් ඇතිවිය හැකියි. ඉන් කළලය වර්ධනය වීමට ඉඩ අහුරනවා. කණගාටුවට කාරණය මෙවැනි තත්ත්ව නිසා ඇතිවන බලපෑම් හඳුනා ගැනීමට රෝග ලක්ෂණ පහල නොවීමයි. නමුත් මේ තත්වය ප්‍රතිජීවක ඖෂධ මගින් පාලනය හා සුවකළ හැකි වෙනවා.

දරුවන් දෙමාපියන්ට ඇති උතුම්ම සම්පත නිසා theAsianparent Sri Lanka අපි මේ ලිපිය සකස් කළා.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ගර්භණී අවදිය
  • /
  • ගබ්සා වීම ඇතිවීමට හේතු විය හැකි ප්‍රධාන හේතු 6ක්
බෙදාගන්න :
  • ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

    ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

  • ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

    ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

    ගබ්සාවීමක් ඇති වීමට ‌හේතු ‌මොනවාද?

  • ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

    ගබ්සාවකට පසු නැවත ගැබ් ගන්නේ කොහොමද?

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it