theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්

4 අවම කියවීම
බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්

ඇයගේ දරුවාට සෙම්ප්‍රතිශ්‍යාවක් හා කැස්සක් ඇති බව ඇය සිතුවා. නමුත් පැය කිහිපයකට  පසුව එහි බරපතල යමක් ඇති බව  ඇයට දැනුනා. මව්වරුනි, පියවරුනි, ඔබ බ්‍රොන්කියොලයිටිස් ගැන කවදා හෝ අසා තිබේද? එක් මවක් නිතර වැරදියට හදුනාගන්නා මෙම තත්වය සොයාගත්තා. ඇය ෆේස්බුක් පෝස්ට් එකක තම අත්දැකීම් බෙදාගත්තා. එය 25000 කට වැඩි වාරයක් ෂෙයාර් වුනා.

ළදරුවන්ගේ හා කුඩා දරුවන්ගේ දෙමව්පියන් ඇමතූ බෙත් ෆොස්ටර් විසින් අනතුරුදායක හා නිතර මග හැරෙන තත්වයක් වු බ්‍රොන්කයිටීස් වලට  එරෙහිව අනතුරු ඇඟවුවා.

"එය සරල කැස්සක් හා සෙම්ප්‍රතිශ්‍යාවකින් පටන් ගන්නවා.  පැයක් ඇතුළත එය බොහෝ සේ වර්ධනය විය හැකිය." ඇගේ දියණිය වන මායා හුස්ම ගැනීමට වෙහෙස වුන ආකාරය, ඇයගේ උදරය වේගයෙන් උස් පහත් වුනේ  කොහොමද  යන්නත් මතක් කරමින් ඇය ලියනවා.

"මම අගහරුවාදා  ඇයව වෛද්‍යවරයා වෙත ගෙන ගිය අතර, එහිදි ඇයගේ    ඇසට යෙදීමට  ඖෂධයක් නිර්දේශ කලා, ඒ මොහොතේදී  ඇය ගැටලුකාරීත්වයක් පෙන්නුවේ නැහැ ." ඇය තවදුරටත්  කියා සිටියාය.

කැස්ස දරුණු වී දම් පාට හැරීමෙන් පසුව ඇයට බ්‍රොන්කියොලයිටිස් (bronchiolitis) බව සොයා ගත්තා.

බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්

 

බ්‍රොන්කියොලයිටිස්

ඔවුන් නත්තල් සාදයක ​​සිටියදී, දියණියට එකවරම  දරුණු කැස්සක් ඇති  වුනා

තත්පර 15 ක් පමණ ඇයගේ මුහුණ දම් පාට වුනා. "දරුවාගේ තත්වය සීතල දේශගුණය නිසා සිදුවුවක් බව සිතා වුන් ෆෝස්ටර් සිහිපත් කලා.

වෛද්‍යවරුන්ගේ  අංශයට දුරකථන ඇමතුමක් ලබා දීමෙන් පසුව වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ඇය දරුවා වහාම රෝහල වෙත ගෙන ගියා.

එහි සිටි එක් වෛද්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් ඔවුන්ගේ  දරුවාගේ අසනීප තත්වය බරපතළ දෙයක් බව පැවසුවා.

"ඇය ගිලන් රථය තුලදී  අවසන් වුණේ නැත්තේ ඇයි කියලා ඔවුන් පුදුම වුනා කියලා මට කිව්වා. ඒ මොහොත වෙනතුරු මෙම තත්ත්වය කොතරම් බරපතළදැයි අදහසක් අපට තිබුනේ නැහැ," ෆෝස්ටර් කිව්වා.

2017 දෙසැම්බර් මාසයේදී ඇය තම අත්දැකීම හුවමාරු කර ගත්තා. ඔවුන් සතියක්  රෝහලේ ගත කිරීමට සිදු වුනා. මේ කාලය අතරතුර මායාව, ළමා වාට්ටුව දැඩි සත්කාර ඒකාකයේ ඔක්සිජන්, ආහාර ලබාදෙන  නල සහ නින්ද යෑමට ඖෂධ ලබ දීම ඇතුලු  මැෂින් බොහොමයකට සම්බන්ධ කර තිබුනා. "

2017 නොවැම්බර් මාසයේදී උපත ලැබූ මායාට වයස මාසයක් විය.

අවසාන වශයෙන්, ෆොස්ටර් දෙමාපියන් ගෙන් ඉල්ලා සිටින්නේ  සුළු සෙම්ප්‍රතිශ්‍යාව කදී හෝ කැස්සකදී වුවද සැලකිලිමත් වෙන ලෙසයි.

ඇය අවසනයේදී මෙසේ ලියයි: "හදවත බිදී යෑම තරම් කිසිවක් නොවේ. "ඔබේ දරුවාට සුළු කැස්සක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් තිබුණත්, පරීක්ෂා කර බලන්න. මීට පෙර බ්‍රොන්කියොලයිටිස් ගැන අපි නොදැන සිටි මේ තොරතුරු අනෙක් අයත් එක්ක බෙදාගන්න."

බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්

 දෙමාපියන් විසින් දැන සිටිය යුතු bronchiolitis වල සලකුණු

ළමුන් තුළ බ්‍රොන්කියොලයිටිස් යනු පෙණහළු වල (බ්රොන්කියොලස්) කුඩාම වායු හුවමාරු නාල  ඉදිමීමට හෝ තදබදයට ලක්වීමයි.

බොහෝ විට වයස මාස තුනට සිට නවය දක්වා දරුවන් මෙයාට ගොදුරු වෙන අතර වඩාත් අවදානමට ලක් වන අය:

•මව්කිරි ලබානොදුන් දරුවන් 

•නොමේරූ ලෙස උපන් දරුවන් 

• හදවතේ හා පෙනහළු වල ගැටළු ඇතිව උපන් දරුවන් 

•අවදානම් සහිත ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහිත ළදරුවන්

• දුම් වැටි වල දුමට නිරාවරණය වූ දරුවන් 

•වෛරසය පවතින  ස්ථානවල සිටින දරුවන් 

තැලසීමියාව

මව්වරුනි  සහ පියවරුනි , බ්‍රොන්කියොලයිටිස් රෝගය බොහෝ විට සාමාන්‍ය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාවේ ලක්ෂණ පෙන්වයි. නමුත් එයට අමතර ලක්ෂණ ඇත.

•ශ්වසනයේ ගැටළු 

• හතිය හා පෙණහලු වලින් වියළි , රළු ශබ්දයක් ඇති වීම 

•ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් සමේ ඇතිවෙන නිල් පැහැති පෙනුම

•තෙහෙට්ටුව

•කැස්ස

•හුස්මගන්නා විට ඉල ඇට ගිලී යෑම  (දරුවන් තුළ)

•හුස්ම ගැනීමේදී නාස්පුඩු විශාල වීම  (ළදරුවන්)

•වේගයෙන් හුස්ම ගැනීම

කුඩා ළමුන් සඳහා රෝහල් ගත කිරීම බොහෝ විට අවශ්‍ය  වේ. ඔවුන්ගේ රෝහලේ රැඳී සිටියදී, ඔවුන්ට  ඔක්සිජන් ලබාදීම, නෙබ්‍යුලයිස් කිරීම සහ තරල එන්නත් කිරීමේ ප්‍රතිකාර වලට යොමු වීමට සිදුවේ. ඔබේ දරුවාගේ බ්‍රොන්කියොලයිටිස් තත්වයට  වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධද උපකාරී වේ.

රෝහලෙන් පිටවීමෙන් පසු, බ්‍රොන්කියොලයිටිස් රෝගය ඇති අයට විවේකය හා සජලනය  අවශ්‍ය වේ.

ඔබේ නිවස රසායනික ද්‍රව්‍ය වලින් සහ දුමෙන් තොර කරන්න.  කාමරය තුල තෙතමනය පවත්වා ගන්නා උපකරණ භාවිතයද සුදුසු වේ.

සාමාන්‍යයෙන්  දරුවන් සුව වීමට  සතියක් පමණ ගත වේ.

නොසිතු මොහොතක පැමිණිය හැකි බ්‍රොන්කයිටීස් මාරයා හදුනාගන්න මේ මග පෙන්වීම the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

කවරයේ පින්තූරය: FamilyDoctor.org

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • බ්‍රොන්කියොලයිටිස් ගැන මවකගේ අනතුරු ඇගවීම්
බෙදාගන්න :
  • දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

    දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

  • දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

    දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

  • දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

    දරුවාගේ කැස්ස ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා 7 ක්

  • දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

    දරුවාගේ කැස්ස ගැන ඔබ වඩාත් සැලකිල්ලිමත් වියයුත්තේ මේ නිසයි

  • විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

    විවාහයෙන් පසු ලිංගික ජිවිතය ගැන කිසිවෙකුත් නොකියනා කාරණා 10 ක් මෙන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it