'සැමියා මා සමඟ ලිංගිකව හැසිරුණේ බලහත්කාරයෙන්' මෙය ස්ත්‍රී දූෂණයක්ද?

'සැමියා මා සමඟ ලිංගිකව හැසිරුණේ බලහත්කාරයෙන්' මෙය ස්ත්‍රී දූෂණයක්ද?

ඔබේ විවාහය තුළත් ඔබ දූෂණයට ලක් වනවාද යන බව කියා පාන ලක්ෂණ 6ක්.

මගේ විවාහය තුළ මා මුහුණ දෙමින් සිටියේ දූෂණයකට විය හැකි බව තේරුම් ගැනීමට පවා මට දීර්ඝ කාලයක් ගත වුණා. තම සහකරුගෙන් දූෂණය වීම විය හැකිය යන්න පිළිබඳ පුවත රූපවාහිනී නාලිකාවල දැකීමත් සමඟ, ඒ ගැන සිතන්නට පටන් ගත්තේ, මමත් මෙම ගැටලුවේ ගොදුරක් විය හැකිද යන්න පිළිබඳවයි.

මා පුංචි ගම්මානයක ගැහැනු ළමයෙකු මෙන්ම ශාස්ත්‍රීපවුලක සාමාජිකාවක් වූ අතර – මගේ පියා ප්‍රාදේශීය පංචායතන පාසලක ගුරුවරයෙකු වූවා.

අප ප්‍රජාවේ ගැහැනු දරුවන් ආරක්ෂිත ජීවිතයක් ගත කරනවා …

අප ප්‍රජාවේ ගැහැනු ළමයින් ඉතා ආරක්ෂිත ජීවිතයක් ගත කළ නිසා පිරිමි මිතුර සිටීම හෝ ඔවුන් සමඟ ආදර සබඳතා පැවැත්වීම කිසි සේත් නොකෙරුනු දෙයක්.

දැඩි සංස්තික බැමි වලින් බැඳි පරිසරයක හැදුනු වැඩුනු නිසා විවාහය පිළිබඳ අපගේ අදහස ප්‍රධාන වශයෙන් සමාන වූයේ, නිදි යහනය යාමට හවුල්කරුවෙකු සිටීම යන්නයි.

මෙම අදහස පව අපට ඇති කළේ මහත් නොසන්සුන්තාවක්. මන්ද, අප  පරිසරයේ හැදුනු වැඩුණු ගැහණු ළමයින්, විවාහයට පෙර පිරිමින්ගෙන් ස්පර්ෂ වූයේවත් නැහැ.

මා විවාහ වූ විට අපගේ පළමු රාත්‍රිය ගැන දැන ගැනීමට මගේ කිට්ටුතම යෙහෙළියන් මගබලාගෙන සිටියා.

kamasutra

අපගේ මධුසමය: කාමසුත්‍ර

මගේ ස්වාමිපුරුෂයා මා සිතුවාටත් වඩා මා ගැන ලිංගිකව පිපාසාවෙන් සිටි බවත්, පළමු රාත්‍රියේදීම මා සමඟ සිව් වතාවක් ලිංගිකව හැසිරුණු බවත් පැවසූ විට ඔවුන් ප්‍රීතියෙන් පිනා ගියා.

ඔවුන් මට කීවේ මනා ලිංගික රුචියක් සහිත සැමියෙක් ලබන්නට මා සැබවින්ම වාසනාවන්ත බවයි.

මාස ගණනක් ගෙවී යත්ම මා කල්පනා කරන්නට ගත්තේ මා සැබවින්ම වාසනාවන්තද යන්නයි. මගේ ස්වාමිපුරුෂයාට ලිංගිකත්වය පිළිබඳ විශාල රුචියක් ඇති බවට සැකයක් නැත.

නමුත් ඔහු සෑම දිනකම මා සමඟ ලිංගිකව හැසිරීමට බල කරයි. ඇතැම් විට මගේ මාස හයේ බිළිඳාගේ  ආහාර දී රැක බලාගැනීමෙන් මගේ උදෑසන කාලය ඉතා සීමිත වූවත් ඒ ගැන ඔහු තැකීමක් කළේ නැහැ.

ඔහු උපත් පාලන කොපු පැළඳීම පවා ප්‍රතික්ෂේප කරයි …

නමුත් මට නිරන්තරයෙන් උපත් පාලන ඖෂධ ගැනීමට සිදු වනවා. මා වෙහෙසට පත්ව ලිංගික  හැසිරීමට කිසිදු කැමැත්තක් නොමැති දිනවල ඔහු පවසන්නේ ඔහු සෑහීමකට පත්වන තුරු මගේ දෑස් වසා වැතිර සිටින ලෙසයි.

මගේ ඔසප් දිනවල ඔහු ඉතා කෝපයට පත්ව රළු බවින් පසු වනවා. බොහෝ විට ඔසප් දිනවලත් ලිගිකව එක්වන ඔහු ඔසප් විසර්ජ නිසා මැසිවිලි නඟනවා.

ඔහුට මගේ සෞඛ්‍යය ගැන කිසිම තැකීමක් නැහැ. මාස හයකට පෙර මගේ දරුවා ලැබුණු විට වෛද්‍යවරයා මට උපදෙස් දුන්නේ මට මැහුම් ඇති බැවින් යම් කාලයක් ලිංගිකව හැසිරීමෙන් වළකින ලෙසයි.

මගේ ස්වාමිපුරුෂයාට දින දෙකක් පමණක් බලා සිටිය හැකි වූ අතර, මට දැඩි වේදනාවක් හා අධික රුධිර වහනයක් ඇති වූ විට පවා ඔහු මා හා ලිංගිකව හැසිරුනා.

මාගේ පශ්චාත් ප්‍රසව රුධිර වහනය හේතුවෙන් ඔහුට තෘප්තියට පත්විය නොහැකි වූ නිසා ඉතිරි මාසය ඔහු හගත කලේ මහත් කෝපයෙන්.

මගේ ප්‍රාදේශීය බෙහෙත් ශාලාවේදී මම කාන්තා වෛද්‍යවරිය සමඟ මා කතා කලා. මන්දයත් මගේ ගත දුර්වල වී පණ නැති බවක් දැනෙන්නට ගත්තා.

අප ලිංගිකව හැසිරෙන අතරතුර මා කඳුළු සලමින් ඊට මුහුණ දුන්නා.

ලිංගිකව හැසිරෙන අතරතුර මගේ සන්ධි වේදනාව අඩු කර ගැනීම සඳහා කැල්සියම් පෙති කිහිපයක් ගන්නැයි මගේ වෛද්‍යවරයා නිර්දේශ කළා.

නින්දට යාමට පෙර මී පැණි සහ පොල් වතුර අනුභව කරන්නැයි ඇය මට කීවාය. මෙය මටද මනෝභාවයට උපකාරී වනු ඇති බව ඈ පැවසුවා.

අවුරුදු දෙකක සිට අඛණ්ඩව සිදුවූ මෙම ක්‍රියාදාමය අතර ලිංගිකත්වය පිළිබඳ මගේ සියළු සිතුවිලි සහ ආශාවන් පහව ගියා.

ඔනෑම දෙයක් පමණට වඩා හොංද නැති බව මා සැමියාට කියා සිටියත් ඔහු පැවසුවේ විවාහයෙන් පිටත මෙම සතුට සොයන බොහෝ පිරිමින් සිටින බැවින් මා ඔහු සමඟ ලිංගිකව විනෝද විය යුතු බවයි.

සහකරුගෙන් දූෂණය වීම: විවාහ දූෂණය (marital rape) යනු කුමක්ද?

“විවාහක ස්ත්‍රී දූෂණය අර්ථ දැක්වෙන්නේ තම සහකරු විසින් සහකාරියගේ කැමැත්තෙන් තොරව සිදු කරන කරන අනවශ්‍ය ලිංගික ක්‍රියාවන් සහ පුද්ගලයෙකුගේ කැමැත්තට පටහැනිව, බලහත්කාරයෙන්, තර්ජනය කිරීමෙන් හෝ බිය ගැන්වීමෙන් ලිංගිකව හැසිරීමයි.”

මෙම ස්ත්‍රී දූෂණය ලෙස බොහෝ දෙනා දූෂණය සේ සළකන රාමුවට වඩා වෙනස් විය හෑකියි. මන්ද තම සහකරු ආගන්තුකයෙක් නොවේ.

ඔහු ඇයව පැහැරගෙන නැත. එහෙත් එය ස්ත්‍රී දූෂණයකි. ස්ත්‍රී දූෂණය යනු බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීමයි.

සහකරුගෙන් දූෂණය වීම: බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීම ස්ත්‍රී දූෂණයකි

විවාහ වීමෙන් සමාජ නීති වෙනස් වන්නේ නැහැ. කාන්තාවක් විවාහ ගිවිසගත් පමණින් අදහස් කරන්නේ ඇය කොතැනක සිටියත්, මොන තත්වයක සිටියත් ලිංගිකව හැසිරීමට “ඔව්” කියන බව නොවේ.

ඉහත දැක්වූ කතාවේ සහකරුගෙන් දූෂණය වීම ආශ්‍රිත අප දුටු සිද්ධාන්ථ කිහිපයක් සළකා බලමු.

  • බිරිඳගේ අවශ්‍යතාවන්ට ගරු නොකෙරේ. ඇගේ ස්වාමිපුරුෂයා ලිංගිකත්වය ඉල්ලා සිටින්නේ එය අපහසු සහ පිළිගැනීමට ලක් නොවීම නිසාය.
  • තමාට ආදරය කරන බව පවසන පුද්ගලයා කයිලාට ශාරීරිකව රිදවයි.
  • ඇගේ ශාරිරීක වේදනාවන් ගැන තැකීමක් නැත
  • ඇගේ කැමැත්ත අකමැත්ත ගැන සලකා නොබැලේ

සහකරුගෙන් දූෂණය වීම

සහකරුගෙන් දූෂණය වීම: සම්මුති විරහිත ලිංගිකත්වයට උදාහරණ

විවාහක තුළද අනෙකුත් ආදරණීය සබඳතාවක මෙන්ම, ලිංගිකත්වය යනු දෙදෙනාගේ සමීපතාවෙන් සහ කැමැත්තෙන් එකතු වන ප්‍රේමාන්විත සම්මුතියකි.

ලිංගික හැසිරීම යනු එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු ආදරය, සැලකිල්ල සහ මුදු මොළොක් බව ප්‍රකාශ කරන ක්‍රමයකි. එය පහත සඳහන් තත්වයන්ගෙන් එකක් නොවේ:

1. බලහත්කාරයෙන් ලිංගිකව හැසිරීම:

ඇතැම් පිරිමින්ට විවාහය ගැන යම් වැරදි අවබෝධයක් ඇති බව පෙනේ.

ස්වාමිපුරුෂයෙක් තම බිරිඳව යටහත් කරමින්, රළු ලෙස ඇයට රිදවීමෙන් ලිංගිකව හැසිරෙන්නේ නම් එය ස්ත්‍රී දූෂණයකි.

2. බිරිඳට තර්ජනයක් දැනෙන විට ලිංගිකව හැසිරීම:

ස්වාමිපුරුෂයා වාචිකව තර්ජනය කිරීමෙන් ලිංගිකව හැෂිරීමට බල කරන්නේ නම් හෝ ඔහු ඇය හා එක්වන්නේ කෝපයෙන් නම්, එම එක්වීම ඇගේ කැමැත්තෙන් සිදුවනවා යැයි කීමට අපහසුය.

ඇයට ඊට එකඟ වනවා නම් එකඟ වන්නේ ඇයට ඇතිවිය හැකි ශාරීරික හෝ චිත්තවේගීය හානිය ගැන අවදානමක් ගැනීමට ඇති බිය නිසාය.

3. මානසික බලපෑම් හරහා ලිංගිකව හැසිරීම:

ස්වාමිපුරුෂයෙක් තම බිරිඳ පහත් කොට සළකන්නේ නම්, ඇය හොඳ බිරිඳක් නොවන බවට ඇයට චෝදනා කරන්නේ නම් හෝ ඇය හෙලා දකී නම් එය මානසික පබලපෑමකි.

ඇයට පහත් නම් වලින් කතා කරයි නම්, ඇය ලිංගිකව අසාර්ථක බව ඈට පවසයි නම්, ඇය වැඩකට නැති කෙනෙක් බව පවසයි නම් ඔහු කරන්නේ ඇයව මානසික හිංසනයට පත්කිරීමකි.

සහකරුගෙන් දූෂණය වීම

ඇතැම් සැමියන් තම ලිංගික ආශාවන් සංසිඳුවේ නැතහොත් දරුවන් සමඟ නිවසෙන් බැහැර වන බවට තර්ජනය කරනවා. මෙලෙස මානසික හිංසනය හරහා ලිංගිකව එක්වීම ස්ත්‍රී දූෂණයක් ලෙස සැළකෙනවා.

4. භාර්යාගේ අකැමැත්ත මැද ලිංගිකව හැසිරීම:

ලිංගික හැෂිරීම යනු දෙදෙනාගේම කැමැත්තෙන් සිදු කෙරෙන එක්වීමක්. කාන්තාවක් තද නින්දේ සිටීනම් හෝ ඖෂධ නිසා නිදිමතෙන් සිටී නම් හෝ සිහිසුන්ව සිටී නම් ඇයට පැහැදිලිවම ලිංගික හැසිරීමකට එකඟ වන්නට අපහසු වනවා.

එවැනි තත්වයන් තුළ ඇය “ඔව්” යැයි පැවසුවද, “කැමැත්ත” වලංගු හෝ සත්‍යවාදී නොවේ. ප්‍රතිවිපාක සලකා බැලීමට හෝ කැමැත්තෙන් හවුල්කරුවකු ලෙස සහභාගී වීමට ඇයට කිසිදු හැඩයක් නැත.

5. කාන්තාවක් ප්‍රාණ ඇපයට ගෙන ලිංගිකව හැසිරීම:

සමහර පිරිමින් සියලු මුදල් පාලනය කිරීමෙන්, කාන්තාවට තම මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්ධතා පැවැත්වීමට දුෂ්කර කරවීමෙන් හෝ ඇයට නිවසින් පිටතට ප්‍රවාහනය කිරීමට මාර්ගයක් නොමැති බවට වග බලා ගැනීමෙන් ඇගේ පාලනය සම්පූර්ණයෙන්ම වක්‍රාකාරව තම පාලනයට ගෙන සිටී.

පුරුෂයාගේ මුදලට යටත්ව ඈ තම නිවසේ ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්වේ.

බොහෝ ප්‍රාණ ඇපකරුවන් මෙන් ඇයද ලිංගිකත්වය ඇතුළුව ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට මේ නිසා බැඳී සිටී.

6. තමාට වෙනත් විකල්පයක් නොමැති බව කාන්තාවට හැඟෙන විට ලිංගිකව හැසිරීම:

තම අවශ්‍යතාවන් තැන දෙනවාට වඩා ලිංගිකව හැසිරීමට පහසු යැයි කාන්තාවකට හැඟෙන විට ඇය දූෂණයට ලක් වේ.

පැහැදිලි විය යුතුයි: තමන් විවාහ වූ පමණින් ඉහත තත්ව වලට ලක්වීම සාමාන්‍ය තත්වයක් නොවේ.

සහකරුගෙන් දූෂණය වීම: ලිංගිකත්වය අයිතියක් නොවේ

භාර්යාවන් තම ස්වාමිපුරුෂයාගේ දේපළක් නොවේ.  ලිංගිකත්වය යනු විවාහය සමග යන “අයිතියක්” නොවේ. එය බිරිඳගේ යුතුකමක් නොවේ.

කාන්තාවක් විවාහ වූ දිනයේ ඇයට යමකට ‘ඔව්’ හෝ ‘නැහැ’ යැයි කීමට ඇති අයිතිය අත්හරින්නේ නැත.

ලිංගිකත්වය පදනම් විය යුත්තේ ගෞරවය, සමානාත්මතාවය, කැමැත්ත, සැලකිලිමත් වීම සහ පැහැදිලි සන්නිවේදනය මත ය.

කිසිම කාන්තාවක් ඇය ස්ත්‍රී දූෂකයෙකු සමඟ ජීවත් වනවා සේ හැඟීමට කැමති නැත. හොඳ ස්වාමිපුරුෂයින් එසේ හැසිරෙන්නේද නැත. ඔවුන් තම භාර්‍යාව එම තත්වයට පත් කරන්නේද නැත.

තම ස්වාමිපුරුෂයා චිත්තවේගීය හා ශාරීරික වේදනාවන් ඇති කිරීමේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළහොත් සහ ඔහුගේ ක්‍රියාවෙන් සාධාරනීකරණය කරන්නේ නම්, එය නතර කිරීමට බිරිඳට ඇති එකම ක්‍රමය නිවසින් බැහැර වීම විය හැකියි.

ඔබත් කාන්තා හිංසනයට හෝ ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන බව ඔබට හැඟේ නම් ඔබ වහාම මෙම ලිපියෙන් කියැවෙන සේවා හරහා නිසි සහය පැතිය යුතු වනවා. ඔබට ඉක්මන් දුරකතන සහය අවශ්‍ය නම් මෙම අංක අමතන්න.

මූලාශ්‍ර:  psychcentral.com

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Any views or opinions expressed in this article are personal and belong solely to the author; and do not represent those of theAsianparent or its clients.
කතන්දර ලිපි