theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

තැන තැන නොයා කඩචෝරු ගෙදරම හදාගනිමුද?

5 අවම කියවීම
තැන තැන නොයා කඩචෝරු ගෙදරම හදාගනිමුද?තැන තැන නොයා කඩචෝරු ගෙදරම හදාගනිමුද?

ගෙදර ඉදන් සෞඛ්‍යාරක්ෂිතව හදන රසම රස කඩචෝරු රෙසපි මෙන්න.

අපි කඩචෝරු කන්න කොහොමත් ආසයිනේ. පාරේ තියෙන මේ කෑම සෞඛ්‍යාරක්ෂිත බව අඩුවෙන්න පුළුවන්.

විවිධ රසකාරක මුසු කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසිදු වෙන්නත් පුළුවන්.

ඉතින් එච්චර රිස්ක් එකක් අරගෙන අපි දිව පිනවලා ලෙඩ වෙන්නේ ඇයි? ඉතින් අපි ගෙදරදිම මේ කඩචෝරු හදා ගෙන රස විදිමුකෝ. හරිම පහසුයි

කඩචෝරු රෙසපි 6 ක්

තැන තැන නොයා කඩචෝරු ගෙදරම හදාගනිමුද?

1. වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය 

  • කඩල පරිප්පු 200g
  • ලියා ගත් අමුමිරිස් දෙක තුනක්
  • ලූණු ගෙඩි භාගයක් ලියාගත්
  • ලියාගත් කරපිංචා ඉත්තක්
  • කෑලී මිරිස්
  • උම්බලකඩ කුඩු ටිකක්
  • ලුනු
  • තෙල්

සකස් කරන ආකාරය 

  • කලින් දවසේ රාත්‍රියේ කඩල පරිප්පු ටික හෝදලා පෙඟෙන්න තබන්න.
  • පසුවදා පරිප්පු හොදින් සෝදා අඹරා ගන්න.
  • පරිප්පු මිශ්‍රණයට  ලූණු, අමුමිරිස්,කරපිංචා,කෑලී මිරිස්, උම්බලකඩ මෙන්ම රස අනුව ලුනු එකතු කර හොදින් මිශ්‍ර කරගන්න
  • ඉන්පසු පුංචි බෝල හදලා අල්ලෙන් තද කර වඩේ හැඩයට හදා ගන්න.
  • රත් වු ගැඹුරු තෙලේ භාගෙට බැද මදක් ලිපෙන් බා තබන්න
  • විනාඩි කිහිපයකට පසු නැවත මද ගින්දරේ වඩේ පැහැය එනතුරු බැද ලිපෙන් බාගන්න.

2. පැටිස්

රසවත් පැටිස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මැකරල් සැමන් ටින් 1යි
  • අල ගෙඩි 2යි
  • ලූණු
  • අමු මිරිස්
  • කරපිංචා
  • මිරිස් කුඩු
  • ගම්මිරිස්

සකස් කරන ආකාරය

  • මුලින්ම තාච්චියක් ලිප තබා තෙල් එකතු කරගන්න
  • තෙල් ටික රත් වෙද්දී සුදු ලුණු, කරපින්චා, රම්පෙ, කුරුදු එකතු කරන්න
  • ඒ ටික බැදිලා සුවද එනකොට ලුණු ටික එකතු කරගන්න ලුණු ටිකේ පාට වෙනස් වෙද්දී සැමන් එකතු කරන්න, හොදින් කලවම් කරන්න.
  • දැන් අල ටික එකතු කරගන්න ඒ ගමන්ම ලුණු, ගම්මිරිස්, තුනපහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, රස අනුව එකතු කරගන්න
  • මිශ්‍රණය හොදින් මිශ්‍ර කර ටික වෙලාවක් තබා ඉවතට ගන්න
  • මතක තියාගන්න ඉවතට ගත්තු ගමන්ම පැටිස් එකට නොදා මිශ්‍රණය තුළ තියෙන රම්පෙ ,කුරුදු අයින් කරලා දෙහි ටික දාගන්න.
  • දැන් විනාඩි 30ට පසු මිශ්‍රණය ඉවතට ගෙන රෝලින් පින් එකකින් හොදින් තුනී කරගෙන තමන් කැමති ප්‍රමාණයට රවුම් කපාගන්න
  • පැටිස් අච්චුවක් පාවිච්චි කරනවා නම් අච්චුව තියලා රවුමක් කපාගෙන ඒක තුනී කරගන්න.
  • ඊට පස්සෙ අච්චුව උඩ කපාගත් රවුම තියලා පිලින්ග් එක දාලා තදකරගන්න අච්චුවක් නැතිනම් කපාගත්ත රවුම තුනී නොකර පිලින්ග් එක දාලා වටේට ගෑරුප්පුවකින් තදකරගන්න.
  • එතකොට ලස්සනට ඉරි ටික පැටිස් එකේ හිටිනවා දැන් මේ පැටිස් ටික තෙල් තාච්චියට දාගන්න හැබැයි තෙල් ගොඩක් රත් කරගන්න එපා, මේ හැමදේම කරන්න ඕනේ මද ගින්දරේ හොදින් බැදුනු පසු ඉවතට ගන්න.

3. කඩචෝරු : කට්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා පොඩි කර අල ගෙඩි 2
  • සැමන් ටින් 1
  • ලියා ගත් ලොකු ළුණු ගෙඩි 2
  • සිහින්ව ලියා ගත් අමුමිරිස් කරල් 2
  • පාන් පිටි
  • පාන්කුඩු
  • සිහින්ව ලියා ගත් කරපිංචා
  • කුරුදු කැබැල්ලක්
  • ගම්මිරිස්
  • ලුනු
  • තලා ගත් සුදුළුණු හා ඉගුරු
  • එනසාල්
  • බිත්තර 1
  • කුරුදු
  • පොල් තෙල්
  • දෙහි බෑයක්

සකස් කරන ආකාරය

  • තෙල් ටිකක් ලිප තබා එය රත් වු පසු ඉගුරු සුදුළුණු පේස්ට් එක එකතු කරන්න
  • එයට ලියා ගත් ළූණු ,අමුමිරිස්, කරපිංචා හා කුරුදු , එනසාල් එකතු කරන්න.
  • මිශ්‍රණය මදක් බැදුන පසු එයට පොඩි කරගත් සැමන් ටික එකතු කරන්න.
  • එය මදක් බැදුන පසු තම්බා පොඩි කරගත් අල ටිකද  එකතු කරන්න
  • එයට රස අනුව ලුනු හා ගම්මිරිස් එකතු කරන්න. දෙහි යුෂ ටිකක්ද එකතු කර මිශ්‍ර කරන්න.
  • මිශ්‍රණය නිවුන පසු කුඩා බෝල සකස් කරන්න.
  • පාන්පිටි වලට බිත්තර, ලුනු හා ජලය එකතු කර මදක්  ඝන මිශ්‍රණයක් සකස් කරගන්න.
  • දැන් සකස් කල පාන්පිටි මිශ්‍රණයේ පොලොස් ගුලි ගිල්වා ඉන්පසු බිස්කට් කුඩු තවර ගන්න.
  • තාච්චියක් ලිප තබා තෙල් රත් වු පසු කට්ලට් රන්වන් පාට වෙන තුරු බැද ගන්න

4. පොටැටෝ චිප්ස්

තැන තැන නොයා කඩචෝරු ගෙදරම හදාගනිමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු අල ගෙඩියක්
  • ලුනු
  • අවශ්‍ය නම් මිරිස් හා ගම්මිරිස්
  • තෙල්

සාදන ආකාරය

  • අලගෙඩිය පොතු හැර පිරිසිදු කර දිග තීරු කපා ගන්න.
  • එම අල තීරූ අයිස් වතුර බදුනක ගිල්වා තබන්න.
  • ඉන්පසු වතුර බේරා කිචන් ටවල් එකකින් තෙත මාත්තු කරගන්න.
  • ඉන්පසු තෙල් තාච්චිය ලිප තබා අල තීරු මදක් බැද තෙල් කඩදාසියකට බාගන්න.
  • අල තීරූ නිවුන පසු යලිත් ගැඹුරු තෙලේ බැදගන්න.
  • ඉන්පසු ලිපෙන් බා නිවෙන්නට හැර එයට රස අනුව ලුනු හා මිරිස් එකතු කරගන්න.

5. මයියොක්කා චිප්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු මයියොක්කා අකයක්
  • තෙල්
  • ලුනු
  • ගම්මිරිස්
  • මිරිස් කුඩු

සකස් කරන ආකාරය

  • මයියොක්කා අලය පොත්ත හැරලා පිරිසිදු කරගන්න.
  • ඉන්පසු එය සිහින් පෙති කපා ජලයෙන් හොදින් පිරිසිදු කරගන්න.
  • මෙම මයියොක්කා  පෙති නටන වතුරේ විනාඩි කිහිපයක් තම්බා අයිස් වතුරින් සෝදා ගන්න.
  • පසුව හොදින් තෙත මාත්තු කරගන්න.
  • හොදින් රත් වු තෙල් තාච්චියකට මෙම චිප්ස් දමා මදක් බැද ලිපෙන් බා නිවෙන්න හරින්න.
  • ඒවා නිවුන පසු යලිත් මද ගින්දරේ බැද ලිපෙන් බා නිවාගන්න.
  • පසුව රස අනුව ලුනු හා මිරිස් මිශ්‍ර කරන්න.

6. ටිපි ටිපි

  • තම්බා පොඩි කරගත් ලොකු අල ගෙඩියක්
  • කෝන් ෆ්ලා තේ හැදි 4
  • ලුනු
  • බිත්තර 1
  • චීස් ටිකක්
  • ඊස්ට් තේ හැදි 3
  • කිරි කෝප්ප 2
  • කහ

සකස් කරන ආකාරය

  • අල තම්බා ඉන්පසු පොඩිකර අල ක්‍රීම් එක සකස් කරගන්න.
  • එයට චීස් ටිකක් දමා හොදින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු එයටම කෝන් ෆ්ලා, ලුනු හා කහ එකතු කරගන්න
  • බිත්තරය හා ඊස්ට්ද එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු කිරිද මිශ්‍ර කර ඝන මිශ්‍රණයක් සකස් කර එය පිපෙන්න විනාඩි 30 ක් පමණ හොදින් ආවරණය කර තබන්න.
  • තෙල් තාච්චියක් ලිප තබා එය රත් වු පසු ෆයිපින් බෑගයක් ආධාරයෙන් මෙම මිශ්‍රණය කෑලි කෑලි තෙල් එකට වත්කරන්න.
  • රන්වන් පාට වෙන තුරු බැද ලිපෙන් බාගන්න.

මේ රසවත් කඩචෝරු රෙසපි 6 ම ඔබත් හදලා බලන්න. මිරිස් අඩු කරලා බබාලට වුනත් හදලා දෙන්න පුළුවන්.

ඔබ ලගත් මෙවන් රසවත් රෙසපි තියෙනවා නම් අපිත් එක්ක බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • තැන තැන නොයා කඩචෝරු ගෙදරම හදාගනිමුද?
බෙදාගන්න :
  • පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

  • හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

    හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

  • පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

    පලා මිශ්‍ර එළවළු බත්: පොඩ්ඩන්ට ගුණයෙන් හා රසයෙන් පිරි ආහාර වේලක්

  • හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

    හදන්න පහසු, දරුවන් කන්න කැමති චයිනීස් චිකන් ෆ්‍රයිඩ් රයිස්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it