theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

3 අවම කියවීම
අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්නඅපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න

හීනටි සහලින් සාදා ගන්න බත් කැඳ වල ඇති සුවිශේෂී ගුණ ගැන ආයුර්වේද වෛද්‍ය පී. කේ. අල්විස් පලේබොඩගේ මහතා වැදගත් තොරතුරු රැසක් අපට සඳහන් කළා.

එදා අපේ කුඹුරෙන් අස්වැන්න ලෙස නෙලාගත් හීනටි සහල් පසුකාලීනව තුරන්වීම නිසාත් ඒත් අද වන විට එහි ගුණ හඳුනා ගැනීම නිසාම නැවත එය ප්‍රසිද්ධ මාතෘකාවක් වී හමාරයි. එදා අපේ අම්මලා දරුවන්ට පළමු ආහාරය ලෙස හඳුන්වා දුන්නේ බත් කැඳයි.

මේ අතරින් හීනටි සහල්  වලින් සාදා ගන්න බත් කැඳ වල ඇති සුවිශේෂී ගුණ ගැන ආයුර්වේද වෛද්‍ය නො.520 හි, උදය අල්විස් වෙද මැදුරේ ආයුර්වේද වෛද්‍ය, සමනලගිරි නාඩි වෛද්‍ය පී. කේ. අල්විස් පලේබොඩගේ මහතා වැදගත් තොරතුරු රැසක් අපට සඳහන් කළා.

හීනටි සහල්

විටමින් B
ෆයිබර්
ප්‍රෝටීන්
විටමින් C
වැනි පෝෂණයන්ගෙන් බහුල ආහාරයක් වගේම ඝන ආහාර පටන් ගන්නා දරුවන්ට හොඳින් දිරවීම පහසු කරන බත් වර්ගයක් ලෙසද හඳුන්වනවා.

මැග්නීසියම් හා පොස්පරස් වැනි ඛණිජ ලවන අඩංගු වන මෙම සුවිශේෂ සහල් වර්ගය සුදු හා දුඹුරු යන වර්ග දෙකෙන්ම තියෙනවා. මෙම සහල් වල ඇති ඇන්ටිඔක්සිඩන්ට් ගුණය කුඩා දරුවන්ගේ සිට වැඩිමහල් යටත් ඉතාම හිතකර වෙනවා.

විශේෂ ගුණ

  • පිළිකා නැසීමේ ගුණයෙන් යුතු වෙනවා.
  • දියවැඩියාව පාලනයට ඉතා ගුණදායකයි.
  • කුඩා ප්‍රමාණයකින් හොඳ පෝෂණයක් ලැබෙනවා.

දරුවන්ට හුරුකරන්නේ කොහොමද?

මෙම සහල් එදා බහුලව වෙළඳපළේ තිබුනත් පිටරටින් ගෙන්වන සහල් වර්ග නිසා අද වන විට හීනටි සහල් මිල අධික සහල් වර්ගයක් ලෙසට පත්වී තිබෙනවා.

කෙසේ වුනත් ඔබට පුංචි පැටියාට හීනටි සහල් කිලෝ එකක පැකට් එකක් මාසයකට වඩා වැඩි කාලයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්.

1. හීනටි සහල් බත් කැඳ

දිනපතා ගන්නා කිරි වීදුරුව වෙනුවට හීනටි සහල් කැඳ වීදුරුවක් පුංචි පැටියට හුරු කරන්න ඔබට පුළුවන් නම් දවසකට අවශ්‍ය ශක්තිය ඔහුට ලැබෙන බව වෛද්‍යතුමා සඳහන් කරනවා.

හදාගන්නේ කොහොමද?

පියවර 1

සෝදා ගත්  සහල් තේ හැඳි දෙකක් පමණ රාත්‍රියේ ජලය සහිත භාජනයකට පෙඟෙන්න දමන්න.

පියවර 2

සාමාන්‍යයෙන් බත් පිසින ආකාරයට භාජනයකට සහල් හොඳින් සෝදා දමා වතුර අඬු කෝප්ප 2 ක් පමණ දමා ගන්න. මීට කුඩා මැටි භාජනයක් තෝරා ගන්නවා නම් ඉතා හොඳයි.

පියවර 3

වතුර කෝප්ප එකක් පමණ සිඳී ගිය පසු මුට්ටියේම තිබියදී තරමක් නිවුණු පසු හැන්දකින් බත් ටික පොඩි කර ගන්න. කලින් දින රාත්‍රියේ පෙඟීම නිසා බත් ඇට පිටි ආකාරයට පොඩිවී තලපයක් ආකාරයට ඉක්මනින් වතුරට මුසුවෙනවා.

පියවර 4

හැකිතරම් පොඩිකර ගත් කැඳ එක අවුරුදු එකට වැඩි දරුවන්ට ලුණු ස්වල්පයක් එකතු කර මද රස්නයෙන් උදෑසන පානයට දෙන්න.

පියවර 5

මව්කිරි ඇත්නම් ඊට මව්කිරි ටිකක් මුසු කිරීමෙන් දරුවා ආරම්භයේදීත් ඊට හුඟක් කැමති වෙන්න පුළුවන්.

පියවර 6

ඊට සුදු ළුණු, ඉඟුරු හා රතුළුණු ඉතා කුඩා ප්‍රමාණ වලින් එක්කර තම්බා ගැනීමෙන් ඔබට රස වගේම ගුණයක් එක්කර ගන්න පුළුවන්.

විශේෂයෙන්

උණ, පාචනය, කෑම නොකන දරුවන්ට, වගේම පුරුද්දක් ලෙස කැඳ හුරු කිරීම සම්පූර්ණ ගුණදායක ආහාරයක් ලෙස එකතු කරගන්න පුළුවන් වගේම ඉන් ලැබෙන ශක්තිය පිටිකිරි කෝප්පයකට සමකළ නොහැකි බව වෛද්‍යතුමා පැවසුවා.

උදෑසන පිටිකිරි බොන්නට දරුවන් හුරු කිරීමට වඩා මෙවැනි හීනටි සහල් කැඳ කෝප්පයක් දරුවන්ගේ නුවණ, ශක්තිය, ස්මරණය වැඩිකරන බව වෛද්‍යතුමා තවදුරටත් පවසනවා.

ඔබට ඒකාකාරී බවෙන් මිදෙන්න ඉඳහිට හීනටි සුදු සහල් ද තෝරා ගන්න පුළුවන්.

පෝෂණීය ගුණ රැසක් කැටිවූ හීනටි සහල් ඔබේ ආහාර වේලට හා දරුවන්ගේ ආහාර වේලට එක්කර ගන්න උනන්දු කරවන්න theAsianparent Sri Lanka අපි සිතුවේ කවදත් ඔබේ සුවය හා නිරෝගී බව ගැන සිතන නිසයි.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • අපූරු පෝෂණීය ගුණ ඇති, පිළිකා නසන හීනටි සහල් පුංචි පැටවුන්ට හුරුකරන්න
බෙදාගන්න :
  • ගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයි

    ගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයි

  • සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

    සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

  • ගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයි

    ගී මිශ්‍ර දුන්තෙල් බත් එකක් හදාගන්නේ මෙහෙමයි

  • සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

    සුවඳැල් සහල් වල සැගවුන ‌පෝෂණිය ගුණ වල තතු

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it