පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

පෞද්ගලික ප්‍රදේශ වල රෝම ආරක්ෂිතව ඉවත් කරන්න පුළුවන්.

පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත්  කිරීම ගැන බොහෝ දෙනා ටිකක් ප්‍රසිද්ධියේ කථා කරන්න අකමැතියි නේද?

එහෙත් බොහොමයක් දෙනා ඒ ගැන දැන ගන්න ‌ගොඩාක් කාරණා තියෙනවා. නිවැරදිව ‌‌පෞද්ගලික ප්‍රදේශ වල ‌රෝම ඉවත් කරන්නේ ‌කොහොමද?

එම ප්‍රදේශයේ ‌රෝම ‌කෙටි කරගන්න අවශ්‍ය නම් ඒ සදහා කල යුත්තේ ‌මොනවාද? වැනි ප්‍රශ්න රාශියක් ඔබ ලගත් සමහර විට ඇති.

අන්න ඒ නිසා අපි ඒ පිළිබද වැදගත් වු ලිපියක් ඔබ වෙත ගෙන එනවා.

නිවැරදිව පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත්  කිරීම දැන සිටිමෙන් සමට වෙන හානිය අවම කරගන්න පුළුවන්.

ඔබේ සම ආරක්ෂා කරගනිමින් මෙම අනවශ්‍ය රෝම ඉවත් කරගැනීමට අවශ්‍ය පියවර අපි දැනුවත් වෙමු.

ඔබේ සිරුරේ පෞද්ගලික ප්‍රදේශ සැලකු විට එහි සම ඉතා සංවේදි වෙනවා.

නමුත් එහි ඇති රෝම ඝනයි. ඒ නිසා මෙම රෝම ඉවත් කිරීමේදි ඔබේ සුවිශේෂි සැලකිල්ලක් අවශ්‍ය වෙනවා.

මේ ඔබේ ‌පෞද්ගලික ප්‍රදේශ වල අනවශ්‍ය ‌රෝම පහසුවෙන් හා නිවැරදිව ඉවත් කර ගැනීම සදහා පියවර 7 කි.

පෞද්ගලික ප්‍රදේශ වල රෝම  කෙටි කරන්නේ කොහොමද?

ඇත්තටම ඔබට අවශ්‍ය මෙම ප්‍රදේශ වල රෝම කෙටි කිරීම පමණක් නම් ඔබට ඒක පහසුවෙන් කරන්න පුළුවන්.

ඒ සදහා ඔබට අවශ්‍ය වන්නේ කතුරක්, ඉලෙක්ට්‍රික් රේසර් එකක් හෝ බිකිනි ලයින් ටිමර් එකක් පමණයි.

ඔබට මෙම පෞද්ගලික ප්‍රදේශ පැහැදිලිව දැකිය නොහැකි නම් දර්පණයක් ඒ සදහා භාවිතා කරන්න.

එවිට සමේ සිදුවෙන සිරීම් , තුවාලවීම් මෙන්ම කැපීම්ද වළක්වාගන්න ඔබට පුළුවන්.

ඇත්තටම මෙලෙස පෞද්ගලික ප්‍රදේශ වල රෝම  කෙටි කිරීම එම ප්‍රදේශ වල රෝම ඉවත් කිරීමේදි භාවිතා කරන එක් ප්‍රධාන පියවරක්ද වෙනවා.

එසේ කිරීමෙන් එය ඔබේ සමට මෙන්ම රේසරයට ආරක්ෂාවක් ලැබෙනවා.

ඔබ ‌මෙලෙස ඔබේ ‌පෞද්ගලික ප්‍රදේශ වල ‌රෝම ‌කෙටි කිරීමට ‌යොදා ගන්නා උපකරණ පිරිසිදු කර භාවිතයට ගැනීම ‌මෙන්ම පිරිසිදුව ගබඩා කිරීමද කරන්න.

එය ඔබගේ සනීපාරක්ෂාවට ‌මෙන්ම බැක්ටිරියා ආසාදන වලින් ඔබ ආරක්ෂා කර ගැනීමට ‌හේතු ‌වෙනවා.

පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත්  කිරීම 

පොෟද්ගලික අවයව ආශ්‍රිත ප්‍රදේශ ආසන්නයේ රෝම ඉවත් කිරීමේදි සැලකිමත් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා.

පළමුවෙන්ම ඔබ එහ ප්‍රදේශයේ සංවේදි සමට හානියක් නොවීමට වග බලාගත යුතුය.

අනවශ්‍ය කැපීම් ඇතිවීමෙන් විෂබීජ ආසාදනය වීමටද පුළුවන්. ඒ වගේම නොවැඩුන රෝම සම යට සිරවීමෙන් ආසාදනය වෙන්නත් පුළුවන්.

ඒ නිසා ඔබ ඔබේ පෞද්ගලික ප්‍රදේශයන් වල රෝම ඉවත් කරන විට පහත පියවර අනුගමනය කරන්න.

පළමු පියවර : මිය ගිය සමේ සෛල ඉවත් කිරීම 

මුලින්ම මෙම ප්‍රදේශයේ හිස කෙස් කෙටි කරන්න.

ඉන්පසු මෘදු ස්ක්‍රබ්, භාවිතා කර මෙම ප්‍රදේශය මෘදුව ස්ක්‍රබ් කරන්න.

ඒ මගින් රෝම ඉවත්කිරීමට පෙර මළ සෛල ඉවත් වෙන අතර නොවැඩී සම යට ඉතිරි වෙන රෝම නිසා ඇති වෙන ආසාදන තත්වයන් ඒ මගින් වළක්වගන්න පුළුවන්. 

දෙවන පියවර :තියුණු පිරිසිදු රේසරයක් භාවිතා කරන්න

පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

මොට වුනු රේසර් තලයක් භාවිතා කිරීමෙන් තුවාල, ගැටිති හා දැවිල්ල ඇතිවීමේ අවදානම වැඩි කරනවා.

එලෙස ඔබේ ‌මේ සං‌වේදි සම මත තුවාල හා කැපීම් ඇති වීම බැක්ටිරියා ආසාදන සදහා ‌‌ෙහේතු විය හැකි බැවින් සෑම විටම ඔබේ ‌රේසර‌යේ තලය ගැන සැලකිලිමත් ‌වෙන්න.

ඒ නිසා රෝම ඉවත් කිරීමට තියුණු පිරිසිදු රේසරයක් භාවිතා කරන්න.

රේසරයේ තලයෙන්  ඔබේ සම මතට රළු බවක් දැනේ නම්, රෝම ඉවත් කිරීමෙන් පසු කැසීම ඇතිවෙනවා නම් අලුත් රේසරයකට මාරු වෙන්න.

එපමණක්ද නොව, ඔබේ පෞද්ගලික අවයව ඇති ප්‍රදේශයන් බැක්ටීරියා ආසාදන වලට ලක් විය හැකි බැවින් ඒ සදහා වෙනම රේසරයක් භාවිතා කරන්න. 

පියවර 3: රෝම ඉවත් කිරීමට පෙර අදාල ස්ථානය සෝදන්න

උණුසුම් වතුරෙන් හෝ සාමාන්‍ය ජලයෙන්  ඔබේ පෞද්ගලික ප්‍රදේශය අවම වශයෙන් මිනිත්තු පහක් සෝදා , එම ප්‍රදේශය හොදින් පිරිසිදු කරගන්න.

රෝම තෙත්වනවිට මෘදු වෙන අතර එය කපා දැමීම පහසු කරයි. 

පියවර 4 : රෝම ඉවත් කිරීමට යොදන ක්‍රීම් ආලේප කරන්න ( ‌ෂේවින් ක්‍රීම්)

පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

රෝම ඉවත් කිරීමට යොදන ක්‍රීම් තෙතමනය පවත්වා ගැනීමට උපකාරී වන අතර තලය ඔබේ සම හරහා වඩාත් මෘදුව  ගමන් කිරීමට ඉඩ සලසනවා.

මේ මගින් සමේ එකම ස්ථානයේ රෝම කැපීම වළක්වන අතර ඒ නිසා සමට සිදුවෙන හානියද වළක්වයි.

මේ සදහා ඔබේ සමට අසාත්මික ‌නොවන ආලේපනයක් ‌තෝරා ගන්න.

පියවර 5 : රෝම වර්ධනය වෙන  දිශාවට රෝම කපන්න

රේසරය මත මෘදු ලෙස තද කර, රෝම  වර්ධන දිශාවට රේසරය ගෙන යමින් රෝම කපා ඉවත් කරන්න. 

බ්ලේඩ් එක පිරිසිදුව තබා ගැනීම සඳහා සෑම කපා දැමීමකින් පසුවම රේසරය සෝදන්න.

රෝම ඉවත් කිරීම සමීපව කිරීමට අවශ්‍ය නම් රෝම ඉවත් කිරීමට යොදන ක්‍රීම් නැවත ආලේප කර රෝම  වර්ධන දිශාවට එරෙහිව රෝම කපන්න.

ඔබ ‌මෙලෙස ඔබේ ‌පෞද්ගලික ප්‍රදේශ වල ‌රෝම ‌කැපීමට කිරීමට ‌යොදා ගන්නා උපකරණ පිරිසිදු කර භාවිතයට ගැනීම ‌මෙන්ම පිරිසිදුව ගබඩා කිරීමද කරන්න.

එය ඔබගේ සනීපාරක්ෂාවට ‌මෙන්ම බැක්ටිරියා ආසාදන වලින් ඔබ ආරක්ෂා කර ගැනීමට ‌හේතු ‌වෙනවා.

පියවර 6 : රෝම කැපීම අවසන් වූ පසු මොයිස්චරයිසර් ආලේප කරන්න

පෞද්ගලික ප්‍රදේශ වල රෝම ඉවත් කිරීම සදහා මග පෙන්වීම

රෝම කැපීම අවසන් වූ පසු එම ප්‍රදේශය සෝදන්න.

ඉන්පසු  ඔබේ සම හොදින් වියළා ගෙන සහ මෘදු ඇල්කොහොල් රහිත මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න.

ඔබේ සමට ගැලපෙන හා ඔබේ සමට අසාත්මික ‌නොවන ආලේපනයක් ‌තෝරා ගැනීම වැදගත් ‌වෙනවා.

ඔබට තද ඇඳුම් ඇඳීමට අවශ්‍ය නම් අමතර ආරක්ෂාවක් සඳහා,  එම ඇඳුම් ඇඳීමට ‌පෙර අවම  වශයෙන් පැයක්වත්  ඔබේ සමට සුවය ලබා දෙන්න.

පෞද්ගලික ප්‍රදේශයේ රෝම ඉවත් කිරීමේ වෙනත් ක්‍රම මොනවාද?

රෝම කැපීමට අමතරව, ඔබට රෝම ඉවත් කිරීමට තවත් ක්‍රම තියෙනවා. වැක්ස් කිරීම ඉන් එක් ක්‍රමයක්. මේ පිළිබද අපි පසුව කථා කරමු.

ඔබට ‌මේ ලිපියෙන් අවශ්‍ය දැනුම ලැබෙන්න ඇතැයි අපි සිතනවා.

මුලාශ්‍ර - www.gillettevenus.com

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි