කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

කවසකි රෝගය මොකද්ද ඒ?  ඔබ ඒ ගැන අහලා නැතිනම් කියවා දැනුවත් වෙන්න.

කවසකි රෝගය මොකද්ද ඒ?  නිතර අහන රෝගයක නමක් නෙමෙයි වුණත් කොරෝනා රෝගයත් එක්කම කවසකි රෝගයත් ඔන්න දැන් ලංකාවටත් ඇවිත්.

කොවිඩ්-19 ව්‍යාප්තියත් සමඟ ළමුන් අතර කවසකි රෝගය ව්‍යාප්ත වීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවට විදෙස් රටවලින් වාර්තා වී තිබේ.

එලෙස ලෝකයේ රවල් කිහිපයක දරුවන්ට වැළඳුණු කවසාකි රෝගය මෙරටද පවතින බවට කොළඹ ළමා රෝහලේ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අම්මා කෙනෙක් මේ රෝගය හා වු අත්දැකීම් අනෙක් මව්වරුන් හා මෙහෙම බෙදාගත්තා.

ඇනී ඉන්ගලස් නැමති අම්මාගේ 6 හැවිරිදි පුත් කාලෙබ්ට මද උණ සමග බිබිලි , උදාසීනත්වය, මුඛ වේදනාව සහ ආහාර රුචිය අඩු වීම දින තුනක් තිස්සේ පැවතුනා.

ඒ නිසාම මේ අම්මා තම දරුවාට යම් බරපතළ රෝග තත්වයක් වැළදි ඇතැයි කණගාටු වුනා.

කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

දරුවාගේ දිවේ වු අසාමාන්‍ය දරුවාගේ පියාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඇයගේ සැකය තවත් වැඩිවුනා.

ඒ නිසාම ඇය දරුවාගේ ළමා රෝග විශේෂවෛද්‍යවරයා  හා වයිබර් ඔස්සේ සම්බන්ධ වී දරුවාගේ දිවේ ඡායා රූපයක් ඔහු වෙත යැව්වා.

දරුවාට වැළදි ඇත්තේ කවසාකි රෝගය විය හැකි බව ඔහු පිළිතුරු පණිවුඩයක් එවමින් කියා සිටියා.

මෙම රෝගය කලින් හදුනා ගෙන හදවතට හානි වීම වළක්වා ගත හැකි වීම සහනයක් බව මේ පිලිපීන අම්මා අප හා පවසා සිටියා. 

ඇය ෆේස්බුක් සටහනක් තබමින් සිය අත්දැකීම් සියල්ලම අනෙක් මව්වරුන් හා බෙදා ගත්තා.

මේ දුර්ලභ, නමුත් භයානක රෝගයක් පිළිබඳ අනෙක් මව්වරුන්  දැනුවත් වෙනු ඇතැයි ඇය බලාපොරොත්තු වු අතර එය කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් ජීවිත කාලය පුරාම බලපෑම් ඇති විය හැකි බවත් ඇය සදහන් කලා.

එය දුර්ලභ රෝගයක් වුවත් ඒ ගැන දැන සිටීම වැදගත්බවත් එය ඔබ දන්නා කෙනෙකුට වැළදිය නොහැකි තරම් දුර්ලභ නොමැති බවත් ඇය සිය වතාවකට වඩා ෂෙයාර් වුන ෆේස්බුක්  සටහනේ සදහන් කලාය.

ඊළඟ දවසේ ඔවුන් දරුවා සදහා  CBC  රුධිර පරීක්ෂණයක් මෙන්ම 2 ඩී එකෝ පරීක්‍ෂණයක් සිදු කලා. 

එමඟින් ඔවුන්ගේ ළමා රෝග විශේෂ වෛද්‍යවරයාගේ මූලික රෝග විනිශ්චය තහවුරු වුනා.

මේ රෝගය පිළිබදව කලින් අන්තර්ජාලයේ කියවා ඇති බැවින් ඇය බිය වු බව ඇනී තවදුරටත් පැවසුවා.

කවසකි රෝගය ගැන දැන ගනිමු

කවාසාකි රෝගය මුඛය, සම සහ වසා ගැටිති වලට බලපාන රෝගයකි.

වයස අවුරුදු 5 ට අඩු ළමුන් තුළ එය බහුලව දක්නට ලැබෙනවා.

මේ රෝගය සදහා නිශ්චිත හේතුව තවම සොයා ගෙන නැහැ.

නමුත් මෙම රෝගය මුල් අවධියේ හදුනා ගැනීම වැදගත් වෙනවා.

එහි රෝග ලක්ෂණ කලින් හඳුනාගත් පසු, මෙම රෝගය වැළදි ඇති දරුවන්ට දින කිහිපයක් ඇතුළත සුවය ලබන්න පුළුවන්.

නමුත් රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ කල දින 10 ක් ඇතුලත ප්‍රතිකාර නොකළහොත් එය දරුවෙකුගේ හදවතට බරපතල අවදානම් ඇති කරන්න පුළුවන්.

රුධිර වාහිනී ඉදිමීම මෙම රෝගයේ සංකූලතාවයක් වෙන අතර එය හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි වලට සිදු වු විට තත්වය භයානක වෙනවා.

එය හෘදයේ සාමාන්‍ය රිද්මයට මෙන්ම හෘද කපාට ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරන්න පුළුවන්.

දරුවාට මෙම රෝගය ඇති බව හදුනා ගැනීම

තම දරුවාගේ  ළමා රෝග විශේෂවෛද්‍යවරයා උණ හා වසා ගැටිති නිසා මෙම තත්වය රෝගයකට අධික ලෙස ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස විග්‍රහ කර තියෙනවා.

ආසාදනයකදී නෙකුත් සියලුම වැදගත් අවයව ඇතුළු ශරීරය එයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ හා වසා පද්ධතිය ක්‍රියාත්මක කරමින් වැඩිපුර වෙහෙස වෙනවා.

ආසාදනය පහව ගිය පසු හදවත හැර අනෙක් අවයව සංසුන් වෙනවා.

මේ රෝගයට ඉබේ සුව විය හැකි අතර  සමහර විට එය නොදැනුවත්වම ඉවත් වෙනවා.

ඉන්පසු ඇතිවෙන රෝග ලක්ෂණ ඈන් කොතරම් බිය කලාද යත් ඇය එය මුළු ලොවටම අද හඩ ගා කියනවා.

හදවත රෝගයෙන් පසුත් වැඩිපුර වැඩ කරන නිසා කවසාකි ධමනි හා සමහර විට හෘද මාංශ පේශි වලට පහර දෙන බව ඇය අනතුරු අඟවනවා. 

ධමනි ප්‍රදාහයන්ට ලක් විය හැකි  අතර ප්‍රතිකාර නොකල හොත් දරුවාගේ මුල් වැඩිහිටි ජීවිතයේදී නිර්වින්දනය හා හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්.

මෙම රෝගයේ රෝග ලක්ෂණ බොහෝ විට අදියර කිහිපයකින් දකින්නට ලැබෙනවා.

පළමු අදියරේදි දින 5  වත් පවතින උණක් ඇතිවෙන්න පුළුවන්. 

රෝගයේ මෙම අදියර සති 2 ක් දක්වා පවත්න්න පුළුවන්.

ඇනීගේ පුත් කාලෙබ් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් මුලදීම දරුවාගේ දිවේ වු වෙනස් කම් හදුනාගන්න සමත් වුනා.

අවධානයෙන් සිටිය යුතු කවසකි රෝගය හා සම්බන්ධ වෙනත් රෝග ලක්ෂණ 

  • දැඩි ලෙස ඇස් රතු වීම
  • පපුව, ආමාශය සහ ලිංගේන්ද්‍රිය මත රෑෂ් මතු වීම
  • මුඛය රත් පැහැ වු වියළි ඉරිතලා ගිය ස්වභාවයෙන් යුක්ත වීම
  • සෙම් ගෙඩි ඇතිවීම
  • අත්ල සහ පතුල් ඉදිමීම (දම්-රතු පැහැය)
  • වසා ගැටිති ඉදිමීම

මෙම රෝගයෙන් පෙළෙන දරුවෙකු දෙවන අදියරට පිවිසීමෙන් පසු, ඔවුන්ගේ අත් සහ පාදවල සමේ විශාල කොටස් ගැලවී යාමට පටන් ගනී.

කවසකි රෝගයේ රෝග ලක්ෂණ ගැන ඔබ දන්නවාද?

මෙම භයානක රෝග ලක්ෂණය සමගම පාචනය, වමනය, සන්ධි වේදනාව සහ උදර වේදනාව ඇතිවෙන්න පුළුවන්

කවාසාකි රෝගය සදහා ප්‍රතිකාර කිරීම

මෙම රෝගයේ වර්ග 2 කි.

සාමාන්‍ය කවසාකි තත්වයේදි  සෑම රෝග ලක්ෂණයක්ම පෙන්වන අතර අසාමාන්‍ය කවසාකි තත්වයේදි  දරුවා එක් රෝග ලක්ෂණයක් පමණක් පෙන්වයි.

කාලෙබ්ට මද උණ තිබු අතර ඔහුගේ වසා ගැටිති ඉදිමී නොතිබුන නිසා ඔහුට අසාමාන්‍ය  කවසාකී රෝගය තිබු බවට වර්ග කර තිබුනා.

එසේ කලේ රෝගය වැලදි සය වෙනි දිනයි.

හෘද වාහිනී සංකූලතා වළක්වා ගැනීම සදහා  කවාසාකි ප්‍රතිකාරය උණ ආරම්භ වී දින 10 ක් ඇතුළත කල යුතුයි.

මෙහිදි වෛද්‍යවරුන් දරුවා පරීක්ෂා කර බලා ඒ සදහා යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රම දෙක අවශ්‍ය පරිදි  යොදා ගනු ලබනවා.

කාලෙබ්ට නම් මෙම ප්‍රතිකාර දෙකම සිදු කර තිබුනා.

මෙම දරුවා රෝග ලක්ෂණ ආරම්භ වී  හයවෙනි දවසේ සිටි අතර ඉක්මන් ප්‍රතිචාර දැක්වූ වෛද්‍යවරුන්ට ඇනී ස්තුති වන්තවෙනවා.

නිර්දේශිත කාලරාමුව සිටීම නිසා ප්‍රතිකාර ඵලදායී වීමට හේතු වී තිබුනා.

දරුවාගේ බර අනුව ඖෂධ  මාත්‍රාව ගණනය කරන නිසා  ප්‍රතිකාරය මිල අධික බවත් ඇනී සදහන් කලා.

කාලෙබ් හොදින් වැඩී සිටිය දරුවෙකු වුනා. ඔහුගේ බර කිලෝග්‍රෑම් 33.9 වු නිසා ඖෂධ සදහා ඉහළ මිලක් දරන්න වුනා.

ඒ නිසාම පැය 12 ක් ඇතුලත විශාල මුදලක් වැය වී තියෙනවා.

මෙම ලිපිය ලියවෙන මොහොත වෙන විටත් ඔවුන් කාලෙබ්ගේ ළමා හෘද රෝග විශේෂවෛද්‍යවරයාගේ නිල අවසරයක් බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා.

කාලෙබ් යථා තත්ත්වයට පත් වුවත්  හෘද රෝග විශේෂවෛද්‍යවරයාගේ අවසර ලබා ගන්නා තෙක් ඔහුට සතියක් මුළුල්ලේම පාසැල් යාමට නොහැකි වී ඇති බවත් හෘදයේ රෝගී තත්වය අඩුවෙන තුරු දිගටම ඖෂධ ගන්නට සිදුවෙන බවත් ඇනී සදහන් කළා.

කවසකි රෝගය ගැන වු භීතිකාවෙන් මේ අම්මා ඉගෙන ගත්ත පාඩම

කවසාකි රෝගය

අවසාන වශයෙන්, ඇනී මෙම භයානක අත්දැකීමෙන් ඇය ඉගෙන ගත් දේවල් මෙසේ සදහන් කලා.

1. කවාසාකි රෝගය හඳුනා නොගෙන ප්‍රතිකාර නොකළ විට භයානක ය.

එය වැඩිහිටි වියට පා තබන දිගු කාලීන විනාශකාරී බලපෑම් ඇති කරන්න පුළුවන්.

ඒ නිසා  සරල ලෙස පෙනෙන ආසාදන දෙමාපියන් විසින් නොසලකා හැර නොසිටීම වැදගත් වෙනවා.

2. විවෘත මනසකින් යුක්ත වන අතර සියලු හැකියාවන්  සහිත දක්ෂ වෛද්‍යවරයකු සොයා ගැනීම වැදගත්ය.

එම වෛද්‍යවරයා පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි වීම මෙන්ම ඔහු ඉක්මනින් ක්‍රියා කරන අයෙකු විය යුතුයි

3. යම් රෝගයක් දුර්ලභ යැයි සැලකූ පමණින්, එය ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වැළදිය නොහැකි යැයි කියන්න බැහැ.

4. පුර්ව ක්‍රියාකාරි වන්න. ඔබට උදව් ලැබෙන සම්පත් සොයන්න. රජයේ රෝහල් විසින් සපයනු ලබන පහසුකම් පිළිබඳව දැනුවත් වෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය හා සංස්කරණය - නදීශා ලක්මිණි

මුල් රචනය:Bianchi Mendoza

මූලාශ්‍ර: sinhala.newswire.lk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි