theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

5 අවම කියවීම
දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාරදරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

ඔබේ දරුවාගේ සෞඛ්‍යයට අහිතකර ආහාර ගැන දැනුවත් වෙන්න.

දෙමාපියන් නිතරම තම දරුවන් කන කෑම ගැන උනන්දු වෙනවා. කනස්සලු වෙනවා. ඔබේ දරුවාට අහිතකර කෑම වලින් වැලකී නිසි පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලැබීම අත්‍යවශ්‍ය සේම හරි ආහාර පුරුදු හා හරි ආහාර ලබාදීමත් මගින් ඔවුන්ගේ මොලය හා මතකය වර්ධනයට ඉවහල් වෙනවා.

දරුවන් ගන්න ආහාර ඔවුන්ට කෙතරම් වැදගත් දැයි දෙමාපියන් නිතර වදවෙන අතර ඉන් මොලයට හා ඔවුන්ගේ මතකයට කෙතරම් බලපෑමක් කරනවාදැයි දැනගැනීම වැදගත්. බැංගලෝරයේ කොලොම්බියා ඒෂියා රෝහලේ පෝෂණවේදී පවිත්‍රා කේ.

රාජ් සමග කළ සාකච්ඡාවකට අනුව ඔබේ දරුවාගේ මොලයේ වර්ධනයද මතක ශක්තියට හිතකර හා අහිතකර ආහාර ගැන කතා කළා.

දරුවාට අහිතකර කෑම වර්ග මොනවාද?

1. ඔබේ දරුවා කන කෑම දරුවාගේ මොලයට බලපාන්නේ කොහොමද? දරුවාට අහිතකර කෑම තිබෙනවාද?

දරුවන්ගේ නිසි කායික හා මානසික සුවය වෙනුවෙන් දරුවන් ගන්න ආහාර හා ඒවා ගන්න ආකාරය දෙමාපියන්ගේ නිරන්තර අවධානයට ලක්වියයුතු වෙනවා. නිසි ආහාර හා පුරුදු නිසා දරුවන්ගේ ශක්තිය, මොලයේ ක්‍රියාකාරිත්වය හා ඔවුන්ගේ හැඟීම්ද ශුභදායි කරනවා.

දරුවාගේ පළමු වසර තුන තුළ දී ලබාදෙන ආහාර මත ඔවුන්ගේ බුද්ධි වර්ධනයට විශාල බලපෑමක් ඇතිකරන අතර මේද හා සීනි අධික ආහාර වලින් හැකිතරම් දරුවන් ඈත්කර තැබීමට දෙමාපියන් වගබලා ගත යුතු වෙනවා.

පෝෂණය දරුවාට ලබාදිය හැකි විශිෂ්ටතම දෙය වන අතර එය දරුවාගේ පළමු අවුරුදු කිහිපය තුළදී ඉතා වැදගත් වෙනවා.

2. දරුවාගේ මොලයේ වර්ධනයට ඉවහල් වන ආහාර වර්ග මොනවාද?

දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර

  • බිත්තර - බිත්තර ප්‍රෝටීන් බහුල ආහාරයක් වන අතර බිත්තර කහ මදයේ ඇති කෝලින් මගින් දරුවාගේ මතක ශක්තිය වැඩි කිරීමට උදවු කරනවා.
  • කිරි හා යෝගට් - මොලයේ සෛල වර්ධනයට දිනපතා කිරි ආශ්‍රිත ආහාර ලබාදීම වැදගත් වන අතර එහි ඇති විටමින් B ඊට උදවු වෙනවා. එමගින් මොලයේ ඇති එන්සයිම වල ක්‍රියාකාරිත්වය හොඳින් සිදුවෙනවා. කිරි හා යෝගට් වල කාබෝහයිඩ්රේට් අඩංගු නිසා මොලයේ වර්ධනයට ඉන් වැදගත් මෙහෙයක් ඉටු කරනවා.
  • වර්ණවත් එළවළු - තක්කාලි, බතල, වට්ටක්කා, කැරට් වැනි තද පැහැයෙන් යුතු එළවළු වල ප්‍රතිඔක්සිකාරක ගුණයන් ඇති නිසා මොලයේ සෛල ශක්තිමත් හා නිරෝගී කරනවා.
  • මාශ බෝග හා බෝංචි - මේ මගින් ප්‍රෝටීන් හා විටමින් හා ෆයිබර් ලැබීම සිදුවෙනවා. මාශ බෝග මොලයේ වර්ධනයට කදිමයි. ඉන් දරුවන්ගේ ධාරණ ශක්තිය හා සිතීමේ ශක්තිය වැඩි කරනවා. විවිධ බෝංචි වර්ග වල අඩංගු විටමින් ඔමේගා 3 වැනි දේ මොලයේ වර්ධනයට වැදගත් වෙනවා.
  • බෙරි වර්ග - ස්ට්‍රෝබෙරි, බ්ලුබෙරි, බ්ලැක් බේරී වල ප්‍රතිඔක්සිකාරක ගුණ වැඩියි. විශේෂයෙන් විටමින් C අඩංගු වෙනවා. මේ මගින් පිළිකා වලින් වැළකීමේ ශක්තිය ලැබෙනවා. ඒවා වල ඇති ඇට වල ඔමේගා 3, මේදය ද ඉතා ගුණ දායකයි.
  • ඇට වර්ග - පීනට් හා අර්මන්ඩ් වල විටමින් බහුලයි. එහි ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය ස්නායු වල ක්‍රියාකාරිත්වයට වැදගත් වෙනවා.
  • ධාන්‍ය වර්ග - මොලයට නිරන්තරයෙන් ග්ලුකෝස් සැපයුම අත්‍යවශ්‍ය වන අතර එහි අඩංගු විටමින් B මගින් ශරීරයේ ස්නායු පද්ධතිය ශක්තිමත් කරනවා. ඒ වගේම ශරීරයට අවශ්‍ය ග්ලුකෝස් සැපයුම ඒකාකාරී කරනවා.
  • ඕට්ස් - මොලයේ වර්ධනයට ඕට්ස් ඉතා හොඳ ආහාරයක් වගේම දරුවන්ට උදෑසන ආහාරයක් ලෙස හොඳ ජවයක් ශක්තියක් එමගින් ලබාදෙනවා. එහි ෆයිබර්, විටමින් E, B, පොටෑසියම් සහ සින්ක් අඩංගු නිසා මුළු ශරීරයේම ක්‍රියාකාරිත්වය ඇතුළු මොලයේ ක්‍රියාකාරිත්වයට විශේෂයෙන් උදවු වෙනවා.
  • මස් - සැමන් වල ඇති ඔමේගා 3 හා ෆැටි ඇසිඩ් DHA, EPA මොලයේ වර්ධනයට හා ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් වෙනවා. 

3. දරුවාට අහිතකර කෑම මොනවද ?

  • පෙර පිසූ හා පැකට් කළ ආහාර - පැකට් කරන ලද චිප්ස් , ලුණු යෙදූ චිප්ස්, පිට්සා, බර්ගර්, ප්‍රින්ගල්ස්, ක්ෂණික නුඩ්ල්ස්, MSG අඩංගු ආහාර විශේෂයෙන් හානිකර වෙනවා. MSG යනු රසඛාරකයක් වන අතර එමගින් දරුවන්ගේ හැසිරීම් හා හැඟීම් වෙනස් කරන අතර හිසේ රුදාව වැනි රෝග ඇතිවීමට මග පාදනවා. ක්ෂණික කෑම වලින් හැකි තරම් ඈත්වීම මීට හොඳම පිළියමයි.
  • කෘතිම කෑම - බොහෝ රටවල කෘතිම වර්ණඛාරක තහනම් කර ඇත්තේ ඉන් මොලයට හානි සිදු කරන නිසයි. ADHD, නොරිස්සුම, අධික්‍රියාකාරිත්වය, හිසරදය වැනි දේවල් දරුවන් තුළ ඇතිවීමට මෙය හේතු වෙනවා වගේම හැසිරීමටද බලපානවා.

දරුවාට අහිතකර කෑම

බොහෝ කෘතිම කෑම වල කෘතිම වර්ණ ඇතුලත් කර ඇති අතර සීනි නිසා දරුවන්ගේ හැසිරීම වෙනස් වන බව දෙමාපියන් පවසනවා.

සමහර විට යෝගට් වැනි කෑම වලත් කෘතිම වර්ණ සැඟවී තිබෙන්න පුළුවන්. මිශ්‍රිත ආහාර මගින්ද දරුවාගේ වර්ධනය හා සංවර්ධනය අඩාල කරන බව පැවසෙනවා.

  • පැකට් කරන ලද බීම /සෝඩා /ශීතකළ බීම /කැෆේන් අඩංගු බීම /තේ /කෝපි - කැෆේන්, චොක්ලට් හා අයිස් ටී වල අඩංගු වෙනවා. ඒ වගේම බොහෝ නිෂ්පාදිතයන් ඒවා සෝඩා වලටද අඩංගු කරනවා. සාමාන්‍ය කෝලා බීම බෝතලයක කැෆේන් මිලිග්‍රෑම් 36-46 ක් තිබිය හැකි අතර Nutrition නම් ටොරෙන්ටෝ පොදු සෞක්‍ය සංගමය මගින් කරන ලද ලිපියක මේ බව සඳහන් වෙනවා. දරුවන්ගේ කුඩා ශරීර වලට කැෆේන් මගින් වන බලපෑම වැඩි නිසා අධික්‍රියාකාරිත්වය, හිසේ රදය, බඩ රිදුම, නොරිස්සුම, නින්ද අඩුකම ආදිය ඇති වෙනවා.
  • සීනි - සීනි මගින් දරුවන් උවමනාවට වඩා ක්‍රියාකාරී කරනවා. එමගින් දරුවන්ගේ ක්‍රියාකාරකම් වලට බාධා ඇති කරනවා වගේම ඔවුන්ගේ හැසිරීම් ස්වභාවය වෙනස් කරනවා. 

4. මේදය අධික ආහාර දරුවාගේ මොලයට හොඳයිද?

වෙනස් කරන ලද මේදය හා සංතෘප්ත මේදය අඩංගු ආහාර ශරීර සෞක්‍යට අහිතකර වෙනවද?

මොලයේ වර්ධනයට හොඳම මේද කාණ්ඩය වන්නේ MUFA හෙවත් (අසංතෘප්ත මේද අම්ල) හා PUFA ( පොලි අසංතෘප්ත මේද අම්ල) ලෙස හඳුන්වනවා.

PUFA මේද අම්ල කැනෝලා තෙල්, ඉරිඟු තෙල්, සෝයා ඇට තෙල්, එළවළු තෙල්, තල තෙල්, රටකජු තෙල් වල අඩංගු වෙනවා.

ඔලිව් තෙල්, ඇට වර්ග එනම් ආමන්ඩ්, කජු, රටකජු, අලිගැට පේර හා ඇට වලින් නිෂ්පාදනය වෙන තෙල් වල MUFA මේදය අඩංගු වෙනවා.

5. දරුවාගේ මතකය වර්ධනය වන කෑම වර්ග මොනවාද ?

  • කෝලින් - මොලය උද්දීපනය හා අලුත් සබඳතා ගොඩනගා ගැනීම හා මතක ශක්තිය වැඩිකර ගැනීමට උදවු වෙනවා.
  • කෝලින් අඩංගු වන බිත්තර, මාළු තෙල්, සෝයා ඇට, බටර්, පීකුදු, අල, කොලිෆ්ලවර් ඔයිල්, තල ඇට වැනි දේ ඉතා හොඳයි.
  • හාවඩ් පර්යේෂණ වලට අනුව ඇන්තොසයිනින් හා කුයර්සෙටින් ද මතකය වැඩි කිරීමට උදවු වෙනවා. මේවා බෙරි, චෙරි, බ්ලැක් කරන්ට්, රතු කළු හා දම් මිදි, රතුළුණු, අතු ඇපල් බීම, ලීක්ස්, චෙරි තක්කාලි, බ්‍රොකලි, බ්ලූ බෙරි සහ ඇප්‍රිකොට්ස් වැනි ආහාර වල අඩංගු වෙනවා.
  • ෆෝලික් ඇසිඩ් මනසේ තොරතුරු නැවත මතකයට නගා ගැනීමට උදවු වන අතර උදෑසන ආහාර සිරියල්, සෝයා ඇට, ග්‍රීන් පීස්, බ්‍රොකලි, දොඩම් වැනි පලතුරු හා ආහාර වලින් ලැබෙනවා. 

6. කෑම කන්න අකමැති දරුවන්ට

දරුවන්ගේ ක්‍රියාකාරකම් වල වෙනස්කම් ඇත්නම් ආහාර සම්බන්ධ පොතපත ලිපි ඇසුරුකර ගන්න. ඉහතින් දක්වන ලද ආහාර ලබාදීමෙන් වෙනස්කමක් ඇත්දැයි සොයා බලන්න.

බබාගේ ආහාර

ඒ වගේම මේ උත්සාහයෙනුත් දරුවන්ගේ ක්‍රියාකාරකම් වල වෙනස්කම් දකින්නට නැත්නම් ඔහු යම් රෝගයකින් පෙළෙනවාදැයි සොයා බලන්න.

දරුවාගේ මොලය වර්ධනය ගැන මවක් දරුවෙකු පිළිසිඳ ගත්දා සිටම සිතන නිසා මේ වටිනා තොරතුරු theAsianparent Sri Lanka අපි ඔබ වෙනුවෙන් සොයා ගියා.

theIndusparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Nisansala Liyanage

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • දරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ආහාර
බෙදාගන්න :
  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

  • බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

    බිළිඳුන්ට දෙන මූලික ආහාර: දෙමාපියන්ට අගනා උපදෙස්

  • ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

    ඔබේ දරුවාගේ වර්ධනය අඩාල කරන ආහාර වර්ග 6 ක්

  • ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

    ගැබිනි සමයේ යෝනියෙන් ගන්ධ පිටවීමට  හේතු 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it