theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පියයුරු ලස්සන කරගන්න කැමතිද? එය හිතන තරම් අමාරු නැහැ!

4 අවම කියවීම
පියයුරු ලස්සන කරගන්න කැමතිද? එය හිතන තරම් අමාරු නැහැ!පියයුරු ලස්සන කරගන්න කැමතිද? එය හිතන තරම් අමාරු නැහැ!

ලස්සන පියයුරු යුගලකට හිමිකම් කියන්න නිළියක් වෙන්න අවශ්‍යම නැහැ. ගෙදරදීම පහසුවෙන්ම කළ හැකි මේ දේවල් ඔබව ලස්සන කරනවා නියතයි.

ලස්සන පියයුරු වලට පිරිමි විතරක් නෙවෙයි කාන්තා අපිත් කැමතියි. විශේෂයෙන්ම තමන්ගේ පියයුරු ලස්සන කරගන්න අකමැති කාන්තාවක් නැතිව ඇති.

ආසාව තිබුනට උනන්දුව නම් මදි ඇතැයි කියා සිතෙන්නේ බොහෝ කාන්තාවන්ගේ විශ්වාසය මෙය කළ නොහැකි දෙයක් කියායි. කනින් කොනින් ඇහෙන විධියට අනුව බොහෝ කාන්තාවන් විශ්වාස කරන්නේ පියයුරු ලස්සන් කරගන්න ප්ලාස්ටික් සැත්කම් හෝ වෙනත් භාහිර ක්‍රමවේද වලට යොමු විය යුතු බවයි.

නමුත් ගෙදරදීම, පහසුවෙන්ම තමන්ටම ලස්සන පියයුරු හදාගන්න පුළුවන් කීවොත් ඔබට එය සතුටුදායක ආරංචියක් වනවා නොඅනුමානයි.  ඉතින් ඒ ආරංචිය තමා මේ ඔබ වෙත ගෙන එන්නේ.

පියයුරු ලස්සන කරගන්නට කලින් පියයුරු පිටුපස ඇති විද්‍යාත්මක සත්‍යතාව ගැන මදක් සොයා බලමු.

පියයුරු කියන්නේ කාන්තාවකගේ ශරීරයේ වඩාත්ම දෘඪ බවෙන් අඩු කොටසයි. කාන්තා පියයුර්‍රු ක්ෂීරපායී ග්‍රන්ථි, මේදය, රුධිර නාල සහ සංවේදක ස්නායු වලින් සමන්විත වනවා. ඒවා චර්මය සහ යාබද මාංශ පේශි මගින් රඳවා තබා ගන්නවා.

ගුරුත්වාකර්ෂණය, ගර්භණීභාවය, පුනරාවර්තන ආහාර පාලනය සහ හෝමෝන වෙනස්වීම් වලට යටත්ව, කාලයත් සමඟ ඒවා ගිලා බැස, ඉදිමීමට හා හැකිලීමට ලක් වන නිසා අසමමිතික හා අසමාන ස්වරූපයක් ගන්නටත් පුළුවන්.

1. නිවැරදි බ්‍රා එක තෝරන්න

නිවැරදි බ්‍රා එක ඇඳීම ගැන විශේෂයෙන් ලංකාවේ කාන්තාවන් වැඩිපුර අවධානයක් යොමු කරන්නේ නැහැ.  නමුත් තමන්ගේ ප්‍රමාණයට සරිලන නිවැරදි බ්‍රා එක ඇදීම ඉතා වැදගත් බව සිහි තබාගත යුතුයි.

හොඳින් ගැලපෙන බ්‍රා එකක් තෝරා ඔබේ පපුවට ආධාර කිරීම සඳහා සෑම දිනකම එය අඳින්න.

පියයුරු ලස්සන කරගන්න කැමතිද? එය හිතන තරම් අමාරු නැහැ!

ලස්සන පියයුරු සඳහා නිවැරදි බ්‍රා එකක් තෝරාගන්නේ කොහොමද?

    • ඔබේ බ්‍රා සයිස් එක නිවැරදිව තීරණය කරගන්නට නිවැරදි ලෙස මිමි ලබාගත යුතු වනවා. මෙසේ මිමි ලබාගැනීමට ඔබ බ්‍රා එක පළඳින්නේ නැතිව වුවද කරගන්නට පුළුවන්.
    • නමුත් ඔබට සුව පහසු බ්‍රා එකක් පැළඳගෙන මිමි ගැනීම ඔබට වඩාත් පහසු වේවි. ඔබේ පියයුරු එල්ලා වැටීමට නොදී සෘජුව සිටින ලෙස අත් පටි සකස් කරගන්න.

පියයුරු ලස්සන කරගන්න කැමතිද? එය හිතන තරම් අමාරු නැහැ!

    • මුලින්ම පියයුරු වලට යටින් මැනගන්න. මෙම මිම්ම X යැයි ගනිමු

 ලස්සන පියයුරු 2

    • දැන් පියයුරු වටා මැනගන්න. මෙය Y කියා සළකමු

ලස්සන පියයුරු 1

    • Y වලින් X අඩු කරන්න (Y - X)
    • මෙම අගය නියෝජනය කරන්නේ ඔබේ බ්‍රා එකේ කප් සයිස් එකයි
    • ඔබේ බ්‍රා සයිස් එක වන්නෙ පියයුරු යට මිම්ම හා කප් සයිස් එකයි

දැන් ඔබ ඔබේ කප් දන්නා බැවින් හොඳ ප්‍රමිතියෙන් යුත් හොඳ බ්‍රා එකක් ඔබේ බ්‍රා සයිස් එක අනුව පැළද බලන්න. නිවැරදි සයිස් එක වුවත් ඔබට යම් අපහසුතාවක් දැනේ නම් එයට ළඟින් යන වෙනත් කප් සයිස් එකක් ඇඳ බැලීමට පසුබට වන්නට එපා.

2. සීතල සම්බාහනයක්

පියයුරු වලට සීතල වතුර සම්බාහනය්ක් කිරීමෙන් එම පටක වල දැඩි බව රැකගන්න පුළුවන්.

සීතල වතුර මගින් ක්ෂණිකව රුධිර නාල අවහිර කිරීමක් සිදු වනවා. රුධිර සංසරණය උත්තේජනය කරනවා. එමෙන්ම සෛලීය හුවමාරුව වැඩි දියුණු කරන අතර දෘශ්‍යමාන ලෙස පටක තද කරනු ලබනවා.

සමේ තන්තු වලට හානි නොවන පරිදි ප්‍රවේසමෙන් මෙය ගැල්වීමට වගබලාගන්න.

පියයුර වටා රවුමට පිටත සිට ඇතුළට පිරිමදින්න. අනෙක් පියයුරත් එලෙසම සම්භාහනය කරන්න..

3. ලස්සන පියයුරු සඳහා ස්වභාවික වට්ටෝරු

සම ස්ථීර කිරීම සඳහා, තයිම් (thyme) ඉති ග්‍රෑම් 30 ක් සහ රෝස්මරී ග්‍රෑම් 30 සමඟ වතුරේ තම්බාගන්න.

මෙය නිවුනි පසු වතුර පෙරාගෙන පියයුරු මත හොඳින් ගල්වා මිනිත්තු 10-15 ක් තබන්න. පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

4. පෝෂ්‍යදායී ආහාර

ඔබේ දෛනික ආහාර වේල සෞඛ්‍ය සම්පන්න එකක් වීම ඔබේ පියයුරු වල සෞඛ්‍යය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් සාධකයක්.

නිරෝගී ශරීර බරක් පවත්වා ගැනීමට එය ඔබට උපකාරී වනු ඇත. ඔබේ සිරුරේ බරෙහි නිරන්තර උච්චාවචනයන් නිසා ඔබේ පියයුරු එල්ලා වැටිය හැකි බැවින් ඔබේ බර ස්තීරව පවත්වාගෙන යාම ලස්සන පියයුරු යුගලක් සඳහාද බලපානවා.

5. ලස්සන පියයුරු සඳහා සජලනය

ඔබේ පියයුරු සජලනයකිරීමත් මෘදු කිරීමත් සඳහා, ඒවා සම්බාහනය කරන්න.

සෑම විටම පිටත ස්නිට ඇතුළට තන පුඩුව දෙසට සම්භාහනය කරමින් තනපුඩුව වටා සම්භාහනය කරන්න.

අලිගැට පේර තෙල්, ඔලිව් තෙල් මෙන්ම පොල් තෙල් ද මෙම සම්භාහනයට භාවිතා කරන්න පුළුවන්.

මේවා සමාන කොටස් වලට මිශ්‍ ක්රගන්න්ට පුළුවන්. (උදාහරණයක් ලෙස මිලි ලීටර් 50 බැගින්).

අලිගැටපේර වලින් පඨක නැවත ප්‍රතිජනනය කරනවා. සම ආරක්ෂා කරනවා. විටමින් බහුල වන අතර සංවේදී සම සඳහා අලිගැටපේර වඩාත් සුදුසු වනවා.

ඔලිව් තෙල් ප්‍රතිඔක්සිකාරක සහ විටමින් වලින් පොහොසත් වන අතර සම වයසට යාම මන්දගාමී කරනාව. මෙවා මගින් සම ප්‍රතිව්‍යුහගත කිර සම ගැඹුරින් පෝෂණය කරනවා.

6. නිරන්තර පියයුරු සත්කාරය

ඔබේ පියයුරු එල්ලා වැටීම වැළැක්වීම සඳහා සෑම දිනකම ටොනිං ව්‍යායාම කිරීම පුරුද්දක් කරගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
  • කැඩපතක් ඉදිරිපිට සිටගෙන, දෑත් ඉදිරිපසට ගෙන වැඳ වැටෙන ඉරියව්වෙන්  දෑත් එකට එකතු කර, වැලමිට පිටතට තබා ඔබේ අත්ල එකිනෙකට තෙරපන්න.
  • මෙය 20 වතාවක් කරන්න. එකම ස්ථානයක, ඔබේ දෑත් සිරස් අතට ඔසවා පපුවේ මට්ටමට පහත් කරන්න.
  • 10 වතාවක් නැවත නැවත කරන්න.
  • කෙළින් සිටගෙන, උකුල් මට්ටමින් දෑත් ඔබ පිටුපසින් තබා, සෙමින් ඔසවන්න.
  • ඔබට පපුවට යටින් ඇදෙන සේ ඔබට  දැනිය යුතුය. දැන් ලිහිල් කරන්න.
  • 20 වතාවක් නැවත නැවත කරන්න.

මීට අමතරව ඔබ පවත්වාගෙන යන ඉරියව්ව යනු ඔබේ පෙනුමේ සහ පියයුරු වල හැඩයේ විශාල වෙනසක් ඇති කරන තවත් සාධකයකි.

එබැවින්, ඔබ සිටගෙන හෝ වාඩි වී සිටින විට, ඔබේ පිටුපසට කෙළින් තබාගෙන ඔබේ ශරීරය මෙන්ම පියයුරු ගැන ආඩම්බරයෙන් පසුවන්න.

පින්තූරු: Aniwa.lk

මූලාශ්‍ර: sofeminine.co.uk

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

 

 

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විලාසිතා
  • /
  • පියයුරු ලස්සන කරගන්න කැමතිද? එය හිතන තරම් අමාරු නැහැ!
බෙදාගන්න :
  • ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

    ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

  • දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

    දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

  • ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

    ලංකාවේ දෙමාපියන්ට තම පවුල් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කළ හැකි ක්‍රම 20ක්

  • දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

    දරු උපතෙන් පසු පියයුරු එල්ලා වැටීම පාලනය කර ගැනීමට රහස් 6 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it