theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණා

4 අවම කියවීම
දරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණාදරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණා

නිතර හැදෙන්න පුළුවන් නාසයෙන් සොටු දියර ගැලීම මට්ටු කරන්න අම්මලාට කරුණු කිහිපයක්.

හචිස්  හචිස් .... දරුවෝ මූණ රතු කරගෙන සොටු දියර ගලමින් අපහසුවෙන් ඉන්නකොට අම්මලාට හරිම දුකයි. රෑට නින්දක් නෑ. දරුවන්ට හුස්ම ගන්න බැහැ. දරුවන්ගේ නාසයෙන් සොටු දියර ගැලීම ඉවරයක් නෑ. එත් මේකට අපිට ගෙදරදීම පිළියම් කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්.

හෙම්බිරිස්සාව සමහර වෙලාවට මාස කිහිපයකට සැරයක් නැත්නම් ඊටත් වඩා ළඟ ළඟ හැදෙනවා. ඇත්තටම ඔවුන් පෙරපාසල් හෝ පාසල් යනවා නම් මේක වළක්වන්න අමාරුයි.

හෙම්බිරිස්සාව එන්නේ තවත් අපහසුතාවයන් කිහිපයකුත් අරගෙනයි. කිවිසුම් යාම, කැස්ස, නහයේ හිර ගතිය, උගුර රිදීම. එත් මේ අතර වතුර වගේ සොටු දියර ගැලීම පොඩ්ඩන්ට දරාගන්න අමාරුයි. මේ වගේ සොටු දියර ගැලීම අසාදන අසාත්මිකතාවයන් නිසාත් ඇති වෙන්න පුළුවන්.

වතුර වගේ හැම වෙලේම නාසයෙන් සොටු දියර ගැලීම

ඉතින් ගොඩක් වෙලාවට පොඩ්ඩෝ නහයෙන් වතුර වගේ සොටු දියර ගලන කොට අතින් නැතිනම් ඔවුන් ඇඳගෙන ඉන්න ඇඳුම් වලින්, නැත්නම් බිත්තිවල, නැත්නම් ඒගොල්ලන්ගේ සහෝදර සහෝදරියන්ගේ ඇඟේ ආදී වශයෙන් තැන් තැන් වල ගානවා.

අස්වැසිල්ලකට එක කාරණයක් තමයි හෙම්බිරිස්සාවෙන් හැදෙන සොටු දියර ගැලීම එතරම්ම කරදරයක් දෙන්නේ  නැති එකයි. මේ තත්වයට සමහරුන් ෆාමසි වලින් ගත හැකි  antihistamines වැනි බෙහෙත් වර්ග තියෙනවා.

ඉන් දරුවන්ගේ නහයෙන් සොටු ගැලීම, ඇස් වලින් කඳුළු ගැලීම ආදී අපහසුතාවයන් නැති වෙනවා. නමුත් ඉන් දරුවන් නිද්‍රාශිලීකත්වය ඇති වෙන්න පුළුවන්.

බොහෝ දරුවන්ට  විශේෂඥයින් හෙම්බිරිස්සාවට ෆාමසි වලින් හිතුමතේට ලබාගන්න බෙහෙත් වර්ග අනුමත කරන්නේ නැහැ. මන්ද ඉහත සඳහන් කළ පරිදි ඉන් වෙනත් අතුරු අබාධ ඇති වීමට බොහෝ ඉඩ කඩ තියෙනවා.

නාසයෙන් සොටු දියර ගැලීම

දරුවන්ගේ නාසයෙන් සොටු දියර ගැලීම සිදුවන්නේ ඇයි?

1. අසාදන නිසා

මේ නිසා සොටු දියර ගැලීම සමග ඇස් රතු වීම හා ඇස් කැසීම සිදුවෙනවා.

2. අලුත උපන් දරුවාට ඇතිවන සිරවීම්

කිසිම හේතුවක් නැතිව ඔබේ අලුත උපන් පුංචි පැටියාගේ නාසයෙන් සොටු දියර ගලනවා නම් ඒ ඔවුන් මෙලොව එළිය දකින මොහොතේ යම් යම් තරලයන් නාස් මාර්ගයේ රැඳීම නිසා ඇති වෙන තත්වයක්.

3. ශීත කාලගුණයට නිරාවරණය වීම නිසා

කිසිම හේතුවක් නැතිව දරුවන්ගේ නාසයෙන් සොටු දියර ගලනවා නම් ඒ ශීත කාලගුණයට හා එහෙත් නැත්නම් සැර කෑම කාපු නිසා වෙන්නත් පුළුවන්.

4. සුලබ හෙම්බිරිස්සාව

සාමාන්‍ය හෙම්බිරිස්සාව හැදුන දරුවෙකුට යාන්තමට උණ, කැස්ස, උගුරේ අමාරු කිවිසුම් යාම ඇති වෙන්න පුළුවන්.

5. ඉන්ෆ්ලුවැන්සාව

ඉන්ෆ්ලුවැන්සාව නැතිනම් හෙම්බිරිස්සා අසාදනය සමග උණ (Flu) ඇති වීම හෙම්බිරිස්සාවට වඩා දරුණු තත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. Flu හෙවත් හෙම්බිරිස්සාව සමග උණටත් නහයෙන් සොටු දියර ගැලීම, මාංශ පේශීන් රිදීම, උගුරේ අමාරු, කරකැවිල්ල, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ හා අපහසුතා ඇති නිසා.

 6. නන්නාඳුනන යමක් නහයේ හිරවීම

දරුවෙකු යමක් නාසයේ සිර කර ගත්තොත් ඒ නිසාත් සොටු දියර ගැලීම, සමහර විට ලේ පිටවීම වුවත් සිදුවෙන්න පුළුවන්.

නමුත් සොටු දියර ගැලීම වැඩිපුර සිදුවෙන්නේ හෙම්බිරිස්සාව නිසයි. ඉතින් එයට ෆාමසි වල නම් ඕනේ තරම් බෙහෙත්. එත් මේ සඳහා ඔබ ගෙදරදීම කල හැකි පිළියම් කිහිපයක් සලකා බැලුවොත් නරකද?

නාසයෙන් සොටු දියර ගැලීම

නාසයෙන් සොටු දියර ගැලීම: පිළියම්

1. සේලයින් ස්ප්‍රේ සහ නහයේ සිරවීම පාලනය

නාසය සූරන්න බැරි පුංචි දරුවන්ට මේ ක්‍රමය ඉතා හොඳයි. නාසයට හරියටම සේලයින් ස්ප්‍රේ කිරීමෙන් නාසයේ ඇති තරලය ඉවත්කළ හැක. සේලයින් ස්ප්‍රේ කුඩා දරුවන්ට හරිම හොඳයි.

පාවිච්චි කරන්නේ කොහොමද?

  • ඔබේ දරුවාට පහසු ලෙස උකුලට ගෙන හිස තරමක් පහත් කරන්න.
  • ඉතා මෘදු ලෙස එක බින්දුවක් නහයට ඇතුල් කරන්න.

මිනිත්තු දෙකකට පමණ පසු aspirator එකක් මාර්ගයෙන් තරලයන් නාස් මාර්ගයෙන් ඉවත් කරන්න. මෙය අනෙත් නාස් මාර්ගයෙත් එලෙසම කරන්න.

2. නාසයෙන් සොටු දියර ගැලීම අඩු කරන්න නාසය සූරන්න

මෙය වඩාත් පහසුයි. දරුවන්ට නාසය සූරන ආකාරය හා නාසයේ ඇති තරලය සූරා දැමීමට කියා දෙන්න. ඔහුට ටිෂු පාවිච්චිය දීම හොඳයි. ඒ වගේම ඒවා වඩා සුදුසු ලෙස කුණු දමන බඳුනකට දැමීමට කියලා දෙන්න.

3. හුඟක් වතුර හා බීම වර්ග බොන්න

වතුර, සුප්, පලතුරු යුෂ, බීම වැනි දේ බොන්න දුන්නොත් නාසයේ ඇති තරලයන් ඉක්මනට ඉවත්ව යනවා.

4. උණුසුම් වතුරෙන් නෑම නාසයෙන් සොටු දියර ගැලීම අඩු කරනවා

හුමාලය සහිත උණුසුම් වතුර නෑමෙන් දරුවාගේ නාස් කුහර තුළ නාසයෙන් සොටු දියර ගැලීම ඇති කරන තරලයන් ඉවත් කිරීමත් පහසු කරනවා.

5. එතරම් සැර නැතිව සාදා ගත් ඉඟුරු තේ

සමහර දරුවන් සොටු තරලය ඉවත් නොකර ගිල දමනවා. එක ඔවුන්ගේ බඩට එතරම් හොඳ නැහැ.

මේ නිසා ඉඟුරු ටිකක් එකතු කරලා තේ ටිකක් දුන්නහම පොඩ්ඩන්ගේ බඩට ඉක්මන් සුවයක් ලැබෙනවා.

ඉඟුරු ටිකක් ග්‍රේට් කරලා හරි තලලා හරි අරගෙන තේ එකට තැම්බෙන්න තියන්න. ඊට මී පැණි ටිකකුත් දැම්මොත් තවත් හොඳයි.

හැබැයි බබාට වයස 1 ට වැඩිනම් විතරක් මී පැණි එකතු කරන්න. රසයයි, සුවයයි දෙකම ලැබෙනවා.

6. දරුවාගේ හිස තරමක් උස වෙන්න තබා නින්දට යවන්න

මේ නිසා නාසයේ සිරවීම් නිසා ඇති වෙන අපහසුතා වළකනවා. ඉන් දරුවාට නින්දට යාමට පහසුවක් ලැබෙනවා.

මීට තුවායක් රෝල් කර හෝ වෙනත් රෙද්දක් යාන්තමට නවා දරුවාගේ කොට්ටයට ආධාරකයක් ලෙස තබන්න. දරුවා ඉතා කුඩා නම් රෙදි කඩක් හෝ තුවායක් පමණක් භාවිතා කරන්න.

runny nose in kids

ඔබ දරුවා රෝහලට රැගෙන යා යුත්තේ කුමන අවස්ථාවේද?

  • සොටු දියර ගැලීම සමග දින දෙකකට වැඩියෙන් තද උණ ඇත්නම්.
  • උණ, ඇඟ රිදීම, වමනය, වැනි රෝග ලක්ෂණ ඇත්නම් (ඉන්ෆ්ලුවැන්සා රෝග ලක්ෂණ)
  • නාස් මාර්ගයේ යමක් හිරවී ඇත්නම්.
  • ආසාදනයක් නිසා සොටු දියර ගලන බව සිතන්නේ නම්.

සුලබ වගේම කරදරකාරී හෙම්බිරිස්සාව හා නාසයෙන් සොටු දියර ගැලීම වැනි කරණා ගැන අපි නොහිතන දේවල් හුඟක් theAsianparent Sri Lanka අපි මතක් කළේ ඔබේ දරුවාත් ඔබත් නිතර නිරෝගිව තබන්නයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

 

img
Written by

Nalika Unantenne

  • Home
  • /
  • රෝග සහ අසාත්මිකතා
  • /
  • දරුවන්ට නිතර හැදෙන නාසයෙන් සොටු දියර ගැලීම ගැන ඔබ දතයුතු කරණා
බෙදාගන්න :
  • Is your child's runny nose due to the Milk and Cookie Disease?

    Is your child's runny nose due to the Milk and Cookie Disease?

  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

  • Is your child's runny nose due to the Milk and Cookie Disease?

    Is your child's runny nose due to the Milk and Cookie Disease?

  • ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

    ඩෙංගු රෝගය 2018: තවත් ආදරණිය තරුණ මවක්, දියණියක් බිලිගනිමින් ඩෙංගු යළිත් හිස ඔසවයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it