දිගටම පැවැත්වෙන ඇඳිරි නීතිය සබඳතාවයට බලපෑම් කරනවාද?

දිගටම පැවැත්වෙන ඇඳිරි නීතිය සබඳතාවයට බලපෑම් කරනවාද?

කවුද කියන්නේ ඇඳිරි නීතිය නිසා නිවාස අඩස්සියේ ඉද්දී සන්ඩු සරුවල් වෙනවා කියලා. මේ දේවල් පිළිපැද දෙදෙනා අතර ආදරය තවත් වැඩිකර ගත හැකි සමයක් මේ.

අකණ්ඩ ඇඳිරි නීතිය නිසා සහකරුවන් අතර සමගිය හා සම්බන්ධතාවයට හානි වෙලාද? මේ ගැන වෛද්‍ය නිර්දේශය වන්නේ, ඔබගේ සහකරුට හෝ සහකාරියට යම් නිදහසක් දෙන්න කියායි. 

කොරෝනා වෛරසය ලොව වෙලාගෙන ඇවිත්, හැමෝම සති ගණන් ගෙවල් ඇතුළට කොටු වෙලා. මේ නිවාස අඩස්සිය ඔබගේ විවාහයට කෙසේ බලපාවිදැයි ඔබ සිටින්නේ අවිනිශ්චිත භාවයෙන්ද?  එවැනි තත්වයක් වළක්වා ගත හැකි ආකාරය වෛද්‍යවරුන් අපට පැහැදිළි කළා.

වෛද්‍යවරුන් පවසන්නේ නිවාස අඩස්සිය ඔබේ සම්බන්ධතාවයට බාධාවක් නොවන ලෙසයි. ඡායාරූපය: පික්සාබේ

දැන් සෑහෙන කාලයක් තිස්සේ අපි අපේ ගෙවල්වල රැඳී සිටිමින් සමාජ දුරස්ථභාවයේ යෙදී සිටිනවා.

සමහරුන්ට මෙය සදා සිහිනයක්ව තිබූ නිවසේ සිට රාජකාරි කිරීමේ සිහිනය සැබෑ වීමක්. තවත් අයට බියකරු යථාර්තයක්.

බොහෝ රාජ්‍ය නායකයින් සති ගණනක් එක දිගට නිවාස අඩස්සිය නිර්ණය කිරීමත් සමඟ ජනතාව මහත් කලබලයට පත්වී තිබෙනවා.

කොරෝනා වයිරසය ලොවම ආක්‍රමණය කර ඇති මෙවැනි කාලයක නිවසේ සිට රාජකාරී  වැඩ කිරීම සැබවින්ම ඵලදායී වනවා.

ඒ අතර, නිවසේ සිට එකට වැඩ කිරීම ද සබඳතාවලට විශාල පීඩනයක් ගෙන දෙනවා. මේ ගැන සිතන්නේ අප පමණක් නොවන බව අපි දනිමු. ඔබ බොහෝ දෙනෙක්ද මේ ගැන සිතමින් සිටින බව අපි දන්නවා.

Trapped හින්දි චිත්‍රපටයේ රාජ්කුම්මාර් රාඕගේ චරිතය මෙන් ඔබටත් හැඟෙන්නට ඉඩ තිබේ. නමුත් අඩු තරමින් ඔහු සිටියේ තනිවමයි.

පවුලේ සාමාජිකයන් සමඟ කොටු වීම සමහරුන්ට තනිව සිටිනවාට වඩා බෙහෙවින් අභියෝගාත්මක විය හැකිය.

කණගාටු වන්න එපා. IndiaToday.in මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ කතා කළේය.

මනෝ විද්‍යාඥයින් වන වෛද්‍ය සංජීව් කල්රා, වෛද්‍ය වීර් ෂර්මා සහ වෛද්‍ය අභා සිං යන අය නිවාස අඩස්සියේ සිටීමේදී ඔබේ සහකරු සමඟ මරාගන්නේ නැතිව සිටිය හැකි ආකාරය පිළිබඳ උපදෙස් ඉල්ලා සිටියහ.

නිවසට කොටු වී සිටින අතරතුර සහකරුවන් අතර සමගිය රැකගත හැකි ආකාර

1. ඔබ ඔබ සඳහා කාලය සොයාගන්න

ආචාර්ය සංජීව් කල්රා පැවසුවේ, “මෙහි ඇති ධනාත්මක දේ බලන්න. මීට පෙර ඔබ දීවා රෑ ගේදොර සහ අනෙකුත් වැඩ කළේ නම්, මෙය ඔබට ඔබගේ අභිවෘද්දිය සඳහා යමක් කිරීමට සුදුසුම කාලයයි.

විනෝදාංශයක් ගොඩනඟාගෙන විනයගරුක ජීවිතයක් ගත කරන්න. සාමාන්‍ය දිනවල පවා මටවත් මා වෙනුවෙන් කාලය සොයාගන්නට අසීරුයි.

මගේ ව්‍යායාම වෙනුවෙන්, සෞඛ්‍යය වෙනුවෙන් ආදිය කාලය වෙන්කරගැනීම අසීරු වී තිබෙනවා. මේ නිසා ඔබේ ශාරීරික මෙන්ම අධ්‍යාත්මික සෞඛ්‍ය වෙනුවෙන් කාලය වෙන්කරගන්න. යෝගා ව්‍යායාම, ප්‍රාණයාම, භාවනා කිරීම, සන්සුන් වීම ආදී අභ්‍යාස වලින් ආරම්භ කරන්න.”

 සහකරුවන් අතර සමගිය

වෛද්‍ය වීර් ෂර්මා,  නිවාස අඩස්සිය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න සහ ඔහු තම රෝගීන්ට නියම කරන දේ අප හා බෙදා ගත්තේය.

ඔහු පැවසුවේ, "මම දැන් කරන්නේ අළුත් භාෂාවක් ඉගෙන ගැනීමයි - රුසියානු භාෂාවෙන්.  එබැවින් මූලික වශයෙන් වෙනත් දෙයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම වැදගත්ය.

පසුගියදා මා වෙසෙන ඉන්දියාවේ දින 21ක නිවාස තුළම රැදීම නිර්ණය කළ බව මා දැනගත් මොහොතේ  අන්තර්ජාලය හරහා මා මෙය ඉගෙන ගැනීමට පටන් ගතිමි. මගේ සේවාදායකයින් බොහෝ දෙනෙකුගෙන් මා ඉල්ලා සිටියේ මෙය උත්සාහ කර බලන ලෙසයි. ”

"දින 21 යනු අලුත් දෙයක් ඉගෙන ගැනීමට, අළුත් වාදන භාණ්ඩයක් වැයීමට ඉගෙනීමට,  අන්තර්ජාලය හරහා පන්ති පැවැත්වීමට වැනි ආස්වාදය ගෙන දෙන ඵලදායී ක්‍රියාකාරකමකින්  කාර්යබහුල වීමට සුදුසුම කාලයයි.

ඔබේ ජීවිතයට ව්‍යායාම එකතු කරගන්න. හිස් මනසක් යනු යක්ෂයාගේ නිජබිමයි; හිස් මනස ඔබව මානසික අවපීඩනයට, කාංසාවට ඇද දමනු ඇත. එබැවින් නිර්මාණාත්මක යමක් කරන්න. ”

වෛද්‍ය අබා මහතා පැවසුවේ, “මේ කාලයේ නිවසේදී රාජකාරී කිරීම සෞඛ්‍ය සම්පන්නව සිටීමට සහ ගෘහස්ථව කාලය නාස්ති කිරීමට හොඳ ක්‍රමයක්.

මේ දිනවල බොහෝ මාර්ගගත ව්‍යායාම ප්‍රභවයන් නොමිලේ ප්‍රවේශය ලබා දෙන අතර ඒවා සොයා බැලීම වටී. නමුත් නැවතත්, ඔබේ හදවතේ ස්පන්දනයට රිද්මයක් එක් කරන ඕනෑම දෙයක් ශාරීරික හා මානසික සෞඛ්‍ය සඳහා විශිෂ්ඨ වේ.”

2. ළමුන් සමඟ ගුණාත්මක ලෙස කාලය ගෙවීම

"ළමයින් සමඟ කාලය ගත කරන්න. ඔවුන් සමඟ ක්‍රීඩා කරන්න; අන්තර්ජාල ක්‍රීඩා නොව භෞතික ක්‍රීඩා වල යෙදෙන්න " යැයි ආචාර්ය කල්රා පැවසීය..

රාජකාරී කරන්නට වෙන් කල වෙනම ස්ථානයක් සහ වෙනම වේලාවක් වෙන් කරගන්න.

"සහකරුවන් සඳහා, සහකරුවන් දෙදෙනාගේ රාජකාරී සඳහා වෙන් කරගත් වේලාව එකිනෙකාට වෙනස් විය යුතුයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් දෙමාපියෙකුට සෑම විටම ළමයින් සමඟ කාලය ගත කළ හැකියි.

ළමා අපචාර

කාල පරාසයන් එකිනෙක ගැටෙන්නේ නැහැ. මෙය වැදගත් කරුණක් වන අතර එය මානසික ආතතිය අඩු කරයි."

ආචාර්ය ෂර්මා පැවසුවේ, "මම දුරකථනයෙන් සැසිවාර පවත්වමි. මම ඔබටද එසේම කරන්නට කියමි. ඔබට වෙනම කාමර තිබේ නම්, වෙනම කාමරවල රාජකාරී කරන්න. මම දැන් ස්වයං-ඇඳිරි නීතිය පනවා සිටිමි.

මම සවස 4 වන තුරු මගේ කාමරයේ රාජකාරී කරමි.  කාලසටහනක් සකසා එය තදින් අනුගමනය කරන්න.

නිවාස අඩස්සිය නිවේදනය කිරීමෙන් පසුව, දැනටමත් කාංසාවෙන් පෙළෙන මගේ රෝගීන් බොහෝ දෙනෙක් මට කතා කොට ඔවුන්ට භීතියක් ඇති වූ බව මට පැවසූහ.ඔබගේ මනස ඵලදායී දෙයකට යොමු කළ යුතුය. එවිට දෙදෙනා අතර මතභේද ඇතිවන්නේ නැහැ. ”

3. ගේදොර වැඩපළ බෙදාගන්න : සහකරුවන් අතර සමගිය

"ගෙදර දොරේ වැඩ බෙදාගන්න. ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ඉවුම් පිහුම් හා වෙනත් වැඩ සඳහා උදව් කළ යුතුයි.

එසේ නොවුවහොත්, කාන්තාවට ඇති පීඩනය හැසිරවිය නොහැකි තරමට වැඩි වන අතර එය ගැටළුවක් වේ. මෙය ගැටුම් ගණන විශාල වශයෙන් අඩු කරයි. "

සහකරුවන් අතර සමගිය

ආචාර්ය ෂර්මාද ඊට එකඟ වූයේ, "ඔබේ පවුලේ අයට ගෙදර දොරේ වැඩට උදව් කරන්න.

මේ කාලය තුළ ඔබේ මවගෙන් ආහාර පිසීමට ඉගෙන ගන්න. මුළුතැන්ගෙයෙහි ඔවුන්ට උදව් කරන්න."

"ඔබේ නිවස අස්පස් කිරීම ඵලදායී හා සැලසුම්සහගත බව දැනීමට හොඳ ක්‍රමයක් විය හැකිය. දරුවන්වද එම කර්තව්‍යයට ඇතුළත් කළ හැකි අතර එය ඔවුන් තුළ වගකීම සහ ස්වාධීනත්වය පිළිබඳ හැඟීමක් වර්ධනය කිරීමට උපකාරී වේ."

4. ඔබේ හවුල්කරුට යම් නිදහසක් දෙන්න

ආචාර්ය ෂර්මා පැවසුවේ, “ඔබේ සහකරුට යම් නිදහසක් දෙන්න. එකිනෙකාගේ කාරණාවලට මැදිහත් නොවන්න.

 ඔබ කාර්යාලයේ සිටින විට ඔබ හැසිරෙන ආකාරයටම හැසිරෙන්න. ඔබේ සහකරුට ඇහුම්කන් දෙන්න. ඔහුට අත දෙන්න.  කිසිවක් බලෙන් පැනවීම නොකරන්න. හොඳ දේ කෙරෙහි අවධානය යොමු කරන්න.

5. කෘතඥතාව පුහුණු වන්න : සහකරුවන් අතර සමගිය

"විශේෂයෙම මේ කාලයේ මේ දේ කරන්න ඵසු නැති බව අපි දන්නවා. නමුත් අප කර ඇති දේවලට කෘතඥතාව පළ කිරීම මානසික සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව නැවත නැවතත් පෙන්වා දී ඇත.

එය දැන් අභියෝගයක් වුවත්, ඔබ ස්තුතිවන්ත පුංචි හෝ දෙයක් වේ නම් ඒවා සටහන් ගත කරන්න.

ඔබට කුඩා දරුවන් සිටී නම් සහ එය පහසු නම්, ඔබට සතුටු විය හැකි සහ ඔබ ස්තූතිවන්ත වන දේ ගැන ශබ්ද නඟා කතා කිරීමට හා ලැයිස්තුගත කිරීමට උත්සාහ කරන්න.

එය දරුවන් තුළ කෘතඥතාවයේ පුරුද්ද ඇති කිරීම ඔවුන්ට උපකාරී වේ.

සමාජ සංදර්ශනයට මුල් තැන ලැබෙන වර්තමාන ලෝකයේ, ඔවුන් සතුව සැබවින්ම ඇති පුංචි දේවල් පිළිගැනීමේදී, ලෝකයේ වැඩි වටිනාකමක් ඇති දේ තමන් සතුව ඇති බව ඔවුන් වටහාගනිති.

6. ඔබේ මානසික බැමි වලින් මිදෙන්න

ආචාර්ය අභා ඉතා වැදගත් කරුණකින් ඔහුගේ කතාව අවසන් කළා. ඇය පැවසුවේ, "මෙය මතක තබා ගත යුතු වැදගත්ම දෙය විය හැකිය; ඔබේ නිවසේ දේවල් නිසි ලෙස සිදු නොවන විට ඔබ ඔබටම වරද පටවාගන්න එපා.

අනෙක් සියල්ලටම වඩා, ඔබ ගැනම කලකිරීම  මුළුමනින්ම ප්‍රතිඵල විරහිත ක්‍රියාවකි. දරුවන් පමණට වඩා රූපවාහිණී නරඹනවා නම් හෝ පැය ගණනක් වීඩියෝ ක්‍රීඩා කරන්නේ නම්, එය ලෝකයේ අවසානය නොවේ.

ටික කාලයක් යන තුරු දෛනික ජීවිත සුමට එකක් නොවේවි.

ඔබට ඔබේ කාලසටහන අනු ක්‍රියා කරන්නට නොහැකි නම් හෝ ඔබේ නිවසේදී සැලසුම්ගත කළ ආකාරයට දෛනික ව්‍යායාම කළ නොහැකි නම් , දිගු කාලීනව වත් එය ඒ තරම් බැරෑරුම් අපරාදයක් නොවේ.

මේ අපි මුළුමහත් ලෝකයක් එකට මුහුණ දෙන අභියෝගයක්.

ඉතින් ඔබේ දෛනික ක්‍රියාවලියේ සිදුවන වෙනස්කම් ගැන කනස්සළු වනවාට වඩා මීළඟට ඔබ කළ යුතු වදගත් කාර්‍යය කුමක්ද යන්න වෙනුවෙන් කාලය යොමුකිරීම වඩාත් වැදගත් වනු ඇත.

සාරාංශය නම්, එකිනෙකාට ඉඩ අවශ්‍ය නිදහස ලබා දෙන්න. ගෙදර දොරේ වැඩ බෙදාගන්න. අලුත් දේවල් ඉගෙන ගන්න.

කාර්යාල වේලාවන්හි වෙනම කාමරවල රාජකාරී කරන්න. එකිනෙකාගේ ජීවිතවලට ඕනෑවට වඩා මැදිහත් නොවන්න.

වඩාත්ම වැදගත් දෙය නම්, ඔබම  ඔබේ දෛනික ක්‍රියාවලියට යම් ලිහිල් බවක් ඇති කිරීමෙන් මෙම නිවාස අඩස්සිය වඩාත් සන්සුන් ලෙස පසු කරගන්නට හැකි වීමයි. ඔබට මෙම කාලය භුක්ති විඳීමටද  කුඩා හැකියාවක් ඇත.

මූලාශ්‍ර: indiatoday.in

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

Written by

Niloufer Perera

කතන්දර ලිපි