නපුරු නැන්දම්මා එක්ක සහයෝගයෙන් ඉන්න අමාරුද? මේ ක්‍රමය උත්සාහ කරන්න

නපුරු නැන්දම්මා එක්ක සහයෝගයෙන් ඉන්න අමාරුද? මේ ක්‍රමය උත්සාහ කරන්න

ඔබ ප්‍රායෝගිකව සෑම දෙයක්ම උත්සාහ කළත් තවමත් ඔබේ නපුරු නැන්දම්මා සමඟ සම්බන්ධ වීම අසීරු නම්, සමහර විට අවංක නමුත් ගෞරවනීය ආකාරයකින් පොඩ්ඩක් පසුබාන්න.

ඔබ ප්‍රායෝගිකව සෑම දෙයක්ම අත්හදා බැලුවද තවමත් ඔබේ විශකුරු,  නපුරු නැන්දම්මා සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගන්නට අපහසුයිද? සමහර විට අවංක නමුත් ගෞරවනීය ආකාරයකින් පොඩ්ඩක් පසු බසින්නට කාලය ඇවිත් වන්නට පුළුවන් නේද?

ඔබේ සැමියාගේ මවත් ඔබ දෙදෙනාගේ කාරණා වලට මැදිහත් වෙනවාද? ඇයගේ හොඳ නම දිනාගන්න ඔබ  කළ හැකි සෑම දෙයක්ම උත්සාහ කර ඇතත් එයින් කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

ඇත්තවශයෙන්ම, ආපසු එකට එක කිරීමට ඔබට බොහෝ සිත් දිය හැකි මුත් ඔබගේ විවාහය තුළ ගැටුම් ඇතිකිරීමට එය හේතු වනු ඇත්ද?

ඒ අතර, එය අනාගතයේ දී ඔබේ නපුරු නැන්දම්මා සමඟ හොඳ කෙසේ වෙතත් සාමාන්‍ය හෝ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ඇති අවස්ථාවන්ටද බාධා විය හැකිය.

ඉතින් මේ තත්වයට සාර්ථකව මුහුණ දිය හැකි එක් ක්‍රමයක් වන්නේ, පියවරක් පසුපසට ගැනීමයි. නැතහොත් “සෞඛ්‍ය සම්පන්න ආත්මාර්ථකාමිත්වය” වෙන්කර හඳුනා ගැනීමයි.

මහාචාර්ය සහ කතුවරයා වන ආචාර්ය ඉවෝන් කේ. ෆුල්බ්‍රයිට් Psychology Todayහි මෙසේ ලියයි. ඒ ඔබ අදාළ සිදුවීමෙන් මොහොතකට ඉවත් විය යුතු බවයි.

නිදසුනක් ලෙස, ඔබේ නැන්දම්මා ඔබට දුරකථනයෙන් අමතන්නේ නම්, ඊට  පිළිතුරු දෙන්න එපා.

ඔබ මානසිකව වඩාත් සන්සුන් වන අවස්ථාවක් එන තෙක් සිට, ඇය කතා කරන්නට යන කුමණ හෝ කාරණාව සම්බන්ධයෙන් කතා කරන්නට ඔබ මානසිකව සූදානම් යැයි සිතන අවස්ථාව පැමිණි විට, ඇයට කෙටි පණිවිඩයක් යවන්න.

ඇයට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔබ හා පහසුවෙන්ම සම්බන්ධ විය හැකි යැයි පෙන්වන්නට උත්සහ කරන්නට ඔබ අපහසුවෙන් හෝ ඇයට ඉඩ ලබා දුන්නහොත්, ඔබ ගැටුම් ඇති කර ගැනීමට ඉඩ වැඩි කරගන්නා අතර, ඔබ ඒ ගැන පසුව පසුතැවෙනු ඇත.

පරතරයක් තබාගැනීම ප්‍රධානතම දෙයයි:  ඔබ ප්‍රතිචාර දක්වන්නට පෙර නැවත එකඟතාවට එන්න..

නපුරු නැන්දම්මා එක්ක සහයෝගයෙන් ඉන්න අමාරුද? මේ ක්‍රමය උත්සාහ කරන්න

‘සෞඛ්‍ය සම්පන්න ආත්මාර්ථකාමිත්වය’ සහ 'සෞඛ්‍ය සම්පන්න නොවන ආත්මාර්ථකාමීත්වය' අතර වෙනස කුමක්ද?

ඔබ, ඔබට මුල්තැන හා ප්‍රමුඛතාව දියයුතු අතර ඔබ ගැනම සැලකිල්ලලක් දැක්විය යුතු ආකාරය ඉගෙන ගැනීම සෞඛ්‍ය සම්පන්න ආත්මාර්ථකාමිත්වයට නිදසුනක්.

ඔබටම ප්‍රමුඛතාවක් දී කටයුතු කිරීමට ඔබේ චර්‍යාවේ පුරුද්දක් නැතිනම්, ඔබට සුදුසුම දේ ඔබ තීරණය කරන්නට පෙළඹෙන්නේ අනුන්ගේ කැමැත්ත මත වනවා.

ඔබට සෞඛ්‍ය සම්පන්න ස්වයං රැකවරණ පුරුදු නොමැති විට, අන් අයගේ හැඟීම් සහ අවශ්‍යතා නොසලකා හරින ඔබට වඩාත් සුදුසු දේ සොයා ගැනීමට අවස්ථාවක් තිබේ.

නිදසුනක් වශයෙන්, ඔබේ නපුරු නැන්දම්මා ඔබව ගණන් නොගෙන, ඔබේ දරුවන් සම්බන්ධයෙන් ඔබේ අධිකාරිය මැදිහත් වීමේ හෝ අවතක්සේරු කිරීමේ පුරුද්දක් තිබේ නම්, ඔබ කළ යුතු පළමු දෙය එය පෞද්ගලිකව නොගැනීමයි.

ඇගේ දෘෂ්ටිකෝණය උපකල්පනය කරන්න. ඇය වෙනස් පරම්පරාවකට අයත් බැවින් ඇගේ දෙමාපිය ශෛලිය ඔබට වඩා වෙනස් ය.

ඔබේ ඉවසීම සහ අවබෝධය දිගු කර ගැනීමට උත්සාහ කරන්න.

ඇය ඔබේ ආදරණීයයාව හදා වඩා ලොකුමහත් කළ බව මතක් කර දෙන්න. එවිට ඇයට සියල්ල නරක විය නොහැක.

සෞඛ්‍ය සම්පන්න ආත්මාර්ථකාමීත්වයට තවත් උදාහරණයක් වන්නේ ඔබේ නැන්දම්මාගේ  හැඟීම් ගැන සැලකිලිමත් වෙමින් සීමාවන් නියම කිරීමයි.

නිදසුනක් වශයෙන්, ඇය වැන්දඹුවක් නම් සහ ඔබ සහ ඔබේ දරුවන් සමඟ ඉරිදා දිවා ආහාරය බලාපොරොත්තුවෙන් සිටී ද?

එසේ නම් ඇයට එය අහිමි නොකරන්න. එහෙත්, ඇය ඔබට රිදවන හෝ අගෞරව කරන්නේ නම්, ඇය සමඟ ආදරයෙන් කතා කරන්න.

ඇය ඔබව වෙනස් කිරීම හෝ ඇසීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, පළිගන්න එපා.

ඈ සමඟ සුහදව කටයුතු කරන්න. ඇය සමඟ සබඳතා පවත්වන ආකාරය ඔබේ අනෙකුත් සබඳතා පවත්වන ආකාරයට වඩා වෙනස් විය හැකියි.

ඇය සමඟ ඇති බැඳීම් නිසා හෝ ඇය සමඟ කාලය ගත කිරීමෙන් ඔබේ පවුල නැති කරගැනීමට හෝ එය බලපෑම් වලට ලක්කිරීමට ඔබටබැහැ.

මේ නිසා ඇය සමඟ ගත කරන කාලය කඩින් කඩ කරන්න.

ඒ සම්බන්ධයෙන් (හැකි නම්) සම්මුතියක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න.

මෙම ක්‍රමයට අමතරව නපුරු නැන්දම්මා කෙනෙක් සමඟ කටයුතු කරන වෙනත් ආකාර 5 ක් 

1.  නපුරු නැන්දම්මා එක්ක රණ්ඩු ‌නොවී ඉන්න නම් සීමාවන් පවත්වා ගන්න

ලින්ග් ෆර්නැන්ඩස් නැමති මව ඇයගේ අත් දැකීම් මෙහෙම බෙදා ගන්නවා.

 "ඔබේ සහකරු සහ ඔබ දෙදෙනාම එකම අදහස් දරන්නේ නම් මෙය කරන්න පහසුයි.

එසේ නැතිනම්  ඔබ සහ ඔබේ සහකරු අතර අන්‍යෝන්‍ය එකඟතාවයකට පැමිණිය යුතුය. මගේ සැමියා හා මා එකම අදහස් දරන නිසා මා වාසනාවන්තයි, “

 "අවසානයේදී  විවාහය සහ පවුල බවත් නැන්දම්මලා හා මාමාලා දෙදෙනාම වැදගත් බවත් අපි දෙදෙනාම අවබෝධ කරගෙන ඉන්නවා.

ඒ වගේම අපිට අවශ්‍ය දේවල් දන්නේත් අපි විතරක් බවත් අපි එකගයි, ”

ඔබගේ නැන්දම්මාගේ උපදෙස් සලකා බැලීම වැදගත් වෙන අතර අවසානයේදී තීරණය ගැනීම ඔබ සතුයි.

ඔබ අවබෝධයෙන් යුතුව ඔබේ නැන්දම්මා සමඟ සීමාවන් පවත්වා ගත යුතුය.

හොඳ නැන්දම්මා

2.ඔබේ සැමියාගේ උදව් ඉල්ලන්න 

තවත් මවක් වන ලූස් අබුවෙලා ඇයගේ අත්දැකීම් මෙසේ බෙදා ගත්තා

 "මගේ ස්වාමිපුරුෂයා ඔහුගේ  පවුලේ අයට පැහැදිලි කිරීම් සියල්ලම කරනවා.

විශේෂයෙන් යම් මාතෘකාවක් පිළිබඳව අපට විවිධ මත තිබේ නම් එය පැහැදිලි කරන්නේ මම නොවෙයි මගේ සැමියායි.

එසේ නොවුනා නම්  එය වරදවා වටහා ගැනීමක් ඇති කරන්න පුළුවන්," 

 "කවදා හෝ එම මාතෘකාව නැවත මතුවුවහොත්, එයට පිළිතුරු දෙන්නෙත් මගේ ස්වාමිපුරුෂයායි. මම ඒ ගැන වද වෙන්නේ නැහැ, "

ඔබේ නැන්දම්මා ඔබේ ස්වාමිපුරුෂයාට වැඩි වශයෙන් ඇහුම්කන් දීමට විශාල හැකියාවක් තියෙනවා නිසා  මෙය හොඳ උපදෙස් වේවි.

ඔබේ නැන්දම්මා සමඟ කෙලින්ම ගැටීම වළක්වා ගැනීමටද එය ඔබට උපකාරී වෙනවා.

3. ස්වාධීන වන්න 

තවත් මවක් වන ටින් ලාරා අපට පවසන්නේ ස්වාධීනවීම ඒ සදහා ප්‍රධාන වෙන බවයි. ඇය ඇයගේ අත්දැකීම් මෙසේ බෙදාගන්නවා.

 "අපි  විවාහ වු  දිනයේ සිටම ජීවත් වුනේ  නැන්දම්මා ලග නොවෙයි වෙනමමයි. එය අපට බොහෝ සෙයින් සහයක් වුනා.

අපගේ නව පවුල සඳහා අපි තවමත් අඩිතාලම ගොඩනඟමින් සිටිනවා.  ඔබට ගැටළු ඇතිවිය හැකි දේවල් හා පුද්ගලයන් ගෙන් ඈත්ව සිටිම සුදුසුයි. ”

“ අපි අපේම ප්‍රශ්න විසඳ ගන්නවා. ඒ වගේම අපි යුවළක් සහ පවුලක් විදියට ගොඩාක් ස්වාධීනයි.“ 

 බොහෝ මව්වරුන්ට පීඩා කරන ගැටලුවකට එය ඉතා ප්‍රායෝගික ආරම්භයක් වේවි.

ඔබ නිවසේදී දේවල් කරන ආකාරය සඳහා ගැලපෙන ඔබේම මාපිය ශෛලිය වර්ධනය කිරීමට, ඔබේ නැන්දම්මා හා මාමා ගෙන් ස්වාධීනව සිටීම උපකාරි වෙනවා

4. කතා කිරීම ඵලක් නොවේ නම් රණ්ඩු නොවී ඉන්න

 තීරණ විවේචනය කරන නැන්දම්මා සමඟ ගනුදෙනු කිරීමේදී තීක්ෂණ බුද්ධිය භාවිතා කිරීම ගැන  ෂරොන් එන් නැමති අම්මා මෙහෙම කියනවා.

කාන්තාවන් තම නැන්දම්මා සමඟ හොඳින් කතාබහ කළ යුතු බවත්, තත්වය විසඳිය නොහැකි නම්, ගැටුම් වලක්වා ගැනීම වඩාත් සුදුසු බවත් ඇය පැවසුවා. 

සමහර විට, ඔබට මිනිසුන්ගේ කැමත්ත ගැනීමට හෝ ඔබව තේරුම් කිරීමට අසීරු වෙන්න පුළුවන්. , ඔබේ නැන්දම්මා සම්බන්ධයෙන්ද එය එසේම වෙනවා.

ෂැරොන් පැවසූ ආකාරයටම, ඔබට එය සුහදව යමක් කළ නොහැකි නම්, ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා ඔබේ නැන්දම්මාගෙන් ඈත් වී සිටීම වඩාත් සුදුසුයි.

5. නපුරු නැන්දම්මා සමඟ බැඳීමක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න 

මවක් වන හුයි කුන් එන් අපට පවසන්නේ ඇගේ නැන්දම්මා සමඟ ඇති බැඳීම ඔවුන්ට වඩාත් සමීප වීමට ඉවහල් වූ බවයි.

ඇය තම අත්දැකීම් මෙලෙස බෙදා ගන්නවා.

නපුරු නැන්දම්මා එක්ක සහයෝගයෙන් ඉන්න අමාරුද? මේ ක්‍රමය උත්සාහ කරන්න

 

 "අපි පවුලේ අනෙක් අයට ආහාර පිළියෙළ කිරීම සඳහා කාලය ගත කළා. මම ඇය සමඟ විවිධ කෑම වර්ග හැදුවා.

වරක් අපි තනිව සිටියදී ඇය පැරණි සිදු වු දේවල් මතක් කලා. ඇය මට ඡායාරූප පෙන්වමින් ඇගේ දරුවන් ඇති දැඩි කිරීම වැනි දේවල් ගැන මට පැවසීමට පටන්ගත්තා, "

 මෙයද හොඳ අදහසක්. ඔබ හා ඔබේ නැන්දම්මා වරදවා වටහා ගැනීමට හේතුවක් වන්නේ ඔබ එකිනෙකා ගැන හොඳින් නොදැන සිටීමයි.

ඔබේ නැන්දම්මා ගැන දැන ගැනීම ඔවුන් ඔබට දෙන උපදෙස් වලට අනුව ඔවුන්ගේ අදහස් තේරුම් ගැනීමටද උපකාරී වෙනවා.

ශ්‍රී ලංකාව වැනි නැන්දම්මා ලේලී ගැටුම් නිතර දකින්න ලැබෙන රටක ඉන්න අපිටත් මේ විදේශිය අම්මලාගේ උපදෙස් වටිනවා.

මට නම් හිතෙන්නේ නැන්දම්මා හා ලේලි කියන දෙදෙනා ජිවිතයේ කිසිම දාක ස්පර්ශ නොවී නමුත් සමාන්තරව යන  රේල් පාරක පිලී දෙකක් වගේ ජිවත් විය යුතුයි කියලායි.

ගැහැණුන් පිරිමින්ට වඩා සංකීරණ ජිවින් නිසා එවන් සංකීරණ ජිවිත දෙකක් නිතර ස්පර්ශ වෙමින් තැබීම අනවශ්‍ය කරදර වලට මුල පිරිමක් වෙනවා.

කොයිතරම් දේවල් අපි කිව්වත් කොයි තරම් උපදෙස් අපි දුන්නත්  එහි අසීරු බව දන්නේ මේ නැන්දම්මා ලේලි සටන නිසා පීඩා විදින චරිත පමණයි.

මේ ලෝකයේ නැන්දම්මත් ජිවත් විය යුතුයි. ලේලිත් ජිවත් විය යුතුයි.

ඒ නිසා එකිනෙකා ස්පර්ශ නොවී අවබෝධයෙන් සමාන්තරව ජිවිතය දිගේ ඉදිරියට ඇවිද යෑම ඔබ දෙපලට පමණක් නොව පවුලේ අන් සියල්ලන්ටමත් සැනසීමක් ලබා දේවි.

ඔබටත් ඔබේ නැන්දම්මා හෝ ලේලිය සමග ඇති අත්දැකීම් අපිත් එක්ක අපේ මිතුරු මව්වරුන් එක්ක බෙදාගන්න පුළුවන්. ඒ සදහා පහලින් ඇති කමෙන්ට් තීරුව භාවිතා කරන්න. 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

Written by

Bianchi Mendoza