කාර්‍යබහුලතාව නිසා බිඳවැටුණු ලිංගික ජීවිතය ගොඩ ගන්න ක්‍රම 6

කාර්‍යබහුලතාව නිසා බිඳවැටුණු ලිංගික ජීවිතය ගොඩ ගන්න ක්‍රම 6

ඔබත් පමණට වඩා කාර්යබහුල කෙනෙක්ද? එසේනම්, ඔබේ විවාහය තුළ සිදුවිය හැකි ලිංගික බිඳවැටීම පිටුදකින්නට, කල්තියා මේ උපදෙස් පිළිපදින්න.

ඔබ දිනපතා බහුල ලෙස වෙහෙසට පත්ව සිටීම නිසා හෝ කාර්යබහුල කම නිසා හෝ ලිංගික හැසිරීමට කාලයක් නැතිනම්, ඔබ බොහෝ විට ඔබේ විවාහය තුළ 'ලිංගික බිඳවැටීම' අත්දකිමින් සිටිනවා විය හැකියි.

ජීවීතය මහා වේගයකින් ගමන් කිරීම මේ දිනවල සාමාන්‍ය දෙයක් බවට පත් තිබෙනවා. අපි ආතතිය සහිත රැකියාවන් වල නිරත වෙමින් දිවා රෑ වෙහෙස වී වැඩ කරනවා.

නිමක් නැති බිල් ගෙවීම්, ගෙදර දොරේ වැඩ කටයුතු කිරීම සහ ළමයින් රැකබලා ගැනීම මේවා අපගේ ලැයිස්තුවෙන් බිඳක් පමණයි. අපට පැටවෙන වගකීම් එකින් එකට, එකින් එකට තවතවත්, තවතවත්, වැඩි වනවා මිස, අඩුවක් නැහැ.

දවස අවසානයේදී ඔබ වෙහෙසට පත්වී හෙම්බත්ව සිටීම පුදුමයක් නොවේ. ඔබ දැනටමත් බිඳවැටෙමින් පවතින විට ඔබේ ප්‍රියතම නාට්‍ය කතා මාලාව රූපවාහිනිය ඉදිරිපිට විවේකීව සිටින බව ඔබ සිතනවා.

නමුත් ඔබේ ලිංගික ජීවිතය ඔබට අමතක වෙලා නොවේද?

ඔබ ලිංගිකව වැඩිපුර වෙහෙසට පත්ව සිටී නම් හෝ කාර්යබහුල නම් ඔබට කුමක් කළ හැකිද?

ලිංගික බිඳවැටීම පිටුදැකීමට ඔබට කළ හැකි දේවල් 6ක්

1. ගෙදර දොරේ වැඩ බෙදා ගන්න

කාන්තාවන් සියළුම ගෙදර දොරේ වැඩ කටයුතු තමන් විසින් කිරීමට නැඹුරු වෙති: පිඟන් කෝප්ප සේදීම, පිරිසිදු කිරීම, ළමයින් රැකබලා ගැනීම, ඉවුම් පිහුම් කිරීම, රෙදි සෝදා වියළා අසුරුවා තැබීම, වතු පිටි බලා කියා ගැනීම යනාදිය.

ලිංගික බිඳවැටීම

මේවායින් ඔබේ සහකරුත් සමඟ බෙදාගත හැකි වැඩ මොනවාදැයි සාකච්ඡා කරන්න. වැඩපල බෙදී ගිය විට එකිනෙකා සමඟ විවේකයෙන් ගත කරන කාලය සහ එකිනෙකා සතුටු කිරීමට වැඩි කාලයක් ඔබ දෙදෙනාට ලැබෙනු ඇත.

2. අඩුවෙන් කරන්න

දේවල් සරලව කිරීමට හා අඩුවෙන් කිරීමට ක්‍රමයක් තිබේද? නිදසුනක් වශයෙන්, දිවා ආහාරයට බත් මාළු පිලි 4ක් හෝ 5ක් හදනවා වෙනුවට, ඔබට හොඳින් එළවළු එකතු කර එළවලු බතක් පිළියෙල කරගන්නට පුළුවන්.

ලිංගික බිඳවැටීම

නැතිනම් මාළු පිලි දෙකක් හෝ තුනක් පමණක් සකස් කරන්නට පුළුවන්. ඔබේ යහපැවැත්මට හා ජීවන රටාවට අත්‍යවශ්‍ය නොවන දේ ගැන සිතා හැකි තරම් අනවශ්‍ය වත් පිළිවෙත් සහ කර්තවයන් අවම කරගන්න.

ඔබට අවශ්‍ය දේ ලැයිස්තුවක් සාදා ඔබටඉන් ඉවත් කළ හැකි දේ ගැන සාකච්ඡා කරන්න.

3. අවධානය වෙනතකට කරන්න එපා

ඔබේ නිදන කාමරයේම ටීවී එකක් හෝ පරිගණකයක් හෝ ජංගම දුරකතන ළඟ පාතින් තබාගැනීම පහසු යැයි පෙනෙන්නට තිබුණත්, ඒවා එකිනෙකා සමඟ සම්බන්ධ වීමෙන් ඔබේ අවධානය බිඳෙනු ඇත.

ඔබ ඒවා නිදන කාමරයෙන් ඉවත් කළහොත් ඔබට හොඳ නින්දක් ලබාගන්නට පුළුවන්.

වැඩ කිරීමෙන් පසු ඔබට ලැප්ටොප් සහ අත් දුරකථන භාවිතය සීමා කිරීමට හෝ ඉවත් කිරීමට හැකි නම්, ඊටත් වඩා හොඳයි!

4. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න (ලිංගික බිඳවැටීම)

නින්ද නොලැබීම ලිංගික ආශාවන් අඩු වීමට හේතු වේ. ඩියුක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානය විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මෙය පිරිමින්ට වඩා කාන්තාවන්ට බලපාන බවයි.

ලිංගික බිඳවැටීම

වැඩිපුර කෝපි පානය කරනවා වෙනුවට නින්දට ප්‍රමුඛත්වය දෙන්න. කෝපි ඇත්ත වශයෙන්ම ඔබේ හෝමෝන ක්‍රියාකාරිත්වයද අවුල් කරයි.

ද ෆර්ටිලිටි කෝඩ් නම් පොතට අනුව කෝපි කෝප්ප තුනක් දිනකට සිගරට් 25 ක් පානය කිරීම සමාන වේ.

දිවා ආහාර වේලෙන් පසු පොඩි නින්දක් දැමීම පවා කෙනෙකුගේ ශක්ති මට්ටම ඉහළ නැංවීමට උපකාරී වේ.

5. ලිංගික හැසිරීමට මිහිරක් එකතු කරන්න

ලිහිසි තෙල් හෝ ලිංගික සෙල්ලම් බඩු වේවා අලුත් දෙයක් අත්හදා බැලීමෙන් ලිංගික ඒකාකාරිත්වයෙන් මදක් මිදෙන්න.

භූමිකා නිරූපණය ගවේෂණය කර ඔබේ ලිංගික මනංකල්පිත අත්දැකීම් ගැන කතා කරන්න.

ඔබට මේ ගැන අමතර සහයක් අවශ්‍ය නම් විවාහ වැඩමුළුවකට සම්බන්ධ වන්න.

නැතහොත් විවාහ උපදේෂණ සහය පතන්න. මෙවන් කුල්මත් බවක් මුසු කිරීම මගින් ඔබ රාජකාරී නිමවී ගෙදර යාමට නොඉවසිලිමත් වේවි!

6. මන්දගාමී වන්න ලිංගික බිඳවැටීම

ඇතැම් විට ඔබේ විවාහය තුළ ලිංගික හැසිරීම අඩුවෙන් වැඩියෙන් සිදු වීම ඔබේ මානසික පීඩනයට තුඩු දිය හැකියි.

ලිංගික සංසර්ගයට ඉක්මන් නොවී තව දුරටත් එකිනෙකා ස්පර්ශ කරමින්, තුරුල් වෙමින්, කතා බහේ යෙදෙන්නට උතසාහ කරන්න.

ඔබේ සහකරු/සහකාරිය සමඟ හුරතල් වෙමින් ඔබේ සිතට වද දෙන දේ ගැන අල්ලාප සල්ලාපයේ යෙදිය හැකිය.

මාස හයකට පසුත්, දේවල් වල වෙනසක් වී නැතිනම්, ඔබ වෘත්තීය සහාය ලබා ගැනීමට කාලය විය හැකිය.

මන්ද, මෙය කාලය ගැන ගැටළුව්ක් නොව, සම්බන්ධතාවය තුළ වෙනත් ගැටළුවක් නිසා විය හැකිය.

බොහෝ නූතන යුවළයන් මුහුණ දෙන පොදු ගැටළුවක් වන්නේ වැඩිපුර කාර්යබහුලතාව නිසා හෝ අස්සිමිත ගෙදර දොරේ වැඩපල නිසා වෙහෙසට පත්වීමයි.

මේ මහන්සිය නිසා ලිංගික එක්වීමකට කාල වේලාව හා මානසික සුවය නොමැති වේ. එහෙත් එය දිගටම එසේ විය යුතු නැත.

ඔබේ ලිංගික ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔබේ කාලය හා ශක්තිය ප්‍රවේසමෙන් කළමනාකරණය කිරීම අවශ්‍ය වේ.

අපගේ ආදරණීය සහකරුවන්ගේ යහපැවැත්ම අපගේ කාර්‍යබහුලතාවයටත් හේතුවයි.

මේ නිසා ඔවුන්ගේ සුභසිද්ධිය වන්නේ ඔවුන් වෙනුවෙන් කාර්‍යබහුල වීමට වඩා ඔවුන් සමඟ කාලය ගත කිරීම වන්නට පුළුවන්.

එම නිසා ඔවුන්ගේ සිත් සතුටු කරන ලිංගික හැසිරීම නොසළකා හරින්නට එපා! ඔබේ ලිංගික ජීවිතය නැවත පණගන්වන්න. එබැවින් ඔබට වැදගත් දේ කුමක්දැයි පිළිබඳව අවබෝධය නැති කර නොගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: එන්. පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි