theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා නියපොතු සපා කෑම වළක්වා ගන්නේ කෙසේද?

3 අවම කියවීම
දරුවා නියපොතු සපා කෑම වළක්වා ගන්නේ කෙසේද?දරුවා නියපොතු සපා කෑම වළක්වා ගන්නේ කෙසේද?

උපක්‍රමශීලීව ඔබේ දරුවා නියපොතු සපා කෑමෙන් වළක්වා ගන්නේ කෙසේද? එය පහසු නොවන්නට පුළුවන් ඒත් මුලදීම නවත්වා ගත යුතු දෙයක්.

දරුවා නියපොතු කෑම ඕනෑම වයසක දී නැවැත්වීමට අපහසු පුරුද්දක් විය හැකිය.

ජීවිතයේ දිගුකාලීනව පැවතිය හැකි මේ පුරුද්දෙන් මිදීමට දරුවන්ට උපකාර කිරීමට ක්‍රම  කිහිපයක් මේ සමග තිබේ.

දරුවා නියපොතු කෑම වළක්වා ගන්නේ කෙසේද?

 

 1)  ඔබේ දරුවා නියපොතු සපා කෑම ට හේතුව සොයා බලන්න.   

දරුවා නියපොතු සපා කෑම  බොහෝ විට කනස්සල්ල හෝ නොසංසුන් භාවයේ ප්‍රතිඵලයක් විය හැකිය.

එම නිසා ඔබගේ දරුවා නියපොතු කන්න පටන් ගත් විට දරුවාව නිරීක්ෂණය කරන්න.

ඔහු ආතතියට හෝ කනස්සල්ලට පත්ව සිටින විට ඔහුගේ හැසිරීම නරක අතට හැරෙයිද?

එය එසේ නම්, මුලින්ම ඔහුගේ කනස්සල්ල සහ කාංසාවන් ලිහිල් කිරීම මගින් ඔබ  ගැටලුවේ මූලය සමග කටයුතු කිරීම අවශ්‍යයි.

ළමා අන්තවාදීන්

2) එය නරක පුරුද්දක්  බව වටහා දෙන්න

ඔබේ දරුවාගේ නියපොතු සපා කෑම නතර කිරීමට වඩා  හිදගෙන එය නරක පුරුද්දක් වන්නේ ඇයි කියා ඔහු සමඟ කතා කරන්න.

නියපොතු තුල විෂබීජ හා බැක්ටීරියා තැන්පත් කළ හැකි ආකාරයත් ඔහු නියපොතු සපා කන විට ඒවා මුඛයට ඇතුල් වෙන ආකාරය පහදා දෙන්න.

මෙම විෂබීජ මගින් රෝගාතුර වීම හෝ ආසාදන ඇති වීම සිදුවිය හැකි බව ඔහුට පවසන්න.

ඔහු සුව වෙමින් සිටින විට ඔහුගේ මිතුරන් සමග විනෝද ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වීමට ඔහුට නොහැකි වනු ඇති බව පැහැදිලි කරන්න .

සමහර දරුවන් තමන් නියපොතු සපන විට පෙනෙන්නේ කෙසේදැයි නොදැන සිටිති.

ඔවුන් නියපොතු සපන විට ඔවුන් ඉදිරියෙන් කැඩපතක් තබා එය දිස්වෙන ආකාරය ගැන අදහසක් ලබා දෙන්න.

සමහරවිට පුරුද්ද දිගටම කරගෙන යාමට එය ඔවුන් අධෛර්යමත් කරාවි.

 3) අමතර ආතතිය මුදවන්න.

ව්‍යායාම මගින්  ළමයින්ගේ අමතර ආතතිය මුදවා හරින්න පුළුවන්.

ඔබේ දරුවා සන්සුන් කිරීමට හෝ ආතතියෙන් ශක්තියෙන් මුදවා ගැනීමට  කඹ පැනීම හෝ ළමුන් සදහා වන  යෝගා වැනි විනෝදජනක ක්‍රියාකාරකම් අත්හදා බලන්න.

කනස්සල්ලෙන් මිදීමට තවත් හොඳ ක්‍රමයක් නම්, ඔහු ආතතියට පත්වෙන  සෑම අවස්ථාවකදීම ඔවුන්ට  නියපොතු සපා කෑමට  අවශ්‍ය වෙන විට  ආතතිය අඩු කිරීමයි.

එසේ කිරීමට සකස් කල බෝලයක් හෝ සෙල්ලම් බඩුවක් සෙල්ලම් කිරීමට ලබා දෙන්න.

4) අවධානය වෙනස් කරන්න.

නියපොතු සපා කෑමට හේතුව කනස්සල්ල  නොවේ නම්, ඔබේ  දරුවා  නියපොතු සපා කෑමට පටන් ගත්විට   ඔහුගේ දෑතේ සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක් ඔහුගේ අතේ තැබීම, ඔහුගේ අත් ඔබේ අත් මත තබා ගැනීම වැනි දේ තුලින් අවධානය වෙනස් කිරීමට උත්සහ කරන්න.

දරුවන්ගේ මෝටර් කුසලතා වර්ධනය

සමහර දරුවන් කම්මැලි කමෙන් මිදීමට ද නියපොතු සපා කන නිසා ඔවුන් ලගින්ම නිරීක්ෂණය නොකරන අවස්ථා වල, චිත්‍ර පාටකිරීම, බිල්ඩින් බ්ලොක්ස් සෑදීම වැනි විනෝද ක්‍රියාකාරකම්  වල ඔවුන්ව නිරත කිරීම   වඩාත් සුදුසුය.

5) ඔබේ දරුවා අපහසුතාවයට පත් නොකරන්න

ඔබේ දරුවා ප්‍රසිද්ධියේ  තම නිය පොතු සපා කනවා  ඔබ දකින විට,  එයට අන් අයගේ අවධානය ලබාදෙන ලෙස බැන නොවදින්න.

නියත වශයෙන්ම, ඔහුගේ  නියපොතු සපා කෑම  නතර කළ යුතු බව  කිරීම ඇගවීම සඳහා ඔහුගේ මැණික් කටුවට තට්ටුවක් යෙදීම  වැනි  සංඥාවක්  කළ යුතුය.

මේ ක්‍රමයෙන් ඔබ ඔහුට අපහසුතාවයට ලක් නොවී, පීඩනයට පත් නොවිඋ ඔහුගේ හැසිරීම නැවැත්වීමට මතක් කරනු ලැබේ.

6) දරුවා නියපොතු කෑම අඩුවූ විට ඔහු ඇගයීමට ලක් කරන්න

ඔබගේ දරුවාගේ නියපොතු සපාකෑම අඩු වු විට ඔහුට සංග්‍රහයක් කිරීම හෝ එලියට එක්ක ගෙන යෑම වැනි දේ මගින් ඔහුගේ යහපත් හැසිරීම අගය කරන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

බබාගේ බුද්ධි වර්ධනය

දරුවන් ධනාත්මක සවිමත් කිරීමේ ක්‍රියා  වලට හොදින් ප්‍රතිචාර දක්වන් නිසා ඔහුගේ උත්සහය විවෘතවම අගය කරන්න.

ඕනෑම වයසකදී පුරුද්දක් අත් හැරවීම අපහසු අතර එය වැලැක්වීම  සදහා අගය කිරීම වැදගත් වේ.

මේ පුංචි පුරුදු දරුවන්ගෙන් ඈත් කරන්නට අවශ්‍ය බව මේ ආදරණීය මතක් කිරීම The Asianparent Sri Lanka වෙතිනි.

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
  • /
  • දරුවා නියපොතු සපා කෑම වළක්වා ගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

  • පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

    පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

  • පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

    පොඩ්ඩාව පෙර පාසැල් යැවීමට පෙර සුදානමක්

  • පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

    පුංචි පැටියාට පාඩුවේ කරන්න දෙන්න පුළුවන් ක්‍රියාකාරකම් කිහිපයක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it