උච්චතම සරාගී අත්දැකීමකට පාර කියන කාන්තාවන්ගේ සුරාන්ත වර්ග 6ක්

උච්චතම සරාගී අත්දැකීමකට පාර කියන කාන්තාවන්ගේ සුරාන්ත වර්ග 6ක්

සංකීරණ ජිවින් වන කාන්තාවන්ට සුරාන්තය ලබා ගත හැකි ආකාර 6 ක් තියෙනවා.

කාන්තා සුරාන්ත වර්ග සියල්ල ගැන ඔබ දැන ගත යුතු සියල්ල මෙතැනින් කියවන්න.

කාන්තාවන් සංකීර්ණයි. එහි කතා දෙකක් නැහැ. නමුත් එය ඔවුන්ගේ සුරාන්තය අත්දැකීම සදහා අදාළ වන බව ඔබ දැන සිටියාද?

මෙය කියවන සැමියනි, මතක තබා ගන්න. ඔබේ ආදරණීය බිරිඳට විවිධාකාර සුරාන්තයන් අත්විඳින්න පුළුවන්.

හරියටම කියනවා නම් කාන්තාවන්ට විවිධාකාර සුරාන්ත වර්ග 6ක් ලබාගන්න පුළුවන්.

ඒ වගේම ඒ සෑම සුරාන්තයක්ම කාන්තාවන්ට එකිනෙකට වෙනස් තෘප්තිමත් බවක් ලබා දෙනවා.

කාන්තාවන්ගේ සුරාන්ත වර්ග: ඔබ මේ සුරාන්ත වර්ග 6 දන්නවාද?

  1. කාන්තා සුරාන්ත වර්ග  අතරින් භගමනිය නැතිනම් ක්ලිටරසය හරහා ලගා වෙන සුරාන්තය

NeuroQuantology සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, භගමනිය නැතිනම් ක්ලිටරසය හරහා ලගා වෙන සුරාන්තය යනු සුරාන්තයන් අතරින්  වඩාත් සම්මත සුරාන්තය වෙනවා. එය “සංවේදක ආදානයේ ප්‍රධාන ප්‍රභවය” වෙනවා.

මෙහිදි  සෘජුවම භගමණිය  උත්තේජනය කරනු ලබනවා. මේ මගින් කාන්තාවකට “වඩාත් තියුණු, දැඩි, කෙටි කල් පවතින, බාහිර ” සංවේදීතාවයක් ලබා දෙනවා. 

එය භගමණියෙන් පිටත ප්‍රදේශයට පමණක් සීමා වෙනවා..

උපදෙස්: 

  • ස්වයංවින්දනය සාමාන්‍යයෙන් ඔබට හොඳම භගමනිය හරහා වු සුරාන්තයක් ලබා දෙනවා.ඒ මගින් ඔබට වඩාත්ම සුදුසු දේ කුමක්දැයි ඔබට සොයාගත හැකි වන අතර ඔබේ සහකරු වඩාත් හොඳින් මෙහෙයවීමට ඔබට හැකි වන බව  නිව් යෝර්ක්හි ලිංගික චිකිත්සකවරයකු වන ජැනට් වුල්ෆ් පවසනවා.
  1. කාන්තා සුරාන්ත වර්ග අතරින් යෝනි සුරාන්තය (ග්‍රැෆෙන්බර්ග් ස්ථානය එනම් “G-spot”)

උච්චතම සරාගී අත්දැකීමකට පාර කියන කාන්තාවන්ගේ සුරාන්ත වර්ග 6ක්

භගමනිය මගින් ලබා දෙන සුරාන්තය ලබා දෙන්නේ බාහිර තෘප්තියක් පමණක් වුවද මේ මගින් යෝනි මාර්ගයේ ඇතුලත හා පිටත යන දෙයාකාරයෙන්ම තෘප්තියක් ලබා දෙනවා.

නමුත් මෙය සියලුම කාන්තාවන්ට සිදු  වෙන්නේ නැහැ., ඇත්ත වශයෙන්ම මේ උච්චතම අවස්ථාවට ලගා වෙන්නේ 20% ක් පමණයි.

යෝනි සුරාන්තය යනු:

  •  NeuroQuantology අධ්‍යනය  අනුව,  මෙය ඔබට ලබා ගත හැකි භගමනිය හරහා වු සුරාන්තයට සාපේක්ෂව ප්‍රධාන වශයෙන් ලිංගිකත්ව එක්වීම තුළින් ලබා ගත හැකිය.
  • “මුළු ශරීරයෙන්ම වන” අත්දැකීමක් වන අතර එය දිගු කල් පවතිනවා.

යෝනි සුරාන්තයක් ලැබිය හැකි කාන්තාවන්ට කිහිප විටක් සුරාන්තය ලබා ගැනීමේ අත්විඳීමේ අවස්ථාව වැඩි වෙන්න පුළුවන්.

ග්‍රැෆෙන්බර්ග් ස්ථානය එනම් “G-spot” යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ පිහිටා තියෙනවා.

සාමාන්‍යයෙන් එය පිහිටා ඇත්තේ ගැබ්ගෙල සහ යෝනි විවරය අතර හරි මැදින් පමණය.

ඔබේ සහකරු ඔහුගේ ඇඟිල්ලෙන් ඉදිරියට පිරිමදින විට  එය ඔබ තුළම ඇති බැවින් උත්තේජනය වෙනවා.

උපදෙස්:

  • Journal of Sexual Medicine හි  අධ්‍යයනයකට අනුව, ඔබ මෙය අත්විඳීමට වැඩි ඉඩක් ඇති බැවින් වැඩි කාලයක් ලිංගිකව හැසිරෙන්න. 
  • විවිධ ඉරියව් වලට මාරු වීම ඔබේ සහකරුට දිගු වේලවක් පැවතින්න පුළුවන්.
  • ඔබේ යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තියේ මේ ජී ප්‍රදේශය සොයා එයට පීඩනයක් යෙදීමට  ඔබේ සහකරු යොමු කරන්න.
  1. මනසින් ලබන සුරාන්තය

මෙහිදි මූලික වශයෙන් වන්නේ ඔබේ මවාගැනිමේ හැකියාව භාවිතා කිරීම පමණයි.

එය සිතේ මවාගත්තක් වෙනවා. එහිදි ඔබ ඔබේ සුරාන්තයට ලගා වෙන බව මනසික් දකිනවා. 

ස්නායු විද්‍යාඥ  බැරී ආර්. කොමිසාරුක් විසින් කාන්තාවන් පිළිබඳ කල සොයාගැනීම්වලින් පෙනී ගියේ ස්වයං උත්තේජනය තුළින් තෘප්තිමත් වීම හා සසඳන විට මෙලෙස මවාගැනීමෙන් පමණක් ලැබෙන අත්දැකීම තනිව ලබන අත්දැකීමට සමාන බවයි.“

උපදෙස්:

  •  ඔබේ මනස ඉබාගාතේ යාමට ඉඩ දෙන්න.
  • ඔබට උත්තේජනයක් අවශ්‍ය වූ විට ලිංගික ආශාව අවදි කරන නිර්මාණ සොයාගෙන හොඳම කොටස් නැවත බලන්න. 
  • ඔබේ සහකරු සමඟ ඔබට ලිංගික ආශාව අවදි කරන නිර්මාණ කියවන්න.
  1. කාන්තා සුරාන්ත වර්ග අතරින්  මිශ්‍ර සුරාන්තය

උච්චතම සරාගී අත්දැකීමකට පාර කියන කාන්තාවන්ගේ සුරාන්ත වර්ග 6ක්

මෙම සුරාන්තය සිදුවන්නේ භගමනිය සහ යෝනි සුරාන්ත දෙකම එකවර සිදුවන විටයි. එය මිනිත්තු 1 සිට 15 දක්වා ඕනෑම තැනක පැවතිය හැකි අතර ඉහළ තෘප්තියක් ලබා දෙමින් අවසන් වෙනවා. 

උපදෙස්:

  •  නිව් යෝර්ක්හි විවාහ සහ ලිංගික චිකිත්සකවරියක වන පශචාත් උපාධි ලාභී ජේන් ග්‍රියර්ට අනුව, සමහර කාන්තාවන්ට සුරාන්තය ලබා ගත හැකි හොඳම ඉරියව්ව මිෂනාරි ඉරියව්වයි. ඒ මගින්  ශිෂ්ණය ඇතුල් වීමේදී කාන්තාවන්ගේ භගමනිය ඇතිල්ලීමකට ලක්වෙනවා”. ඉතින්, කාන්තාවනි, එය උත්සාහ කර බලන්න. එය ඔබට වැඩි පාලනයක් ලබා දෙන බැවින් ඉහළින් සිටින්න.
  1. කාන්තා සුරාන්ත වර්ග අතරින් ගැබ්ගෙල සුරාන්තය

මෙය සැබවින්ම කාන්තාවකට තිබිය හැකි ප්‍රබලතම සුරාන්ත වලින් එකක් වන අතර, එය ඔබේ මුළු සිරුරම සතුටින් පිනවනවා. සමස්ථ ලිංගික හා සම්බන්ධතා පුහුණුකරුවෙකු වන කිම් ඇනාමි පවසන පරිදි, එය ටැන්ට්රා හි “මුළු සිරුරේම ඇතිවෙන සුරාන්තය” හෝ “විහිදුන සුරාන්තය” ලෙස හැඳින්වෙනවා. අනිවාර්යයෙන්ම මෙය කාන්තාවන්ට අත්විඳිය හැකි විස්මිත ආකාරයේ සුරාන්තයන් ගෙන් එකකි.

  • ගැඹුරු ලෙස ශිෂ්ණය ඇතුල් කිරීමේ ප්‍රතිඵලයක් වෙනවා මෙන්ම පීඩනයට හොඳට ප්‍රතිචාර දක්වයි.
  • ඔබේ ලිංගික අවයව වල පමණක් නොව ශරීරය පුරා පැතිරෙයි.
  • පැය ගණනක් පැවතිය හැකි හිරි වැටීම ඇති කළ හැකියි.
  • “ආදරය හා ආත්මීය සීමාව ඉක්මවා යෑම ගැන දැඩි හැගීම් ඇති කරයි.

 සරල පියවර 4 කින් ගැබ්ගෙල සුරාන්තය ලබා ගැනීම

1) ඔබ ඔබේ ඔසප් වීමට දින කිහිපයකට පෙර මෙය උත්සාහ කරන්න.

2) මිෂනාරි ඉරියව්වෙන් පටන් ගෙන ශිෂ්ණය  ගැඹුරට ගමන් කිරීමට ඉඩ සලසන ඉරියව්වකට මාරු කරන්න (සුනඛ ශෛලිය, හෝ කකුල් ඔසවා යෙදෙන මිෂනාරි ඉරියව්ව).

3) ඔබේ සහකරුගේ ලිංගයේ කෙළවර මෘදු ලෙස සම්බාහනය වන පරිදි මන්දගාමී, රවුම් චලිතයකින් චලනය වීමට සහකරුව පොළඹවන්න.

4) ඔබ මීට පෙර උත්සහ කර නොමැති නම් සුනඛ ශෛලිය උත්සාහ කරන්න. මෙහි තුන්වන පියවර ලෙස මෙය උත්සහ කරන්න.

උපදෙස්: 

  • ඔබේ සීමාවන් මොනවාදැයි දැන ගන්න. 
  • සමහරුන්ට ගැබ්ගෙල උත්තේජනය ඉතා සංවේදී හෝ වේදනාකාරී බවක් දැනෙන හෙයින්, පෙර ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ලිහිසි ද්‍රව්‍ය භාවිතා කරන්න.
  1. කාන්තා සුරාන්ත වර්ග  නින්දෙන් ලබන සුරාන්තය

උච්චතම සරාගී අත්දැකීමකට පාර කියන කාන්තාවන්ගේ සුරාන්ත වර්ග 6ක්

නින්දෙන් අවදිවෙන විට තෙත් වී තියෙනවාද? ඔව් එය නිවැරදියි. නින්දෙන් ලබන සුරාන්තය සැබෑවක් වෙන අතර මෙලෙස තෙත්වීම එහි සලකුණයි.

උපදෙස්:

  • මුනින් අතට නිදා ගැනීමට උත්සාහ කරන්න. හොංකොං හි ෂූ යාන් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයන්ට අනුව, මුහුණ  යට වී සිටීම නිසා ඔබට ටිකක් හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති කරනවා. එහිදි ඔබට කාමුක සිහින දැකීමට වැඩි ඉඩක් ඇති වෙනවා.
  • නැතහොත් ඔබ අතිශයින් උත්තේජනය  සිටින විට නිදා ගැනීමට උත්සාහ කර වේලාව බලන්න. ඔබ විශ්වාස කළත් නොකළත් බොහෝ දුරට, ඔබට හොඳ නින්දක් ලැබෙනවා.

පසුවදන 

සුරාන්තය ලබා ගැනීම සමහර විට අපට පීඩනයක් වෙන්න පුළුවන්. නියමිත වේලාවක් තුළ යම් ආකාරයක ලිංගික සුරාන්තයක් හෝ උච්චතම අවස්ථාවකට ළඟා වීම තුල ලිංගික ආතතිය හා අප්‍රසන්න බව ඇතිවෙන්න පුළුවන්.. නමුත් ඔබට එම නිර්ණායක කිසිවක් සපුරා ගත යුතු නැහැ. අවසාන වශයෙන්, මේ සියල්ලම අත්දැකීම් විදීම සහ ඒ සියල්ල ඔබේම වේගයෙන් සිදු කිරීම ඔබ මත රදාපවතියි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරි යහැකිය.

Written by

nimnadhi

කතන්දර ලිපි