සාර්ථක විවාහයකට දායක වන සුන්දර ලිංගික එක්වීම් වර්ග 5ක්

සාර්ථක විවාහයකට දායක වන සුන්දර ලිංගික එක්වීම් වර්ග 5ක්

What does having a healthy sex life mean when for married couples? Find out more about the types of sex that are important to maintaining a happy marriage!

සාර්ථක ලිංගික ජීවිතය යනු කුමක්ද? සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරන්නේ කෙසේද? මෙය මනිනු ලබන්නේ සංඛ්‍යාතයෙන් ද? නැතිනම් හෝ තෘප්තියේ මට්ටමෙන් ද? මෙය පදනම් වී ඇත්තේ වික්‍රමාන්විත වීම සහ අලුත් දේවල් අත්හදා බැලීමට කැමති වීම මතද?

සාර්ථක ලිංගික ජීවිතය පිළිබඳ ඔබේ නිර්වචනය කුමක් වුවත්, සමීප සබඳතා මෙන්ම දෙදෙනා අතර අනුරාගය හා පෙර්‍ර්මාන්විත බව වඩාත් වර්ධනය කර ගැනීම සඳහා වැදගත් වන ලිංගික එක්වීම් වර්ග ඇති බව ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒවායින් පහක් දෙස සමීපව බලමු.

සාර්ථක ලිංගික ජීවිතය වඩාත් නැවුම් කරන ලිංගික එක්වීම් වර්ග

1. ස්වයංසිද්ධ සංසර්ගය (Spontaneous sex)

Dad blogger and author Kevin A. Thompson පියෙක් මෙන්ම බ්ලොග් රචකයෙක් වන Kevin A. Thompson විශ්වාස කරන්නේ පූර්ව සැලසුමකින් තොරව එක්වරම එක් වීම් මගින් විවාහයේ විනෝදාත්මක බවත් සහකරුවන් අතර උද්දීපනයත් වැඩි කරන බවයි.   

තම සහකරුට/සහකාරියට ආදරය හා අපේක්ෂාව ප්‍රකාෂ කිරීම, විශේෂයෙන් දිගු කලක් විවාහ වී සිටින සහකරුවන් අතර ඉතා වැදගත් බව පවසනවා.

ලිංගික ජීවිතය විනෝදාත්මක එකක් කරගැනීම මගින් ජීවිතයේ ජීවිතයේ ආතතිය පහව යා හැකි අතර, දෙදෙනාම එකිනෙකා තෘප්තිමත් කර ගැනීමටත්, දෛනික චර්යාවෙන් මිදීමටත් ඉඩ සලසනවා ඇත.

සාර්ථක විවාහයකට දායක වන සුන්දර ලිංගික එක්වීම් වර්ග 5ක්

 

2. සැලසුම් කළ සංසර්ගය (Scheduled sex)

ඉහත අහඹු ලෙස එක්වනවා සේම, විවාහය තුළ ලිංගික ජීවිතය සඳහා කාලය වෙන් කරගැනීමද ඉතා වැදගත් වේ. 

ලිංගික ජීවිතයට කාලය වෙන් කරගැනීම මගින් සහකරුගේ ලිංගික සතුට තමාට වැදගත් බව සහකරුට දැනෙනවා ඇත. 

ලිංගික එක්වීමට කාලය වෙන්කරගැනීම දෛනික ජීවිතය පහසුවෙන් සැලසුම් කරගැනීමටත් උපකාර වන්නේ සහකරුවන්ගේ කාර්යබහුල කාලසටහන වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමට ද උපකාරී වෙමිනි.

මෙය වඩා ප්‍රේමාන්විත එක්වීමක් නොවුවත්, සාර්ථක හා සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතයක් ගොඩනැගීම සඳහා එය වැදගත් වනවා.

තවද විවාහ සැසිවාර වලද සේවය කර ඇති තොම්සන් පවසන්නේ, විවාහ උපදේශන වලදී මුණ ගැසුණු සහකරුවන්ට අනුව, සැලසුම් කර එක් වුනු ලිංගික එක්වීමද ඔවුන් සිතුවාට වඩා තෘප්තියක් ගෙන දුන් බවත්, එය ලිංගි උත්තේජයට බලපෑමක් නොවුනු බවත්ය.  

සාර්ථක ලිංගික ජීවිතය

3. විවේක සංසර්ගය (Holiday sex)සාර්ථක ලිංගික ජීවිතය

නිවාඩුවක් ගත කරන්නට චාරිකාවක් යාම හෝ විශේෂ අවස්ථාවක් සැමරීමේදී නැවුම් පරිසරයකදී සිදු වන ලිංගික එක්වීමක්ද විවාහ ජීවිතයට අමුතුම නැවුම් බවක් හා රසයක් මුසු කරන්නකි.

නුහුරු නුපුරුදු පරිසරයක මෙලෙස ලිංගිකව එක්වීම සහකරුවන්ගේ ජීවිතයට ප්‍රබෝධයක් එක් කරයි. මෙය සෞඛ්‍ය සම්පන්න විවාහයකට උපකාර කරයි. 

මෙම එක්වීමේ නැවුම් බවට අමතරව සහකරුවන්ට සැමදා මතක හිටින සිහිවටන උපදවන අතර විවාහ සබඳතාවයට සමීපත්වය තුළ සැබවින්ම සුවිශේෂී මට්ටමකට ඔසවා තැබීමටද ඉඩ සලසනු ඇත!

දිනපතා ලිංගිකව එක්වීම

4. තරහ නිවන සංසර්ගය (Make-up sex)

මත බේදයකින් පසුව යළි දෙදෙනා ව්‍යාකූලත්වයෙන් පසු වන විට යළි යහළු මිත්‍ර වීම ප්‍රසන්න අත්දැකීමකි. මෙයට රාගය මුසු වූ විට මේ ප්‍රසන්නතාව අතිශය සුන්දර තෘතියකට හැරෙනු ඇත. 

 

දෙදෙනා අතර සිර කරගෙන තිබුනු හැඟීම් වේගයෙන් මුදා හරිමින් රමණයේ යෙදීම අමරණීය මතකයන් ඇති කරන ලිංගික අත්දැකීම් අත්විඳීමට ඉඩ සලසනු ඇත.

5. ක්ෂණික සංසර්ගය (Quick sex) සාර්ථක ලිංගික ජීවිතය

දරු මල්ලන් නිදා සිටින විට ලහි ලහියේ එක්වීම මගින් ද අමුතුම අත්දැකීමක් ලබාගන්නට සහකරුවන්ට හැකි වනු ඇත.

6. අලස සංසර්ගය (Lazy, happy, comfortable sex)

ඔබට හුරුපුරුදු, ඔබේ ප්‍රියතම ස්ථානයේ එකට ඇලෙමින් ගැලෙමින් සමීප වීමෙන් උපදින සරාගී ලිංගික එක්වීමකි.

එකිනෙකාව දැන හඳුනා ගෙන වසර ගණනාවක් ගෙවුනද, ඔබගේ ආදර බැඳීම තවත් ශක්තිමත් වන්නේ මෙවන් ලිංගික එක්වීම් තුළය. 

එකිනෙකා සමඟ සුව පහසුව සහ නිදහස දැනීම නිසා එය නිර්භය ලෙසත්, විනෝදකාමී ලෙසත් ප්‍රකාෂ කරන්නට දිනෙන් දින හැකියාව වැඩි වන්වා.

කාලය ගෙවී යත්ම ලිංගික ජීවිතය තවත් ශක්තිමත් වන්නටත්, යහපත් වන්නටත් මෙවන් එක් වීම් පාදක වනවා.  

මෙම ලිපිය මුල් වරට පලවූයේ theAsianparent Philippines වෙබ් අඩවියේයි.

මූලාශ්‍ර: KevinaThompson.com, The Good Men Project, Brides.com

 

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිලූෆ පෙරේරා

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.