theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්

3 අවම කියවීම
අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්

මෙවැනි අසාමාන්‍ය ලිංගික ආශාවන් ගැන ඔබ මින් පෙර අසා තිබෙනවාද?

මිනිසුන්ට විවිධාකාරයේ ලිංගික ආශාවන් තිබෙනවා. බොහෝ දෙනා විරුද්ධ ලිංගිකයින්ට ආකර්ෂණය වන අතර තවත් සමහරුන් තමන්ගේම ලිංගයේ අයට ආකර්ෂණය වෙනවා. එමෙන්ම තවත් සුළුතරයක් ගැහැණු පිරිමි දෙකොට්ඨාසයටම ආකර්ෂණය වෙනවා. මේවා අසාමාන්‍ය ලිංගික ආශාවන් ලෙස ඇතැමුන් දකින්නට පුළුවන්.
විද්‍යාවට අනුව මේ කිසිවක් අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකෙන්නේ නැති වුවත් මේ කියන්නට යන්නේ අසාමාන්‍ය ලිංගික ආශාවන් ලෙස සැලකෙන් අමුතුව අසාවල් කිහිපයක් ගැනයි.

ලෝකයේ ජීවත් වන මිනිසුන් අතරින් ඉතාමත් සුළු පිරිසකට 'අසාමාන්‍ය' යැයි පැවසිය හැකි ලිංගික ආශාවන් තිබෙනවා.

මේවායින් සමහරක් ජුගුප්සාජනක වන අතර තවත් සමහරක් භයානක තත්ත්වයේ ලා සැලකිය හැකියි. මේ, ඒවායින් කීපයක්.

අසාමාන්‍ය ලිංගික ආශාවන් අතුරින් කිහිපයක්

1. ඩයපර් ඇඳීමෙන් ඇතිවන අසාමාන්‍ය ලිංගික ආශාවන් (Paraphilic infantilism)

අසාමාන්‍ය ලිංගික ආශාවන්
Youtube/ John Michael Todd Williams

මෙනමින් හැඳින්වෙන තත්ත්වය ඇති තැනැත්තන් තමන්ට ළදරුවෙක් ලෙස සලකනවාට මහත් වූ ලැදියාවක් දක්වනවා.

එමෙන්ම ළදරුවෙක් ලෙස සැරසී සිටින්නට ඔවුන් ආශා කරනවා. මොවුන් සමහරකට ලිංගික උද්දීපනය ඇතිවන්නේ ළදරුවන්ට අන්දවන ඩයපර ඇඟ ලා ගත් පසු යි.

එමඟින් ඇතිවන පහසින් ඔවුන්ගේ ලිංගික අවයව උද්දීපනය වෙනවා.

2. කෘමීන් ඇඟ පුරා දිවීමෙන් ඇතිවන අසාමාන්‍ය ආශා (Formicophilia)

අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්
twitter.com

මේ තත්ත්වය ඇති තැනැත්තන්ගේ ලිංගික ආශාව මදක් 'භයානක' එකක්.

ඔවුන්ට ලිංගික හැඟීම් පහළ වන්නේ සිය ශරීරය පුරා කූඹින් හෝ හැකරැල්ලන් වැනි සතුන් සක්මන් කරන විට යි.

මෙම තත්ත්වයේ දිගුවක් ලෙස සමහරෙකුට ලිංගික උද්දීපනය ඇති වීමට නම් සිය ලිංගික අවයවයන් වේදනාකාරී ලෙස කෘමීන් විසින් දෂ්ඨනය කළ යුතු වෙනවා.

3. ඇවිදීමට අපහසු තත්වයන් ඇති අය කෙරෙහි වන අසාමාන්‍ය ලිංගික ආශාවන් (Abasiophilia)

අසාමාන්‍ය ලිංගික ආශාවන්
Grace Wilson/ broadly.vice.com

මේ තත්ත්වයත් අසාමාන්‍ය ගණයේ ලා සැලකෙන ලිංගික ආශාවක් වෙනවා.

එම තත්ත්වය ඇති පුද්ගලයින් ආකර්ෂණය වන්නේ ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ඇවිදීම අපහසු වූ අය කෙරෙහි යි.

මෙහිදී කිහිළිකරු ආධාරයෙන් ගමන් කරන අය, රෝද පුටු භාවිතා කරන අය මෙන්ම, ග්‍රීවයේ ආබාධ නිසා එයට ආධාරක පැළඳ සිටින අය සමග ද ලිංගික ක්‍රියා කිරීමට උක්ත තත්ත්වය ඇති අය මහත් ආශාවක් දක්වනවා.

4. මුත්‍රාශය පිරුණු විට ඇති වන ලිංගික ආසාවන් (Omorashi)

අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්
pinterest.co.uk

මෙම තත්ත්වය ඇති අයවළුන් වඩාත් ආශා කරන්නේ හොඳින් පිරුණු මුත්‍රාශයක් සහිතව ලිංගික ක්‍රියාවල නිරත වීමට යි.

පිරුණු මුත්‍රාශයක් ඇති විට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව තදින් දැනෙන අතර, එය සිර කරගෙන 'අපහසුවෙන්' ලිංගික ක්‍රියාවල නිරත වීමේ දී ඔවුනට වෙනම ආශ්වාදයක් ලැබෙනවා.

මෙලෙස ලිංගික ක්‍රියාවල නිරතවීමේ දී අන්‍යොන්‍ය ශරීර මත මුත්‍රා කරගැනීමෙන් ද ඔවුන් තව දුරටත් ආශ්වාදයක් ලබනවා.

5. පොදු ස්ථාන වලදී ඇති වන අසාමාන්‍ය ලිංගික ආශාවන් (Frotteurism)

අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්
Youtube

මේ තත්වය ඇති පුද්ගලයින් ආශා කරන්නේ පොදු ස්ථානවල දී යමෙක් නොදැනුවත්ව ඔවුන්ගේ අඟ පසඟ අතපත ගෑමට යි.

බස් රථ, දුම්රිය වැනි ඒවා ජනයාගෙන් පිරුණු පසු ඒවාට ගොඩ වී, එහි යන අයගේ අඟ පසඟවල අතපය වැද්දීම, සිය ලිංගික අවයව ඇතිල්ලීම වැනි දේවලින් මොවුන් ආශ්වාදයක් ලබනවා.

වඩාත් අසාමාන්‍යම කාරණාවක් වන්නේ මෙවැනි දේ සිදුකර, හසු වී බැනුම් ඇසීමට හෝ පහර කෑමට ද මොවුන්ගෙන් සමහරක් ලැදියාවක් දැක්වීම යි.

6. සමාජ රෝග වැළදුනු අය සමග එක්වීමට ඇති අශාව (Bug chasing)

අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්
rebelcircus.com

මේ තත්ත්වය ඇති අයවළුන්ට ලිංගික තෘප්තියක් ඇතිවන්නේ ඒඩ්ස් ඇතුළු සමාජ රෝග සහිත අයවළුන් සමග අනාරක්ෂිතව ලිංගික ක්‍රියා සිදු කළ විට පමණ යි.

මේ හේතුව නිසා තමා දැන දැනම ඒඩ්ස් වැනි සමාජරෝග සාදාගත් මිනිසුන් ලොව වෙසෙනවා.

සිය ජීවිතාරක්ෂාවටත් වඩා කාමාශාව බලවත් වීම නිසා මොවුන් සමහරෙක් එම තත්ත්වය සමනය කරගන්නටවත් උත්සාහ කරන්නේ නැහැ.

රචනය: Dinindu Ekanayake

මෙම මුල් ලිපිය  Roar Media විසින් නිර්මාණය කර පළ කල ලිපියකි. ඔවුන්ගේ අනුදැනුම ඇතිව මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරනවා.

https://roar.global/roar-media/about/

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ලිංගික දැනුම
  • /
  • අසාමාන්‍ය ලිංගික ආශාවන් 6ක්
බෙදාගන්න :
  • නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

    නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

  • ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයි

    ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයි

  • නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

    නව කොරෝනා වෛරසය කෙතරම් කාලයක් පරිසරයේ රැ‍ඳ‍ෙනවා ද?

  • ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයි

    ඕනෑවට වඩා හිතන එක නවත්වා ගන්නේ මෙහෙමයි

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it