theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවන්ට කරුණාව උගන්වන්න ක්‍රම 6 ක්

5 අවම කියවීම
දරුවන්ට කරුණාව උගන්වන්න ක්‍රම 6 ක්දරුවන්ට කරුණාව උගන්වන්න ක්‍රම 6 ක්

කරුණාව යනු ලෝකයට අවශ්‍යම දෙයක්. ඒ නිසා දරුවන් තුල එය ගොඩ නගන්න.

දරුවන්ට කරුණාව පුරුදු කිරීම කියාදීමත් ඔවුන්ට ජිවිතයේ ලබා දෙන අනගි දයාද වෙනවා. කරුණාව ලෝකයටම අවැසි දෙයක්.

ඒනිසා ලෝකයටම කරුණාව දක්වන්න ඔබේ නිවසින් අරඹන්න. අනාගත පුරවැසියන් ඒ සදහා සුදානම් කරන්න.

දරුවන්ට කරුණාව පුරුදු කිරීම සදහා ක්‍රම 6 ක්

දරුවන්ට කරුණාව උගන්වන්න ක්‍රම 6 ක්

ඇත්තටම කරුණාව කියන්නේ කුමක්ද? අනුකම්පාව, ත්‍යාගශීලිත්වය, සංවේදනය, යුක්තිය, දුක් වේදනා සමනය කිරීම ලෙස විවිධ අය පිළිතුරු ලබා දේවි. 

ඇත්තටම මේ පිළිතුරු දිහා බලද්දි කරුණාව යන්නෙහි තේරූම කුමක් වුවත් එය ආත්මාථකාමිත්වයෙන් තොර වුවක් බව ඔබට වටහා ගන්න පුළුවන් වේවි.

මේ පිළිබදව අපිට කටයුතු කල හැති විවිධ විශේෂඥයින් අදහස් දැක් වු ක්‍රම 6 ක් අපි අද දැනුවත් වෙමු. 

දරුවන්ට කරුණාව පුරුදු කිරීම සදහා ක්‍රම 6 ක්

1. කරුණාව යනු කුමක්ද කියා දරුවන්ට කියා දෙන්න

දරුවෙකු කරුණාව යන්න භාවිතා කිරීමට තරම් වයසින් වැඩීමට පෙර සිට වුවත් ඔබට ඒ ගැන ඔබේ දරුවන්ට කියලා දෙන්න පුළුවන්.

කරුණාවේ විවිධ අංග අපි උපතින්ම අර‌‌ගෙන එනවා. 

අවුරුදු දෙකක් වයස ඔබේ පුංචි පැටියා තවත් දරුවෙකු වැටෙනු දුටු විට දුක සිතී හඩන්නේ ඒ නිසයි.

අන්න ඒ වගේ වේලාවක කරුණාව ගැන දරුවා තුල පුංචි හැගීමක් ඇති කරන්න.

දරුවෙකු වයසින් වැඩෙද්දි මමත්වය ඒ හා වැඩෙන අතර මම , මගේ යන්න නිතර භාවිතා කරනු ලබනවා.

ඒ වෙනුවට දරුවාට නිතර අපි, අපේ යන හැගීමෙන් ලෝකය දකින්න පුරුදු කරන්න.

දරුවා තුල අන් අයගේ හැගීම් පිළිබදව වැටහීමක් ඇතිවෙද්දි අනුකම්පාවත් ඒ සමගම ඇතිවෙනවා.

දරුවන්‌ගේ වයස 3, 4 සහ 5 වන විට ඔහු සමග කරුණාව පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කරන්න.  

උපහාසයට ලක්වෙන්න තමන් අකමැති ලෙසටම අන් අයද තමන්ට උපහාසයට ලක්වීමට කැමති නැති බව දරුවාට කියා දෙන්න.

මේ පුංචි පුංචි කාරණා දරුවා වටහා ගත් පසු අපිට ඊලග පියවරට යන්න පුළුවන්.

නිතර දරුවා හා කතා කරමින් දරුවා තුල සහෝදරයින් ගැන අනුකම්පාව හා කරුණාව වර්ධනය කරන්න උත්සහ කරන්න පුළුවන්.

මේ සම්බන්ධව තියෙන විවිධ ගීත නිතර අපිට දරුවාට ඇසෙන්න සලස්වන්න පුළුවන්.

දරුවා තමන්ගේ සහෝදරයාගේ හැගීම් තේරූම් ගෙන ඔහුට උදව් කිරීමට පෙළඹීම සමස්ථ ලෝකයටම කරුණාව දැක්වීම ආරම්භ කිරීමේ පළමු පියවරයි.

2. කරුණාවන්ත වීම ඔවුන්ගේ පරිකල්පනය තුලින් ගොඩ නගන්න

දරුවන්ට කරුණාව උගන්වන්න ක්‍රම 6 ක්

එය වන්නේ මෙසේ යැයි පෙන්වා දීමෙන් දරුවන්ට යමක් ධාරණය කරගන්න පහසුයි.

එම නිසා කරුණාවන්ත වීමේ ගුණාංගය ප්‍රගුණ කිරීම සදහා එය අඩංගු ක්‍රියාකාරකම් වල කිරීම හෝ එවන් අවස්ථා දරුවා සමග රග දක්වන්න.

“පුතේ ඔන්න ඔයාගේ බෝනික්කා වැටුනා නේද? නලලත් වැදුනා. එන්නකෝ අපි එයාට උදව් කරමු.”

එවිට දරුවා ඔබ හා එක් වී එය සැබෑ අවස්ථාවක් ලෙස කරුණාවෙන් යුක්තව ක්‍රියා කරාවි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent

මෙලෙස දරුවා තුල කරුණාව ඇති කිරීමේ ක්‍රියාකාරකම් වයස සමග ටිකක් සංකීරණ කරන්න පුළුවන්.

පාසැල් යන දරුවෙකු තුල අවස්ථාවක් මවා එහිදි ඔහු හැසිරෙන විදිය ඔබට අහන්න පුළුවන්.

“වැස්ස වේලාවක ගස් දෙබලක හිරවෙලා සීතලේ ගැහි ගැහි ඉන්න පුස් පැටියෙක් දැක්කොත් ඔයා මොකද කරන්නේ?.”

දරුවා දෙන උත්තරය අනුව ඔහු තුල කොතරම් දුරට කරුණාව වර්ධනය වෙලාද යන්න ඔබට වටහා ගන්න පුළුවන්.

උදව් ලැබිය යුතු හා අසරණ අය දකින හැම වේලාවකම ඔබ දරුවාට ඔවුන්ගේ අසරණ කම පැහැදිලි කරමින් ඔහු තුල අනුකම්පාවක් ගොඩ නගන්න.

ඔබ විසින් ගොඩ නගන අනුකම්පාව කාලයත් සමගම ඔහු තුල ඉබේම ගොඩ නැගෙන්න පටන් ගන්නවා.

දරුවා හා කතාන්දර කියවීමත් මෙලෙස කරුණාව ගොඩ නගන්න හොද ක්‍රමයක්.

කියවීම් වේලාව ඔබ හා දරුවා තදින් සමීප වෙන වේලාවක්.

එහිදි ඔබ කියවන පොත් වල අනුකම්පාව ලැබිය චරිත මනාව විස්තර කරමින් දරුවාගේ හදවත තුල දයාව කරුණාව ගොඩ නගන්න.

3. ඔබේ ක්‍රියාකාරකම් තුලින් දරුවාට ආදර්ශයක් දෙන්න

සිතුවිලි වලින් පිරිපුන් දරුවෙක් ලොකු මහත් කිරීමේදි ඔවුන් තුල වර්ධනය විය යුතු ගුණධර්ම සදහා අප ආදර්ශයක් වු විට නියැතින්ම දරුවන් තුලද එම ගුණ ධර්ම වගා කරගන්න පුළුවන්. 

දරුවන් බොහෝ විට වැඩිහිටියන් අනුකරණය තුලින්ද ඉගෙන ගන්නවා. අසරණ රෝගියෙකුට කෑම ටිකක් දීම, ලෙඩ වුවෙක්ට උදව් කිරීම, අසරණ සතුන්ට කෑම දීම වගේ ක්‍රියා ඔබ දරුවා ඉදිරියේ නිතර කිරීමෙන් කරුණාව ඔබේ දරුවා තුලද වර්ධනය වෙනවා.

ඒ වගේම ඔබ ඔබේ දරුවා හා කටයුතු කරන ආකාරයත් වැදගත් වෙනවා.

ඔබ කොතරම් කරුණාව ආදර්ශනය කලත් ඔබ ඔබේ දරුවාට කරුණාව ලබා නොදේ නම් ඔබ කරන සියල්ල ඵලක් නොවේවි.

කරුණාව ආදර්ශනය කිරීම සදහා ඔබ ආරම්භ කල යුත්තේ දරුවා ගෙනි. ඔබ ඔබේ දරුවාගේ හැගීම් තේරූම් ගන්න. ඔහුට කරුණාව දක්වන්න.

ඒ වගේම ඔබ ඔබ ගැනත් සැලකිලිමත් වෙමින් ඔබට කරුණාව දයාව දක්වනවා දරුවා දැකිය යුතුයි.

4. කාරුණික පුරුදු සදහා දරුවා දිරිමත් කරන්න

දරුවන්ට කරුණාව උගන්වන්න ක්‍රම 6 ක්

බෙදාගැනීම, ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කිරීම වැනි කරුණාව ලබා දිය හැකි ක්‍රියාකාරකම් සදහා දරුවා දිරිමත් කරන්න.

පන්තියේ මිතුරෙක් ගැටලුවක් විසදන්න උදව් කිරීම, ගෙදර දොරේ වැඩක් කිරීමට සහය දීම , බස් රථයේ අසුනක් අවශ්‍ය වයසක අයෙකුට අසුනක් ලබා දීම කරුණාව ප්‍රගුණ කරන්නට ඉඩ සලසා දෙනවා.

අපේ දරුවන් සමහර වැරදි  කරන විට ඔවුන්ට බැණ වදිනවාට වඩා කරුණාවන්තකම පෙන්වන විට එය අගය කිරීම වැදගත් වෙනවා.

ඒ නිසා ඔබගේ දරුවාගේ සෑම කාරුණික හැසිරීමක්ම වචනයෙන් අගය කරන්න අමතක කරන්න එපා.

5. සැමවිටම කරුණාවන්තවීම පහසු නැති බව කියා දෙන්න

සමහර විට කරුණාවන්ත වීම දුෂ්කර වෙන්නත් පුළුවන්. කරදර කරන සහෝදරයෙකුට ත්‍යාගශීලී වීම අභියෝගයක් වෙන්න පුළුවන්.

නිවැරදිව සලකනු නොලබන මිතුරෙකු වෙනුවෙන් පෙනී සිටීම බියක් ඇතිවෙන්න පුළුවන්.

ශෝකයට පත් පුද්ගලයෙකුට ශෝකය ප්‍රකාශ කිරීම අමුතු දෙයක් දෙයක් වෙන්න පුළුවන්.

ඒ නිසා අනෙක් අයට හැඟෙන ආකාරය මතක තබා ගැනීමට අපගේ දරුවන්ට මෘදු ලෙස පුහුණු කළ යුතුයි.

තමන් කරන දේවල් වලට වගකීම ගන්න දරුවන්ට පුරුදු කරන්න. සමාව ඉල්ලීමත් කරුණාවන්ත වීමේ ක්‍රමයකි.

6.කරුණාවන්ත වීමේ බලපෑම් කෙරෙහි අවධානය යොමු කරන්න

කරුණාවන්ත වීමට හැඟෙන ආකාරය සහ අනෙක් අය ප්‍රතිචාර දක්වන ආකාරය ඔබේ දරුවාට පෙන්වා දෙන්න. 

මිනිසුන් ඔවුන්ට කරුණාවන්ත වන විට ස්තුතිවන්ත වීම ඔබේ දරුවන් අවධානයට ලක් කරන්න. 

දරුවන්ට කරුණාව පුරුදු කිරීම සදහා මෙම ක්‍රම 6 ඔබට ප්‍රයෝජනවත් වේවි යැයි අපි හිතනවා.

දරුවාට කරුණාවන්ත වීම ඉගැන්විය හැකි ක්‍රම ඔබත් දන්නවාද? එසේ නම් ඔබේ අදහස් අප හා බෙදාගන්න.

මුලාශ්‍ර : www.parents.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • දරුවන් ලොකු මහත් කිරීම
  • /
  • දරුවන්ට කරුණාව උගන්වන්න ක්‍රම 6 ක්
බෙදාගන්න :
  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

  • සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

    සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

  • ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

    ස්නායු වෛද්‍යවරුන් සිතන ආකාරය දරුවාට කියවන ආකාරය වැරදි වෙන්න පුළුවන්

  • සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

    සංගීතයෙන් ගණිතයට පණ දෙන ආදරණිය ගුරුවරයා

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it