theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

දරුවා හික්මවීම : දරුවා පහසුවෙන් හික්මවා ගන්නේ කෙසේද?

4 අවම කියවීම
දරුවා හික්මවීම : දරුවා පහසුවෙන් හික්මවා ගන්නේ කෙසේද?දරුවා හික්මවීම : දරුවා පහසුවෙන් හික්මවා ගන්නේ කෙසේද?

මව්වරුන්ට සහ පියවරුන්ට  තම දරුවන්ට  නිතී පනවන්නට නිදහස ඇත. නමුත් දරුවා  හික්මවීම සම්බන්ධයෙන් නම් මෙම මාර්ගෝපදේශයන්  ඔබට මහත් උපකාරයක් වනු ඇත.

දරුවා හික්මවීම ඔබට පහසු කාර්යයක් නොවනු ඇති. නමුත් මේ මාර්ගෝපදේශය ඔබට එය පහසු කරාවි කියා අපි හිතනවා.

උද්වේගකාරී ලෙස හැසිරුන සිය දරුවා සංසුන් වෙන තුරුම සංසුන්ව කතා කල මවක් සිටි  ආපන ශාලාවක  මම  සිටියා.

ඔහුට  තවත් අයිස්ක්‍රීම් කෑ නොහැකි බවත් එය පසුව ඔහුගේ උදරයට වේදනාවක් අත්කර දිය හැකි බවත්  විස්තර කරමින් උද්වේගකාරීත්වය නවත්වා ඇය ඔහු කෙරේ වූ සෙනෙහස තහවුරු කලා.

මට නම් මෙය දෙමව්පියන් තම දරුවන් ආදරය , කරුණාව ,රැකවරණය සමග  හික්මවන   ආකාරය පිළිබඳව හෝ අවම වශයෙන්  ඔවුන් යමක් ඇසීමට පොළඹවා ගැනීම පිළිබඳව කදිම උදාහරණයක් වුනා.

මනෝ විද්‍යාඥයෙක් සහ කතුවරියක වන ලීසා ෆයර්ස්ටන් විසින් සයිකොලජි ටුඩේ (Psychology Today) යන ලිපියේ එම අදහසම  පෙන්වා දී තිබෙනවා.

විනය හැසිරවීම සම්බන්ධයෙන් ගත් කල, මුල් පියවර වන්නේ දෙමව්පියන් තමන්ගේම හැඟීම්  පාලනය කර   ගැනිමයි.

විනය හැසිරවීම් රටාවන් ගත්  විට, මව්වරුන්  හා පියවරුන්  නීති රීති පනවයි.

එහෙත්, තම දරුවන් වර්ධනය වත්ම ඔවුන්ගේ හැගීම්බර අවශ්‍යතා වඩාත් සංකීර්ණ වන විට මෙම නීති රීති සංශෝධනය කිරීම වඩාත් ඵලදායී විය හැකි බව ඔවුන්ට හැගෙනවා.

 

දරුවා හික්මවීම මගින් විනයානුකූල දරුවෙකු ඇති කිරීම සදහා  දෙමාපියන් සඳහා නීති 6 ක්

1. සෑම අවස්ථාවකදීම සන්සුන්ව සිටින්න

හොඳ ළමයා

පළමුව සැහැල්ලු වන්න. ඔබේ දරුවාට හික්මවීම ලබා දීමට පෙර ඔබේ හැඟීම් පාලනය කර ගන්න .

දරුවෙක්ට  තමන්ගේ  දෙමව්පියන් විසින් කෑගැසීම තරම් කිසිවක් බියගන්වන සුළු වන්නේ නැහැ.

ඔබ කනස්සල්ලෙන් සිටින විට නිසි ලෙස සන්නිවේදනය කළ නොහැකිය.

ඔබ පවසන දෙය දරුවන්ට මතක තබා ගත නොහැකි වන නමුත් ඔබේ කඩා පැනීම ඔවුන්ට මතක තියේවි.

2. ඔබේ අපේක්ෂිත ප්‍රතිඵල ගැන සිතා බලන්න

ඔබට ඔබේ දරුවාට ඉගැන්වීමට  අවශ්‍ය  කුමක්ද? ඔබගේ කෝපය ඔවුන් මත මුදාහැරීමකින් තොරව ඔබේ ආදරය  ඔවුන්ට සහතික කරමින්  ඔවුන්ගේ විනය හැසිරවීමේ හොදම ක්‍රමය කුමක්ද?

දරුවන් සුරක්ෂිතතාවය හා රැකවරණයක්  දැනෙන විට  දරුවන් ඇහුම්කන් දීම කරන අතර ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරයි.

ඔවුන්ට දෝෂාරෝපණය නොකරන බව හැඟුණු විට  ඔබ  ඔවුන් ඉගැන්වීමට  බලාපොරොත්තු  වන  පාඩමට වඩාත් විවෘත වනු ඇත

නිදසුනක් ලෙස, ඔවුන්ගේ හැසිරීම ඔබව  කලකිරීමට පත් කල බව නොකියා , ඔවුන්ට ගෙදර වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීම  හෝ සෙල්ලම් බඩු හුවමාරු කිරීමට අකමැති වීම වැනි ඇතැම් ආකාරයේ හැසිරීම්  දිගු කාලීනව ඔවුන්ව අසීරුවට පත් කරන්නේ කෙසේදැයි තර්කානුකූලව පහදාදෙන්න.

3. සැබවින්ම ඔබ දරුවා සමඟ සම්බන්ධ වන්න

සාර්ථක විනය හැසිරවීමෙන් ඔබේම  හැඟීම් මර්දනය කර  ගැනීම පමණක් අදහස් කරන්නේ නැහැ.

එය   ඔබේ දරුවා සංසුන්  කිරීමට උපකාර කිරීමද ඉන් අදහස් කරයි. ඔබ ඔබේ දරුවාව හොදින්  දන්නවා. .

ඔවුන්ව වැලඳගැනීම හෝ ඔවුන් දෙස බලා සිටීම උදව් වේවිද?

ඔබේ දරුවා පාසැල් ගෙදර වැඩ නොකිරීම නිසා උද්වේගකාරීව හැසිරුන විට නිදසුනක් වශයෙන්, ඔවුන්ට පහසුවෙන් මිදි යාමට ඉඩ  නොදී ඔවුන්ට එය කිරීමට උදව් කරන්න.

ඔවුන් කෙටි ආහාරයක් ගන්නා වේලාවේදී පවා ඔවුන් කැමති දේවල් කිරීමට විවේකය ලබා දෙන්න.

4. හිංසාකාරී  දඬුවමින් වැළකී සිටින්න

දරුවන් ශීලාචාර කිරීම

ඔවුන් හුදෙකලා කිරීම හෝ ශාරීරිකව දඬුවම් කිරීම මගින් බොහෝ දෙමාපියන් විසින් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොදෙන  බව ඔප්පු වී ඇත.

හිංසාකාරි නොවී ස්ථිරව සිටීමට ක්‍රම  තියෙනවා.

අතීතයේ දී "තනි කිරීම˝ ක්‍රියාත්මක වු බව ප්‍රකටව  ඇති නමුත්, දේවල් ව්‍යාකූල වු විට දරුවාට සන්නිවේදනයෙන් ඉගනීමේ අවස්ථාව අහිමි විය හැකිය.

අන්තර්ක්‍රියාකාරිත්වයට ඇති හැකියාවට ඉඩ ප්‍රස්ථා සලසා දීම තුලින් ඔවුන්ගේ හැඟීම් නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය සම්පන්න ක්‍රම ගොඩනඟා ගත හැකි අතර ඔරොත්තු දීමේ හැකියාවද ගොඩ නැගේ.

5. ඔබට ඔවුන් හැසිරීමට අවශ්‍ය  පරිදි ඔබ හැසිරෙන්න

හොඳ හැසිරීම් නිරූපනය කිරීම හෝ හොඳින් හැසිරීමට ආකාරය පිළිබඳ ශක්තිමත් උදාහරණ ලබා දෙන්න.

එය යම් යම් දේ නොකළ යුතු යැයි ඔවුන්ට කියනවාට වඩා හොදින් ක්‍රියා  කරයි.

හොඳට ක්‍රියාකාරී වැඩිහිටියන් බවට පත් වෙමින් වර්ධනය වීම මග හැරී යා හැකි හැගීම් ඔවුන්ට හැඟී යා හැකි නිසා ඔවුන් පමණට වඩා රැකබලා ගැනීම හො නරක් කිරීම නොකරන්න .

ඔවුන්ගේ ධනාත්මක ගුණාංග අගයමින් හා නිරන්තරයෙන් සහාය සහ ආදරය ලබාදෙන්න.

ඔවුන් නරක හැසිරීමක් ප්‍රදර්ශනය කල පමණින් ඔවුන් නරක දරුවෙක්  බවට පත් නොවන බව ඔවුන් දන්නා බවට සහතික කර ගන්න.

6. සංවේදනය පෝෂණය කරන්න

දරුවා හික්මවීම : දරුවා පහසුවෙන් හික්මවා ගන්නේ කෙසේද?

දරුවන් රැකබලා ගැනීමේ සහ චරිත විශේෂඥ ආචාර්ය මිෂෙල් බර්බා විසින් "දරුවන් යහපත්කම සඳහා වෙහෙස වෙනවා " ‍යන්න සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

සංවේදීවීම වර්ධනය  කිරීම ඉතා වැදගත් වේ.

ඒ ගෞරවය, සෙනෙහස, අවංකකම, කරුණාව යන වටීනාකම් සියල්ල පැමිණෙන්නෙ මේ තුලිනි.

වැදගත්ම දෙය නම් විනය හැසිරවීම සෑම ආකාරයකින්ම ඉගැන්වීම තුලින් හැසිරවිය යුතු අතර දඬුවම් නොකළ යුතුය.

දෙමව්පියෙකු වශයෙන්, ඔබේ දරුවා සමඟ කරන  සෑම අන්තර් ක්‍රියාකාරිත්වක්ම ආදරණියව වුවද ස්ථිරව සිටිමින් ඔවුන් වැරදි ලෙස හැසිරෙන වේලාවේම සහතික කර ගන්න.  

ඔවුන් ඔබ ආදරය කරන හොඳ ළමයෙක් වන  අතර  ඔබේ දරුවා ලෙස ඔහු හැදින්වීමට ඔබ  ආඩම්බර වනු ඇත.

ඔබේ දරුවාට ආදරය ලබා දෙමින්  දරුවා හික්මවීම ගැන කියාදෙන්න මග පෙන්වන මේ ලිපිය ඔබ වෙත ගෙනාවේ the Asianparent Sri Lanka වෙතිනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • දරුවා හික්මවීම : දරුවා පහසුවෙන් හික්මවා ගන්නේ කෙසේද?
බෙදාගන්න :
  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ඔබේ දරුවා නොමග යැවිය හැකි ප්‍රශංසා 6ක්

    ඔබේ දරුවා නොමග යැවිය හැකි ප්‍රශංසා 6ක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • ඔබේ දරුවා නොමග යැවිය හැකි ප්‍රශංසා 6ක්

    ඔබේ දරුවා නොමග යැවිය හැකි ප්‍රශංසා 6ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it