විවාහක පිරිමියෙකු කිසි විටකත් නොයැවිය යුතු කෙටි පණිවිඩ වර්ග 7

විවාහක පිරිමියෙකු කිසි විටකත් නොයැවිය යුතු කෙටි පණිවිඩ වර්ග 7

ඔබ විවාහක පිරිමියෙකු නම් මේ කරුණු 7 ගැන හිතන්න.

තනිකඩව සිටින කාලයට වඩා විවාහ ජිවිතයට ඇතුල් වන කෙනෙකුට ජිවිතය වෙනද තරම්ම නිදහසකින් ගෙවන්න බැහැ. අපි දැන් අපේ සහකාරිය ගැනත් සිතන්න ඕනෙ. කාන්තාවන්ට හා පිරිමින්ට යවන කෙටි පණිවුඩ වගකීමෙන් තෝරගන්න ඕන.

විවාහයත් සමග විවාහක පිරිමියෙකු හා ගැහැණියක  වගකීම් හා ඔබේ භූමිකාවන් වෙනස් වෙනවා.

විවාහක පිරිමියෙකු කිසි විටකත් නොයැවිය යුතු කෙටි පණිවිඩ වර්ග 7

ඒ සමගම එදා කරපු දේවල් විවාහයෙන් පස්සෙත් කරන්න ගියොත් එය එතරම් හොඳ වෙන්නේ නැහැ.

ඒකයි සැමියෙක් විදිහට කාටහරි මැසේජ් එකක් යවනකොට ගොඩක්ම සැලකිලිමත් විය යුත්තේ. සමහර විට මෙම යවන කෙටි පණිවිඩ අහිතකර හා කාටවත් වරදක් නොවන දෙයක් කියලා හිතුවත් මෙවැනි දේවල් බොහෝ දුර දිග ගිහිල්ලා අවසානයේ ඔබේ විවාහය කඩා ඉහිරෙන තැනට වැටෙන්න පුළුවන්.

ඔබේ විවාහය රැකගන්න පිරිමින්ට යවන කෙටි පණිවුඩ වගකීමෙන් යවන්න ඔබටත් පුළුවන්දැයි බලන්න ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්ණ 7ක්

1. ඔබේ ඉස්සර පෙම්වතිය ගැන හොයන්න බලන්න යනවද?

ඔබට ඇය ගැන කාලෙකින් තොරතුරක් දැනගන්න ලැබිලා නැතිවෙන්න පුළුවන්. නැතිනම් ඇය ඔබට පළමුවෙන්ම කෙටි පණිවිඩයක් එව්වා වෙන්න පුළුවන්.

ඔබ මේ ආදරය කළ පෙම්වතිය නිසා අපේ හැඟීම් නැවත එළියට එන්න ඉඩක් නැහැ කියන්න බැහැ. ඒ බව ඔබේ බිරිඳට දැනුනොත් ඇගේ සිත බිඳෙනවා. අපි  අනවශ්‍ය කරදර ඇතිකරගන්නේ ඇයි? අතීතය අතීතයේම තිබුනාවේ.

2. විවාහක පිරිමියෙකු ලෙස ඔබේ බිරිඳ ගැන පැමිණිලි කරනවද?

විවහ ජිවිතයේ ප්‍රශ්න අතිශය පෞද්ගලික ඒවායි. ඔබ ඔබේ බිරිඳ ගැන වැරදි ඇගේ අක්කාට, අයියාට කියනවද? ඇගේ පවුලේ අය නිසා එහි වදරක් නැති බව ඔබ සිතාවි. ඒත් ඒක එහෙම නැති බවයි කියන්න වෙන්නේ.

විවාහක පිරිමියෙකු කිසි විටකත් නොයැවිය යුතු කෙටි පණිවිඩ වර්ග 7

ඊටත් වඩා භයානකම දෙය තමයි ඔබ දෙදෙනාගේ සම්බන්ධය එතරම් නොදකින යහළුවන්ට ඒ ගැන කියන එක.

ඔබ ඔබේ බිරිඳගේ ක්‍රියාවන් ගැන කළකිරිලා නම් හොඳම දේ ඒ ගැන ලෝකයාට කියමින් ඉන්නේ නැතිව ඇය සමග ඉතා සාධාරණ විදිහට ඒ ගැන කතා කිරීම.

3. යහළුවෙකුට නිතරම පණිවිඩ යැවීම පිරිමින්ට යවන කෙටි පණිවුඩ

මෙය ඉතා කරදරකාරී තත්වයක් ඇති වීමට මුල පිරීමක් වෙන්න පුළුවන්.

ඔබ බිරිඳට වඩා ඔබේ යහළුවෙකුට උවමනාවටත් වඩා කෙටි පණිවිඩ යවනවා නම්  ඔබේ බිරිඳ ඒ ගැන දෙවරක් හිතන්න පෙළඹේවි.

ඒ මගින් ඇයට වඩා එම මිතුරාව ඔබට වැදගත් ඇයි දැයි සිතීම වළක්වන්න බැහැ. එය විවාහයට ආශීර්වාදයක් නම් නොවෙයි.

 4.විවාහක පිරිමියෙකු ලෙස වෙනත් රහස් ඇප් එකක් මගින් පණිවිඩ හුවමාරු කරනවද?

ඉතා විනිවිද භාවයෙන් ඔබේ පවුල් ජීවිතය ගෙන යන බව කිව්වත් සමහර ඔබේ බිරිඳට නොකියන දේවල්, ඒ කියන්නේ වෙනත් රහස් ඇප් එකක් මගින් කා සමග හරි පණිවිඩ හුවමාරු කරනවා නම් ඔබට යමක් ගැන චකිතයක් තියෙන්න පුළුවන්.

එහෙම නම් ඔබ ඉතා ඉක්මනින් මේ පුරුද්ද නවතා දැමීම නුවණට හුරු වෙනවා.

5. තරහින් යවන පණිවිඩපිරිමින්ට යවන කෙටි පණිවුඩ

විවාහ වූ දෙදෙනෙක් අතර තර්ක විතර්ක සිදුවන අවස්ථා බොහෝ තියෙනවා.

එත් ඒ නිසා ඇති වූ කේන්තිය කෙටි පණිවිඩ මගින් හුවමාරු කර ගැනීම එතරම් හොඳ නැහැ.

එවන් අවස්ථාවක කටින් ගිලිහෙන වචන අකුරු වලින් යවන විට ඔබේ තරහ සිඳුන මොහොතක එය නොකර සිටීමට තිබුණු බව සිතා ඔබට පසු තැවෙන්න වෙනවා.

විවාහක පිරිමියෙකු කිසි විටකත් නොයැවිය යුතු කෙටි පණිවිඩ වර්ග 7

ඒ නිසා විවාහක පිරිමියෙකු ලෙස හෙට ගැන හැමවිටම සිතා තාක්ෂණය  භාවිත කිරීම හරිම වැදගත්.

 6. විවාහක පිරිමියෙකු ලෙස ඔබ නොමනා කෙටි පණිවිඩ යැවිය යුතුද?

මෙය නම් මොලේ ඇති වැඩක් විදිහට හඳුන්වන්න බැහැ. ඔබ විවාහ වෙලා නම් ඔබේ බැඳීම් තිබිය යුත්තේ ඔබේ බිරිඳ සමග පමණයි.

එහෙම නැතුව අනවශ්‍ය ප්‍රේමණීය පණිවිඩ තවත් අයෙකුට යවනවා නම් එය රැවටීමක් කියලා තමයි හඳුන්වන්න වෙන්නේ.

 7. අනවශ්‍ය ලිංගික හැඟීම් අවුස්සන ආකාරයේ පින්තුර යැවීම

වර්තමානයේ ඩිජිටල් කරණය සමග තොරතුරු ඉගිල යන්නේ සුළඟටත් වඩා වේගයෙන්. ඔබ අන්තර්ජාලයට මුදා හරින දෙයක් නැවත ලබාගන්න බැහැ. ඔබ ඔබේ බිරිඳට පමණක්ම යවන දෙයක් වුවත් අන් අය අතරේ බෙදී යන්න පුළුවන්.

ඔබට ඔබේ බිරිඳ ගැන ශෘංගරාත්මක හැඟීමක් ඇතිවෙනවා නම් එය නිසි අවස්ථාවේ ඇයට පෙන්වන්න ඔබට ඉඩ කඩ තියෙනවා.

(මෙම ලිපිය Amberlee Lovell’s Family Show ගේ ලිපිය ඇසුරෙන් සකසන ලදී.) 

මෙවැනි අනිසි දේවල් නිසා අද සමාජයේ බොහෝ අවාසනාවන්ත සිදුවීම් සිදුවෙනවා අපිට අහන්න දකින්න ලැබෙනවා.

ඔබේ පෙළඹවීම් පාලනය කරගනිමින් හොඳ පවුල් ජීවිතයකට අඩිතාලම දමන්න theAsianparentSri Lanka අපිත් උදවු වෙන්න හිතුවේ ඒ නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

කතන්දර ලිපි