මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

බබාට විවිධ රසට ‌බෙරි බත් හදමුද?

බබාලාට කෑම කවන අම්මලා නම් බෙරි බත් හොදින් හදුනනවානේ. මාස 6 දී බබාගේ ආහාර හදුන්වා දීමත් සමගම මාස 12 ක් දක්වා අපි වරින් වර විවිධ ආහාර හදුන්වා දෙමින් ඔවුන්ව සාමාන්‍ය ආහාර වේලක් සදහා පුහුණු කරනු ලබනවා.

ඒ වගේම බබාගේ කෑම එකට ලුණු, සිනී වගේ දේවල් එකතු කරන්නෙත් නැහැ. ඒ නිසා බබාලාගේ කෑම එක කිසිම රසක් නැහැ කියලා අම්මලා දුක් වෙන එක ඵලක් නැහැ.

මොකද බබාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි බබාට රස හදුන්වා දෙන තුරු බබා ලුණු රස, පැණි රස මොකුත් හදුනන්නේ නැහැ.

බබාගේ කෑම ඒකාකාරි වුනොත් බබා දවසක් දෙකක් කන කොට කෑම කන්න මැලි වෙනවා. විවිධ ආහාර මාරු කරමින් බබාගේ කෑම වේලෙහි ඒකකාරිත්වය නැති කරන්නේ කොහොමද?

අපි අද බබාට විවිධ වර්ගයේ බෙරි බත් වර්ග සකස් කරන විදිය බලමු.

බෙරි බත් වර්ග පිසින විට එහි අඩංගු මුලික ද්‍රව්‍ය වෙන සහල් වර්ගය අපි මුලිකව තෝරා ගත යුතුයි. රතු කැකුළු, සුවදැල් වගේ සහල් වර්ග මේ සදහා සුදුසුයි.

ශ්‍රී ලංකාව වගේ රටක ඉස්සෙල්ලාම බබාට හදුන්වා දෙන ආහාර වන්නේ බෙරි බත්ය. මුලින්ම සහල් තම්බා බත පිසගෙන එය ක්‍රීම් වෙන්න මත ගා ගන්න.

එයට මව්කිරි ටිකක් එක්කර කැවීම කරන්න පුළුවන්. අපි අද කතා කරන්න යන්නේ මාස 8 සිට අවුරුද්ද දක්වා වු බබා බෙරි බත් නැතිනම් බත් තලපය දෙන්නේ කොහොමද කියලයි.

මාස 8 ක් කියන්නේ බබාට අතට අල්ලන් කන ආහාර ලබා දිය යුතු කාලයයි. ඒ වගේම මේ වෙනකොට බබාට ගොඩාක් කෑම ජාති හදුන්වා දී අවසන්.

අපි බබාට ප්‍රධාන ආහාර ලෙස සියුම් කැබලි සහිත බෙරි බත නැත්තම් බත් තලපය ලබා දෙන්නට වැඩි කැමැත්තක් තියෙනවා.

මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

රසය වෙනස් කරමින් බබාට බෙරි බත් හදමුද?

  1. බෙරි බත්

අවශ්‍ය ද්‍රව්‍ය -

  • සුවදැල් හෝ කැකුළු හාල් මිටක්
  • පරිප්පු

සාදන ආකාරය

  • සහල් ටිකට පරිප්පු දමා හොදින් සෝදා ගන්න. 
  • ඉන්පසු ජලය ටිකක් යොදා පිසෙන්න අරින්න
  • පිසිනු පසු ලොකු සිදුරු සහිත දැලකින් කැබලි සිටින සේ පොඩි කරගන්න. නැතිනම් අතින් ‌පොඩි කරලා කවන්නත් පුළුවන්.

2.එළවළු බෙරි බත්

අවශ්‍ය ද්‍රව්‍ය -

  • සුවදැල් හෝ කැකුළු හාල් මිටක්
  • පරිප්පු / පැළ කරගත් මුං ඇට/ පොගවා ගත් කවුපි හෝ කඩල
  • වට්ටක්කා/ කැරට්
  • බෝංචි/ ගෝවා
  • පලා වර්ගයක් - ගොටුකොළ/ මුකුණුවැන්න/ කතුරුමුරුංගා

සාදන ආකාරය

  • සහල් ටිකට ධාන්‍ය වර්ගය දමා හොදින් සෝදා ගන්න. 
  • ඉන්පසු එයට කුඩා කැබලි කපාගත් එළවළු ටික එකතු කරන්න
  • ඉන්පසු ජලය ටිකක් යොදා පිසෙන්න අරින්න
  • ලිප නිවලා බතට පලා ටික එකතු කරලා විනාඩි 5 ක් විතර තිබෙන්න හරින්න
  • පිසිනු පසු ලොකු සිදුරු සහිත දැලකින් කැබලි සිටින සේ පොඩි කරගන්න. නැතිනම් අතින් ‌පොඩි කරලා කවන්නත් පුළුවන්.

3.තෙම්පරාදු බෙරි බත්

අවශ්‍ය ද්‍රව්‍ය -

  • කලින් සකස් කල කැමති ආකාරයක  බෙරි බතක්
  • බටර් හෝ පොල් තෙල්
  • හීනියට ලියා ගත් ලූණු, කරපිංචා ටිකක්

සාදන ආකාරය

  • පොල් තෙල් ටික ලිප තබා රත් වු පසු එයට ලුණු හා කරපිංචා එකතු කර රන්වන් පාට වෙන තුරු බැදෙන්න හරින්න
  • දැන් එයට බෙරි බත එකතු කර තෙම්පරාදු කරගන්න
  • මිශුණය මදක් නිවුන පසු පිසිනු පසු ලොකු සිදුරු සහිත දැලකින් කැබලි සිටින සේ පොඩි කරගන්න. නැතිනම් අතින් ‌පොඩි කරලා කවන්නත් පුළුවන්.

4.පොල් කිරි යෙදු ‌බෙරි බත

මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

අවශ්‍ය ද්‍රව්‍ය -

  • සුවදැල් හෝ කැකුළු හාල් මිටක්
  • පරිප්පු / පැළ කරගත් මුං ඇට/ පොගවා ගත් කවුපි හෝ කඩල
  • එළවළු 2 ක්
  • පලා වර්ගයක් - ගොටුකොළ/ මුකුණුවැන්න/ කතුරුමුරුංගා
  • පොල් කිරි

සාදන ආකාරය

  • සහල් ටිකට ධාන්‍ය වර්ගය දමා හොදින් සෝදා ගන්න. 
  • බත පිසෙන්න හරින්න
  • ඉන්පසු එයට කුඩා කැබලි කපාගත් එළවළු ටික එකතු කරන්න
  • දැන් පොල්කිරි ටිකක් යොදා පිසෙන්න අරින්න. 
  • ලිප නිවලා බතට පලා ටික එකතු කරලා විනාඩි 5 ක් විතර තිබෙන්න හරින්න
  • පිසිනු පසු ලොකු සිදුරු සහිත දැලකින් කැබලි සිටින සේ පොඩි කරගන්න. නැතිනම් අතින් ‌පොඩි කරලා කවන්නත් පුළුවන්.

5.බිත්තර එක්ක බෙරි බත්

අවශ්‍ය දුව්‍ය

  • කැමති ලෙස සකස් කල බෙරි බතක්
  • තම්බා ගත් පොඩි කරගත්  හෝ තෙල් දමා කූරූ ගා ගත් බිත්තරයක්

සාදන ආකාරය

  • බෙරි බත ලොකු සිදුරු සහිත දැලකින් කැබලි සිටින සේ පොඩි කරගන්න
  • එයට තම්බා පොඩි කරගත් හෝ තෙල් දමා  දමා කූරූ ගා ගත් බිත්තරයක් එකතු කරන්න.

6.මාළු හෝ මස් යෙදු බෙරි බත්

අවශ්‍ය දුව්‍ය

  • තම්බා ගත් බත් ටිකක්
  • හොදින් තම්බා ගත් මස් හෝ මාළු 
  • තම්බා ගත් අල හෝ බතල 
  • බටර් ටිකක්

සාදන ආකාරය

  • තෙල් ටික ලිප තබා එයට පොඩි කරගත් මස් හෝ මාළු දමන්න. 
  • මිශ්‍රණය ටිකක් බැදෙන විට එයටම එයට තම්බා පොඩි කරගත් අල හා බත් ටික එකතු කරන්න.
  • මිශ්‍රණය මදක් නිවුන පසු ලොකු සිදුරු සහිත දැලකින් කැබලි සිටින සේ පොඩි කරගන්න.නැතිනම් අතින් ‌පොඩි කරලා කවන්නත් පුළුවන්.

7.චීස් එක්ක ‌බෙරි බත්

මාස 8 සිට අවුරුදු 1 දක්වා බබාට බෙරි බත් ‌දෙන ක්‍රම7 ක්

අවශ්‍ය දුව්‍ය

  • කැමති ලෙස සකස් කල බෙරි බත් ටිකක්
  • චීස්
  • තම්බා ගත් අල

සාදන ආකාරය

  • බෙරි බත් ටිකට, තම්බා ගත් අල හා චීස් ටිකක් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු ලොකු සිදුරු සහිත දැලකින් කැබලි සිටින සේ පොඩි කරගන්න. නැතිනම් අතින් ‌පොඩි කරලා කවන්නත් පුළුවන්.

ඇත්තටම බබාට කෑම එකම විදියට ‌ සාම්ප්‍රදායික ‌බෙරි බතක්  සකස් ‌නොකර ‌මේ වගේ ආහාරය පිසින ක්‍රමය ‌වෙනස් කිරීමෙන්, නැතිනම් එයට එකතු කරන ‌දේවල් ‌ෙවෙනස් කිරිමෙන්  බබාට විවිධත්වයෙන් යුත් කෑම ‌වේලක් සකස් කරන්න පුළුවන්.

මේ ආකාරයට බබාට දෙන බෙරි බත නැතිනම් බත් තලපය විවිධ ආකාරයට රස ගන්වන්න පුළුවන්.

ඔබ ලගත් බෙරි බත රස ගන්වන්න පුළුවන් ආකාර තියෙනවාද? එසේ නම් පහලින් සටහනක් යොදා අප හා බෙදා ගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි