theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්

2 අවම කියවීම
කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්

මව්කිරි දීමේ අපහසුවක් ඇත්නම් මදි බවක් දැනෙනවා නම් මේ ආහාර ගැන සිතා බලන්න.

 

හුඟක් අම්මලා මව්කිරි දීම පිළිබඳව, විශේෂයෙන්ම කිරි එරෙන ආහාර පිළිබඳව ගැටළු වලින් පෙළෙනවා.

ළමා රෝග වෛද්‍ය මේරිඅන් නයිෆ්ර්ට් දක්වන ආකාරයට 5% ක් පමණ කාන්තාවන්ට මව් කිරි සැපයුමේ අඩුවක් ඇති බවත් විවිධ වෛද්‍ය හේතු මතත් මව්කිරි අඩුවෙන්න පුළුවන් බවත් පවසනවා.

නමුත් සමහර ආහාර මගින් මව්කිරි නිෂ්පාදනයේ වැඩිවීමක් ඇති බව සොයාගෙන ඇති පර්යේෂණ එතරම් නැහැ, Babycenter දක්වනවා.  නමුත් අපට ඉහත පරම්පරා වල අයගෙන් මේ ගැන දැනගන්න පුළුවන්. මේ එවැනි ආහාර කිහිපයක්.

ඕට්ස්

ඕට්  මිල් වල කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කරන අතරම එය මව්කිරි එරිමටත් උදව් වෙනවා. මේ නිසා ඕට්  මිල්, කිරි එරෙන ආහාර අතර ඉහළින්ම තිබෙනවා.

Just Mommies ට අනුව ඕට්  මිල් සැහැල්ලු ආහාරයක් නිසා එය අම්මලා සන්සුන් කරන අතර ඔක්සිටොක්සින් නිපදවනවා. එය මව් කිරි නිපදවීමට උපකාරී වන වැදගත් හෝර්මෝනයක්.

සුදු ලූණු 

සුදු ලූණු  මගින් මව්කිරි වල සුවඳ හා රසයට වැදගත් වගේම අම්මා සුදුලූණු  ආහාරයට ගත්විට දරුවන් තනපුඩුව උරාගැනීමට පහසුවක් දක්වන බව පවසනවා.

ඒ වගේම Mom Junction හි අදහසට අනුව සුදුලූණු වල ඇති රසායනිකයක් මව්කිරි නිෂ්පාදනයට උදව් වෙන බව පැවසෙනවා.

කොළ පැහැති පත්‍ර සහිත එළවළු

ඔබේ ශරීරයේ තවත් කෙනෙකුට ආහාර සැපයීම කියන්නේ ඔබට හුඟක් පෝෂ්‍යදායි ආහාර අවශ්‍යවන බවයි.

හුඟක් පලා වර්ග හා කොළ පැහැති පත්‍ර සහිත එළවළු වල බොහෝ විටමින් සහ ඛණිජ ලවන අඩංගු වෙනවා.

ඒ වගේම කොළ පැහැති එළවළු වල ප්‍රජෙස්ට්‍රරෝන් අඩංගු වන බවත් Just mommies පවසන අතර එමගින් මව්කිරි නිෂ්පාදනය වැඩි කරවීමට උදවු වෙනවා.

උළුහාල්

උළුහාල් ඇට වලට ප්‍රජෙස්ට්‍රරෝන් අඩංගු වන අතර ඉතා ඈත අතීතයේ සිට මව්කිරි එරීම වෙනුවෙන් උළුහාල් යොදා ගන්නවා.

Breastfeeding Online පවසන ආකාරයට පැය 24-72 දක්වා උළුහාල් ලබාගැනීමෙන් මව් කිරි වැඩිකිරීමේ හැකියාව ඇති බව පවසනවා.

මුරුංගා

පිලිපීන විශ්වවිද්‍යාලයේ ළමාරෝග වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් කරන ලද අධ්‍යනයකට අනුව මුරුංගා ආහාරයට ගැනීම ඉතාමත්ම ගුණදායකයි. 

විශේෂයෙන් මුරුංගා පෙති 152% - 176% ක් දක්වා මව්කිරි එරීම වැඩිවන බව කියනවා.

එය මව් කිරි එරීම වැඩිකර ගැනීමට උනන්දු වන අම්මලාට හොඳ ආරංචියක් වේවි.

ජලය

අපි හුඟ දෙනෙක් ලේසි පහසු දේවල් පෝෂණය වෙනුවෙන් සොයනවා. හුඟක් වතුර බීම තුළින් මව්කිරි එරීම හුඟක් වැඩිකර ගන්න පුළුවන්. ඒ නිසා මව්කිරි දෙන හැම වාරයකටම පෙර වතුර වීදුරුවක් බීම ඉතා වැදගත්.

ඇට වර්ග

Parenting.com ට අනුව ආමන්ඩ් වැනි ඇට වර්ග හා ඛණිජ, විටමින්, කැලරි වැඩියෙන් අඩංගු ඇට වර්ග ලැබාගැනීම මව්කිරි එරීමට හිතකර බව පැවසෙනවා.

මවක්  තම දරුවා වෙනුවෙන් නොකර දෙයක් නැති තරම්. ඉතින් ඇයට මේ ආහාර වල වැදගත්කම දැනගන්න ලැබීම බෙහෙවින් සතුටක් වනු ඇතැයි ඔබේ හොඳම මිතුරිය theAsianparent Sri Lanka විශ්වාස කරනවා.

theAsianParent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • මව්කිරි දීම
  • /
  • කිරි එරෙන ආහාර: මව්කිරි සැපයුම වැඩිකරන ආහාර වර්ග 7 ක්
බෙදාගන්න :
  • වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

    වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

  • මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර

    මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු ආහාර

  • වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

    වැඩියෙන් මව් කිරි එරෙන්න ඉඟි 9ක්

  • මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු  ආහාර

    මව්කිරි දෙන විට නුසුදුසු ආහාර හා සුදුසු ආහාර

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it