theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

4 අවම කියවීම
බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

බබාගේ උපන්දිනයට ලස්සන කේක් එකක් අම්මිගේම අතින් හදාගන්න අදහස් මෙන්ම කේක් හා අයිසිං රෙසිපිත් මෙතැනින්.

අද කාලයේ බොහොමයක් මව්වරුන් දරුවාගේ උපන්දින කේක් එක තමන්ගේම දෑතින් නිර්මාණය කරන්නට වැඩි උනන්දුවක් දක්වනවා. 

එම ආසාව සඵල කරගැනීම වඩාත් පහසු කරමින් අද ඉතාමත්ම පහසුවෙන් ඉතාමත්ම අලංකාර නිර්මාණ කරගැනීම අද වෙනදාට වඩා පහසුවෙන් කරගන්නට පුළුවන්. 

මේ ලිපියෙන් ඔබේ පුචි දූට පුතාට පහසුවෙන්ම හදාගන්න පුළුවන් උපන්දින කේක් ඡායාරූප කිහිපයක් සමඟ විස්තරයක් ගෙන එනවා. ඉතාමත්ම කැමැත්තෙන් හා උනන්දුවෙන් මේවා හදාගෙන ඔබේ දස්කම් විස්කම් ඔබේ පැටියාටත්, නෑ හිතවතුන්ටත් පෙන්වන්නට පුළුවන්.

ඉතින් මුලින්ම අපි බලමු පහසුවෙන්ම කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා.

උපන්දින කේක් එකක් හදාගන්නට පියවරෙන් පියවර කළ යුතු දේ

1. මුලින්ම ඔබ හදා ගන්නා ආකෘතිය තීරණය කරගන්න. (මෙම ලිපියේ පෙන්වා ඇති ආකෘතියක්ද තෝරාගන්නට පුළුවන්)

2. ඔබට මේ ගැන පළපුරුද්දක් නැතිනම් පහසුම ආකෘතියක් තෝරගන්න. පහසු ආකෘතියක් තෝරාගැනීමෙන් ඔබට ඔබේ පැටියාගේ උපන්දින කේක් එක පහ්සුවෙන්ම   හැඩ කරගන්නට පුළුවන්. එවිට ඔබට ඉදිරියේදී තවත් කේක් වර්ග උත්සාහ කරන්නට අවශ්‍ය ආත්ම තෘප්තියත් ආත්ම ශක්තියත් ලැබෙනවා.

3. ඉතින් මෙම ආකෘතිය හතරැස් එකක්ද රවුම් හැඩැති එකක්ද යන්න අනුව අවශ්‍ය කලමනා ලැහැස්ති කරගන්න.

4. මීළඟට උපන්දින කේක් එකට සහ එය සැරසීමට බටර් අයිසිං සාදාගැනීමට අවශ්‍ය කලමනා සියල්ල සූදානම් කරගන්න.

බබාත් අම්මීත් කැමති උපන්දින කේක් ආකෘතිය තෝරාගනිමු.

පහත දැක්වෙන්නේ බටර් අයිසිං වලින් පහසුවෙන්ම සරසාගත හැකි කේක් ආකෘති කිහිපයකට අදහස් 

1. සරල ලෙස වර්ණ ගන්වා නොමැති බටර් අයිසිං ගල්වාගත් රවුම් උපන්දින කේක් එකක්

උපන්දින කේක්

2. බාබී ඩෝල් (Barbie Doll) කේක් එකක්

බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්

3. කිට් කැට් (Kit Kat) කේක් එකක් 

උපන්දින කේක්

බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්උපන්දින කේක්

උපන්දින කේක් එකට  මෘදු බටර් කේක් එකක් හදමු

අවශ්‍ය දේ:

  1. 250g බටර් 
  2. 250 සීනි(පවුඩර් ලෙස ග්රයින්ඩර් කරගන්න) 
  3. 250g පාන් පිටි (baking powder ⁣තේ හැදි එක හමාරක් දමා තුන්වරක් හලා ගන්න)
  4. බිත්තර 4
  5. වැනිලා තේ හැදි 2
  6. කිරි මේස හැදි 2(උකුවට හදා ගන්න)
  7. ලුණු තේ හැදි කාලක්
  8. දෙහි බිංදු දෙක තුනක්

සාදාගන්නා ආකාරය

  • බටර් ශීතකරනයෙන් එලියට ගෙන පැයක් පමන තබා කුල් එක තියෙද්දීම බීට් කරන්න. විනාඩි 5 ක් පමන බීට් කරන්න.
  • කුඩු කරගත් සීනි ටික ටික දමමින් බීට් කරන්න.
  • ඉන්පසු බිත්තරය බැගින් එක්කරමින් බීට් කරන්න.
  • එ අතරම වැනිලා සහ කිරි එකතුකර ටිකක් බීට් කරන්න.
  • මේ සියල්ල බීට් කරන කාලය විනාඩි 20 ක් විය යුතුයි.
  • ක්‍රීම් ගතියට ආ විට හලාගත් පිටි ටිකටික එකතුකරමින් ලී හැන්දකින් එකම අතකට මිශ්‍ර කරන්න.

උපන්දින කේක් එක බේක් කරගැනීම

  • තැටියට බටර් ස්වල්පයක් ගා තෙල් කඩදාසියක් දමා මිශ්රනය දමා තුනී කරගන්න.
  • තැටියෙන් 3/4 ක් පිරෙන තෙක් පමනක් දමන්න.
  • නැතිනම් බේක් වනවිට තැටිය ඉඩ මදි වේ.
  • සෙන්ටිග්‍රඩ් 180 ට විනාඩි 5ක් රත්කරගත් අවන් එකක කේක් එක බේක් කරන්න.
  • ටික වේලාවකින් උෂ්ණත්වය 160-170 පමන අඩු කරගෙන පාලනය කරගන්න.
  • විනාඩි 35කට පමන පසු අවන් එක ඇර ටූත් පික් එකක් ඇන බලන්න.
  • එය වියලිව ඇත්නම් හොදින් බේක් වී ඇත
  • වි.40-50 පමන බේක් කරගන්න.
  • බේක් වන විට සුවද දැනේ.
  • එක එක අවන් වල ක්‍රියාකාරිත්වය වෙනස් නිසා අත්දැකීමෙන්ම මෙය හුරැ වේ

උපන්දින කේක් එක සාදාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • නිතරම අවන් එකේ දොර ඇරීමෙන් කේක් එක මැද බහින්නට බලයි. එම නිසා විනාඩි 30 පහුවනතෙක් ඇරීමෙන් වලකින්න.
  • පිටි ප්‍රමානය වැඩි උනොත් කේක් එක හයිය වේ.එම නිසා බිත්තර,පිටි,බටර් සියල්ල 250g ලෙස කිරාගත යුතුය.
  • බටර්, සීනි, බිත්තර පිලිවෙලට බීට් කරන්න.
  • පිටි එකතු කර බීට් කරන්නේ නැත. පිටි බීට් කලහොත් කේක් එක සොෆ්ට් නොවේ.එම නිසා පිටි, හැන්දෙන්ම කලවම් කරන්න.
  • කේක් එක බේක් උනාට පසුව එලියට ගෙන කූලින් ට්‍රේ එකක දමන්න.
  • කේක් ට්‍රේ එකෙම තැබුවොත් රස්නය නිසා තව හයි වෙන්න බලයි.

මේ පිලිවෙලට කළහොත් සොෆ්ට් බටර් කේක් එකක් සාදාගත හැකිය

උපන්දින කේක් අයිසිං එක හදාගනිමු

දැන් ඔබට කැමති හැඩය ගන්න කැමති ආකාරයට අයිසිං හදාගන්න. මේ ලිපියේ ඔබට කැමති ආකාරයට අයිසිං හදාගන්න පුළුවන්.

ගෙදර උත්සවයට ගෙදරදීම හදාගන්න කේක් එකෙන් ලැබෙන්නේ පුදුමාකාර ආත්ම තෘප්තියක්. ගෙදර හැමෝම මෙය වඩාත් අගය කරමින් රස විඳින අතර ඔබට මින් ලැබෙන මුදල් ඉතිරියත් සුළු පටු නැහැ.

 

මූලාශ්‍ර: rasatarasak.wordpress.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත.

ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • උපන්දින සාද
  • /
  • බබාගේ උපන්දිනයට අම්මිගේ අතින් හදාගන්න කේක් වර්ග 5ක්
බෙදාගන්න :
  •  රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි

     රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි

  • රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

    රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

  •  රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි

     රස වෑහ‌ෙ‌න කොෆි කේක් එකක් ග‌ෙදර හදන්න‌ේ ම‌ෙහ‌ෙමයි

  • රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

    රසම රසයි, හරි පහසුයි, පොඩිත්තන්ට බටර් කේක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it