theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රස්නෙ කාලෙට ගැළපෙන ඇඟ සිසිල් කරන බීම වර්ග 7ක්

5 අවම කියවීම
රස්නෙ කාලෙට ගැළපෙන ඇඟ සිසිල් කරන බීම වර්ග 7ක්රස්නෙ කාලෙට ගැළපෙන ඇඟ සිසිල් කරන බීම වර්ග 7ක්

රස්නේ දවස් වල නිතර ජලය මෙන්ම පාන වර්ග ගැනීම සෞඛ්‍යයට හොදයි

රස්නෙ කාලෙට බීම වර්ග ගොඩාක් නිතර භාවිතා කරන්න කවුරුත් කැමතියි. 

පරිසරය උණුසුම් වෙන විට දහඩිය වැඩි වශයෙන් පිටවීම හේතුවෙන් සිරුරේ ජල ප්‍රමාණය අඩුවෙනවා.

එවිට පිපාසය දැනෙනවා වැඩියි. පිපාසය දැනෙන විට සමහර අය නම් කෘතිම බීම වර්ග පානය කරන්න පුරුදු වෙලා ඉන්නවා.

එය නම් සෞඛ්‍යයට ඒ තරම් හොද දෙයක් නෙමෙයි.

ඒවා නිසා දියවැඩියාව වැනි රෝග ඔබට වැළදීමේ අවදානම් තියෙනවා.

ඒ වගේම තේ, කෝපී හා චොකලට් පාන වර්ග වැනි කැපේන් අඩංගු පානද ඔබේ සිරුරට එතරම් සුදුසු නැහැ. 

පොල් වතුර හා තැඹිලි කියන්නේ ස්වාභාවයෙන්ම අපට ලබා ගන්න පුළුවන් සිරුර සිසිල් කරන පාන වර්ගයි.

මීට අමතරව රණවරා, පොල්පලා වගේ පාන වර්ග වගේම සව්, බාර්ලිත් සිරුර සිසිල්ව තබාගන්න උපකාර කරනවා.

මෙවන් පාන වර්ග නිතරම ඔබේ ජිවිතයට එකතු කරගැනීමෙන් නිරෝගි බවක් ලබාගන්න පුළුවන්.

එසේ නම් රස්නේ කාලයට ඇග නිවාගන්න නැතිනම් ඇගේ උණුසුම පහ කර සිසිල් කරගන්න පානය කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන කතා කරමුද?

රස්නෙ කාලෙට බීම බීම වර්ග 7ක්

1. කොමඩු බීම

රස්නෙ කාලෙට ගැළපෙන ඇඟ සිසිල් කරන බීම වර්ග 7ක්

කොමඩු යුෂ බොහොම හරිම රසවත්. බබාලා වුනත් බොන්න කැමතියි.

කොමඩු වල ගුණ

  • රස්නේ කාලයේදී සිරුරේ අභ්‍යන්තර උෂ්ණත්වය සමතුලිතව තබා ගැනීම
  • සමේ තෙතමනය ආරක්ෂා කිරීම
  • මළ බද්ධය දුරු කිරීම
  • හොදින් මුත්‍රා පිට කිරීම
  • ප්‍රතිශක්තිය ලබා දීම

කොමඩු වලින් රසවත් බීම සකස් කරමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොමඩු බෑයක්
  • අවශ්‍ය නම් දෙහි යුෂ ටිකක්
  • ලුණු

සකස් කරන ආකාරය

  • පළමුව කොමඩු බෑයේ ඇට ඉවත් කර මදය සුරා ගන්න.
  • මෙම මදය බෙන්ඩර් එකක දමා යුෂ කරගන්න.
  • අවශ්‍ය නම්  රස අනුව ලුණු හා දෙහි එකතු කරන්න.

2. රස්නෙ කාලෙට බීම: පිපිඤ්ඤා  බීම

රස්නෙ කාලෙට ගැළපෙන ඇඟ සිසිල් කරන බීම වර්ග 7ක්

පිපිඤ්ඤා විජලනයට ඉතා හොඳ ආහාරයක්. එහි ජලය විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.

පිපිඤ්ඤා වල ගුණ

  • සිරුරේ උශ්ණාධික බව අඩු කිරීම
  • සිරුරේ තැම්පත් වෙන විෂ ඉවත් කිරීම
  • විටමින් වර්ග බහුල වීම
  • ආහාර ජිර්ණය පහසු කිරීම
  • අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් අඩුකිරීමේ හැකියාව සහිත වීම

පිපිඤ්ඤා වලින් රසවත් බීම සකස් කරමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිපිඤ්ඤා ගෙඩි භාගයක්
  • නිවුන උණු වතුර
  • ලුණු
  • දෙහි

සාදන ආකාරය

  • පිපිඤ්ඤා ගෙඩියේ තිත්ත ඇර සුද්ද කර ගන්න.
  • එය කැබලි කර බ්ලෙන්ඩර් එකට දමා යුෂ කරගන්න.
  • එයට නිවුන උණු වතුර ලුණු හා දෙහි රස අනුව එකතු කරන්න.
  • ශීතකරණයේ තබන්න.

3. නෙල්ලී බීම

රස්නෙ කාලෙට ගැළපෙන ඇඟ සිසිල් කරන බීම වර්ග 7ක්

 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

පස්ගෝ රස වලින් පරිපුර්ණ ගුණවත් පානයකි.

නෙල්ලී වලින් රසවත් බීම සකස් කරමු.

නෙල්ලී වල ගුණ

  • මළබද්ධය සමනය කිරීම
  • පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතිය දුරු කිරීම
  • යකඩ වලින්සහිතවීම
  • සිරුරට සිසිලසක් ලබාදීම
  • ප්‍රතිශක්තියක් ලබා දීම

අවශ්‍ය ද්‍රව්‍ය

  • නෙල්ලි ගෙඩි 15
  • සීනි
  • ලුණු
  • ජලය

සකස් කරන ආකාරය

  • පිරිසිදු කර ගත් නෙල්ලි වල ඇට ඉවත් කර කැබලි කරගන්න
  • බ්ලෙන්ඩර් එකක් ආධාරයෙන් යුෂ කරගන්න.
  • එයට අවශ්‍ය පරිදි ලුණු හා සිනී හා ජලය එකතු කරන්න.

4. කොමාරිකා බීම

රස්නෙ කාලෙට බීම

අපේ නිවෙස් වල දකින්න ලැබෙන කෝමාරිකාද ඉතා හොද ඔසුවකි.

කෝමාරිකා වලින් රසවත් බීම සකස් කරමු

කෝමාරිකා වල ගුණ

  • සිරුරට සිසිලස සැලසීම
  • සම නිරෝගි කිරීම
  • හිසකෙස් නිරෝගි කිරීම
  • අජීර්ණ සහ ගැස්ට්‍රයිටිස් රෝග සුව කිරීම
  • රුධිරයේ සිනි මට්ටම පහත හෙලීම

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෝමාරිකා කොළයක්
  • දෙහි යුෂ
  • සිනී

සකස් කරන ආකාරය

  • කෝමාරිකා කොළය සෝදා මදය සුරාගන්න
  • එය බෙන්ඩර් කර යුෂ ලබාගන්න.
  • එයට දෙහි යුෂ හා ලුනු එකතු කරන්න.

5.බෙලි බීම

රස්නෙ කාලෙට බීම

මේ රසවත් පළතුරකි.  පොඩි දරුවන්ට සුදුසු ආහාරයකි.

බෙලි වලින් රසවත් බීම සකස් කරමු.

බෙලි වල ගුණ

  • මළපහ පිටකිරීම පහසුවීම
  • අමාශය සුවපත් කිරීම
  • ග්‍රැස්ට්‍රයිසිස් සුව කිරීම 
  • කෑම රුචිය ඇතිකිරීම
  • සිරුරේ දාහය නිවීම

අවශ්‍ය ද්‍රව්‍ය

  • බෙලි ගෙඩි 2 ක්
  • ජලය
  • සිනී
  • ලුණු

සකස් කරන ආකාරය

  • බෙලි ගෙඩිය පිටින් තම්බාගන්න.
  • මදය සුරා පොඩි කර පෙරා ගන්න.
  • බෙලි ඉස්ම ලිප තබා උතුරණ විට සිනී හා ලුණු අවශ්‍ය පමණට එකතු කරන්න.

6. රස්නෙ කාලෙට බීම : දෙළුම් බීම

රස්නෙ කාලෙට බීම

මැරෙන්න ඉන්න අයෙක්ට වුනත් දෙළුම් දුන්නම තව මොහොතක් හරි ජිවත් වෙනවාලු. ඒ තරම් ඖෂධිය ගුණයෙන් යුතු පානයකි.

දෙළුම් වල ගුණ

  • මළ බද්ධය දුරු වීම 
  • අර්ශස්‌, ගැස්‌ට්‍රයිටීස්‌ දුරු වීම
  • ප්‍රතිශක්තිය ඉහළ නැංවීම
  • පිළිකා නාශක ගුණ සහිත වීම
  • අධික රුධිර පීඩනය හා හෘදබාධ අවදානම අඩුකිරීම
  • මතක ශක්තිය ඉහළ නැංවීම

දෙළුම් වලින් රසවත් බීම සකස් කරමු

අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙළුම් ගෙඩියක්
  • ජලය

සකස් කරන ආකාරය

  • දෙළුම් ගෙඩිය සුද්ද කර ඇට ටික බදුනකට ගන්න
  • ඉන්පසු දෙළුම් ඇට ටික බෙන්ඩර් කරලා යුෂ කරගන්න.
  • යුෂ ටික හොදින් පෙරා ගන්න.

7. කැරට් බීම

රස්නෙ කාලෙට බීම

විටමින් බොහොමයක් බහුල කැරට් එළවළුවක් වුවද රසවත් බීමක්ද සකස් කර ගන්න පුළුවන්.

කැරට් වල ගුණ

  • සිරරේ උෂ්ණත්වය අඩු කිරීම
  • සමේ තෙතමන ආරක්ෂා කිරීම
  • සම නිරෝගී කිරීම
  • හිසකෙස් වර්ධනය කිරීම
  • සිරුරට අවශ්‍ය විටමින් වර්ග ලබා දීම

කැරට් වලින් රසවත් බීම සකස් කරමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකු කැරට් අල 2ක්
  • උනු කර නිවා ගත් වතුර
  • ගම්මිරිස්
  • ලුණු

සකස් කරන ආකාරය

  • කැරට් පිරිසිදු කර පොතු ඉවත් කරගන්න.
  • ඉන්පසු කැබලි කර එයට ජලය යොදා බෙන්ඩර් එකක ආධාරයෙන් යුෂ කර ගන්න.
  • රස අනුව ගම්මිරිස් හා ලුණු එකතු කරගන්න
  • බබාලාට සකස් කරන විට ගම්මිරිස් යොදන්න එපා.
  • පෙරා බීමට ගන්න පුළුවන්.

තව තක්කාලි , බීට්, දෙහි, දොඩම්, අඹ, ගස්ලබු වලින් රසවත් පාන වර්ග සකස් කරගන්න පුළුවන්. නැවුම් එළවළු හා පළතුරු බීම සිරුරේ නිරෝගි බව ලබා දෙනවා.  ඒ වගේම හැකි තරම් ජලය පානයෙන් සිරුර සිසිල්ව තබා ගන්න පුළුවන්.

ඔබත් මෙවැනි රසවත් නැවුම් බීම වර්ග වල තතු දන්නවාද? ඒවා හදන හැටි ඔබ දැනුවත්ද? එහෙනම් ඒ තොරතුරු අපිත් සමග බෙදාගන්න.

මුලාශ්‍ර - www.cook-ontime.com

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • කෑම වට්ටෝරු
  • /
  • රස්නෙ කාලෙට ගැළපෙන ඇඟ සිසිල් කරන බීම වර්ග 7ක්
බෙදාගන්න :
  • ගෙදරදීම ත්‍රිපෝෂ හදාගැනීම දැන් හරිම ලේසියි.

    ගෙදරදීම ත්‍රිපෝෂ හදාගැනීම දැන් හරිම ලේසියි.

  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

  • ගෙදරදීම ත්‍රිපෝෂ හදාගැනීම දැන් හරිම ලේසියි.

    ගෙදරදීම ත්‍රිපෝෂ හදාගැනීම දැන් හරිම ලේසියි.

  • බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

    බබාලාට හවසට කන්න කදිම රසවත් ආහාර වර්ග 3 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it