theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි

4 අවම කියවීම
සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයිසෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි

ඔබේ දෑස් රැක ගන්න එක ඔබ කැපවීමෙන් කරනවාද? දෑස් රැක ගන්න නම් කරන්න ඕනි දේ හරිම පුංචි දෙයක්. මේ දේ කලොත් හැමදාටම තියන නිරෝගී දෙනෙත් ඔබට ලැබේවි.

ඔබ ඔබේ දෑස්  වල සෞඛ්‍ය ගැනත්, ඒවා අක්ෂි රෝග වලින් ආරක්ෂිත බවත් ගැන සැලකිලිමත්ද?

මොහොතකට සිතන්න..... අක්ෂි රෝග නිසා ඔබේ දෑස් වල පෙනීම ඔබට නැතී වී ගියොත්....???
ඒ පිළිබඳ සිතීම පවා අමිහිරි බව අපි සැවොම දනිමු.

වෙනදාටත් වඩා ඔබේ දෑස් හා අක්ෂි රෝග ගැන සිතිය යුතු කාලය දැන් එළඹ තිබේ. එහෙම කියන්නේ ඇයි?

එයට ප්‍රධානතම හේතුව වන්නේ දියුණුවන තාක්ෂණයත් සමඟ වර්තමානයේ වයස් බේදයකින් තොරව බොහොමයක් පිරිස ස්මාර්ට් ජංගම දුරකථන , පරිඝණක , රූපවාහිනී ඉදිරිපිට දවසේ වැඩි කාලයක් ගත කිරීමයි.

සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි

එමඟින්, ඔබේ දෑස් වල ට සිදුවන හානිය පිළිබඳ ඔබ මොහොතක් සිතුවාද???

දෑසේ පෙනීම අඩුකිරීමට හෝ සම්පූර්ණයෙන්ම නැති වීමට හේතු

  1. මඳ ආලෝකයේ සිට පොත් පරිශීලනය කිරීම.
  2. ඈතින් ඇති වස්තු දෙස හෝ සියුම් වස්තු දෙස දුගු වේලාවක් බලා සිටීම.
  3. දහවල් නිදා ගනිමින් රාත්‍රියට නිදිවැරීම.
  4. ප්‍රමිතියෙන් අඩු, අහිතකර රසායනික ද්‍රව්‍ය සහිත රූපලාවණ්‍යය නිෂ්පාදන ඇස් ආශ්‍රිතව ආලේප කිරීම.
  5. අධික සූර්‍යාලෝකයේ ඇති පාරජම්බුල කිරණ.
  6. දියවැඩියාව , අධික රුධිර පීඩන තත්ව.
  7. දුම්, දූවිලි වැනි පරිසරවල දිගු වේලාවක් රැඳී සිටීම.
  8. ඇසට සිදුවන හදිසි අනතුරු
  9. විටමින් A ඌනතාවය

ඩිජිටල් තිරය නිසා ඇති විය හැකි අක්ෂි රෝග වලින් ඔබේ දෑස් රැක ගන්නේ කොහොමද?

පරිඝණක , ස්මාර්ට් ජංගම දුරකථන , රූපවාහිනී යන්ත්‍ර භාවිතා කිරීමේදී නිවැරැදි ක්‍රම අනුගමනය කළ යුතුය.

එහිදී පහත කරුණු පිළිබඳ ඔබේ විශේෂ අවධානය යොමු කරන්න.

  • තිරයේ දීප්තිමත් බව දෑසට අපහසු නොවන තරමට අඩු කර ගන්න ඕනි වෙනවා. ඒ වගේම  තිරය මුහුණට වඩාත් ළං නොවන සේ තබා ගැනීමත් වැදගත්.
  • වරින්වර තිරයෙන් දෑස් ඉවත් කර වෙනත් බාහිර දේට දෑස් යොමු කිරීම සිදුකල යුතුය.

අක්ෂි රෝග වලින් ඔබේ දෑස් රකින vision 20:20 නීතිය

වරින් වර තිරයෙන් දෑස් ඉවත් කර වෙනත් බාහිර දේකට ඇස් යොමු කරන එක Vision 20:20 නීතිය ලෙස හැඳින්වේ.

මෙයින් කියවෙන්නේ සෑම මිනිත්තු 20කට වරක් අඩුම තරමින් තත්පර 20ක් වත් ඉන් ඉවත බැලිය යුතු බවයි. (පොත්පත් කියවීම වැනි ඇසට සමීපව කරන කටයුතු වලදීද මෙය සුදුසු ක්‍රමයකි) ඇස් වියළීමෙන් වන හානිය නැති කර ගැනීමට වරින් වර සිතාමතා හෝ ඇසිපිය සැළීම කළ යුතුය.

ඔබේ දෑස්

දැඩි හිරු එළියෙන් ඔබේ දෑස් රැක ගැනීමට නම්

  • දැඩි හිරු එළියෙන් දෑස් රැක ගැනීමට නියමිත ප්‍රමිතියෙන් යුතු අව් කණ්නාඩි පැළඳිය යුතුයි.
  • නිතර ඇතිවන හිසරදය , දෑස් බොඳවීම, වැනි ලක්ෂණ පවතීනම් නොපමාව සුදුසු වෛද්‍යවරයෙකු හමුවී අක්ෂි පරීක්ෂාවක් සිදුකළ යුතුය.

වයස අවුරුදු 40න් පසු

වයස අවුරුදු 40 පසුවූ සෑම අයෙක්ම වසරකට වරක්වත් අක්ෂි පරීක්ෂාවක් කර ගැනීම ඉතාම සුදුසුය.

ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් අන්ධ බවට පත් වීමට හේතුව වී ඇත්තේ ඇසේ සුද තත්වයට නිසි කලට පිළියම් නොකිරීමයි.

අක්ෂි පරීක්ෂාවක් සිදු කර ගැනීමට වෛද්‍ය වරයෙකු හමු වූ විට, ඔබ අධික රුධිර පීඩනය , දියවැඩියාව වැනි රෝග වලින් පෙලේනම් ඒ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීමට අමතක නොකරන්න.

පරම්පරාගත අක්ෂි රෝග පවතීනම් ඒ පිළිබඳවද පැවසීම සුදුසුය.

ඇස් ආසාදන වීම වළක්වා ගැනීමට අපිරිසුදු දෑතින් නිතරම දෑස් ස්පර්ශ කිරීමෙන් වළකින්න.

ඇසට සිදුවන හදිසි අනතුරු වළක්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත කටයුතු, පෑස්සීම, විවිධ ඉදිකිරීම් කටයුතු වැනි ඇසට හානි සිදුවිය හැකි කටයුතු වළදී ආරක්ෂිත කණ්නාඩි පැළඳිය යුතුය.

දෑස්වල පෙනීම වර්ධනය කර ගැනීමට මේ දේවල් කල හැක.

  • කැරට් , වට්ටක්කා , බතල , ඉදුණු අඹ , ගස්ලබු , වැනි විටමින් A අඩංගු ආහාර ද
  • දොඩම් , නාරං වැනි විටමින් C අඩංගු ආහාරද ආහාරයට එකතුකර ගත යුතුය .

විඩාබර දෑස් ප්‍රබෝධමත් කිරීමට පහත සරළ දේවල් කිහිපයක් සිදුකළ හැක

  1. පිපිඤ්ඤා පෙති දෙකක් වැසූ දැස් මත මිනිත්තු 15 පමණ තබා ගෙන සිටීම.
  2. තේ කොළ මණ්ඩි වලින් සෑදූ පොට්ටනි දෙකක් වැසූ දෑස් මත මිනිත්තු 15 පමණ තබාගෙන සිටීම

ඇස් වලට කළ හැකි සරල ව්‍යායාම

කයට මෙන් ඇසටද ව්‍යායාම අවශ්‍යය.

හිස නොසෙල්වන සේ සෘජුව තබා ගනිමින් මෙය කළ යුතුයි.

  1. තත්පර 3ක් දෑස් වළින් ඉහල බැලීම හා නැවත තත්පර 3ක් පහළ බැලීම. මෙලෙස 3 වරක් සිදු කිරීම.
  2. දෑස් වලින් තත්පර 3ක් දකුණුපස බැලීම හා නැවත තත්පර 3ක් වම්පසට දෑස් යොමු කිරීම. මෙලෙස 3 වරක් සිදු කිරීම.
  3. දකුණුපස ඉහළ කෙළවරට තත්පර 3ක් දෑස් යොමු කිරීම හා වම්පස ඉහළ කෙලවරට තත්පර 3ක් දෑස් යමු කිරීම.
  4. දකුණුපසට හා වම්පසට 3වරක් බැගින් ඇස් කැරකැවීම.
  5. තදින් දෑස් පියාගෙන තත්පර කිහිපයක් සිට සෙමෙන් දෑස් ලිහිල් කිරීම
  6. දෑස් හැකි පමණ විශාල කර නැවත සෙමෙන් නියමිත ප්‍රමාණයට ගැනීම.
  7. සෑම පියවරකට පසු ඇසිපිය සැලීමද වැදගත් වේ.

ඔබේ දෑස්

ඇස් වලට කළ හැකි සම්බාහන ක්‍රම

ඇස් වසා ඇස් යටට වෙදැඟිලි තබා වම්පස සිට දකුණුපසටත් , දකුණුපස සිට වම්පසටත් රවුම් ආකාරයට සෙමෙන් සම්බාහනය කිරීම මඟින් දෙනෙතට හොඳින් රුධිර සැපයුම ලැබී දෑස් ප්‍රබෝධමත් වේ.

අක්ෂි තර්පණ අක්ෂි රෝග සඳහා ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඇති ඉතා සාර්ථක ප්‍රතිකාර ක්‍රමයකි.

Gimhani Fonseka

මේ විස්තරය කොලඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතන ආයුර්වේද වෛද්‍ය සිසුවියක් වන ගිම්හානි ෆොන්සේකා අපිට ගෙන එන ලදී. මෙහි මුල් ලිපිය ඇය "ඔසුල"නම් වූ ඇයගේම ෆේස්බුක් පිටුවේ මෙය පල කලා.

 

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
img
Written by

annnirmani

  • Home
  • /
  • ශාරීරික සුවතාව
  • /
  • සෞඛ්‍ය සම්පන්න නෙතු යුගලකට හිමිකම් කියන්නේ මෙහෙමයි
බෙදාගන්න :
  • ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණගැන්වීමට සුපිරි බීම 5ක්

    ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණගැන්වීමට සුපිරි බීම 5ක්

  • ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

    ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

  • ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණගැන්වීමට සුපිරි බීම 5ක්

    ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පණගැන්වීමට සුපිරි බීම 5ක්

  • ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

    ඔබේ කොණ්ඩය ඉක්මණින්ම දිගට වවාගන්න ක්‍රම 13 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it