theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

Dr. Dinuගෙන් අසන්න: අලුත උපන් බිලිඳාගේ කකුල් ඇතුළු යම් අවයව, අතගා සෑදිය යුතුද?

4 අවම කියවීම
Dr. Dinuගෙන් අසන්න: අලුත උපන් බිලිඳාගේ කකුල් ඇතුළු යම් අවයව, අතගා සෑදිය යුතුද?Dr. Dinuගෙන් අසන්න: අලුත උපන් බිලිඳාගේ කකුල් ඇතුළු යම් අවයව, අතගා සෑදිය යුතුද?

පුංචි බබාලාගේ කකුල්, නහය ඇතුළු සමහර ඉන්ද්‍රියයන් අතගා සෑදිය යුතු බවට සුලභ මතයක් පවතිනවා. මෙහි ඇත්ත නැත්ත හා ඔබට ඇති ගැටළු වලට පිළිතුරු Dr. Dinuගෙන්

දරුවන්ගේ සෞඛ්‍ය ගැටළු පිලිබඳ ප්‍රශ්ණ රැසක් අප වෙත නිතර යොමු වනවා. අපට බහුලව ලැබෙන ප්‍රශ්ණ විමසුම් මුල්කොටගෙන, දරුවන්ගේ සෞඛ්‍ය ගැන නිරතුරු උත්සුක වන අපගේ ආදරණීය රසික මාපියවරුන් වෙනුවෙන්  පළපුරුදු වෛද්‍යතුමියකගේ සහය ඇති බිලිඳාගේ කකුල් හා සම්බන්ධ මේ විශේෂාංගය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටින්.

ඔබ වෙනුවෙන් ගෙනහැර දක්වන පැන වලට මෙසේ පිළිතුරු සපයමින් අපට දායක වන්නේ වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මියයි.  

Dr. Dinu ලෙස අප බොහෝ දෙනා හඳුනන ඇය සේවය කරන්නේ කොළඹ මහා නගර සභාවේ වසංගත රෝග නිවාරණ සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේය.

ඇය හම්බන්තොට, මඩකලපුව සහ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ළමා රෝග වාට්ටු වල වෛද්‍යවරියක ලෙසද සේවය කර තිබෙනවා. 

Dr. Dinuගේ විශේෂත්වය වන්නේ ඇය වෛද්‍යවරියක් මෙන්ම මවක්ද වීමයි. ඉතින් එදිනෙදා ජිවිතයේ මවකට පැන නගින ගැටළු වලට ඇය මෙසේ පිළිතුරු සපයන්නේ ඉමහත් සතුටින්.

ඉතිං අද දවසේ Dr. Dinu විශේෂාංගය තුළින් මතභේදාත්මක මාතෘකාවක් වන අලුත උපන් බිලිඳාගේ කකුල් ඇතුළු යම් අවයව "නිවැරදි කිරීම/හරි ගැස්සීම"  ගැන අපව දැනුවත් කරනවා. 

1. වෛද්‍යතුමියනි, චුටි බබාලාගේ කකුල් බකල් වීම වලක්වන්න කකුල් අතගා හදන්න ඕනේ කියා මතයක් පැවත එනවා. මෙහි සත්‍යයක් තිබේද?

බිලිඳෙක් මවගේ කුස තුල සති 40කට අසන්න කාලයක් ගෙවනවා. මව් කුස කියන්නේ මදක් ඉඩ පහසුකම් අඩු තැනක්.

මේ නිසා දරුවා ඉපදෙනවිට දරුවාගේ කකුල් මදක් ඇද වී අපට පෙනෙන්නට පුළුවන්.

නමුත් මෙම තත්වය ඉබේම මගහැරෙනවා. එමනිසා කකුල් රෙදි පටිවලින් බැඳීම, වෙර දරා කෙලින් කිරීමට යාම, නාවන විටදී අතගෑම යන දේවල් වලින් දරුවාගේ පාද වලට අනතුරක් හෝ විකෘති වීමක් ඇතිවන්න ඉඩකඩ තිබෙනවා. 

2. දරුවාගේ කකුල් වල වරදක් ඇති බව හඳුනාගත හැක්කේ කෙසේද?

උපතින්ම කකුලේ වරදක් ඇත්නම් ඒ බව වෛද්‍යවරුන් දරුවාගේ මවට දැනුම් දෙනවා.

Talipes equinovarus හෝ positional talipes වැනි කකුලේ ඇද ඇති තත්ව වලදී කලයුතු දේ සහ කලයුතු ව්‍යායාම වෛද්‍යවරුන් රෝහලේදීම කියා දෙනවා.

ඊට අමතරව ඔබට යම් වෙනසක් ඇති බව හැඟෙනවා නම් වෛද්‍ය උපදෙසක් ලබාගෙන ඒ අනුව ක්‍රියා කිරීමයි යෝග්‍ය වන්නේ. බොහෝ විට අපට ඇදයි කියා සිතෙන කකුල් දරුවා ඇවිදීමට ආරම්භ කල පසු ඉබේම නිවැරදි තත්වයට පත් වෙනවා. 

3. බොහෝ දරුවන්ගේ නහය කුඩා කාලේ පැතලි ස්වභාවයක් ගන්නවා. මේ පැතලි ස්වභාවය නිවැරදි කල යුත්තේ දිනපතා අතගෑමෙන් බවට මතයක් තිබෙනවා. ඒ ගැන මොකක්ද ඔබේ අදහස?

දරුවන්ට ලැබෙන්නේ දෙමව්පියන්ගේ ජාන වලින් පැවතෙන රූප ලක්ෂණ. ඒ නිසා අලුත ඉපදීමේදී කෙසේ තිබුනත්ද දරුවා ලොකු මහත් වන විට දරුවාට ජානමය වශයෙන් හිමි ස්වරුපය තමයි ලැබෙන්නේ.

නහය වැනි ඉතාමත් වැදගත් අවයවයක් වැරදියට අතගෑම මගින් නාසයේ ඇති සියුම් පටක වෙනස් වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතා සහ විකෘතිතා ඇතිවෙන්න පුළුවන්. එමනිසා නහය අතගා නිවැරදි කිරීමට අවශ්‍ය නෑ 

4. වෛද්‍යතුමියනි, සමහර දරුවන් ඉපදී දින කිහිපයකින් ඔවුන්ගේ පුංචි පියයුරු වලින් කිරි වැනි ශ්‍රාවයක් පිටවෙනවා මෙසේ වූ විට වැඩිහිටයන් කියන්නේ "කිරි ඇරීමක්" සිදු කල යුතු බවයි. මේ තත්ත්වය කුමක්ද? මේ වගේ දරුවන්ට කුමක්ද මව්වරුන් කල යුත්තේ?

ගැහැණු හා පිරිමි දරුවන් මවගේ කුස තුල සිටින විට මවගේ හෝර්මෝන වල බලපෑමට පත් වෙනවා. මෙම හෝර්මෝන මවගේ කිරි එරීමට හේතුවෙන අතර එම බලපෑම කිහිප දිනක් දරුවාටත් බලපැවැත්වෙනවා.

මේ නිසා බිලිඳාගේ පියයුරු යම් දුරට ඉදිමීම, ගැටිත්තක් මෙන් අතට දැනීම, කිරි ශ්‍රාවය වීම සිදුවෙන්න පුළුවන්.

මේ අවස්ථාවේදී කිසිවක් කලයුතු නැහැ. කිහිප දිනකින් මෙම තත්වය මගහැරී යනවා. කිරි මිරිකා ඇරීම මගින් පියයුරු අසාදනය වන්නට ඉඩ තිබෙනවා.

එම නිසා එසේ කිරීමෙන් වැලකීම යෝග්‍යයි.

5. සමහර විට අලුත ඉපදුනු ගැහැණු දරුවාගේ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම නිසා මව්වරු බොහෝ කනස්සල්ලට පත් වෙනවා මෙවිට කල යුත්තේ කුමක්ද?

මා මුලින් කී පරිදි මෙවැනි ශ්‍රාවයන්, කුඩා ලේ බින්දු පිටවීම සිදුවන්නේ මවගේ හෝර්මෝන වල බලපැවැත්ම නිසයි. දරුවාගේ මුත්‍රා කරන ප්‍රදේශය තෙත පුළුන් කැබැල්ලකින් ප්‍රවේසමින් පිරිසිදු කිරීම පමණක් ප්‍රමාණවත්.

මෙම තත්වයත් දින කිහිපයකින් ඉබේම මග හැරෙනවා. 

6. අලුත ඉපදුනු බිළිඳුන්ගේ බහුලව දකින්නට ලැබෙන දෙයක් තමයි රතුපාට බිබිලි වැනි කුෂ්ටයක් සමේ මතුවීම. මෙයට අනිවාර්යයෙන් කල යුතු දේවල් තිබෙනවද? මෙය රෝගී තත්වයක් ද නැත්නම් දහදිය බිබිලි ද?

අලුත ඉපදුනු දරුවා නව පරිසරයට හුරු වීමේ ප්‍රතිපලයක් ලෙසට තමයි මේ කුඩා බිබිලි මතුවන්නේ.

මේවාට වෛද්‍ය විද්‍යාවේ කියන්නේ Erethema  Toxicum Neonatarum කියල. සති 5-6ක් යනවිට ඉබේම මෙම බිබිලි බැස යනවා ඒ නිසා කිසිම බෙහෙත් වර්ගයක් බීමට හෝ ආලේප කිරීමට අවශ්‍ය වෙන්නේ නෑ.

නමුත් මෙම බිබිලි විශාල වී පැසවා සම අවපැහැ ගන්වුනොත් වෛද්‍ය උපදෙස් පතන්න ඕනි.

7. නව බිලිඳාගේ පෙකණිය පිරිසිදුකල යුත්තේ කෙසේද? එයට වතුර වැටීම නුසුදුසු ද? 

පෙකණිය විශේෂයෙන් පිරිසිදු කිරීමක් හෝ යම් යම් ද්‍රාවන යොදා "විෂබීජහරණය" කිරීමක් සිදුකිරීමට අවශ්‍ය නෑ.

දරුවා නහවන විට එයටත් වතුර වැටී පිරිසිදු වෙනවා. දරුවාව වියලීමේදී ප්‍රවේසමින් පෙකණිය තෙත මාත්තු කිරීම පමණක්  ප්‍රමාණවත්.

පෙකණිය වැටීමට ආසන්නයේදී කළු/කහ වර්ණයක් ගැනීමත් සාමාන්‍යයි නමුත් පෙකණිය අවට සම යම් හෙයකින් රතු පැහැ ගැන්වී තිබුනොත් ඒ අවස්ථාවේදී වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

අලුත උපන් බිලිඳාගේ යම් අවයව අතගා හැදීමේ පාරම්පරික මතයන්, ඒවායේ විද්‍යාත්මක පදනම් හා ප්‍රතික්‍රියා කල යුතු අකාරය ගැන වැදගත් තොරතුරු රැසකින් අප දැනුවත් කල වෛද්‍ය දිනුකා ගුරුගේ තෙබුවන මහත්මිය (Dr. Dinu)  වෙත නැවතත් අපගේ කෘතජ්යපුර්වක ස්තුතිය පළ කරන්නේ ඉමහත් සතුටින්. 

Dr. Dinuගෙන් අසන්න: අලුත උපන් බිලිඳාගේ කකුල් ඇතුළු යම් අවයව, අතගා සෑදිය යුතුද?

Dr. Dinu ඇතුළු තවත් සුහද මවුවරුන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන Sri Lankan Moms Facebook සමුහය ලාංකීය මවුවරුන් උදෙසා සැකසු සොඳුරු සමූහයකි. මෙතුළින් මවකට වැදගත් වන බොහෝ දෑ ගැන ඔබට දැනුවත් විය හැකි අතර ඔබ මුහුණ පාන ගැටළු ඇත්නම් ඒවා Dr. Dinu වෙත යොමු කිරීමේ අවස්ථාවද ඔබට ලැබෙනවා.

යලිත් මෙවැනිම වැදගත් පිළිතුරු පැන් සංග්‍රහයකින් වෛද්‍යතුමියගේ දැනුම ඔබ හා බෙදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
  • /
  • Dr. Dinuගෙන් අසන්න: අලුත උපන් බිලිඳාගේ කකුල් ඇතුළු යම් අවයව, අතගා සෑදිය යුතුද?
බෙදාගන්න :
  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

  • පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

    පුංචි පැටියාට මුල සිටම වැසිකිළි යාම පුරුදු කරන්නේ කොහොමද?

  • අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

    අලුත උපන් දරුවන්ට සෑදෙන කුරුලෑ ගැන ඔබ දැන ගත යුත්තේ මොනවාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it