theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

රැකියා කරන මව්වරුන් සඳහා ප්‍රසුතිකාධාර නිවාඩු වල නීතිමය පැතිකඩ

4 අවම කියවීම
රැකියා කරන මව්වරුන් සඳහා ප්‍රසුතිකාධාර නිවාඩු වල නීතිමය පැතිකඩරැකියා කරන මව්වරුන් සඳහා ප්‍රසුතිකාධාර නිවාඩු වල නීතිමය පැතිකඩ

අද කාලයේ ලංකාවේ කාන්තාවන් අතින් සිදුවන වෘත්තිමය සේවය පුරුෂයන් ඉටු කරන සේවයට දෙවෙනි වන්නේ නැහැ. ගේදොර කටයුතු හා රැකියා ස්ථානයේ කටයුතු නිසිලෙස කලමනාකරණය කරගන්නට මේ සටහන ඔබට වැදගත් වේවි!

වර්තමාන ලංකාවේ බොහොමයක් කාන්තාවන් ද පුරුෂයන් හා සමානවම විවිධ සේවාවන්හි නිරත වෙනවා. සේවාවන්හි නියුතු කාන්තාවන්ට දරු ප්‍රසූතියකදී ලබා දිය යුතු ප්‍රතිලාභ හා ප්‍රසූත නිවාඩු පිළිබඳ කතාබහ වැඩි වී තිබෙන්නේ ඒ නිසයි.

අද කාලයේ ලංකාවේ කාන්තාවන් අතින් සිදුවන වෘත්තිමය සේවය පුරුෂයන් ඉටු කරන සේවයට දෙවෙනි වන්නේ නැහැ.

ප්‍රසූතිකාධාර නිවාඩු

වෘත්තීය සේවය මෙන්ම පවුල් සංස්ථාවේද මව්පදවිය තුළින්ද විශාල මෙහෙවරක් කාන්තාවන් හට ලබා දිය යුතු ප්‍රතිලාභ පිලිබඳ සමාජීය කතාබහ වැඩි වී ඇත්තේ මේ නිසයි.

ප්‍රසූත නිවාඩු

වෘත්තියක නියැලෙන කාන්තාවක් දරුවකු බිහිකළ පසු ඇයට ප්‍රසූත නිවාඩු ලබා ගැනීමට නීතිමය අයිතිවාසිකමක් තිබෙනවා.

මේ සඳහා ඇය දරුවකු බිහි කළ පසු ප්‍රසූතිය සිදු වූ  දිනය සහ ඒ වන විට ඇයට සිටින දරුවන් ගණන සතියක් තුලදී තම සේවායෝජකයාට දැනුම්දිය යුතු වනවා.

එනම් යමේක් මෙසේ දැනුම් නොදුන්නහොත් ඇයට ප්‍රසුතිකාධාර නිවාඩු සහ ගෙවීම් අහිමිවන බව. නම් නොවන මුත් කල්තියා දැන්වූ විට අවශ්‍ය ගෙවීම් අප්‍රමාදව කිරීමට සේවායෝජකයාට කටයුතු කල හැකි වීමයි.

1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥාපනත අනුව ප්‍රසූතිකාධාර නිවාඩු ලැබීමට නම්,. ප්‍රසූතිකාධාර නිවාඩු අයදුම් කරනු ලබන සේවායෝජකයා යටතේ අවම වශයෙන් දින 150ක කාලයක් සේවය කර තිබිය යුතු වනවා.

නමුත් 1985 අංක 43 දරණ පනත මඟින් සිදු කරන ලද සංශෝධනයෙන් පසු මෙම පනතින් ආවරණය වන සේවිකාවන් සේවයට බැඳී සේවය කර තිබුණේ එක දිනක් පමණක් වුවත්, ප්‍රසුතිකාධාර  නිවාඩු ලැබීමට සුදුසුකම් ලබනවා.

මේ සම්බන්ධයෙන් 1984 සාප්පු හා කාර්යාල සේවක පනත ද වැදගත්.

1. ප්‍රසූතිකාධාර ආඥාපනත යටතේ ලැබෙන ආරක්ෂාව

ශ්‍රී ලංකාවේ සේවාවන්හි නියුක්ත කාන්තාවන්ට දරු ප්‍රසූතියකදී මූල්‍යමය ආධාර වශයෙන් ප්‍රතිලාභ. සහ නිවාඩු පහසුකම් ආදිය ලබාදීම සම්බන්ධයෙන් වැදගත් වන්නේ 1939 අංක 32 දරණ ප්‍රසූතිකාධාර ආඥා පනතයි.

ප්‍රසූතිකාධාර නිවාඩු

ශ්‍රී ලංකාවේ දෙවන සමාජ සංරක්ෂණ නීතිය වන්නේද මෙයයි. තේ, පොල්, රබර් ආදී වැවිලි කර්මාන්තයන් හි යෙදෙන්නා වූ කාන්තාවෝ ද ආවරණය වන්නේ මෙම ආඥා පනත යටතේයි.

2. ප්‍රසූතිකාධාර ආඥාපනතින් අත්පත් කරගත හැකි මූලික දීමනා

1. සේවිකාවන්ට දරු ප්‍රසූතිය වෙනුවෙන් මුදල් ආධාර හා නිවාඩු ලබා දීම

2. දරු ප්‍රසූතියට පෙර හා පසුව සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සේවිකාවටත්, ඇගේ දරුවන්ටත් ආරක්ෂාව සැපයීම

3. සේවායෝජකයින්ට තම සේවිකාවන් සම්බන්ධයෙන් සිතූ සිතූ ලෙස තීරණ ගැනීමේ හැකියාව. මෙම පනත සහ සාප්පු හා කාර්යාල සේවක පනත යන දෙකෙන්ම අවම කර තිබෙනවා.

මේ අනුව කාන්තාවක් තම දරු ප්‍රසූතිය සම්බන්ධයෙන් තම සේවායෝජකයා වෙත දැන්වූ විට,. දරු ප්‍රසූතියකට මාස 3 කට පෙර ඇයට හෝ ඇයගේ දරුවාට හානි සිදු විය හැකි ආකාරයේ කිසිදු ක්‍රියාවක ඇයව යෙදවීම තහනම් වනවා.

ඒ අතර දරු ප්‍රසුතියෙන් මාස 3ක් ගත වන තුරු ඇයව හානිදායක කාර්යයන් වල යෙදවීමද කල නොහැකියි.

ප්‍රසූතිකාධාර නිවාඩු

ගැබිණි බව හේතුකොටගෙන ලබා ගන්නා ප්‍රසූතිකාධාර නිවාඩු කාලය තුලදී සේවයට නොපැමිණීම හෝ වෙනත් කිසිදු කරුණක් මත සේවායෝජකයා විසින් එම සේවිකාවට සේවයෙන් පහ කිරීමේ නිවේදනයක් දීමද කල නොහැක්කකි.

3. පළමු හා දෙවන සජීවී දරු උපත් දෙක සඳහා ප්‍රසූත නිවාඩු

මෙහිදී එක් දරු උපතකට වැඩ කරන දින 84 ‍බැගින් ප්‍රසූතිකාධාර නිවාඩු හිමි වෙයි. මෙසේ දින ගණනය කිරීමේදී සතියේ සියළු නිවාඩු දිනයන් වැඩ නොකරන දිනයන් ලෙස සැලකිල්ලට ගත යුතුය.

4. තුන් වන හා ඉන් පසුව සිදු වන දරු උපත් සඳහා ප්‍රසූත නිවාඩු

මෙහිදී ප්‍රසූතිකාධාර නිවාඩු වශයෙන් හිමි වන්නේ සේවය කරන දින 42ක් බැගින්. දරු ප්‍රසූතියට පෙර දින 14ක් ද, දරු ප්‍රසූතියෙන් පසු ඉතුරු දින 28ද ලබා ගැනීමට එම සේවිකාවට අයිතියක් ඇත.

මෙම දින 42 ගණනය කිරීමේදීද ඉහත සඳහන් කළ පරිදි සතියේ සියළු නිවාඩු දිනයන්, වැඩ නොකරන දිනයන් ලෙස සැලකිල්ලට ගත යුතුය.

5. පළමු උපත නිවුන් දරු උපතක් නම්;

මෙවැනි අවස්ථාවකදී ද දින 84 ක නිවාඩුවක් හිමි  වන නමුත් ඇයට දෙවන දරු ප්‍රසූතියට හිමි වන දින 84 ක නිවාඩුව ලබා ගැනීමේ අවස්ථාව මෙහිදී ගිලිහී යයි.

එනම් පළමු දරු ප්‍රසුතියේදී නිවුන් දරුවන් ලැබීම නිසා දින 84 ක නිවාඩුවක් ලබාගත් විට දෙවන දරු ප්‍රසූතියේදී ඇයට හිමි වන්නේ දින 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් පමණක් වන බවයි.

එයට හේතුව වන්නේ දෙවන දරු ප්‍රසූතිය සිදුවන විට ඇයට දරුවන් දෙදෙනෙකු සිටීමයි.

6. මළදරු උපතකදී;

මෙබඳු දරු ප්‍රසූතියක් සිදුවන අවස්ථාව වන විට දරුවන් නොසිටියත්, ඇයට හිමි වන්නේ දින 42ක ප්‍රසූතිකාධාර නිවාඩුවක් පමණයි.

මෙම කාලය ද ගණනය කරන්නේ ඉහත ‍සඳහන් දින 84 ගණනය කල පරිද්දෙන් සියලුම නිවාඩු දිනයන් ඉවත්වන  ලෙසයි.

7. කළල රූපයක් බිහි වූ විට;

කාන්තාවක් කළලයක් ප්‍රසූත කරන අවස්ථා ද කලාතුරකින් සිදු වේ. මෙහිදී කළලයක් යනුවෙන් ගැනෙන්නේ යම් ස්ත්‍රියක්  සති 28ක් ගර්භනීව සිට බිහි කරන අජීවී රුවක්.

මෙවැනි විටෙකදී සේවිකාවකට ප්‍රසූතිකාධාර නිවාඩු වශයෙන් හිමි වන්නේ දින 42ක් පමණි.

ඉහත සඳහන් දත්ත ඔබේ දරුවා සමඟ වැඩි කාලයක් ගත කරමින් රැකියා ස්ථානයෙන් දෙන මෙවන් දීමනා වලින් ප්‍රයෝජන ගැනීමෙහි ලා වැදගත් වීයැයි විශ්වාස කරමු.

 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.
img
Written by

Niloufer Perera

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • රැකියා කරන මව්වරුන් සඳහා ප්‍රසුතිකාධාර නිවාඩු වල නීතිමය පැතිකඩ
බෙදාගන්න :
  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

  • ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

    ස්මාර්ට් ෆෝන් ජීවිතය කරගත් දෙමව්පියන්ගේ දරුවන් ගැන තිත්ත ඇත්ත

  • සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

    සැමියාගේ හොදම මිතුරා ගැන හීන මවන කාන්තාවක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it