theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

4 අවම කියවීම
පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

ආදරවන්තයින්ගේ මාසයේ උපන් ඔවුන් ගැන සුවිශේෂි කාරණා 7 ක් ‌මෙන්න

පෙබරවාරි නැතිනම් ආදරවන්තයන්ගේ මාසයට නම් මිනිස්සු වැඩිය කැමැත්තක් දක්වන්නේ නැහැ.

සමහරු කියනවා ඒක දින අඩු මාසයක්ලු. ඒ නිසාම සුභ කටයුතු වගේම මංගල්‍ය පුරාණ කාලයේ දි මේ මාසයේදි යොදා ගත්තේ නැහැ.

ඒ නිසා ඉස්සර ඒ මාසයේ දරුවන් උපදිනවාට අම්මලා එතරම් කැමති වුනේ නැහැ.

දැනුත් සමහර අම්මලා ‌පෙබරවාරි මාසයේ දරුවා ප්‍රසුත කිරීමට දින ලැබී තියෙද්දී  සීසේරියන් සැත්කම් මගින් දරුවා ජනවාරි මාසයේ ප්‍රසුත කරනවා.

දින අඩු මාසේ උපදින දරුවන්ගේ ආයුෂ අඩු බව සමහර පැරන්නන් අතර මතයක් තිබුනත් එය සත්‍ය නැහැ.

පෙබරවාරි මාසයේත් අනෙක් මාස එකොළහේදි ‌මෙන්ම ‌ෙහොද ආයුෂ ඇති දරුවන් උපත ලබනවා.

ඒ නිසා අද තත්වය බොහෝ දුරට වෙනස් වෙලා.

ඉතින් අපි අද මේ  සුදානම්බ ‌වෙන්නේ ‌පෙබරවාරි නැතිනම් සිංහල මාස ක්‍රමයට නවම් මාසය ගැන පුංචි හැදින්වීමක් කලේ ඒ මාසයේ උපන් අය ගැන විශේෂ කාරණා කිහිපයක් කියන්න.

ප්‍රීතියෙන් ඉන්න වාසනාවන්ත දරුවෝ පෙබරවාරි මාසයේ උපදිනවා කියලා සලකනවා.

 මේ පෙබරවාරි මාසයේ උපන් අය ගැන ඔබ නොදන්න ඒ වගේම ඔබ දැනගත්තොත් පුදුමවෙන බොහොම අපූරු කාරණා 7 ක් තියෙනවා.

1.පෙබරවාරි මාසයේ උපන් ඔවුන් තරහා ගන්නවා අඩුයිලු

හංගේරියාවේදී මේ පෙබරවාරි උපන් දරුවන්ට තරහා යනවාද බලන්න පරීක්ෂණයකි සිදු කලා.

400 දෙනෙකු සහභාගී වු එම පරීක්ෂණයේ ඔවුන්‌ගේ මානසිකත්වය වෙනස්වීම හා තරහා යෑම ගැන වැඩිදුරටත් අධ්‍යනය කළා.

ඒ අනුව මෙම පෙබරවාරි මාසයේ උපන් දරුවන්ට තරහා යනවා අඩුයි කියලා ඔවුන් සොයා ගත්තා.

ඒ කියන්න ඔවුන් නිතරම කූල් එකේ ඉන්නා අයයි.

එහෙම කියලා ඔවුන්ව තරහා ගස්සවන වැඩ කරන්න එපා හොදද?

පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

2. ‌පෙබරවාරි මාසයේ ගොඩාක් ප්‍රසිද්ධ චරිත ඉපදිලා තියෙනවාලු

ගොඩාක් ප්‍රසිද්ධ වගේම සුන්දර මිනිසුන් බොහොමයක් පෙබරවාරි මාසයේ ඉපදිලා තියෙනවා.

ඉතිහාසයට පොඩ්ඩක් එබිලා බලන්නකෝ එතකොට ඔයාටම හොයාගන්න පුළුවන්. මේ මාසේ ඉපදිච්ච ලෝක පුජිත චරිත කොච්චර ඉන්නවාද කියලා.

ඉතින් මේ වගේ ප්‍රසිද්ධ අය ගොඩාක් ඉපදුන මාසෙකම උපදින්නත් ඔවුන් කොච්චර නම් වාසනාවන්ත වෙන්න ඇතිද?

සමහර විට අනාගතයේදී ඔබගේ ‌පෙබරවාරි උපන් බබාත් ප්‍රසිද්ධ චරිතයක් ‌වෙන්න පුළුවන් ‌නේද?

3. ‌‌පෙබරවාරි මාසයේ උපන් ඔවුන් ප්‍රසිද්ධ වීමට වැඩි ඉඩක් තියෙනවාලු

සමාජ විද්‍යා සඟරාවක ප්‍රකාශයට පත් කරන ලද එක් අධ්‍යයනයකින්  ජනවාරි සහ පෙබරවාරි ළදරුවන් කීර්තිමත් පුද්ගලයන් වීමට වැඩි ඉඩක් තියෙන බව පෙන්වා දෙනවා .

තවද එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය විසින් කරන ලද තවත් අධ්‍යයනයකින් හෙළි වූයේ පෙබරවාරි මාසයේ උපත ලැබූ අය කලාකරුවන් වීමට වැඩි ඉඩක් තියෙන බවයි.

 ඔබේ දරුවා එහෙනම් යුගයේ ඊලග විශාලතම කලාකරුවා වෙන්න පුළුවන්.

4.අධික අවුරුද්දක උපදින පෙබරවාරි මාසයේ ඔවුන් සුවිශේෂියිලු

අධික අවුරුද්දක් උදාවෙන්නේ සෑම වසර හතරකට වරකි.

ඒ නම් අධික අවුරුද්දක පෙබරවාරි මාසයට වැඩිපුර දිනයක් ලැබී දින 29 ක් වෙනවා.

ඉතින් යම් දරුවෙකු යම් අවුරුද්දක පෙබරවාරි 29 දින උපත ලැබුවහොත් ඔහු සුවිශේෂියි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

ඒ ඔහුගේ ඊලග  උපන්දිනය සමරන්නට තවත් වසර හතරක් ගත වෙන තුරු සිටීමට සිදුවෙන නිසයි. 

වයසත් එහෙම මනිනවා නම් ‌නේද? එහෙනම් ‌ගොඩාක්ම ලාබාල ‌ෙවෙලා ඉන්න පුළුවන්.

පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

5. ‌පෙබරවාරි මාසයේ උපන් ඔවුන්ගේ උපන් ගල දඹ පළිඟුලු (Amethyst) 

මෙම දඹ පළිඟුව වරෙක රාජකීයත්වයේ සංකේතයක් ලෙස සලකනු ලැබූවා. එය ධෛර්යයේද සංකේතයකි. එය එතරම් නරක තත්වයක් නොවේ.

පෘථිවියේ ඇති ලස්සනම මැණික් වලින් එකක් වෙනවා.

ඇමරිකානු මැණික් සංගමය පවසන පරිදි, බුද්ධිය වේගවත් කිරීමට සහ නපුරු සිතුවිලි වලින් මිදීමට උපකාර කිරීම ගැන ලෙනාඩෝ ඩා වින්චි මෙම ගලෙහි ගෞරවය හිමි කරගත්තාලු.

මේ වගේ වටිනා මැණිකක් උපන් ගල කරගෙන උපදින ඔවුන් ‌කොයිතරම් නම් වටිනවාද?

6. පෙබරවාරි මාසයේ උපන් ඔවුන්ගේ තාරකාව එක්කෝ කුම්භ රාශිය නැතිනම් මීන රාශියට අයත් වෙනවාලු.

උපත ජනවාරි 20 සිට පෙබරවාරි 18 දක්වා සිදුවෙන අය කුම්භ රාශියට අයත් වෙන අතර ඔවුන්  ස්වාධීන, දක්ෂ හා නිර්මාණශීලී යැයි කියනු ලබනවා.

උපත පෙබරවාරි 19 සිට මාර්තු 20 දක්වා සිදුවෙන අය මීන රාශියට අයත් යැයි සැලකෙන අතර ඔවුන් දයානුකම්පාව, පරිකල්පනය සහ පක්ෂපාතිත්වය සඳහා ප්‍රසිද්ධය.

ඉතින් මේ සොදුරු පෙබරවාරියේ උපන් ඔබ අයත් වන්නේ කුම්භ රාශියටද ? නැතිනම් මීන රාශියටද?

7. ‌පෙබරවාරි මාසයේ උපන් ඔවුන්ගේ උපන් මල වයලට්ලු  (violet)

මෙම ලස්සන මල සංකේතවත් කරන්නේ ආදරණීයයන්ට පක්ෂපාතීත්වය සහ විශ්වාසවන්තකමයි.

ඉතින් පෙබරවාරියේ උපන් ඔබට මේ ගතිගුණාංග තියෙනවා කියලා විශ්වාස කරනවා.

පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්

ඔන්න ඉතින් පෙබරවාරි මාසයේ උපන් අයගේ වගතුග කියලා ඉවරයි.

ඔබත් මෙයට යමක් එකතු කරන්න කැමතියිද? එහෙනම් පහල කමෙන්ට් තීරුවේ ඔබේ අදහස් දක්වන්න.

මුලාශ්‍ර 

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • මාපිය දැනුම
  • /
  • පෙබරවාරි මාසයේ උපන් බබාලා ගැන ඔබ නොදන්නා අපූරු කරණා 7 ක්
බෙදාගන්න :
  • අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

    අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

  • අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

    අලුත් නංගි හරි මල්ලි හරි ආවහම ලොකු බබාට ඉරිසියා හිතිලද?

  • අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

    අලුත උපන් දරුවාගේ මේ හැසිරීම් වලින් ඔබත් බය වුනාද?

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it