theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

4 අවම කියවීම
යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

ඔබේ ‌‌‌පෞද්ගලික අවයව සනීපාරක්ෂාවෙන් යුක්තව දුගදකින් ‌තොරව තබා ගන්නේ ‌මෙහෙමයි

මෙම ලිපිය යෝනියේ සුවඳ පවත්වාගන්න ඔබ ගන්න අවශ්‍ය සනීපාරක්ෂක පියවර 7 ක් ගැනයි.

ඔබේ යෝනි ප්‍රදේශය ගත් විට එය අඳුරු, තෙතමනය සහිත වෙන අතර දවසේ වැඩි වේලාවක් ආවරණය වී පවතිනවා.

එය නිරෝගීව පිරිසිදුව පවත්වා නොගත්තොත් එයින් දුර්ගන්ධයක් වහනය වෙන්න පුළුවන්. ඔබේ සිරුරේ ගැහැණු අවයවය සෞඛ්‍යසම්පන්න, ස්වභාවික සුවදින් යුක්තව පවත්වා ගැනීම ගැන ඔබ සැලකිලිමත්ද ?

එහෙනම් මෙහි විස්තර වෙන කරුණු ඔබට වැදගත් වේවි.

සාමාන්‍යයෙන් යෝනිය නිතර අපිරිසිදු වෙන තැනක්. දහඩිය දැමීම, ස්‍රාව වහනය, මුත්‍රා නිතර මෙම‌ ප්‍රදේශයේ ස්පර්ශ වෙන නිසා දුගදකින් යුක්ත වෙන්න පුළුවන්.

ඒ නිසා යෝනිය සුවදවත්ව පිරිසිදුව තබාගන්න විශේෂ සැලකිල්ලක් අවශ්‍ය වෙනවා.

මුහුණ වගේ ඍජුවම නොපෙනුනත් මෙතැනත් නිරෝගීව, පිරිසිදුව හා ලස්සනට තියා ගන්න ඔන තැනක්.

කාන්තා සනීපාරක්ෂාව ගැන කතා කරන විට  සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන්ට ඉතා සූක්ෂමව හා  පිරිසිදුව ඔවුන්ගේ යෝනිය පවත්වා ගැනීම වැදගත් වෙනවා.

ඒ වගේම කාන්තාවකගේ යෝනි මාර්ගය කෙතරම් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න වුවත්, එයට සෑම විටම ස්වාභාවික හා සහජයෙන්ම වෙනස් සුවඳක් තියෙනවා.

පහත විවිධාකාර ස්ත්‍රී සනිපාරක්ෂක  ඉඟි 7 ක් ඔබ වෙනුවෙන් ගෙන එනවා. මේවා ඔබේ යෝනිය ‘නැවුම්’ ලෙස තබා ගැනීමට උපකාරී වේවි.

යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

1. නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු හමුවෙන්න

 නාරිවේද විශේෂඥ  වෛද්‍යවරයෙකු වෙත මේ සම්බන්ධව යාමට ඔබ ටිකක් පැකිලෙනවා නේද? ලැජ්ජයි වගේද? 

එසේ වුවද, ඔවුන් නිර්දේශ කරන හොඳ ස්ත්‍රී සනීපාරක්ෂාව පවත්වා ගැනීමේ ක්‍රියාවලිය ඔබට  සැබවින්ම උපකාරී වෙනවා.

වැදගත්ම දෙය නම්, නාරිවේද විශේෂඥයින් විසින් යෝනි ප්‍රදේශයේ පිරිසිදුකම පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වටිනා තොරතුරු දීමයි.

ඒ වගේම ඔවුන් ස්ත්‍රියකගේ යෝනී මාර්ගයේ නිශ්චිත pH මට්ටමට අනුව ස්ත්‍රී සනීපාරක්ෂක නිෂ්පාදන නිර්දේශ කරනු ලබනවා. 

සාමාන්‍ය පරීක්ෂාවන්හිදී නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා යෝනි ප්‍රදේශයේ ඕනෑම වෙනස්කමක් පරීක්ෂා කරනවා.

යෝනි ආසාදන හෝ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇති වුවහොත් ඒ අනුව ප්‍රතිකාර කරනු ලබනවා.

ඔබ ලිංගිකව ක්‍රියාකාරී නම්, සාමාන්‍ය පැප් පරීක්ෂණය වසරකට දෙවරක් (අවම වශයෙන්) කරන්න පුළුවන් නම් සුදුසුයි.

ඒ වගේ්ම කිසියම් දුර්ගන්ධයක්, මාළු දුර්ගන්ධයක් සහිත අසාමාන්‍ය ස්‍රාව පිටවීමක් සිදු වේ නම්, එවන් කාන්තාවන් නාරිවේද විශේෂඥ  වෛද්‍යවරයෙකු වෙත යාමට අමතක ‌නොකරන්න.

2. රෝම අඩු කරන්න

 ඔබේ රහස් යෝනිය අවට ඇති රෝම ඔබේ යෝනියට අමුතු සුවඳක් ඇති කරනවා.

මෙයට හේතුව වන්නේ එම රෝම වග දහඩිය හා ශරීර ස්‍රාවයන් දැවටිමයි.

මෙම පෙදෙස තුල ඉහළ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම  සඳහා, ඔබේ රහස් ප්‍රදේශයේ රෝම අඩු කරන්න. ඒ සදහා ආරක්ෂිත ක්‍රමයක් භාවිතා කිරීමට වගබලාගන්න.

3. යෝනියේ සුවඳ පවත්වවා ගන්න කපු යට ඇදුම් අදින්න

මෙම අදුරු වැසී තිබෙන ප්‍රදේශයට හොදින් සුලං වැදීම සදහා කපු යට ඇදුම් අදින්න.

නයිලෝන වැනි දහඩිය උරන්නේ නැති යට ඇදුම් ඇදිමෙන් වන්නේ දහඩිය එක්රැස්වීම හා ඒ නිසා දුගද ඇතිවීමයි.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

මෙය බැක්ටිරියා ආසාදන වලටද ‌හේතුවෙන්න පුළුවන්.

ඒ වගේම රාත්‍රියට යට ඇදුම් නැතිව නින්දට යන්න. එය දහඩිය හා ගන්ධය නිපදවන බැක්ටීරියා අඩු කිරීමට උපකාරී වෙනවා .

මෙය ඔබට පහසුවෙන්ම කරන්න පුළුවන් ‌දෙයක් ‌‌නේද?

යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

4. මුත්‍රා කිරීමෙන් පසු පිරිසිදු කරන්න

ඔබ මුත්‍රා කිරීමෙන් පසු ඔබේ යෝනි මාර්ගය සෝදන්න. එවිට එහි රැදි ඇති මුත්‍රා ඉවත් කරන අතර ඒ මගින් ඇති කරන ඇමෝනියා ගන්ධයද ඉවත් කරනවා. ‌

මේ සදහා සබන් භාවිතා කරන්න එපා. මෘදු කාන්තා සනීපාරක්ෂාව සදහා සුදුසු ආලේපනයක් භාවිතය සුදුසුයි.

 5. නිතර සෝදන්න

 හොඳ සුවඳක් ලබා ගැනීම සඳහා කාන්තාවන් තම පෞද්ගලික කොටස්  නිතර සේදිය යුතුය.

එහිදි එහි නිතර රැදෙන දුගද සදහා ‌හේතු ‌වෙන  ස්‍රාව වර්ග හා දහඩිය ඉවත් ‌වෙනවා.

ලිංගික හැසිරීමකට පෙර හා පසු යෝනි මාර්ගය සේදීම ඔබේ සනීපාරක්ෂාවට සුදුසු වෙනවා .

සාමාන්‍ය සබන් යොදා යේදීමෙන් මේ පෙදෙස වියලීමට ලක්විය හැකි බැවින් කාන්තා සනිපාරක්ෂාව වෙනුවෙන් නිපදවනු ලබන සුවද රහිත ආලේපනයක් ඒ සදහා භාවිතා කරන්න. 

අධික සුවද කැවු නිෂ්පාදන කොතරම් අසාත්මික නොවන බව පැවසුවද කැසීම, ඉදිමීම සහ දුර්ගන්ධය පිටවීම වැනි ලක්ෂණ ඇතිවෙන ආසාදන ඇතිවෙන්න පුළුවන්.

6. යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ආහාරයට ගන්නා දේවල් ගැන සැලකිලිමත් වෙන්න

ඔබ ආහාරයට ගන්නා දේවල් යෝනියේ ගඳ සුවඳ කෙරෙහි බලපාන බව විශේෂඥයන් පවසනවා.

ඔබට ඔබේ යෝනියෙන් දුර්ගන්ධය පිටවීම වැළැක්වීමට අවශ්‍යයි ‌නේද?

එහෙනම් කුළුබඩු සහිත ආහාර, මධ්‍යසාර, සුදුළූණු, ළූණු, ගෝවා මල්, ඇස්පරගස්, ගෝවා, රතු මස්, කිරි ආහාර  සහ බ්‍රොකලී ආහාරයට ගැනීමෙන් වළකින්න.

අන්නාසි, මිදි සහ දොඩම් යුෂ වැනි නැවුම් පැඟිරි පලතුරු යුෂ සහ පිපිඤ්ඤා සහ පාස්ලි වැනි එළවළු ගැනීමෙන් නැවුම් සුවඳක්ලබා ගන්න පුළුවන්.

යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්

වැළකිය යුතු ආහාර තියෙනවා

7. සජලීයව ඉන්න

ඔබව සජලීව තබා ගන්න හැකි තරම් ජලය පානය කරන්න. ඒ මගින්ගන්ධය ඇති කළ හැකි විෂ ද්‍රව්‍ය සිරුරෙන් ඉවත් වෙනවා. 

ඔබ ජලය පානයට මැලි කමක් දක්වන්නේ නම්, දුර්ගන්ධය අඩු කරන බව විශ්වාස කෙරෙන හරිත තේ තෝරා පානය කරන්න.

එය දුර්ගන්ධය සමනය කරන බව විශ්වාස කරනවා.

ජලය පානය කිරීම එච්චර අමාරු ‌දෙයක් ‌නෙමෙයි ‌නේද?

ඔබේ කාන්තා සනීපාරක්ෂාව ඉහල නංවාගන්න ‌මේ ‌තොරතුරු ඔබට වැදගත් ‌වේවි කියා අප හිතනවා.

ඔබේ යෝනිය හා ඒ අවට සනීපාරක්ෂාව සදහා මෙන්ම එය  නැවුම්ව හා සුවදවත්ව තබා ගැනීමට ඔබ කරන දේවල් අප හා බෙදාගන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Nadeesha Lakmini

  • Home
  • /
  • සෞඛ්‍යය
  • /
  • යෝනියේ සුවඳ පවත්වා ගන්න ඔබ ගත යුතු සනීපාරක්ෂක පියවර 7 ක්
බෙදාගන්න :
  • To all girls and women: no, your vagina is not supposed to smell like flowers

    To all girls and women: no, your vagina is not supposed to smell like flowers

  • මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

    මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

  • To all girls and women: no, your vagina is not supposed to smell like flowers

    To all girls and women: no, your vagina is not supposed to smell like flowers

  • මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

    මේ දවස් වල ඔබේ දරුවාට ඉගැන්විය යුතු පෞද්ගලික සනීපාරක්ෂක පුරුදු 10 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it