ඔබේ දරුවා උස යන්න උදව් කරන පෝෂණය ලබා දෙන කෙටි ආහාර 7 ක්  

lead image

අධ්‍යනයන්ට අනුව පෝෂණය, උස තීරණය කිරීමේදී විශාල මෙහෙයක් ඉටු කරනවා. මෙම උස යන්න උදව් කරන කෙටි කෑම ඔබේ දරුවන් සදහා සකස් කර දීම පහසුයි.

ඔබේ දරුවාගේ නිරෝගී කමත් උසත් වර්ධනයට ජාන වලට අමතරව පෝෂණය ඉතා විශාල මෙහෙයක් ඉටු කරනවා. දරුවාගේ උස වැඩි කරන්න පුළුවන් නම් එය දෙමාපියන්ට කොතරම් සතුටුදායකද?

ඇමරිකානු විද්‍යාත්මක පෙන්වා දීම අනුව 40% පුද්ගලයින්ගේ උස වෙනස්වීම සිදුවන්නේ උස හා අනෙකුන් පරිසර සාධක මතය.

ස්වභාවයෙන් උස පුද්ගලයන්ගේ ජීවිතය පහසුයි. උස මිනිසුන් සතුටින් ඉන්නා බව හා සාර්ථක බව අධ්‍යනයන් පෙන්වා දී තිබෙනවා.

ඔබට ඔබේ දරුවා ඔහුගේ උපරිම උසට ලගා වීමට උදව් කිරීමට කැමති නම් මෙන්න මේ රසවත් කෙටි කෑම ඒ සදහායි. ඔවුන් ඒවාට කැමති වේවි.

දරුවාගේ උස වැඩි කරන්න උපකාර වන ආහාර

1. හොදින් තැම්බු බිත්තර දරුවාගේ උස වැඩි කරන්න උදව් වනවා

වයස මාස 6 ත් 9 ත් අතර ඉවක්දෝර දරුවන් සම්බන්ධ අධ්‍යනයකදී දිනපතා බිත්තරයක් ගන්නා දරුවන්ගේ එසේ නොගන්නා දරුවන්ට වඩා 47% වර්ධනය අඩාල වීමේ අවදානම අඩු බව පරීක්ෂණ මගින් සොයා ගෙන තියෙනවා.

දවසට බිත්තරයක් ආහාරයට එක් කර ගැනීමෙන් මෙම අවධානම ඉවත් කල හැකිය.

කහපාට පැත්ත උඩු අතට, බිත්තර බැද, භාගෙට තම්බලා හා ස්ක්‍රැම්බල් එග් ආදි විවිධ ක්‍රමයන්ට ඔබට බිත්තර සකස් කර දෙන්න පුලුවන්.

ඔබේ පොඩ්ඩෝ දිනකට බිත්තරයක් ආහාරයට ගන්න කැමති වේවි.

2. සෝයා බෝංචි කර්ඩ් (tofu)

සෝයා බෝංචි ප්‍රෝටීන් වලින් අනුන උස යන්න උදව් කරන ආහාරයකි. ඇමරිකානු විද්‍යාත්මක අධ්‍යනයන්ට අනුව ප්‍රෝටීන් දරුවන්ගේ උස තීරණය කරන ඉතා වැදගත් පෝෂකයක් වේ.

සීතලට සකස් කරන ලද සෝයා බෝංචි කර්ඩ් බදුනක් ඔබේ දරුවන්ගේ උණුසුම් සැන්දෑව ප්‍රබෝධමත් කරන නැවුම් ආහාරයක් වේවී.

3. මිශ්‍ර කරන ලද ධාන්‍ය

ආමන්ඩ්, රටකජු, වැනි ප්‍රෝටීන් වලින් අනුන ධාන්‍ය ඔවුන්ගේ ආහාර වේල් දෙකක් අතරට පහසුවෙන් ලබා දිය හැකි ආහාරයකි. ලුණු වලින් තොර ධාන්‍ය නිරෝගී බව ලබා දෙයි.

4. යෝගට්

අස්ථි වර්ධනයට කැල්සියම් ඉමහත් මෙහෙයක් කරනවා.එය විශේෂයෙන් ඔබේ දරුවාගේ අස්ථි වර්ධනයට වැදගත් වෙනවා.

යෝගට් කැල්සියම් හා ප්‍රෝටීන් වලින් අනුන ආහාරයකි .

5. නැවුම් දොඩම් යුෂ

සියලුම කැල්සියම් අවශ්‍යතා කිරි ආහාර වලින් පමණක් නොලැබේ. දොඩම් මේ සම්බන්ධයෙන් හොද සම්පතක්, ඒ වගේම දොඩම් යුෂ වල අස්ථි  සදහා අත්‍යාවශ්‍ය පෝෂ්‍ය කොටස් වන විටමින් A හා විටමින් D වලින් අනුනයි.

නැවුම් දොඩම් මිරිකා යුෂ ලබා ගැනීම හෝ කැල්සියම් සපිරි දොඩම් යුෂ මිලදී ගැනීම කල හැක.

6. බතල දරුවාගේ උස වැඩි කරන්න උදව් වනවාඋදව් වනවා

විටමින් A අඩංගු ආහාර අතිරේක දරුවන්ගේ උස වැඩි වීමට විශාල මෙහෙයක් ඉටු කරනවා .

බතල විටමින් A  අඩංගු ආහාරයකි.කහ,තැඹිලි හා දම් පැහැයට හුරු කැබලි ලෙස නිවසේදී සකස් කර ගත හැකි ආහාරයකි .

7. අඹ ස්මූතී

මෙම රසවත් පලතුරට හැම පොඩ්ඩෙක්ම කැමතියි. එය විටමින් A  වලින් අනූනය.

සීත කල අඹ සමාන කිරි ප්‍රමාණයකට යොදා  බ්ලෙන්ඩර් කර ගෙන මෙම රසවත් සෞඛ්‍ය සම්පන්න පානය සකස් කර ගත හැක.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණී