theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

5 අවම කියවීම
මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවාමෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

මේ ගුණාංග වලින් පිරිපුන් කාන්තාවන් සහ පුරුෂයින් හට අද්විතීය දෙමාපියන් වන්නට පුළුවන්!

දෙමාපිය රැකවරණය මිහිරි කේක් කෑල්ලක් කනවා වගේ ලෙහෙසි පහසු දෙයක් නොවේ! හොඳ දෙමාපියන්ගේ ගුණාංග කෙසේ වෙතත් දරුවන් ඇති අය දැනටමත් මේ ගැන හොඳින්ම දන්නවා.

දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අය ඔන්න විස්මිත වෙන්න ලැහැස්ති වෙලා ඉන්න! කෙසේ නමුත්  එයට බොහෝ සිතුවිලි සහ නිරන්තර වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඇතුළත් වේ, මන්ද ඔබ කුමක් කළත් ඔබට එය සුමටව ලබා ගත නොහැක.

දරුවන් ඇති දැඩි කිරීමේදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම දෙය නම් ඔවුන් ඔබෙන් බොහෝ දේ ඉගෙන ගැනීමයි.

ළමයින් තම දෙමව්පියන් අනුකරණය කිරීමට ප්‍රිය කරන අතර මෙය සැසි සැරසීම සහ රැවුල බෑමේ ක්‍රීම් කථාංග වලට පමණක් සීමා නොවේ.

ඔවුන් ඔබේ සාරධර්ම ඉගෙන ගන්නා අතර ඒ නිසා ඔබ ඔබේ පෞරුෂය නිරතුරුවම වැඩ කළ යුතුය.

හොඳ දෙමාපියන්ගේ ගුණාංග නැතහොත් පෞරුෂ ගති ලක්ෂණ 7ක්

ඔබේ දරුවන්ද ඔබෙන් දකින මේ දේවල් තුළින් ඔබ  වගේම අපූරු පුද්ගලයෙකු බවට පත්වනු ඇත:

1) අවංකකම හොඳ දෙමාපියන්ගේ ගුණාංග

හොඳ දෙමාපියන්ගේ ගුණාංග

රූපය: iStock

හැමෝම ඉන්ඳ හිට පොඩි පොරුවක් දෙකක් නොකියනවාම නොවේ. – ඇත්තයි, නමුත් ඔබේ දරුවන් ඉදිරියේ බොරු නොකියන්නට හෝ බොරු කියා හසු නොවීමට වග බලා ගන්න.

මෙසේ වුවහොත් බොරු කීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් යැයි හැඟෙනු ඇති අතර ඇතැම් විට බොරු කීවාට කමක් නැතැයි කියා සිතෙනු ඇත.

මක්නිසාද, ඔබ කළ ආකාරයටම බොරු කියා ඔවුන්ට ගැලවිය හැකි වේවි.

බොරු කීම කොතරම් නරකද යන බවත්, අවංකකම ලෝකයේ වටිනාම ගති ලක්ෂණවලින් එකක් බවත් ඔවුන්ට උගන්වන්න.

ඔවුන් ලොකුමහත් වූ පසු, තම ආරක්ෂාව වෙනුවෙන් ඉඳහිට පුංචි බොරුවක් කීම කමක් නැතැයි ඔවුන්ට කියා දිය හැකියි.

විශම සහ කටුක ලෝකයේ යම් ගැටළු වලට ප්‍රඥාවන්ත ලෙස මුහුණ දීමටත් යම් අකටයුතු කම් වලින් ආරක්ෂා වීමටත්, එය උපකාර වනු ඇත.

කෙසේ වෙතත්, වර්ධනයේ මුල් වසර කිහිපය තුළ ඔවුන්ට අවංකකම සැබවින්ම වටහා ගන්නටත් ඉගෙන ගන්නටත් අවස්ථාව සලසා දෙන්න.

2) විනය හා වෙලාවට වැඩ කිරීම  හොඳ දෙමාපියන්ගේ ගුණාංග

හොඳ දෙමාපියන්ගේ ගුණාංග2

රූපය: iStock

ඔබට පැවරුණු කාර්යය සැම විටම කලට වේලාවට, නිසි ආකරයෙන් කරන්න. ඔබේ දරුවාට ඔබෙන් ඉගෙන ගැනීමට ඉඩ සලසන්න.

අප්‍රසන්න සහ ආත්මාර්ථකාමී ස්වභාවයක් ඇති දෙමාපියෙකු, සේවකයෙකු හෝ මිතුරෙකු වන්නට එපා.

ඔබේ ජයග්‍රහණ වලට හා සාර්ථකත්වයට ඔබගේ හිමීම, විනය සහ කලට වේලාවට වැඩ කිරීමේ පුරුද්ද දායක වූ ආකාරය ගැන ඔබේ දරුවා සමඟ කතා කරන්න.

ඔබේ දරුවන්ගේ අධ්‍යයන කටයුතුවලදී හෝ දෛනික වැඩ කටයුතුවලදී ඔබට උදව් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් කාර්යයන් පැවරීමට ඔවුනට කාලසටහන් සකසා දෙන්න.

ඔවුන්ගේ යහපත් ක්‍රියා සහ ඒ දේවල් ක්‍රියාවට නැගීම සාර්ථකව කළ විට ඒවා අගය කරන්න. ඔවුන්ගේ විනය හා වෙලාවට වැඩ කිරීම අගය කරන්න.

3) කරුණාව සහ සමාව දීම

හොඳ දෙමාපියන්ගේ ගුණාංග 3

රූපය: iStock

ඔබ අවට සිටින මිනිසුන්ට කරුණාවන්ත වන්න- දුර්වල අය , මහලු අය, සතුන් සිව්පාවන්, සොබාදහම සහ එහි සිටින අන් සියල්ලන්ටම කරුණාව දක්වන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

වෙනත් පුද්ගලයින්ට කරුණාව දැක්වීමට ඔබේ දරුවාට උගන්වන්න. ඔවුන්ගේ සුරතල් සතුන්ට, සහෝදර සහෝදරියන්ට නෑ හිතවතුන්ට කරුණාවන්ත වන්නටත් සංග්‍රහශීලී වන්නටත් දරුවන්ට උගන්වන්න.

සෑමවිටම සෑම කෙනෙකුටම ගෞරවයෙන් සැළකිය යුතු ආකාරය, ආචාරශීලී විය යුතු ආකාරය සහ මිනිසුන්ට ආහාරපාන වලින් සංග්‍රහ කළ යුතු ආකාරය ආදිය ගැන දරුවන්ට උගන්වන්න.

ස්තූතියි කියන්න, සමාව ඉල්ලන්න කනස්සල්ලෙන් සිටින අයගේ සිත් සනසන්න සුවපත් කරන්න දරුවන්ට කියාඅ දෙන්න. කරුණාව සහ සමාව දීම එකට යාවන බවත් ඔවුන්ට කියා දෙන්න.

සමාව ලැබීමට සුදුසු පුද්ගලයින්ට සමාව දීම ඉතා වැදගත් වන අතර කෝපයට පත්වීම හෝ තරහ ගැනීම මගින් තවත් පුද්ගලයෙකුගේ සිත රිදවිය හැකි බව ඔවුන්ට තේරුම් කර දෙන්න.

4) බුද්ධිමත්භාවය යනු ශක්තියයි

හොඳ දෙමාපියන්ගේ දරුවන්

අවංකකම, වෙලාවට වැඩ කිරීම, කරුණාව සහ සමාව දීම ගැන ආදිය ඔබේ දරුවාට උගන්වන විට, සමජයේ වෙසෙන දුෂ්ඨ හා නපුරු මිනිස් කොට්ඨාශ ගැනත් ඔවුන්ට ඉගැන්වීමට අමතක කරන්න එපා.

මක්නිසාද, දරුවන්ගේ ප්‍රගුණ කළ සාරධර්ම වලින් අයුතු ප්‍රහයෝජන ගන්නට ඇතැමුන් උත්සාහ කළ හැකි බැවින්, ඒ ගැන දරුවා දැනුවත් කිරීම ඔබගේ යුතුකමක්.

එවැනි යටි අරමුණු සහිත් කූඨ මිනිසුන්ගෙන් ආරක්ෂා වන හැටිද දරුවන්ට කියා දීම වැදගත් වනවා.

එවැනි ප්‍රයෝගකාරී අවස්ථා වලදී නිවැරදි දෙය පවෙනුවෙන් පෙනී සිටින්නටත්, එවැනි තත්වයන් සමඟ කටයුතු කළ හැකි වෙනත් ආකාර ගැනත් කියා දෙන්න.

ඇනුම් පද හා වෙනත් බලැවෙග මගින් ඔවුන්ගේ අභ්‍යන්තර ආත්මශක්තිය දුර්වල කර නොගන්නටත්, එය ශක්තිමත් කරගත හැකි ආකාර ගැනත් දරුවන්ට කියා දෙන්න.

5) වගකීම

හොඳ දෙමාපියන්ගේ දරුවන්

රූපය: iStock

 

වගකිමෙන් යුතු පුද්ගලයෙක් වන ආකාරය ඔබේ දරුවාට උගන්වන්න. ඔබේ දෙමව්පියන් වෙනුවෙන් ඔබ පෙනී සිටින්න.

ඔබේ දරුවන් වෙනුවෙන් වගකීම් දරන්න.

ඔබේ සහකරු හෝ සහකාරිය රැකබලා ගන්න. ඔබේ රැකියාවෙහි හොඳ, වගකිවයුතු පුද්ගලයෙක් වන්න.

එසේම, ඔබේ රට ජාතිය සම්බන්ධයෙන්ද වගකීමෙන් කටයුතු කරන්න.

ඔබගේ පුංචිම ක්‍රියාවක් හෝ වට පිටාවට, අසක්වැසියන්ට බලපෑමලක් විය හැකි ආකාර ගැන කියා දෙන්න – ඔබේ දරුවා ඔබෙන් මෙම ගුණාත්මක භාවය ඉතා ඉක්මණින් උකහා ගනු ඇත.

6) සාධාරණත්වය

මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

රූපය: iStock

සෑම කෙනෙකුටම, විශේෂයෙන් ඔබේ දරුවන්ට සාධාරණ වන්න. ඔබගේ දවස වෙහෙසකාරී හෝ අප්‍රසන්න දවක් වූ පමණින් අසාධාරණ ලෙස දූ දරුවන්ට කෑ කෝ  ගසන්නට එපා.

ඔබ වෙහෙස වී සිටින බවත්, ඔබ මානසිකව තෙහෙට්ටු වී ඇති බවත් ඔවුන්ට පවසන්න.

එය ඔවුන්ට තේරුම් යන්නේ නැතිනම්, ඔබ මවුපියන් ලෙස එම තත්වය යටතේ සාධාරණ ලෙස කටයුතු කළ යුතුය.

ඔබ කිසි විටෙකත් සාධාරණ නොවන්නේ නම්, ඔවුන් වැඩෙන විට ඔවුන්ද කිසි විටෙකත් අන් අයට සාධාරණ නොවනු ඇත – ඔබට පවා ඔවුන් අසාධාරණ වනු ඇත.

7) හාස්‍යය

මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා

රූපය: iStock

හාස්‍යයජනක වීම යනු සෑම කෙනෙකුටම කළ හැක්කක් නොවේ. නමුත් එය ඉතා ප්‍රියමනාප ගුණාංගයකි.

ඔබ විහිලුකාර බව ඔබවත් නොසිතනු ඇත. ඔබ බොහෝ විහිළු කරන පුද්ගලයෙක් නොවන්නටත් පුළුවන්.

නමුත් ඔබ ඔබේ දරුවන් සමඟ කටයුතු කරන සෑම විටම සැහැල්ලු මනෝභාවයකින් සිටීමට උත්සාහ කරන්න.

නුරුස්සනසුළු, වහා කිපෙන මවක් හෝ පියෙල් වන්නට එපා.

දරුවන් කතා කරන්නට කැමති විය හැකි දේවල් ගැන කතා කරන්න- විනෝදජනක වන්න. විහිළු තහළු කරන්න. විහිළු කථා කියන්න.

විහිලු කිරීමට උත්සාහ කරන්න (ඔබේ විහිළු හාස්‍යජනක නොවේ යැයි ඔබට හැඟුනත්) එමගින් ඔබේ දරුවන්ගේ දිනය සැහැල්ලු කරන්නටත් ඔබට පුළුවන්.

ඔබේ දරුවා තුළ ඇති හොඳම ගුණාංග මොනවාදැයි ඔබ සිතන්නේ කුමක්ද? පහත අදහස් දැක්වීමේ කොටසින් අපට දන්වන්න!

මූලාශ්‍ර:momjunction.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

Niloufer Perera

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • මෙම ගුණාංග 7 ඇති පිරිමින් සහ කාන්තාවන් හොඳම දෙමාපියන් බවට පත්වනවා
බෙදාගන්න :
  • දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්

    දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

  • දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්

    දරුවන් ඉගෙන ගත යුතුම හොඳ පුරුදු (manners) 11 ක්

  • හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

    හැම අතින්ම හොඳ දරුවෙක් හදාගන්න උපදෙස් 5 ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it