theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
  • COVID-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

3 අවම කියවීම
බෙදාගන්න :
•••
මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

මේවායෙන් කීයක් ඔබේ දරුවා හා සම්බන්ධ වෙනවාද?

දරුවන්ට හානිකර දේවල් කිසිම දෙමාපියෙක් හිතා මතා දරුවාට දෙන්නේ නැහැ. නමුත් දරුවන්ට හානිකර දේවල් අපි එදිනෙදා කන බොන දේ අතරත්, සෙල්ලම් බඩු අතරත් සැඟවී තිබේ. බැලූ බැල්මට මේවායෙන් පෙනෙන්නට උපද්‍රවයක් නැති වුවත් ඉන් දරුවන්ට බරපතල අනතුරු ඇති කිරීමට පුළුවන් වගේම සමහර විට මෙම තත්වය පොඩියට හෝ බලපාලා තියෙන්න පුළුවන්. මේ එවැනි දේවල් කිහිපයක්.

මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

  1. කින්ඩර් එග් (Kinder Egg) වල ඇති කුඩා සෙල්ලම් බඩු

සෙල්ලම් බඩුවක් සහ චොක්ලට් එකම ඇසුරුමක ඇති නිසා දරුවන් කින්ඩර් එග් වලට හරිම කැමතියි. මෙම චොක්ලට් ඇසුරුමේ කුඩා සෙල්ලම් බඩුවක් අන්තර්ගතයි.

නමුත් මෙම ජනප්‍රිය නිෂ්පාදනය විශේෂයෙන් දෙමාපියන්ගේ අධීක්ෂණයෙන් තොරව දරුවන්ට කෑමට දීම මාරාන්තික වෙන්න පුළුවන්.

ප්‍රංශයේ කුඩා දරුවෙක් මෙම ප්ලාස්ටික් ඇසුරුමේ ඇති සෙල්ලම් බඩුවෙහි කැබැල්ලක් උගුරෙහි සිරකරගෙන ඇති අතර ඇගේ සීයා එය ගැනීමට උත්සාහ කළත් එය නොහැකි වීම නිසා කොමා තත්වයට පත්ව සිටි දැරිය හුස්ම ගැනීමේ යාන්ත්‍රණය අක්‍රිය වීම නිසා ජීවිතක්ෂයට පත් වුණා.

මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

Couleur / Pixabay

 

 

2. හුලං පිරවූ සෙල්ලම් ගෙවල්

සෑම කෙනෙක්ම කුඩා කාලයේදී මේ හුලං පිරවූ සෙල්ලම් ගෙවල් වල අත්දැකීම ලබා තියෙන්න පුළුවන්. එය විනෝදයි. දරුවන්ට ඕනෑම තරම් කාලයක් එහි සෙල්ලම් කරන්න කැමැතියි. නමුත් මේවා පිරිසිදු කිරීම අපහසු නිසා පිරිසිදු කිරීම සිදු වන්නේ කලාතුරකින්. මේ නිසා දරුවන් කුණු හා බැක්ටීරියාවන්ගෙන් යුක්ත වෙනවා. මේවා රෝග බෝ කරන ස්ථානයක් බවට පත් වෙනවා.

Brenda Sanderson ගේ පුංචි පුතා ඔහුගේ උපන්දිනය දවසේ මෙම සෙල්ලම් ගෙයක් තුළ සෙල්ලම් කිරීමෙන් පස්සේ බරපතල ලෙස ස්ටප් බැක්ටීරියා අසාදන තත්වයට පත් වුණා. වාසනාවකට ඔහුගේ තත්වය හොඳ අතට හැරුණා. නමුත් ඔහුගේ අම්මා මේ හුලං පුරවන සෙල්ලම් නිවාස කොච්චර අපවිත්‍රද කියලා දැනගෙන හිටියා නම් ඔහුට මෙම තත්වයෙන් වැළකීමට හැකිව තිබුණා.

3. ට්‍රැම්පොලීන්  – කරනම් ගැසීමට භාවිතා කරන රාමුවක සවිකළ කැන්වස් රෙද්ද

කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ද මෙම ස්ප්‍රින්ග් මෙට්ට වලට හුඟක් කැමැති බව ඔබ දැකලා ඇති. එය පෙනුමට විනෝදාත්මක දෙයක්ම විතරක් නෙමේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව යමින් නැවත නැවත එය කිරීම ඇත්තටම විනෝදාත්මක හැඟීමක් ගේනවා.

නමුත් මෙය වැඩිහිටියන් සඳහාම පමණක් ගැලපෙන උපාංගයක්. මන්ද දරුවන්ගේ අස්ථි වැඩිහිටියන්ගේ අස්ථි වලට වඩා මෘදුයි. ඒ නිසා ඒවාට වැඩි පීඩනයක් නැතත් කැඩෙන්න පුළුවන්.

බ්රූස් ඩොඩ් ගේ පුතා ට්‍රැම්පොලින්ස් එකෙහි සෙල්ලම් කිරීමෙන් පසු ඔහු සදාකාලික අබාධිත තත්වයට පත් වුණා. Andre Dodd සංයමයෙන් මෙය සෙල්ලම් කළත් ඔහු නැවත කවදාවත් ඇවිදින්න බැරි විදිහට අබාධිත වුණා.

4. බෝනික්කන්ගේ කෙස්

මේවා ඉතා සැහැල්ලු හා සියුම් වන ඇසට නොපෙනෙන තරම් කුඩා නිසා මේවායෙන් කොයිතරම් හානියක් වේදැයි සිතාගන්න පුළුවන්. පැහැදිළිවම හුඟක් හානිකරයි.

කැන්සාස්හි මේ තාත්තට ඔහුගේ බිළිඳු දරුවා හුඟක් අපහසුවෙන් ඉන්නේ ඇයි කියලා දැනගෙන හිටියේ නෑ. ඔහු දැක්කා ඔහුගේ දියණිය බෝනික්කාගේ කොන්ඩේ ඇගේ පාදවල ඇඟිලි වල විසිරී පැටලී තියෙනවා. දින කිහිපයකට පස්සේ ඔහුගේ දියණියගේ පාදයේ ඇඟිලි නැති වුණා.

5. සූප්පුව

නොත් කැරොලිනා හි කෙනෙක් කුඩා බිළිඳෙකුගේ උගුරේ සූප්පුව දෙවරක් සිරවීම නිසා ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වුණා. මේ සූප්පුව ඉරී ගොස් බිළින්දාගේ උගුරේ සිරවූ බව සොයාගෙන තිබුණා.

සූප්පු භාවිතය තොටිල්ල, බිබ් එක තරමට සුලබ දෙයක් වෙලා. ඒවා බබාලා වෙනුවෙන්ම නිපද වුවත් ඒවා ආරක්ෂිතද බලා  මිලදී ගැනීමටත් ඒ ගැන දෙවරක් සිතන්න. 

 

6. සිපි කෝප්ප

සති කිහිපයක සිට ඔහුගේ දියණිය අසනීපයෙන් සිටියා. පළමුව ඔහුට තත්වය හරිහැටි තේරුම් ගැනීමට නොහැකි වුණා. ඔහු ඇගේ සිපි කෝප්පය සෝදන්න ගන්න කොටයි එහි පුස්  තිබෙන තිබෙන බව දැක්කේ.

ලොව පුරා බොහෝ මවුවරුන් ඔවුන්ගේ දරුවන්ගේ සිපි කෝප්ප තුළින් හමුවූ මීට සමාන වු පිළිකුල් සහගත පුස් වල ඡායරූප ඉන්පසු අන්තර්ජාලයේ මුදාහැර තිබුණා.

මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි

7. මිදි

මිදි ඉතා හොඳ පලතුරක්. එසේම හිරකර ගැනීමේ අවධානම ඉහළින්ම තියෙන දෙයක්. මොකද එහි ප්‍රමාණය දරුවාගේ ශ්වසන මාර්ගය අවහිර කිරීම ඉතා පහසුයි. මිදී සිරවීම නිසා හුස්ම ගැනීමේ අපහසුවෙන් මියගිය දරුවන් සිය ගණනකගේ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. මේ නිසා ඉතාම සුදුසු වන්නේ කුඩා කැබලි වලට කපා දරුවන්ට මිදි ලබා දීමයි.

දරුවන්ට විනෝදයක් ගෙන දෙන දේවල් වලින්ම අප නොසිතන අනතුරු ඔවුන්ට ළඟා වීමට පුළුවන්. ඒ ගැන අවධානයෙන් සිටීම අනතුරු වළක්වා ගැනීමට හේතුවක් වන නිසයි  theAsianparent Sri Lanka ඔබේ හොඳම මිතුරිය ඔබට මේ තොරතුරු ගෙන ආවේ.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • ළමා ආරක්ෂාව
  • /
  • මේ හානිකර නැතැයි සිතන දේවල් 7 න් ඔබේ දරුවන්ට හානි විය හැකියි
බෙදාගන්න :
•••
කතන්දර ලිපි
  • දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

    දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

  • ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

    ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

single
  • දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

    දරුවන්ගේ කැස්සට මවකගෙන් අපූරු පිළියමක්

  • ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

    ළමුන්ගේ දන්ත ගැටලු සදහා විශේෂඥ උපදෙස්

  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore
  • Thailand
  • Indonesia
  • Philippines
  • Malaysia
  • Sri Lanka
  • India
  • Vietnam
  • Australia
  • Japan
  • Nigeria
  • Kenya
© Copyright theAsianparent 2021. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි
  • මව්පදවිය
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
  • අධ්‍යාපනය
  • සෞඛ්‍යය
  • ජීවන රටා
  • ආහාර සහ පෝෂණය
  • මාපිය දැනුම
  • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
  • අපි පිලිබඳ විස්තර
  • කණ්ඩායම
  • අප හා සම්බන්ධ වෙන්න
  • නිතී හා රෙගුලාසි
  • Become a Contributor