theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබේ දරුවාට නොකිව යුතු කාරණා හතක්

3 අවම කියවීම
ඔබේ දරුවාට නොකිව යුතු කාරණා හතක්ඔබේ දරුවාට නොකිව යුතු කාරණා හතක්

දරුවන්ට කිසිසේත් නොකිවයුතු කරුණු 7 ක් ගැන දැනගන්න. ඔබ අතිනුත් මෙවැනි වැරදි සිදුවෙනවා දැයි බලන්න.

දරුවන්ට කියන නොකියන දේවල් තුළින්ද දරුවාගේ පෞරුෂය ගොඩනැගෙනවා. දරුවාට කියන දේවල් හා සමානව කිසිවිටෙක දරුවාට නොකිව යුතු දේවල් කිහිපයක්ද ඇති බව දැනගැනීම ඉතා වැදගත්.

ඔබ නිතරම ඔබේ දරුවාට ඔහු මහතයි, කැතයි, මෝඩයි වගේ දේවල් කියනවා නම් ඔහු ඉතා ඉක්මනින් එවැනි අයෙකු වෙන්න පුළුවන්.

මන්ද දරුවන්ගේ සිත් හරිම හැඟීම්බරයි. ඔවුනට ඇහෙන දකින දේ අනුව යමින් ඔවුන් ඔවුන්ගේ ජීවිතගොඩනගා ගන්නවා. ඒ නිසා ඔබ ඔබේ දරුවන් සමග කියන කරන දේ ගැන ඉතා පරෙස්සම් සහිත විය යුතුයි.

Family Share හි මිෂෙල් කොරනොටිට අනුව  ඔබේ දරුවාට නොකිව යුතු දේවල් අතර මේ කාරණා 7 ප්‍රධානයි:

දරුවාට නොකිව යුතු දේවල් හතක්

1. බොරු යනු දරුවාට නොකිව යුතු දේවල් අතර ප්‍රධානය

සමහර විට දරුවන් යමක් කිරීමට අකමැති හෝ ඔවුන් නොකර සිටින විට දරුවන්ට විවිධ දේ කියමින් ඔවුන්ව පෙළඹවීමට උනන්දු කරනවා. සමහර විට උපායන් මගින් ඔවුන් කිසිසේත් සතුටු නොවන දේ කරනවා.

මෙය දෙමාපියන් නොකළ යුත්තක්. සමහර විටෙක ඒ වෙනුවෙන් විවිධ බොරු ගොතනවා. “එක රිදෙන්නේ නෑ” වැනි බොරු කියනවා. අපි දරුවනට හොඳ පුරුදු හැදියාව කියා දෙන්න නම් අපි එය ක්‍රියාවෙන් පෙන්විය යුතුයි. මන්ද දරුවන් අනුගමනය කරන්නේ ඔබව යි.

2. දරුවාට නොකිව යුතු දේවල්: හැමදේටම ‘ඔව්’ කියනවද?

“ඕනෙම පුද්ගලයෙකුට තම ආදරය කරන කෙනාට හොඳම දේ ඉටුකරන්න මහන්සි වෙනවා”. මිෂෙල් කියනවා. ආදරය කිරා මැනිය නොහැකි වුවත් ඔබ පෙන්වන ආදරය, අවධානය ඒ ආදරය කියාපානවා.

3. දරුවාව ලේබල් කරනවද?

මිෂෙල් පවසන ආකාරයට ඔවුන් අවට පරිසරයෙන් බොහෝ දේ ඉගෙන ගන්නවා. විශේෂයෙන් ඔවුන්ට දෙමාපියන් ලේබල් කිරීම (නම් කිරීම) හෙවත් නිතරම ඔහු මහත බව, මෝඩ බව, කෙට්ටු බව කීම නිසා සැබවින්ම ඔවුන් මෙවැනි අය බවට පත්වන්නට පුළුවන්.

toddler-sleep-scared

සමහරවිට ඉතා කුඩා විවේචන පවා ඔබේ දරුවාට විශාල දේවල් ලෙස දැනෙන්න පුළුවන්.

4. සංසන්දනය කිරීම

ඔබ ඔහුගේ සහෝදරයන් යහළුවන් සමග ඔහුව සංසන්දනය කිරීම. ඔයාගේ අයියා ඔයා වගේ නෙමෙයි හරි හොඳයි. ඇයි ඔයාත් ඔයාගේ යාළුවා වගේ හොඳට ඉන්න. ඉන් දරුවන්ගේ ආත්ම අභිමානය හීන වෙන්න පුළුවන්. ඉන් ඔහු, ඔහු ගැන ම කලකිරෙන්න පුළුවන්.

 

5. විවේචන

සමහරවිට ඉතා කුඩා විවේචන පවා ඔහුට විශාල දේවල් ලෙස දැනෙන්න පුළුවන්. ඉන් ඔහුට නරකක් මිස යහපතක් සිදුවන්නේ නැහැ. මිෂෙල් පවසන ආකාරයට දෙමාපියන් දරුවන්ගේ ජයග්‍රහණ ඇගයීම් මිස, ඔවුන්ගේ ඉගෙනීම, වැඩ, පෙනුම, යහළුවන් ගැන විවේචනය නොකළ යුතුයි.

6. ඔවුන් අසන්න අකමැති දේවල් කියන්න එපා

අසන්නට අකැමති දේ ගැන කතා කිරීම නරක වචන, නරක විහිලු තහළු, නපුරු ඇනුම් බැනුම්, අනිත් අය ගැන වැරදි දේ කතා කිරීම විවිධ දේවල් ගැන විවේචනය කිරීම ඔහුව පහතට හෙලනු ලබනවා.

7. වැරදී පැටවීම

ගෙදර අවුල් ජාලයක්. බොහෝ විට ඊට ඔබේ දරුවා වගකිව යුතු බව  ඔබ දන්නවා. නමුත් ඔබ ඔහුට කෙලින් හෝ වක්‍රව චෝදනා එල්ල නොකරමින් එය නැවත යතා තත්වයට පත් කිරීම කල යුතුයි. මිෂෙල් පවසන ආකාරයට සාමය, සහයෝගය ඇරබෙන්නේ ඔබේ නිවසින්. එයින් ඔබේ අනාගතය දීප්තිමත් වෙනවා.

මල් වැනි දරුවන්ගේ හිත් සමග ගණුදෙනු කිරීම එතරම් අපහසු නොවුනත් ඔවුන්ව හරි හැටි තේරුම් නොගතහොත් එය නිවැරදි කළ නොහැකි වරදක් වෙනවා. එය ඔවුන්ගේ ජිවිත කාලයටමයි.

theAsianparent Sri Lanka අපි ඔබෙන් එවැනි වැරදි නොවන්න ට උදවු කරන්න නිතරම සුදානම්. ඒ අපි ඔබේ හොඳම මිතුරිය නිසයි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ 

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
img
Written by

theAsianparent Sri Lanka

  • Home
  • /
  • දෙමාපියන්ට උපදෙස්
  • /
  • ඔබේ දරුවාට නොකිව යුතු කාරණා හතක්
බෙදාගන්න :
  • Listening And Responding To Your Baby’s Babbling Can Make Them Smarter

    Listening And Responding To Your Baby’s Babbling Can Make Them Smarter

  • Babies Love To Hear Other Babies Speak, Finds Study

    Babies Love To Hear Other Babies Speak, Finds Study

  • Listening And Responding To Your Baby’s Babbling Can Make Them Smarter

    Listening And Responding To Your Baby’s Babbling Can Make Them Smarter

  • Babies Love To Hear Other Babies Speak, Finds Study

    Babies Love To Hear Other Babies Speak, Finds Study

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it