ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි ආහාර අප රට තුල ඇති තරම් තියෙනවා. ‌මේ එවන් ආහාර වර්ග 7 ක්

ප්‍රතිශක්තය ගැන ගොඩාක් උනන්දු වෙන මේ සමයේ ප්‍රතිශක්තිය වැඩි කරන දේශිය ආහාර ගැන දැනගන්න ඔබත් කැමතියි නේද?

මේ ආහාර පාන අපි නිතර පරිභෝජනය කරන ආහාර අතර නිතර දකින්න ලැබෙනවා.

ශ්‍රී ලාංකික අපි ස්වභාවික රස කාරක විදියට ආහාර වලට එකතු කරන බොහොමයක් දේවල් ප්‍රතිශක්තිය ඉහළ නංවන්න ඉහළ දායකත්වයක් ලබා දෙනවා. ඒ ගැන අපි කලින් ලිපියක කතා ‌කෙරුවා. ‌

ඇත්තටම හෙම්බත් වෙවි එක දිගට දුවන කාර්ය බහුල ජිවිත එක්ක ක්ෂනික කෑම වලින් වේල පිරිමහගන්න පුරුදු වෙලා හිටපු ගොඩාක් අයට ප්‍රතිශක්තිය ගැන මතක් වුනේ කොවිඩ් 19 එක්කයි.

කොවිඩ් 19 ට එරෙහිව සටන් කල නොහැකි අය මාරයා වැළද ගනිද්දි ජිවත් වෙලා ඉන්න කොයි කාටත් තමන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගැනීම ගැන හිතන්න වුනා.

ක්ෂනික ආහාර, කැපේන් පාන මෙන්ම මත්පැන් වලින් අපේ ප්‍රතිශක්තිය පිරිහෙනවා කියලාත් බොහොමයක් අයට මතක් වුනේ එතකොටයි.

කොහොම වෙතත් අවසානයේදි නිවසට කොටු වෙලා තමන්ටම ආහාර පිසගන්න වෙද්දි ගොඩාක් අය දේශිය කෑම ගැනත් හිතන්න ගත්තා. 

අපි නිතර භාවිතා කරන කුළුබඩු වලට අමතරව ප්‍රතිශක්තිය ඉහළ නංවන පළතුරු වර්ග 4 ක් සහ එළවළු වර්ග 3 ක් ගැන අපි බලමු.

මේ ආහාරත් නිතර පරිභෝජනය කරමින් ඔබේ සිරුර සතුරු වෛරස්, බැක්ටිරියා හා දිලීර වලට එරෙහිව සටන් කලහැකි සේ සන්නද්ධ කරගන්න.

ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ක්

1. පැණි දොඩම්

  • විටමින් C  ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩනැගීමට උපකාරී වෙනවා. විටමින් C සුදු රුධිරාණු නිපදවීම වැඩි කරයි.
  • ආසාදන වලට එරෙහිව සටන් කිරීමට මේවා දායක වෙනවා.
  • දොඩම් වල පමණක් නොව පැඟිරි පළතුරු බොහොමයක විටමින් C යහමින් අඩංගු වෙනවා.
  • ඔබේ සිරුර විටමින් C නිපදවන්නේ හෝ ගබඩා කරන්නේ නැහැ. 
  • ඒ නිසා නිරෝගී බව රැකගැනීමට ඔබට දිනපතා විටමින් C ලබා ගැනීම අවශ්‍ය වෙනවා.
  • පැඟිරි ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගැනීම මේ සදහා හොද විසදුමක් වෙනවා.

2.කොමඩු

ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

  • කොමඩු යනු ප්‍රතිශක්තිය වඩවන රසවත් පළතුරකි .
  • කොමඩු කෝප්ප 2 කින් පොටෑසියම් මිලිග්‍රෑම් 270 ක්, විටමින් A දෛනික අවශ්‍යතාවයෙන් 30% ක් සහ විටමින් C දෛනික අවශ්‍යතාවයෙන් 25% ක්ද ලැබෙනවා.
  • මෙහි වැඩිපුර කැලරිද අඩංගු නොවේ.
  • කොමඩු වල  විටමින් බී 6 සහ ග්ලූටතයෝන් ද අඩංගුයි.
  • නිසි ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය සඳහා ශරීරයට මෙම විටමින්, පෝෂ්‍ය පදාර්ථ හා ග්ලූටතයෝන් වැනි සංයෝග අවශ්‍ය වෙනවා.

3. දෙළුම්

  • දෙළුම් යුෂ වල  ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණ මෙන්ම ප්‍රදාහයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව සහිතයි.
  • ඒ නිසා ප්‍රතිශක්තියට සහාය වන තවත් ආහාරයක් ලෙස දෙළුම් පෙන්වා දෙන්න පුළුවන්.
  • තවද දෙළුම් යුෂ වල අඩංගු ෆ්ලේවනොයිඩ් ප්‍රතිඔක්සිකාරක වෛරස් වලට එරෙහිව සටන් කරන බව පෙන්වා දී තියෙනවා.
  • හෙම්බිරිස්සාවේ කාල  40% කින් අඩු කරයි. ඒ නිසා දෙළුම් යුෂ පානය කිරීම සුදුසු වෙනවා.

4.ගස්ලබු

ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

  • පැපොල් නැතිනම් ගස්ලබු වල විටමින් සී බහුලව අඩංගු වෙනවා. 
  • දිනකට අවශ්‍ය විටමින් සී ප්‍රමාණයෙන් 224 % ක් එක් පැපොල් ගෙඩියක අඩංගු වෙනවා.
  • පැපොල් වල  පොටෑසියම්, බී විටමින් සහ ෆෝලේට් අඩංගු වන වෙනවා. මේ සියල්ලම ඔබේ සමස්ත සෞඛ්‍යයට හිතකර වෙනවා.

5. නිවිති

ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

  • නිවිති වල විටමින් සී බහුල ලෙස අඩංගු වෙන අතර එහි  ප්‍රතිඔක්සිකාරක සහ බීටා කැරොටින් ද වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. 
  • එමඟින් අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ආසාදන වලට එරෙහිව සටන් හැකියාව වැඩි කළ වෙනවා. 
  • තවද එහි ෆෝලේට්, විටමින් A, ෆයිබර්, මැග්නීසියම් සහ යකඩ අඩංගඅ වෙනවා.
  • පෝෂ්‍ය පදාර්ථ ආරක්ෂා කර ගැනීම සඳහා නිවිති අමු හෝ මද ලෙස පිස අනුභව කර ආහාරයට එක්කර ගැනීමෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගන්න.

6. පොලොස්

ප්‍රතිශක්තිය වැඩි කරන මේ දේශිය ආහාර 7 ඔබත් දන්නවාද?

Photo credits to www.lankadeepa.lk

  • පොලොස් ඇඹුලට රුධිරයේ තියන ප්‍රතිශක්තිකරණ ඉහළ නංවන්න පුළුවන්.
  • මෙහි විටමින් A බහුල වන අතර යම් ප්‍රමාණයක් විටමින් C සහ ෆෝලේට් ද අඩංගු ‌වෙනවා.
  • එම විටමින් ප්‍රතිඔක්සිහාරක ගුණ සහිතයි.
  • පොළොස් සොයා ගන්න අපහසු නැති නිසා නිසා රසවත්ව ඇඹුලක් සකස් කර නිතර ආහාර වේලට එකතු කරගන්න.

7.බතල

  • ඔබ සාමාන්‍ය බතල අලයක් දිනකට පරිභොජනය කරනවා නම්  දිනකට අවශ්‍ය විටමින් A ප්‍රමාණයෙන් 120% ක්ද සහ විටමින් C ප්‍රමාණයෙන් 30% ක් ද එහි අඩංගු වෙනවා.
  • මෙහි කොලෙස්ටරෝල් රහිත බව සහ මේද රහිත බව නිසා ප්‍රතිශක්තිකණය සදහා වැදගත් වෙන විටමින් පහසුවෙන් උරා ගනී.
  • බතල වල විටමින් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ නංවන්න ඉහළ දායකත්වයක් ලබා දෙනවා.
  • මෙම බතල තම්බා හෝ ව්‍යාංජනයක් ලෙස ඔබේ ආහාර වේලට එකතු කරගන්න පුළුවන්.

මෙම දේශිය ආහාර පහසුවෙන් ඔබේ දරුවාගේ ආහාර වේලට එකතු කරන්න පුළුවන්.

ඒ වගේම කැපේන් අඩංගු පාන වර්ග, සකස් කල ආහාර හා මත්පැන් ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය පහල හෙලනවා.

ඒ නිසා ඒ ආහාර වලින් හැකි සෑම විටම ඈත්වන්න.

ප්‍රතිශක්තියෙන් යුතු නිරෝගි දිවියක වැදගත්කම ලොවටම යලි යලිත් මතක් කරන්න මේ කොරෝනා වසංගතය සමත් වුනා.

ඒ වගේම හැකි පමණ වසවිෂ වලින් තොර ආහාර අනුභව කරන්නත් අමතක කරන්න එපා.

ඒ වගේම රසයෙන් ගුණයෙන් පිරි අපේ ‌දේශිය ආහාර නිතර ආහාරයට එකතු කරගන්න.

මුලාශ්‍ර –  www.healthline.com

www.allrecipes.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි