theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ඔබ දෙපලට වඩාත් සමීප විය හැකි ලිංගික ඉරියව් 7 ක්

5 අවම කියවීම
ඔබ දෙපලට වඩාත් සමීප විය හැකි ලිංගික ඉරියව් 7 ක්ඔබ දෙපලට වඩාත් සමීප විය හැකි ලිංගික ඉරියව් 7 ක්

ඔබ ‌දෙදෙනාට සමීප ‌විය හැකි ලිංගික ක්‍රම 7 ක් ‌මෙන්න

විවාහය කියන බැදිම ආදරය වගේම ලිංගික එක්වීම මත රදා පවතිනවා. ඒ නිසා ඔබ දෙදෙනාට සමීප විය හැකි උණුසුම් ලිංගික ඉරියව් මොනවාද කියා ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන්.

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ එවන් සාර්ථක ලිංගික ඉරියව් 7 ක් අඩංගු ලිපියක් ඇසුරිනි.

ලිංගිකත්වය හා එහි රුචිය පුද්ගලයා අනුව වෙනස් වෙනවා. 

තෘප්තිය, දරුවෙකු ලැබීම, ඔබගේ සංවත්සරයක් සැමරීම වැනි විවිධ හේතු නිසා  ඔබ ලිංගික සම්බන්ධතා පවත්වන්න පුළුවන්.

වේගය හෝ කාලය ,  අවට පරිසරය, පුර්ව ක්‍රියා, ප්‍රේමණිය වීම වැනි ගොඩාක් දේවල් ලිංගික සම්බන්ධතා හා අත්වැල් බැද ගන්නවා. 

මේ සියල්ලම එක්ක ඔබගේ ලිංගික ඉරියව්ද වැදගත් බව අමතක කරන්න එපා.

ඔබ දෙදෙනා වඩාත් සමීප කල හැකි ලිංගික ක්‍රම 7 ක් ගැන විවිධ ලිංගික අධ්‍යාපනඥන්ගේ අදහස් මෙන්න. ‌

මේ් ලිපිය කියවීමෙන් ඔබට ඒ පිළිබද නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්.

ලිංගික ජීවිතයේ වැදගත්කම

1. උණුසුම් ලිංගික ඉරියව්: හැඳි ඉරියව්ව (Spooning)  

ලිංගිකව එක්වීමේදී එකිනෙකාගේ සම එකිනෙකට ස්පර්ශ වීම මගින් දෙදෙනා අතර රාගය සහ සම්බන්ධතාවය වැඩි වනවා. මෙලෙස සමේ ස්පර්ශය වැඩි වීමට අවස්ථාව සලසන ලිංගික ඉරියව් කිහිපයක්ම තිබෙනවා. එවැනි අවස්තාවක් ලබා දෙන එක් ඉරියව්වක් තමා හැඳි ඉරියව්ව. 

මෙම ඉරියව්ව වඩාත් ‌ප්‍රේමණිය හා සමීප අත්දැකීමක් ලබා ‌දෙන අතර එය හවුල්කරුවන් දෙදෙනාට වඩා වෙනස් සංවේදීතාවයක් ඇති කරන බව  බහු සහතික ලත් ලිංගික අධ්‍යාපනඥයෙකු ඈන් හොඩර්‌ගේ අදහසයි.

ඔබේ උරහිස්, පිටුපසට හා තට්ටම් වලින් ඔබ වැඩිපුර ස්පර්ශ වෙන අතර  ඔබේ සහකරුගේ අමතර සංවේදීතාවයක් සඳහා ඔබේ පියයුරු හෝ ක්ලිටරිස් වෙත ලගා වෙන්න පහසුයි.

සිටගෙන හෝ දණ ගසාගෙන ලිංගික හැසිරීමෙන් අපහසුතාවයට පත්වෙන අයට මෙය හොද ඉරියව්වක් බව හොඩර් තවදුරටත් පවසනවා.

2. කාන්තාව ඉහළින් සිටින ඉරියව්ව

ලිංගික හැගීම් වැඩිකරන ආහාර

ඔබේ සහකරුගේ මුහුණ කෙරෙහි අවධානය යොමු කල හැකි ඕනෑම ඉරියව්වක් වඩාත් සමීප සබඳතායක්  ගොඩ නංවනවා. කාන්තාව ඉහලින් සිටින ඉරියව්ව මේ සදහා හොද අවස්ථාවක් සලසනවා.

නිව් යෝර්ක් නගරයේ ලිංගික චිකිත්සකවරයෙක් සහ Love Worth Making: How to Have Ridiculously Great Sex in a Long-Term Relationship නැමති ග්‍රන්ථයේ කතුවරයා වන ස්ටීවන් ස්නයිඩර් විසින් ඉතා උණුසුම්  සම්බන්ධවයක් සඳහා කාන්තාව ඉහලින් සිටින ඉරියව්ව වඩාත් සුදුසු බව නිර්දේශ කරනවා.

මෙහිදි ඔබේ ඇස් අතර ඇති සමීපබාවය නිසාම ඔබ දෙපළ ස්වභාවිකවම  ඇස් වලින් බැදෙනවා.

මේ ඉරියව්වෙන් පසු ඔබ කැමති ස්පර්ශ කිරීම් වැඩි ඉරියව්වකට ඉන්පසු ඔබට මාරු විය හැකි බව ස්ටීවන් පවසනවා.

3.පැත්තෙන් ලිංගිකව එක්වීම

උදෑසන ලිංගිකව එක්වීම

මේ ඉරියව්වේදි ඔබ එකිනෙකාට  දෑස් දෙස බලන්න පුළුවන්. ඒ වගේම අනෙක් පුද්ගලයාගේ සරාගී ප්‍රදේශවලට පහසුවෙන් ළඟා වෙන්නත් පුළුවන්.

ඒ නිසාම ඉතා උණුසුම් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට හැකි නිසාම මෙම ඉරියව්ව සායනික ලිංගික විද්‍යාඥ, සහතික ලත් ලිංගික පුහුණුකරු සහ ACS සහතික කළ ලිංගික අධ්‍යාපනඥ සනී රොජර්ස් විසින් නිර්දේශ කරනු ලබනවා.

ඔබේ සහකරුට මුහුණ ලා ඔබ පැත්තකින් වැතිර සිට ඔබේ කකුල ඔහුගේ උකුලට උඩින් ඔසවමින් මෙම ඉරියව්වට පිවිසෙන්න ඔබට පුළුවන්.

මෙය වේගවත්. නමුත් එහි වේගය සරාගියි. ඒ නිසා මෙම ඉරියව්වේන් කම්මැලි සති අන්තයේ උදෑසනක් ප්‍රබෝධමත් කරගන්න ඔබ දෙපළට පුළුවන්.

මෙම ඉරියව්ව දෙදෙනාටම වැඩි තෘප්තියක් ලබා දෙන බවත් එය දිගු උණුසුම් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ඉඩ සලසන බව රොජර්ස් පවසනවා.

4. කකුල් හරස් අතට වාඩි වී සිටින ඉරියව්ව

මෙය ඔබ දෙපල එකිනෙකාට  මුහුණට මුහුණලා වාඩි වෙන ඉරියව්වකි.

එහිදි ඔබ දෙපළට එකිනෙකාට සිප ගැනීමට සහ ස්පර්ශ කිරීමටත් පහසුයි.

මෙය ලිංගික තෘප්තිය ලැබීමට මෙන්ම එකිනෙකාට සුරතල් විය හැකි  ලිංගික ඉරියව්වක් බව MPH හි ලිංගික අධ්‍යාපනඥ බියන්කා ඇල්බාගේ අදහසයි.  

මෙම ඉරියව්වේදි කද කොටස ඉහලට සිටින සේ හිදගෙන කකුල් හරස් අතට හෝ ශරීරය ඉදිරිපිට දිගු ගෙන සිටින ඔබේ සහකරුගේ උකුලේ ඔබට  වාඩි වී, ඔබේ කකුල් ඔහුගේ ඉණ වටා යැවීම සිදුවෙනවා.

එහිදි ඔබට දෑත් වලින් එකිනෙකා වැළද ගන්නත් පුළුවන් වීම සුවිශේෂියි.

බිම වාඩි වී සිටිම අපහසු නම් ඒ සදහා ඇද හෝ පුටුව භාවිතා කිරීම සුදුසු බව  වෛද්‍ය ස්නයිඩර් උපදෙස් ලබා දෙනවා.

5.කකුල් බිම තබන ඉරියව්ව

මෙම ලිංගික ඉරියව්ව මගින් එකිනෙකාට වඩා හොදින් ස්පර්ශ කිරීමටත්  සහ ඇස් වලින් සම්බන්ධ වීමටත් හැකියාවක් ලැබෙනවා.

එහිදි  ඔබ කකුල් දෙක ඇදෙන් ඉවතට සිටිය යුතු සේ වැතිර සිටින අතර ඔබේ ශ්‍රෝණිය ඔසවා තබා ගැනීම සඳහා කොට්ටයක් ඔබේ තට්ටම යට තබා ගැනීම සුදුසු බව  රොඩ්ජර්ස් නිර්දේශ කරනවා.

 ඔබේ සහකරුට ඇඳේ කෙළවරේ සිටගෙන ඔබ වෙත ලගා වෙන්න පුළුවන් නිසාත් ඔබේ දෙපා ඔහුගේ උරහිස් මත හෝ ඉණ වටා තබා ගත හැකි නිසාත් මේ ඉරියව්ව ඉතා උණුසුම් වෙනවා.

මෙහිදි ඔබ දෙපළගේ දෑත් නිදහස් නිසා  ඒවා රිසි ලෙස භාවිතා කරමින් එකිනෙකා සනසාලන්න පුළුවන්.

පුරුෂයා පීඩනය පාලනය කල හැකි හොදම ඉරියව්වක සිටින අතර කොට්ටය කාන්තාවට උපරිම තෘප්තිය ලබා ගැනීමට ඉඩ සැලසීම නිසා මෙම ඉරියව්ව වඩා උණුසුම්.

මෙහිදි ඔබ දෙපල විඩාවට පත්වීම වීමකින් තොරව ඉහල තෘප්තියක් ලගා කර ගැනීම සදහා මෙම ඉරියව්ව සකස් කර ඇති බව රොඩ්ජර්ස් පවසනවා.

6. බෙදුණු මිෂනරි ඉරියව්ව

මෙය ඔබේ සහකරුට ගැඹුරු එක්වීමකට ඉඩ දෙන තවත් ඉරියව්වකි. 

මෙහිදි ඔබ ඔබේ කකුල් දෙපසට විහිදුවාලන නිසා එය බෙදුනු මිෂනාරි ඉරියව්ව ලෙස හදුන්වයි. 

ඔබට පහසු මිෂනාරි ඉරියව්වකින් මෙලෙස ‌දෙපා ‌දෙපසට විහිදුවා එක්වීමෙන් ඉතා උණුසුම් එක්වීමක් අත්විදින්න පුළුවන්.

ඒ වගේම එය එකිනෙකාගේ දෑස් දෙස බැලීමට, මුඛය හා බෙල්ල සිප ගැනීමට සහ සමට සමට ස්පර්ශ කිරීමට පහසු බවක් සලසන බව හොඩර්ගේ අදහසයි.

මෙහිදි මදක් උස් වු ඉරියව්වක සිටීමෙන් ගැඹුරු එක්වීමක් කල හැකි බව හොඩර් පවසනවා. 

මෙම ඉරියව්ව සදහා ඔබට නම්‍යශීලී සිරුරක් තිබිය යුතුයි.

5.උණුසුම් ලිංගික ඉරියව්: Doggy position

මෙම ඉරියව්වේදි ඇස් වලින් සම්බන්ධ වෙන්නේ නැහැ.

නමුත් ඔබ දෙදෙනා සම්බන්ධ වී ඇති බවක් ඔබට දැනෙනවා.

මෙම ඉරියව්ව සදහා විශ්වාසය හා සමීපභාවය අවශ්‍ය බව ලිංගික අධ්‍යාපනඥ කයිට් ස්කලිසිගේ අදහසයි.

සුනඛ ශෛලීය ඉරියව්ව (doggy position) සහකරුට සිය  සහකාරිය ස්පර්ශ කිරීමට ඉඩ සලසා දෙනවා.

ඒ වගේම එය ඔවුන්ට හුරතල් වීමටත් , අත් අල්ලා ගැනීමටත් ඉඩ‌දෙන බව ඇය තවදුරටත් පවසනවා.

මෙහිදි  සහකරුට ඉදිරියට හෝ  සහකාරිය මතට චලනය විමෙන්  ඉහල තෘප්තියක් ලබා ගත හැකියි.

ඒ වගේම මේ ඉරියව්වේදි සෙමෙන්, ගැඹුරු තෙරපීම් සිදු කරමින් සිය සහකාරිය බදාගත හැකි බව ස්කලිසි පවසනවා.

ඒ වගේම සහකරුගේ මුඛය සහකාරියගේ කනට ආසන්නයේ බැවින් මිමිණිම් කල හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි.

මූලාශ්‍ර: www.health.com

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

img
Written by

nimnadhi

  • Home
  • /
  • විවාහය හා පවුල් ජීවිතය
  • /
  • ඔබ දෙපලට වඩාත් සමීප විය හැකි ලිංගික ඉරියව් 7 ක්
බෙදාගන්න :
  • ඔබේ ලිංගික ජිවිතය මන්මත් කරවන පුරාණ චීන ඉරියව් 9 ක් මෙන්න

    ඔබේ ලිංගික ජිවිතය මන්මත් කරවන පුරාණ චීන ඉරියව් 9 ක් මෙන්න

  • ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

  • ඔබේ ලිංගික ජිවිතය මන්මත් කරවන පුරාණ චීන ඉරියව් 9 ක් මෙන්න

    ඔබේ ලිංගික ජිවිතය මන්මත් කරවන පුරාණ චීන ඉරියව් 9 ක් මෙන්න

  • ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

    ගැබ්ගැනීම වැළක්විය හැකි ලිංගික ඉරියව් තුළින් ඔබේ ජීවිතය ප්‍රබෝධමත් කරගන්න

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2022. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it