theAsianparent Sri Lanka Logo
theAsianparent Sri Lanka Logo
EnglishSinhala
  • Covid-19
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • දරු ප්‍රසූතිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • ළමා අවදිය (අවු 5ත් 12ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • මාපිය දැනුම
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • දෙමාපියන්ට උපදෙස්
  • සෞඛ්‍යය
    • එන්නත්
    • දේශීය බෙහෙත් ක්‍රම
    • රෝග සහ අසාත්මිකතා
    • හදිසි අනතුරු හා ප්‍රථමාධාර
    • මානසික ගැටළු
    • ව්‍යායාම
    • සුවතාව
  • ජීවන රටා
    • ආහාර සැලසුම්
    • පෝෂ්‍යදායි ආහාර රටා
    • කෑම වට්ටෝරු
  • අධ්‍යාපනය
    • පෙර පාසැල්
    • පහ වසර
    • ද්විතීක අධ්‍යාපනය
  • ආහාර සහ පෝෂණය

ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්

9 අවම කියවීම
ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්

ලාංකීය රසයක් මුසු කරගත් මේ පිසා ඇතුළු රසවත් ඉතාලි රෙසිපි ගෙදර පොඩ්ඩන්ට ලොක්කන්ට එක වාගේ රස විඳින්න කදිමයි.

ඉතාලිය කියන්නේ ලෝකේ තියන රසම ආහාර වට්ටෝරු තියන රටක් විදියට ප්‍රසිද්ධියක් උසුලන රටක්. හාටි රිබොලිටා වල ඉඳලා පැස්ටා, ක්‍රීමි ජෙලාටෝ වලට එනකල්ම් රස වෑහෙන ආහාර වට්ටෝරු ගණනවක් ඉතාලියේ තියනවා. pizza recipe sinhala ක්‍රමයට උනත් අපිට හදා ගන්න පුලුවන් පොඩි පොඩි වෙනස්කම් කරලා.

කියන්නෙත් ඉතාලියෙන් ආව රස උතුරන කෑමක්. පීසා කිව්වාම මතක් වෙන්නේ ගොඩාක් රස උනාට හදන්න හරිම අමාරු කෑම වර්ගයක් කියලාද? හැබැයි අද අපි ඔයාලාට කියලා දෙන්න යන්නේ හදන්න හරිම ලේසි රෙසිපි 14ක්. ඕනිම කෙනෙක්ට හදා ගෙන රස බලන්න පුලුවන්.

දිව පිනවන ඉතාලි රෙසිපි - Pizza recipe Sinhala

1. අරන්චීනි (Aranacini)

මේක හදා ගන්න නම් හරිම ලේසියි.

pizza recipe sinhala

බෝල විදියටයි හදන්නේ. හැබැයි ඉතින් පොඩ්ඩක් වෙලාව නම් යනවා. මේක හදන්න කලින් මුලින්ම රිසොත්තෝ වලින් ගණකම බෝලයක් වගේ හදා ගන්න ඕනි.

ඒකට නම් විනාඩි 30ක් වගේ යනවා. ඒක සිසිල් වෙනකල් ශීතකරණයක තියලා තියන්නත් ඕනි. සිසිල් උනාට පස්සේ පුලුවන් චූටි කූටි බෝල හදාගෙන පාන්කුඩු තවරලා බැද ගන්න. මේ බෝල වටේ පොත්ත කර කර ගාලා හැපෙන ක්‍රිස්පි ගතියක් තියෙනවා.

ඇතුලත දිවට දැනෙන්නේ ක්‍රීමි ගතියක්. චීස්චීස් රස උපරිමයි. pizza recipe sinhala රසත් මතු වෙන විදියට හදා ගන්න නම් මේ දවටනය හදන පිටි මිශ්‍රණයට ලංකාවේ කුළු බඩුත් එකතු කරලා ඉතාලි ශ්‍රීලාංකික රස ගන්න පුලුවන් වේවි.

හදා ගන්නේ මේ විදියට

අවශ්‍ය දේ:-

බේක් කර ගන්න රිසොත්තෝ මිශ්‍රණය සකසා ගන්න අවශ්‍ය දේ:-
1. බටර් මේස හැඳි 2
2. පොඩියට කපා ගත්ත සුදු ළූණු බික් 2
3.පෙති කැපූ ළූණු ගෙඩියක්
4. රිසොත්තෝ හාල් කෝප්ප 11/2ක්
5. සුදු වයින් කෝප්ප 1/2ක් (වයින් නැත්නම් මස් තම්බපු වතුර හෝ සාමාන්‍ය පානීය ජකය ගන්න පුලුවන්)
6. කුකුල් මස් තැම්බූ වතුර කෝප්ප 3 1/2ක්
7. කිරි කෝප්ප 1

හාල් මිශ්‍රණයට අවශ්‍ය දේ:-

1.බිත්තර 1ක්
2.ගා ගත් චෙඩාර් චීස් කෝප්ප 1
3. ගා ගත් මොසරෙල්ලා චීස් කෝප්ප 3/4ක්
4. හීනියට කපා ගත්ත පාස්ලි කොල මේස හැඳි 2 1/2ක්.
5. ලුනු තේ හැඳි 1/2ක්
6. රස අනුව ගම්මිරිස්

දවටනය සෑදීමට අවශ්‍ය දේ:-

1. පාන් පිටි කෝප්ප 1/2ක්
2. ලුනු තේ හැදි 1/2ක්
3. ගම්මිරිස් කුඩු
4. බිත්තර 2ක්
5. පාන්කුඩු කෝප්ප 2ක්
6. එලවලු තෙල් හෝ කැමති තෙල් වර්ගයක්

සාදන අයුරු:-

1. මුලින්ම අවන් එඅ ප්‍රී හීට් වෙන්න දාන්න 180C/350F වලට.
2. බටර් ටික දිය කර ගන්න මධ්‍යම ගින්දරේරඝ් කරලා. සුදු ළූණු, ළූනු ටික විනාඩි 5ක් බැද ගන්න.
3. හාල් ටික එකතු කරන්න පාට වෙනස් වෙලා එනකල්. වයින් ටික එකතු කරලා ගින්දර ටිකක් වැඩි කරන්න. දියර ගතිය උරා ගන්නකල් උයා ගන්න.
4. කුකුල් මස් තම්බපු වතුර සහ කිරි එකතු කරන්න. කලවම් කරලා ඒක උතුරන්න දෙන්න. ඒක අවන් එකට දාන්න පුලුවන් තැටියක දාලා හොඳට ආවරණය කරලා බේක් කර ගන්න. විනාඩි 30ක් 40ක් වගේ යාවි.
5. අවන් එකෙන් එලියට අරගෙන නිවෙන්න තියලා හාල් මිශ්‍රණයට ගත්ත දේවල් ටිකත් එකතු කරලා අනා ගන්න. ශීතකරණයේ අඩුම පැය 3ක් වත් තියෙන්න දෙන්න. රැයක්ම තිබ්බා නම් හොඳයි.

දවටනට සාදා ගන්නා ආකාරය:-

1. පාන් පිටි, ලුනු, ගම්මිරිස් ලොකු බාජනයකට දාගන්න. බිත්තටත් ටිකක් බීට් කරලා වෙනම බාජනයකට දා ගන්න. පාන් කුඩු ටික වෙනම බාජනයකට දා ගන්න.
2. මේස හැඳි 21/2ක වගේ ප්‍රමාණයකින් එක බෝලයක් හැදෙන විදියට මිශ්‍රණයෙන් ටික ටික අරගෙන බෝල කර ගන්න.
3. පිටි වල දවටා ගන්න. බිත්තර මිශ්‍රණයේ දවටා ගන්න. ඉන් පසු බිස්කට් කුඩු වල දවටා ගන්න. ආයේම ඒ විදියට දවට ගන්න එක පාරක්.

බැද ගන්නා ආකාරය:-

1. මධ්‍යම ප්‍රමාණයේ පෑන් එකකට 2.5cm වගේ උසකට තෙල් දා ගන්න. මධ්‍යම ගින්දරේ තෙල් ටික රත් කර ගන්න.
2. තෙල් රත් උනාට පස්සේ හදා ගත්ත බෝල ටික දාලා රන්වන් පාට වෙනකල් බැද ගන්න.

ඊට පස්සේ රස විඳින්න තියෙන්නේ.

2. ස්පැගටි කාබොනාරා (Spaghetti Carbonara)

මේකත් හරිම ලේසි රෙසිපියක්. හරියට pizza recipe sinhala මධ්‍යයෙන් කියවනවා තරම්ම ලේසියි.

ස්පැගති කබොනාරා කියන්නේ හරිම සරල ආහාර වේලක්. මේකට කර කර ගාලා හැපෙන බේකන්, බිත්තර, චීස් එහෙම දාලා හදන නිසා හොඳ රසක් තියෙනවා.

pizza recipe sinhala

මෙහෙමයි මේ රසවත් ආහාරය හදා ගන්නේ.

අවශ්‍ය දේ:-

1. ස්පැගති 450g
2. පෙති කපා ගත්ත ළූණු ගෙඩි 1/2ක්
3. බේකන් 225g
4. බිත්තර 5යි
5. කිරි කෝප්ප 1/4යි
6. පාමසන් චීස් කෝප්ප 1/4ක් හෝ ඊට වැඩියෙන්
7. ගම්මිරිස් කුඩු තේ හැඳි 1යි.
8. ඔලිව් තෙල්

සාදන ආකාරය:-

1. ලුනු මේස හැඳි දෙකක් දාලා වතුර ලොකු මුට්ටියක් ලිපේ තියා ගන්න. (ස්පැගති එක තම්බා ගන්නට)
2. මේ වතුර එක නටද්දි වෙනම පෑන් එකකට ඔලිව් තෙල් මේස හැන්දක් දා ගන්න.
3. මධ්‍යම ගින්දරේ බේකන් ටික බැද ගන්න. ඒකටම ළූණු ටිකත් එකතු කරලා බැද ගන්න. අමතරව ආයෙම තෙල් දාන්න ඕනි නෑ. බේකන් වලින් පෑදෙන තෙල් වලින්ම බදින්න පුලුවන්.
4. වෙනම පොඩි බාජනයක බිත්තර ටික විස්ක් එකකින් ගසා ගන්න. ඒකටම කිරි ටිකයි, පාමසන් චීස් ටිකයි ගම්මිරිස් කුඩු ටිකයි දාලා කලවම් කරලා පැත්තකින් තියන්න.
5. මේ වෙද්දි වතුර එක උතුරනවා. ඒකට ස්පැගති ටික දාගෙන කවරයේ උපදෙස් අනුව තම්බා ගන්න. විනාඩි 9-11 අතර කාලයක් තමයි යන්නේ.
6. ස්පැගති එක තැම්බිලා ඉවරයි නම්, වතුර ටික පෙරාගෙන ඉක්මනින්ම ආයේම මුට්ටියට දා ගන්න. එක අතකින් ස්පැගති ටික කලවම් කරන ගමන් අනික් අතින් බිත්තර මිශ්‍රණය දා ගන්න පැස්ටා එකට.

ඒකේ රස්නෙටම කැදලි ස්වභාවයක් අරගෙන බිත්තර ටික තැම්බීමකට ලක් වෙනවා.

බිත්තර මිශ්‍රණය සෝස් එකක් ආකාරයට ස්පැගති වල තැවරිලා තියනවා දකින්නට පුලුවන්. ඒකටම බේකන් සහ ළූණු ටිකත් එකතු කරලා කලවම් කර ගන්න.
7. වැඩිපුර පාමසන් චීස් තියේ නම් උඩින් ඉස ගන්න කපා. ගත්ත පාස්ලි ටිකකුත් ඕනි නම් උඩින් දා ගන්න.

සහයෝගිතාකරුවන්ගේ ලිපි
5 seemingly harmless signs and symptoms that are not so innocent
5 seemingly harmless signs and symptoms that are not so innocent
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු
දරු ප්‍රසූතියෙන් පසු ලිංගිකව එක්වීම? ඔව්! අපි ඒ ගැන කතා කරමු

දැන් තියෙන්නේ උණු උණුවේම කන්න.

3. ලෙමනි චිකන් සල්ටිම්බොකා (Lemony chicken saltimbocca)

නම අමුතුයි වගේ නේද? පෑන් එකක තමයි මේක හදා ගන්නේ. කුකුල් මස් වලින් හදා ගන්න මේ කෑම වර්ගය ඔබේ සුන්දර සති අන්තය වඩාත් රසවත් කරාවි.

pizza recipe sinhala

අවශ්‍ය දේ:-

1. කටු, සම ඉවත් කරපු කුකුලු මස් පපු කොටස් 3යි
2. ලුනු, ගම්මිරිස් රස අනුව
3. සේජ් කොල 9ක් (සුපිරි වෙළඳසැලවල් වල තියෙනවා ගන්න)
4. හැම් පෙති 9ක්
5. ඔලිව් තෙල් තේ හැඳි 3ක්
6. කුකුල් මස් තම්බා ගත් වතුර කෝප්ප 1/2ක්
7. ලෙමන් යුශ කෝප්ප 1/4ක්
8. චූටියට කපා ගත්ත පාස්ලි කෝප්ප 1/4ක්
9. කෝන් පිටි තේ හැඳි 1/2ක්
10. ලෙමන් පලු ටිකක් (අත්‍යාවශ්‍ය නැත)

සාදන ආකාරය:-

1. කුකුල් මස් පපු කොටස් 3 වතුර බේරාගෙන වියලා ටිකක් තලාගෙන ඒක තෙල් කඩදාසියක් උඩ තියලා ඒක කකුල් මස් කොටස් දෙපැත්තේම ලුනු, ගම්මිරිස් ටිකක් දාලා සේජ් කොල 3ක් තියාගන්න. හැම් පෙති වලින් තීරු කපන් කුකුල් මස් හොඳින් ඔතා ගන්න.

2. ඔලිව් තෙල් තේ හැඳි 3ක් රත් කරකා පෑන් එකකට දාලා මධ්‍යම ගින්දරේ විනාඩි 3-5ත් අතර බැද ගන්න. රන්වන් පාට වන තුරු බැද ගන්න අවශ්‍ය වෙනවා.

3. කුකුල් මස් තම්බපු වතුර, ලෙමන් යුශ, කෝන් පිටි ටික වෙනම බාජනයක හොඳට කලවම් කරලා වෙනම පෑන් එකට දාන්න. ඒක උකු වෙනකල් උතුරවා ගන්න. විනාඩියක් වගේ ගත වෙයි. ඒක තමා අපේ සෝස් එක.

4. අන්තිමට හදා ගත්ත කුකුල් මස් එක උඩින් සෝස් එක දමා ගන්න.

දැන් තියෙන්නේ උණුවෙන්ම රස බලන්නයි.

4. කාචො ඉ පේපේ (Cacio e Pepe)

කියව ගන්නත් අමාරුයි වගේද? හැබැයි මේක හදන්න නම් හරිම ලේසියි. ලේසි උනාට රසින් ඉහලයි. හදන්න ඕනි වෙන්නේ හරිම පුංචි දේවල් ටිකක් විතරයි.

අවශ්‍ය දේ:-

1. රස අනුව ලුණු ගම්මිරිස්
2. ස්පැගති අවුන්ස 12ක්
3. ලුණු රහිත බටර් මේස හැඳි 6ක්
4. ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2ක්
5. ගා ගත් පාමසන් චීස් කෝප්ප 1ක්
6. බිත්තර කහ මදයක්

සාදන අයුරු:-

1. මුට්ටියකට වතුර දමා ලුණු ටිකකුත් දමා රත් කරන්න. ගොඩාක් වතුර දමා ගන්න අවශ්‍ය නෑ. ඉතිරි වෙන වතුර ටික පසුව සෝස් එකක් විදියට අපි පාවිච්චි කරනවා. කෝප්ප බාගයක් වගේ ඉතුරු උනාම ඇති ස්පැගති ටික තම්බා ගත්ත වතුර. ස්පැගති ටික තැම්බුන පසු පෙරා ගන්න.

2. ස්පැගති තම්බා ගත්ත බාජනයටම ස්පැගති වතුර වලින් 1/3ක් දාන්න. බටර් ටික දිය කරලා ඒකටම දාන්න. ගම්මිරිස් ටිකත් දාන්න. පොඩ්ඩක් රත් කර ගන්න.

3. දැන් චීස් ටික දා ගන්න. බිත්තර කහ මදයත් දාලා හොඳට කලවම් කරන්න මිශ්‍ර වෙනකල්. පොඩ්ඩක් ඇලෙන සුලු ගතියක් පෙනේවි. දැන් ඉතුරු ස්පැගති වතුර ටිකත් දාලා තවත් චීස් ඕනි නම් දාගෙන රස බලන්නයි තියෙන්නේ.

5. කොමඩු පුඩිම/Watermelon Pudding (Gelo d' Anguria)

කොමඩු වලින් ඉතාලියේ අය හදන රසම රස පුඩින් එකක් තමයි මේ. හදන්න හරිම ලේසියි. හදන්න ඕනි වෙන්නේ පුංචිම පුංචි දේවල් 3යි. අපි බලමුකෝ හදන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේ:-

1. කොමඩු යුෂ කෝප්ප 4යි. (වතුර දාන්නේ නෑ)
2. කෝන් පිටි කෝප්ප 2/3යි
3. සීනි කෝප්ප 1/2යි. (කොමඩු පැනි රස වැඩියි සීනො අඩුවෙන් ගන්න)

*ඕනි නම් කුරුඳු කුඩු ටිකක් ගන්න්ත් පුලුවන්.ඒත් අත්‍යාවශ්‍ය නෑ.
*සරසා ගන්න කපා ගත්ත චොක්ලට් කෑලි, කජු මද කැබලි හෝ පිස්ටාශියෝ කැබලි ගන්නත් පුලුවන්. ඒත් අනිවාර්ය නෑ.

සාදන ක්‍රමය:-

1. කොමඩු ගෙඩියේ මද ටික බ්ලෙන්ඩර් එකකට දාලා යුශ අරගන්න.
2. පොඩි බෝල් එකකට කෝන් පිටි ටිකයි, කොමඩු යුශ වලින් කෝප්ප 1/2යි දාලා කලවම් කර ගන්ම හොඳට. පිටි වළ කැටි ගතිය නැති වෙනකල් කලවම් කර ගන්න ඕනි.
3. කට පළල ලිපේ තියන්න පුලුවන් බාජනකයට ඉතුරු යුශ ටිකත් දාන්න. සීනිත් රස අනුව දා ගන්න. මේ වෙලාවේ ඕනි නම් කුරුඳු කුඩු ටිකක් දා ගන්න පුලුවන්. දැන් අඩු ගින්දරේ උයා ගන්න. ටිකෙන් ටික ගනකම වැසි ද්‍රවණයක් වෙනවා අතට දැනෙනවා. විමාඩි 10ක් වගේ යද්දි ඒ මිශ්‍රණය හැන්දට එනවා වගේ දැනෙන්වා. ඒක තමයි පදම.
4. දැන් පොඩි පොඩි කෝප්ප වලට දාලා ශීත කරලා ඕනි නම් උඩින් චොක්ලට් හරි, කජු, පිස්ටාශියෝ හරි දාලා රස බලන්නයි තියෙන්නෙ.

6. පැනා කොටා (Panna Cotta)

මේකත් හරිම ලේසියෙන් හදන්න පුලුවන් අතුරුපසක්. ඒ වගේම හරිම රසයි.

අවශ්‍ය දේ:-

1. සීතල වතුර මේස හැඳි 2ක්
2. ජෙලටින් තේ හැඳි 1 1/4ක්
3. හෙවී ක්‍රීම් කෝප්ප 1/2ක්
4. කුඩු කර ගත් සීනි කෝප්ප 1/3ක්
5. වැනිලා තේ හැන්දක්
6. ලුනු තේ හැඳි 1/4ක්
7. බටර්මිල්ක් කෝප්ප් 2ක්

සාදන අයුරු:-

1. පොඩි බෝල් එක්කල අයිස් වතුර සල ජෙලටිම් මිශ්‍ර කරන්න.
2. පොඩි සාස්පානකට හෙවී ක්‍රීම්, සීනි, වැනිලා ටික දාලා අඩු ගින්දරේ රත් කරන්න. දිගටම හැඳි ගාන්න. මඳ වශයෙන් බුබුළු දාද්දි ලිප ඕෆ් කරන්න.
3. බටර් මිල්ක් එක්ක ජෙලටින් ටික මිශ්‍ර කටලා හෙමීට විස්ක් එකකින් කලවම් කරන්න. ජෙලටින් ටික හොඳින් දිය වෙන්න ඕනි. ඒක කිරි මිශ්‍රණයට එකතු කර ගන්න.
4. දැන් පොඩි පොඩි කෝප්ප වලට දාලා ශීතකරණයක දාලා පැය කීපයක් කූල් වෙන්න තියලා රස බලන්නයි තියෙන්නේ.

7. අෆගාටෝ (Affogato)

මේක නම් මිනිත්තු 5ක් විතරක් වැය වෙන රසවත් ඉතාලි අතුරුපසක්.

අවශ්‍ය දේ:-
1.වැනිලා අයිස්ක්‍රීම් පයින්ට් එකක්
2. උණු උණුවේ හදපු එස්ප්‍රෙස්සෝ(espresso) කෝප්ප එකක්.
3. කැමති වර්ගයක් බ්‍රැන්ඩි ටිකක් (අත්‍යාවශ්‍ය නැත)

සාදන අයුරු:-

1. තේ කෝප්පයකට අයිස්‍ක්‍රීම් ස්කූප් එකක් දා ගන්න.
2. වෙනම කෝප්පයකට හදා ගත්ත එස්ප්‍රෙස්සෝ ටිකයි, කැමති නම් කැමති වර්ගයක බ්‍රැන්ඩි ටිකකුයි කලවම් කරන්න. ඊට පස්සේ මේ මිශ්‍රණයෙන් කෝප්ප 1/2 ක් වගේ හෙමීට අයිස්ක්‍රීම් එකට් උඩින් වත් කරගන්න.

ඒ වෙලාවෙම රස බලන්න.

මේ රසවත් ඉතාලි රෙසිපි- pizza recipe sinhala ක්‍රමයත් එකතු කරලා හදලා බලලා ඔයාට පුලුවන් ඔයාගේ ආදරණීයයන් සතුටු කරන්න. ඒ වගේම ඔවුන් පුදුමයට පත් වේවි ඔබේ රස සංග්‍රහය නිසා. පවුලේ සතුටත් වැඩි වේවි.

සටහන :- ඈන් නිර්මාණි අත්තනායක

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

img
Written by

annnirmani

  • Home
  • /
  • ආහාර සහ පෝෂණය
  • /
  • ගෙදර කට්ටියට රස කර කර කන්න රස වෑහෙන ඉතාලි රෙසිපි 7ක්
බෙදාගන්න :
  • බේබි පරිප්පු  වඩේ

    බේබි පරිප්පු වඩේ

  • අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

    අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

  • බේබි පරිප්පු  වඩේ

    බේබි පරිප්පු වඩේ

  • අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

    අනූගේ කිචන් එකේ හැදුන රසවත් ඉතාලි රෙසපි 2ක්

ඔබේ ගර්භණී අවදිය ගැනත්, වැඩෙන දරුවන් ගැනත් අඛණ්ඩව දැනුවත් වන්න!
  • මව්පදවිය
    • ගැබ්ගැනීම
    • ගර්භණී අවදිය
    • මව්කිරි දීම
  • දරුවාගේ වයස් සහ සංධිස්ථාන
    • ළදරු අවදිය (වයස මාස 12 ට අඩු)
    • මුල් ළමා අවදිය (අවු 1ත් 3ත් අතර)
    • පෙර පාසැල් අවදිය (අවු 3ත් 5ත් අතර)
    • නව යොවුන් අවදිය (අවු 12ත් 19ත් අතර)
  • අධ්‍යාපනය
    • ප්‍රාථමික අධ්‍යාපනය
    • පහ වසර
  • සෞඛ්‍යය
    • රෝග සහ අසාත්මිකතා
    • දේශීය බෙහෙත් ක්‍රම
    • එන්නත්
    • මානසික ගැටළු
    • ආහාර සහ පෝෂණය
  • ජීවන රටා
    • විවාහය හා පවුල් ජීවිතය
    • ලිංගික දැනුම
    • කෑම වට්ටෝරු
    • මූල්‍ය
    • විලාසිතා හා රූපලාවන්‍ය
    • ජනප්‍රිය තරු
    • විවේකය සහ සංචාරය
  • තව
    • TAP Community
    • අප හරහා ඔබේ දැන්වීම් පළකරගන්න
    • අප හා සම්බන්ධ වෙන්න
    • Become a Contributor


  • Singapore flag Singapore
  • Thailand flag Thailand
  • Indonesia flag Indonesia
  • Philippines flag Philippines
  • Malaysia flag Malaysia
  • Sri-Lanka flag Sri Lanka
  • India flag India
  • Vietnam flag Vietnam
  • Australia flag Australia
  • Japan flag Japan
  • Nigeria flag Nigeria
  • Kenya flag Kenya
© Copyright theAsianparent 2023. All rights reserved
අපි පිලිබඳ විස්තර|කණ්ඩායම |රහස්‍ය භාවය පිලිබඳ ප්‍රතිපත්තිය |නිතී හා රෙගුලාසි |Sitemap HTML

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it

We use cookies to ensure you get the best experience. Learn MoreOk, Got it